Latest Subtitles :

Wish Upon (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න අදත් තව චිත්‍රපටයක් අරන් ආවා,මේක කලින් දෙන්න හිතන් හිටියත් දමිළ චිත්‍රපටයක් කරන්න වුණ නිසා ටිකක් විතර ප්‍රමාද වුණා.එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ.

Fantasy, Horror, Thriller යටතේ වර්ගීකරණය වෙලා තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ සුප්‍රකට හොරර් චිත්‍රපට අධ්‍යක්ෂක  James Wan ගේ සමගාමිකයෙක් වන  John R. Leonetti විසින්.ඒ වගේම කතාව ලියලා තියෙන්නෙ Barbara Marshall විසින්.මෙහි එන නලු නිලි පිරිස ගත්තොත්  Ramona and Beezus (2010),Oz the Great and Powerful (2013) හා The Conjuring (2013) වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු සුරූපි නිළි Joey King හා The Maze Runner (2014) චිත්‍රපටයේ මින්හෝ ගේ චරිතය නිරූපණය කල Ki Hong Lee සමඟින් පසුගිය දිනවල Shooter රූපවාහිනි කතාමාලාවෙන් බොබ් ලී ස්වැගර් ලෙස ඔබ හමුවට ආ Ryan Phillippe දැකගන්න පුලුවන්.

කතාව :
ක්ලෙයාර් ෂැනොන් කියන්නෙ වයස අවුරුදු 17ක් විතර ඇති ගැහැණු ළමයෙක්.මෙයාගෙ අම්මා එයා පොඩි කාලෙ සියදිවි නසාගෙන මැරිලා තියෙනවා. ඇයගේ තාත්තා ජොනතන්,ඔහු කලින් සංගීතඥයෙක් වුවත් ඔහු  විනෝදයක් විදිහට දැන් කසළ ගොඩේ තියෙන පාවිච්චියට ගන්න පුලුවන් දේවල් එකතු කරන්නෙක් විදිහට වැඩ කරන කෙනෙක්.කුණු ගොඩක තිබිලා මෙයාට දවසක් චීන සංගීත පෙට්ටියක් හම්බවෙනවා.මේක වටින එකක් කියලා හිතලා මෙයා තමන්ගේ දුව වන ක්ලෙයාර්ට උපන්දින තෑග්ගක් විදිහට තෑගි කරනවා.මේ පෙට්ටිය ගැන වැඩි සැලකිල්ලක් ක්ලෙයාර් නොදැක්වුවත් පාසලේ ඇයට සිද්ද වෙන යම් යම් අකරතැබ්බ නිසා පෙට්ටිය මත කොටා ඇති "ප්‍රාර්ථනා හතක් ඉල්ලීම් කල හැක" යන වැකිය දකින නිසාත් ඇය යම් යම් ප්‍රාර්ථනා කරනවා තමන්ගේ වාසියට.ඒත් එක්කම ඇය වටේ ඉන්න අය අනතුරු වලින් ජීවිතය හැරදා යන්නටත් සිද්ද වෙන්න පටන් ගන්නව.පස්සේ ඇයට දැනගන්න ලැබෙනවා මේ පෙට්ටිය ප්‍රාර්ථනා ඉටු කරාට,ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නෙත් යම් වන්දියක් අරගෙන කියලා..මේ ප්‍රාර්ථනා ඉටු කරන චීන සංගීත පෙට්ටියේ අබිරහස මොකක්ද? ක්ලෙයාර් හට මොනවා වෙයිද? ක්ලෙයාර්ගේ අම්මා සියදිවි නසාගැනීමට හේතුව මොකක්ද? ක්ලෙයාර් හට වැරැදුනු තැන නැවත හරිගස්සන්න පුලුවන් වෙයිද? මේ ඔක්කෝටම උත්තර චිත්‍රපටය බලලම දැනගන්න.

 *මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු Blu-Ray පිටපත් සදහා ගැලපේ.





Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google