Brave චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ Toy Story, A Bug's Life, Monsters, Inc., Finding Nemo, The Incredibles, Cars, Ratatouille, WALL-E වැනි සුප්‍රසිද්ධ ත්‍රිමාණ සජිවීකරණ චිත්‍රපට බොහෝමයක් නිෂ්පාදනය කල Pixar Animation Studios (Pixar) විසින්.මෙම චිත්‍රපටය Imdb Ratings වල 7.5/10 වැනි අගයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.
කතාව ගැන කියනවනම් මෙහෙමයි.ෆර්ගස් කියලා ස්කොට්ලන්තේ රජ කෙනෙක් ඉන්නවා,ඔහු සහ ඔහුගේ රැජිණ ඔවුන්ගේ එකම දියණියගේ උපන්දිනේට දුන්නක් තැගි කරනවා.ඔවුන්ගේ දූ කුමරියගේ නම් මෙරිඩා,ඔන්න ඉතින් මේ පුංචි මෙරිඩා දුන්නෙන් විදින හැටි ඉගෙන ගනිමින් සිටින අතරතුර අත්භූත නිල් පාට එලි වගයක් දකිනවා,ඔය අතරේ මෝර්ඩු කියලා විශාල වලහෙක් මොවුන්ගේ පවුලට පහර දෙනවා,මෙරිඩා තම මව් රැජිණ සමග පලා ගොස් තම පියා මෝර්ඩුත් සමග සටන් කරන හැටි බලන් ඉන්නවා,ඒ ඇතිවන සටනින් ෆර්ගස් රජුගේ කකුලක් අහිමි වෙනවා.
අවුරුදු කිහිපයකට පසු......
මෙරිඩා කුමරිය දැන් තරුණ වයසේ පසුවන අතර දුණු ශිල්පයටත් දක්ෂ කෙනෙක්.ඒ වගේම ඇයට මල්ලිලා තුන්දෙනෙකුත් ඉන්නවා.ඔන්න දැන් මෙරිඩා කුමරියව විවාහ කර දෙන කාලයත් පැමිනිලා.කුමරියව විවාහ කර දීම සදහා සියළුම වංශවතුන්ව රැස්කර තරගයක් පවත්වනවා.ඒත් මෙරිඩා කුමරිය දැන්ම විවාහ විය නොහැකි බව පවසනවා,ඊටපස්සේ අම්මගේ හිත වෙනස් කරන්න මායාකාරියක් මෙරිඩා කුමරියට හූනියමක් දෙනවා,හුනියමෙන් අම්මගේ හිත වෙනස් වෙයිද?
ඔන්න මම කතාවේ රසය නැති වෙන විදිහට මුල් විනාඩි කිහිපය තමයි කිව්වේ, දැන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නේ,චිත්‍රපටය නරඹලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.
BRRIP සඳහා යාවත්කාලීන කර ඇත.
600MB BRRIP Torrent file
600MB BRRIP Direct Links
සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
+ comments + 2 comments
Thanks
නියමයි.
Post a Comment