Latest Subtitles :

Bodom (2016) සිංහල උපසිරැසි සමඟ

ලේක් බොඩම් කියන්නේ ‍ෆින්ලන්තයේ අගනුවර වන හෙල්සින්කි වලට වයඹ දෙසින් කිලෝමීටර් 22 ක් එහායින් පිහිට එස්පෝ නගරයේ පිහිටි විලක්.1960 වසරේ ජුනි මස 4 වැනි දින තරුණවියේ පසුවන්නන් සිව් දෙනෙක් මනරම් බොඩම් විල අසල කඳවුරු බැඳ ඇති අතර අලුයම 4ත් අලුයම 5ත් අතර කාලයේ යම් පුද්ගලයෙක් හෝ පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් ඔවුන්ගෙන් තිදෙනෙකුවම පිහියකින් හෝ මොට ආයුධයකින් ඇන මරලා දමා තිබෙනවා,ඒ වගේම අනික් කෙනා තුවාල ලබනවා.මේ සිදුවීමෙන් ගැලවෙච්ච එකම කෙනා තමයි විල්හෙල්ම් ගුස්ටාෆ්සන්.මෙම සිදුවීමෙන් එම ජන ප්‍රදේශයම කම්පාවට පත්වෙනවා.පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදුකලත් ඝාතනය සිදුකල ආයුධ වගේම  ගොදුරු වූවන්ට අයිති ව තිබූ දේවල් කිහිපයක්ද අතුරුදන් වි තිබුනු අතර පොලීසිය හට කිසිවක් සොයාගත නොහැකි වුනා.

වසර කිහිපයකට පසු 1972 වසරේදී කිසිවකු බලාපොරොත්තු නොවූ ප්‍රවෘත්තියක් කෙරෙහි ජනතා අවධානය යොමු වුණා.ඒ කාර්ල් ගිල්ස්ට්‍රොම් නම් පුද්ගලයෙක් ත්‍රිත්ව ඝාතනයට වග කිව යුත්තේ තමන් බව පවසමින් ලිපියක් ලියා අවසානයේ සියදිවි හානිකරගත් ප්‍රවෘත්තියකි.ඔහු එම විල අසල ප්‍රදේශයක දිවි ගෙවූ අයෙක් බවත් ඔහු කඳවුරු බඳිනවට අකැමති අයෙක් බව දැනගන්නට ලැබී තිබෙනවා.ඔහුගේ බිරිද පවසා ඇත්තේ ත්‍රිත්ව ඝාතන සිදු වන මොහොතේ ඔහු තමන් සමඟ තද නින්දේ සිටි බවයි.එම ප්‍රකාශයෙන් පසු පොලීසිය ඔහුගේ පාපොච්චාරණය ඉවත ලනු ලැබුවා.

2003 වසරේදී තවත් ඉඟියක් මතුවුනා.ඒ තමයි එරට රෝහලක සේවයේ නියුතු වෛද්‍යවරයෙකු පවසා තිබෙනවා මිනිමැරුම සිදුවී පැය කිහිපයකට පසුව සැක සහිත පුද්ගලයෙකු හට තමන් ප්‍රතිකාර කල බව.එය එතරම් දුරදිග නොගියද එම පුද්ගලයාද ‍ෆින්ලන්තයේ නොවිසඳුනු මිනිමැරුමකට සම්බන්ද වී ඇති බවට පසුව අනාවරනය කරගන්නවා.නැවත වසර 40කට පසුව 2004 වසරේදී බොඩම් ලේක් හි සිදුවන ත්‍රිත්ව ඝාතනයට නව පණක් ලැබෙනවා.ඒ තමයි එම සිද්දියට මුහුණ පෑමෙන් අනතුරුව දිවි ගලවාගත් නයිල්ස් විල්හෙල්ම් ගස්ටාෆ්සන් විසින් ඔහුගේ යාළුවන් තිදෙනා ඝාතනය කල බවට සැක කර ඔහුව පොලිස් අත් අඩංගුවට ගන්නවා.‍ෆින්ලන්ත පොලිසීයට නව සාක්ෂි අවශ්‍ය වෙනවා.එම සිදුවීමට අදාල ස්තානයේ තිබූ ලේ වගයක් පරීක්ෂා කිරීමෙන් පසුව පොලීසිය සිදුවුන දේ අනුමාන කරනව.ඒ තමයි ඔහු එදින රාත්‍රියේ උමතු වී තම පෙම්වතියට 15  වතාවක් පිහියෙන් ඇන මරා දැමීමයි.2005 වසරේදී ඔහුව දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වරදකරු කිරීමට සමත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිකම හේතුවෙන් ගස්ටෆ්සන් වැරදිකරු නොවන බව අවසානයේ සනාථ වෙනවා.බොඩම් ලේක් හි සිදුවූ ත්‍රිත්ව ඝාතනය සිදුවී වසර ගණනාවකට පසුත් ඔහුව වරදකරු බවට පත් කර ඔහුගේ කාලය සිර කුටියක් තුල ගෙවීමට නියම කිරීමත්,ඔහුට සිදුවූ අලාභ හානියත් හේතුවෙන් ඔහුට මුදලක්ද අවසානයේ පිරිනමනු ලබනවා.

මෙම ත්‍රිත්ව ඝාතනය එකල ‍ෆින්ලන්ත මාධ්‍යයේ ජනප්‍රිය පුවත් මවන්නක් වූ අතර විටින් විට එම ඝාතනයන් පිලිබඳව විවිධ න්‍යායන් මතුවන්නට පටන් ගත්තා.අද වෙනකන්,1960 වසරේ ජුනි මස සිදුවූ සාහසික ත්‍රිත්ව ඝාතනය සිදු වූ රාත්‍රියේ ඇත්තටම මොකක්ද වුනේ කියල කියන්න  කිසිවෙකු කිසිවක් නොදනියි. කෙසේ නමුත් මෙම ත්‍රිත්ව ඝාතනය තවමත් විසඳා නොමැති අභිරහසක් බවට පත්වී හමාරය.

බොඩම් විලේ සිදුවූ ත්‍රිත්ව ඝාතනයේ නොදු‍ටු පැත්තක් (මේකත් එක් න්‍යායක් වෙන්න පුලුවන්) අලලා නිපදවූ මෙම ‍ෆින්ලන්ත චිත්‍රපටය එක හුස්මට බලන්න පුලුවන් කතාවක්.කතාවේ අවසන් බාගය තරමක් විශේෂ එකක් වේවි,මොකද කියනවනම් නොසිතූ විරූ සිදුවීමක් සමගින් කතාව උඩු යටිකුරු වෙනවා.ත්‍රාසජනක කතාවලට ප්‍රිය කරන කට්ටිය අනිවාර්යයෙන් අරගෙන බලන්න.ඒවගේම Screamfest 2016 සම්මාන උළෙලදී හොඳම නිලියට හිමි සම්මානයත් මෙම චිත්‍රපටයට ලැබුනා.  සත්‍ය කතාවක් හින්දා උපරිම රසවින්දනයක් ලබාගන්න හැකිවේවි.


Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google