Latest Subtitles :

Hours (2013) සිංහල උපසි‍රැසි සමග

සත්‍ය කතාවක් පාදක වූ සුප්‍රකට නළු පෝල් වෝල්කර් රංගනයෙන් දායක වන "හවර්ස්" චිත්‍රපටය තමයි අද අරගෙන ආවෙ.මම නෝලන් හේයස්.අද හිරු පායලත් නෑ,මම මගේ ගර්භනී බිරිදව නිව් ඔර්ලීන්ස් රෝහල වෙත ඉක්මනින්ම අරගෙන ගියා.එහෙත් සිද්ද වුනේ මම හීනෙකින්වත් නොහිතපු දෙයක්, දරුණු කතරිනා සුළි කුණා‍ටුව රෝහල ආක්‍රමණය කලා.එමෙන්ම මගේ බිරිද සිගිති දියණියක්ව ප්‍රසූත කරලා.ගත වූයේ නිමේෂයයි.විදුලිය බිද වැටී ගිහින්,හැම තැනම ගං වතුරින්ම පිරී ගොස්.මට කොහොමින් හෝ සිගිති දියණියගේ ජීවිතය ගලවා ගත යුතුයි.ජීවිතටත් මරණයත් අතර තීරණයක්....තත්පර යෙන් තත්පරය ගෙවී ගොස් සිතාගත නොහැකි හෝරා බවට පත් වෙයි.මේ මගේ කතාවයි.තවත් චිත්‍රපටයක් සමගින් ඉක්මනින්ම හමුවෙමු! "Every Second Counts"


Hours (2013) on IMDb


Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google