Latest Subtitles :

Believe (2014) TV Series සිංහල උපසි‍රැසි සහිතව


 NBC නාලිකාවේ විකාශය ඇරඹූ නවතම රූපවාහිනි කතාමාලාවක් තමයි අද අරගෙන ආවේ.කතාව හදලා තියෙන්නෙ නම් Golden Globe, Academy Award සම්මාන දිනූ ඇල්ෆොන්සෝ කුරලෝන්.ඔහු තමයි පසුගියදා පැවැත්වුන ඔස්කාර් සම්මාන උළෙලේ හොදම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන ‍රැසක්  දිනාගත් Gravity චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා.මෙහි විධායක නිෂ්පාදනය කරල තියෙන්නෙ ජේ ජේ එබ්‍රහම්ස්,ඔහු ගැන කියනවනම් Person of Interest,Revolution,Fringe,Lost,Super 8,Mission: Impossible හා Star Trek යන සිත්තම් ඔහුගේ දායකත්වයෙන් බිහි වීම විශේෂත්වයක්.සුපිරි දෙන්නෙක් එකතු වුනොත් ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා ඔයාලා දන්නවනේ.කතාවත් ඒ තරම්ම අගනා නිර්මාණයක් කියලා කියන්න පුලුවන්.

සෘද්ධිවාරය,දුර ඇති දෙයක් සිතේ බලයෙන් සෙලවීමේ අධි මානසික හැකියාව,පරිසරය පාලනය කිරීමෙ හැකියාව,අනාගතය දැකීම වැනි දේ ඇය උපතෙදීම උරුම කරගත්ත දේවල්.බෝ,අවුරුදු 10ක් වයසැති ගැහැනු දැරිවියගෙ බලය ශක්තිමත් ව ඇයටම ඒ බලය පාලනය කරගත නොහැකි තත්වයක් උදා වී ඇත.දුෂ්ට අරමුණු ඇතිව කණ්ඩායමක් ඇගෙ බලයෙන් ලොව පාලනය කිරීම සදහා ඇය පසුපස පැමිනෙනවා,ඔවුන්ගෙ එකම අභ්‍රිපාය කොහොමින් හෝ දැරිවිය සතු බලය ලබා ගැනීමයි.දැරිවිය ආරක්ෂා කිරීමේ කටයුත්ත බාරව සිටින මිල්ටන් වින්ටර් නමැත්තා වැරදීමකින් සිරගත කරන ලද මරණ මංචකයෙ පසුවන බලාපොරොත්තු සුන් කරගත් ටේට් නමැත්තෙකුව සිරෙන් රහසිගත විදිහට නිදහස් කරගන්නවා අසාමන්‍ය බලයක් ඇති බෝව ආරක්ෂා කිරීම සදහා.ටේට් හා බෝ නැවතෙමින් නගරෙන් නගරෙට ගමන් කරනවා.බෝ කියන්නෙ නම් කියන දේ ටිකක් විතර අහන කෙනෙක් නෙවෙයි,ඒ වගේම ටේට් කියන්නෙත් ළමයින්ට පොඩ්ඩක්වත් කැමති කෙනෙක් නෙවෙයි.ඉතින් දෙන්නගෙ සබැදියාව රසබර විදිහට තමයි ගලාගෙන යන්නෙ.ඔච්චරයි කතාව ගැන කියන්නෙ නම්.ඇත්තටම ටේට් කියන්නෙ කවුද? බෝ සොයා එන ආක්‍රමණ වලින් ඇයට ගැලවිය හැකිවේවිද? ටේට් හට ඇයව ආරක්ෂා කල හැකිවේවිද? කුතුහලය,ත්‍රාසය,විද්‍යාත්මක,ෆැන්ටසි කතාමාලාවලට කැමති කට්ටියට වගේම හැම කෙනෙක්ටම බලන්න පුලුවන් ගොඩක් අය කැමතිවෙන ලස්සන කතාවක් තමයි Believe කතාමාලාව.ඒක නම් අනිවාර්යෙන්ම කියන්න පුලුවන්.

Believe (2014) S01E01 සිංහල උපසි‍රැසි සමග

Believe (2014) S01E02 සිංහල උපසි‍රැසි සමග

Believe (2014) S01E03 සිංහල උපසි‍රැසි සමග

Believe (2014) S01E04 සිංහල උපසි‍රැසි සමග

Believe (2014) S01E05 සිංහල උපසි‍රැසි සමග

Believe (2014) S01E06 සිංහල උපසි‍රැසි සමග

Believe (2014) S01E07 සිංහල උපසි‍රැසි සමග

Believe (2014) S01E08 සිංහල උපසි‍රැසි සමග

Believe (2014) S01E09 සිංහල උපසි‍රැසි සමග

Believe (2014) S01E10 සිංහල උපසි‍රැසි සමග

Believe (2014) S01E11 සිංහල උපසි‍රැසි සමග 

Believe (2014) S01E12 සිංහල උපසි‍රැසි සමග

Believe (2014) S01E13 සිංහල උපසි‍රැසි සමග *Season Finale*
 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google