Latest Subtitles :

Ippadai Vellum (2017) සිංහල උපසිරැසි සමඟ

ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපට කාණ්ඩ යටතෙ වර්ගීකරණයට ලක් වුනු Udhayanidhi Stalin සමඟින් සුරුපී නිලි Manjima Mohan රඟන නවතම චිත්‍රපටයක් වන Ippadai Vellum (2017),Gaurav Narayanan ගේ අධ්‍යක්ෂණයක් වන අතර A. Subaskaran ගේ නිෂ්පාදනයක්.

චෝටා ,ඔහු භයානක ත්‍රස්තවාදියෙක්. අතීතයේ දී පවා ඔහු බෝම්බ පිපිරවීම මගින් මුලු ඉන්දියාවම බියෙන් සලිත කිරීමට සමත් වූ අයෙක්.(අපිටත් මේ වගේ අත්දැකීම් වලට අතීතයේදී මුහුණ දෙන්න සිදුවුනා කියලා ඔයාලා දන්නවා ඇතිනේ).කෙසේ නමුත් වාසනාවකට චෝටා නම් මේ ත්‍රස්තවාදියා දැන් උත්තර් ප්‍රදේශ් වලට තියෙන බන්ධනාගාරෙක හිරබත් කමින් ඉන්නේ.වාසනාව අවාසනාවක් කරමින් බන්ධනාගාරය පුපුරා දමා ඔහු එතනින් පැනගන්නවා.ඔහුගේ මීලග ඉලක්කය තමයි ඉන්දියාවේ වෙනත් නගරයක් බෝම්බ පිපිරවීමෙන් සුනුවිසුනු කරලා දාන එක.හැබැයි ඔහු ඔහුගේ සගයන් එක්ක සන්නිවේදනය කරන්නෙ පොලීසියට හා වෙනත් සයිබර් අපරාධ විමර්ශකයන්ට ලුහුබදිනවා තියා හිතන්නවත් බැරි විදිහකට.හිරෙන් පැන ගත් මොහු බෝම්බය පිපිරවීමට ඉලක්ක කල නගරය වෙත ගමන් කරනවා.මොහුගේ මේ පැනයාම පොලිසියට දැන් හිසරදයක් වෙලා තියෙන්නෙ මොකද අතට අරන් තිබ්බ දේ කටට දාගන්න බැරි වුනානේ.චෝටාගේ මීලග බෝම්බ දැමීමට ඉලක්ක කල නගරය ගැන කිසිදු හෝඩුවාවක් නොදන්නා පොලීසිය විසින් මුලු ඉන්දියාව පුරාවටම ඔහුගේ පැන යාම පිලිබදව හෙලි කර ඔහුව දුටු තැන අත් අඩංගුවට ගැනීමට යළි නියෝග නිකුත් කරනවා.

මධුසුදනන්,එහෙමත් නැත්නම් මධූ කියන්නෙ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්.තම පියාගේ මිය යාමෙන් පසුව තමන්ව මේ තත්වෙට ගත්තේ බස් රථ රියදුරු රස්සාව කරන ඔහුගේ ආදරණීය අම්මායි.ඒ වගේම ඔහුට තව නංගිලා දෙන්නෙකුත් ඉන්නවා.තමන්ගේ අම්මගෙ හිතේ තියෙනවා එයාලගෙම කියලා අලුත් ගෙයක් හදාගන්න.මේ හීනෙට පණ දෙන්න මධුසුදනන් දිවා රෑ නොබලා වැඩ කර රස්සාවෙන් බැංකු ලෝන් එකක් ගන්නවා.ඒත් හදිසියේම ඔහුගේ රස්සාව නැතිවෙනවා.තම මවගේ සතුට නැති කරන්න හොඳ නැති නිසා මේ බව ඔහු තමන්ගේ අම්මට කියන්නෙ නැහැ.තමන්ට තියෙන ප්‍රශ්න ගැන නම් එයාගෙ අම්මා හාංකවිංසියක්වත් දන්නෙ නෑ.ඒ වගේම ඔහු බාර්ගවී කියලා සල්ලිකාර ගැහැනු ළමයෙක්ට ආදරේ කරනවා.මේ දෙන්නගේ සම්බන්දෙට නම් පොලිස් නිලදාරියෙක් වෙච්ච බාර්ගවීගේ අයියා විරුද්ධත්වය පල කරනවා.අයියාගෙ විරුද්ධත්වය හමුවේ රෙජිස්ටාර් ගාවට ගිහින් විවාහ වෙන්න ඔවුන් දෙන්නා දිනයක් දාගන්නවා. මධුසුදනන් කියනවා රෙජිස්ටාර් ගාවින් විවාහ වෙන දවසට යාලුවෙක්ගේ කාර් එකක් අරන් එන්නම් කියලා.

කුලන්දවේලු,ඔහු හඬකැවීම් ශිලිපියෙක්.ඔහුගෙ රස්සාවෙන් සොච්චම් මුදලක් ලැබුනත්,තම හඩකැවීම් වැඩසටහන් බලා සතුටු වෙන කුඩා ළමුන් දෙස බලා ඔහුත් සතුටෙන් මේ රස්සාව කරන් යනවා.එයාගෙ බිරිදට බබා ලැබෙන්න ඉන්න නිසාම ඔහු ඇයට පොරොන්දු වෙනවා වැඩ ඉවර වෙලා එයාව බලන්න එන්නම් කියලා.මැදියම් රාත්‍රියේ වැඩ අවසන් කරන මොහු එයාගෙ බයික් එකෙන් තමන්ගේ ගමනාන්තය බලා ගමන් කරනවා.

තවත් කියන්න යන්නේ නෑ,මං මෙහෙම කියන්නම්.පත්තර වලයි ප්‍රවෘත්ති වලයි එක් සිරස්තලයක් වැටෙනවා.ඒ තමයි "ත්‍රස්තවාදී චෝටා ගෙ සගයන් දෙදෙනෙක් වන මධුසුදනන් හා කුලන්දවේලු පොලිස් අත් අඩංගුවට."නිර්දෝෂි පුද්ගලයන් දෙදෙනෙක් වූ මධුසුදනන් හා කුලන්දවේලු මෙම ත්‍රස්තවාදියට මැදි වුනේ කෙසේද? ඔවුන් තම නිර්දෝශී බාවය කෙසේ ඔප්පු කරාවිද? කියලා ත්‍රාසය, ක්‍රියාදාම, කුතුහලය පිරුණු මෙය නරඹන්න ආරාධනා කරනවා.

 සැ.යු. - අන්තර්ජාලයට විවිධ කාල පරාසයන්ගෙත් යුත් පිටපත් දෙකක් නිකුත් වී ඇති හෙයින් එම පිටපත් දෙක සඳහාම උපසිරැසි SRT ගොනුව තුල අඩංගු කර තිබෙනවා.ඔබ ලග ඇති පිටපතට ගැලපෙන උපසිරැසි ගොනුව තෝරාගැනීමට සැලකිලිමත් වන්න.තවද IDX ලෙස නිකුත් කර ඇත්තේ පැය 2යි විනාඩි 19ක් ලෙස දක්වා ඇති (TamilMV) පිටපතට අදාළ උපසිරැසි පමණක් බව සලකන්න.

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google