Latest Subtitles :

Life of Pi (2012) සිංහල උපසි‍රැසි සමග

Yann Martel නම් රචකයා 2001 වසරේ රචනා කරන ලද Life of Pi නම්  නව කතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ.මෙය  Suraj Sharma, Irrfan Khan,
Gérard Depardieu, Tabu, හා Adil Hussain යන නළු නිළි පිරිසගේ රංගනයෙන්ද Ang Lee,Gil Netter හා David Womark යන ත්‍රිත්වයේ නිෂ්පාදනයෙන්ද Ang Lee
ගේ අධ්‍යක්ෂණයෙන්ද හැඩවූවකි.මෙය IMDB ළකුණු 8.2 වැනි ඉහළ අගයක් ලබාගෙන ඇති අතර ඔස්කාර් සම්මාන 11කට නිර්දේශ වී තවත් සම්මාන 24ක් දිනා ගනිමින් තවත් සම්මාන 57ක් සදහා නිර්දේශ වී තිබෙනවා.

මෙහි කථාව ගෙතී ඇත්තේ වයස අවුරුදු 16 පමණ වූ පිසින් මොලිටර් පටෙල් නම්වූ පිරිමි ළමයෙකු වටාය.එයාගේ නම පිසින් වුනාට කවුරුත් එයාට "පායි" කියලා තමයි කතා කලේ.මෙයාගේ තාත්තට තියෙනවා පොඩි සත්තු වත්තක්.සත්තු ටිකත් අරගෙන කැනඩාවට යන්න මෙයාලගේ තාත්තා තීරණය කරනවා.එයාලා කැනඩාව බලා යන්නේ ජපන් සමාගමකට අයිති නැවකින්.මෙහෙම පවුලේ කට්ටියත් එක්ක කැනඩාව බලා යන අතරතුර මෙයාලව කුණා‍ටුවකට අහුවෙලා නැව මුහුදුබත් වෙනවා.කොහොමින් හෝ නැවේ සිටින සියලු දෙන මැරෙන අතර පායි ජීවිතාරක්ෂක බෝට්‍ටුවකට නැගලා යාන්තමින් ජීවිතේ බේරගන්නවා,දැන් ඉතුරුවෙලා ඉන්නේ පායි එක්ක සත්තු හතර දෙනෙක් විතරයි.ඒ සත්තු හතර දෙනා තමයි සීබ්‍රා කෙනෙක්,ඔරං ඔටං කෙනෙක්,බලු දිවියෙක් හා රිචඩ් පාකර් කියලා අති බිහිසුණු බෙන්ගාලි ව්‍යාඝ්‍රයෙක්.අවසානයේ මේ සත්තු හතරදෙනා අතරින් ඉතුරුවෙන්නේ එක සතෙක් පමණයි,ඒ තමයි රිචඩ් පාකර් නම් බිහිසුණු ව්‍යාඝ්‍රයා.දැන් පායිට ඉන්න වෙන්නේ දරුණු බෙන්ගාලි ව්‍යාඝ්‍රයෙක් එක්කයි.කුණා‍ටුවෙන් ගැලවුණු පායි මේ දරුණු ව්‍යාඝ්‍රයාගෙන් තම ජිවිතේ කොහොම ආරක්ෂා කරගනියිද?භීතිය,ත්‍රාසය,කුතුහලය,ස්ථානෝචිත ප්‍රඥාව,ධෛර්යය,නිර්භීතකම,ඉවසීම,දුක,වේදනාව,ආදරය,බලාපොරොත්තුව,මිතුදමක අසිරිය ද එක්වුණු මෙය අපූර්ව ගණයේ සිනමා සිත්තමක් වනු නොවනුමානයි.


Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google