Latest Subtitles :

Iravukku Aayiram Kangal (2018) සිංහල උපසිරැසි සමඟ

Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණයට ලක්වුණු සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය කළ Iravukku Aayiram Kangal ( රාත්‍රියට ඇස් දහසක් ඇත) නම් චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි අද මම ඔයාලා හමුවෙන්න ආවේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mu. Maran විසිනුයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන පලමු චිත්‍රපටය මෙය වනවා.විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය ඔහුගේ මංහල චිත්‍රපටයද කියා විශ්වාස කිරීමට පවා නොහැකි වීමයි, නලු නිලියන් වැඩිය හුරු පුරුදු අය නොවූවත් ඔවුන් පිරිසව විශිෂ්ඨ ලෙස හැසිරවීමට ඔහු සමත් වී තිබෙනවා.විනාඩි 121ක ධාවන කාලයකින් සමන්විත මෙය IMDB චිත්‍රපට දර්ශකයේ ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7.5/10කි.

කුතුහලයට හානියක් නොවෙන්න කතාව ගැන කිව්වොත් භරත් කියන්නේ කෝල් ටැක්සි රියදුරෙක්.ඔහුගේ පෙම්වතිය වන සුසීලා පුද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය කරන්නියක්.සුසීලා ගේ ජීවිතයට අනතුරක් වෙන්න යන අවස්ථාවකදී ගනේෂ් නම් පුද්ගලයෙක් විසින් ඇයව බේරගන්නවා.වැඩි කල් නොයාම ගනේෂ් මායා හට තමන් හා හාද වන ලෙස පවසමින් ඇයට කරදර කරන්න පටන් ගන්නවා.එක් රාත්‍රියකදී සුසීලා තම පෙම්වතා වන භරත් සමඟින් මුහුදු වෙරලේ සිටින අවස්තාවක සියදිවි හානි කරගැනීමට උත්සහ දරන රූප්ලා නම් කාන්තාවක්ව භරත් විසින් බේරගන්නවා.සියදිවි හානි කරගැනීමට හේතු වූ තතු විමසා බැලූවිට භරත් හට දැනගන්න ලැබෙන්නේ යම් කෙනෙක් විසින් ඇයගේ නිරුවත් ඡායාරූප වගයක් ලබාගෙන ඇයව බ්ලැක්මේල් කරනා බවයි.ඒ බ්ලැක්මේල් කරන කෙනා වෙන කවුරුන් හෝ නොව සුසීලා හට කරදර කරන ගනේෂ් ම බවත් එහිදී සනාථ වෙනවා.ගැහැනු අයට කරන කෙනෙහෙලිකම් වලට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා භරත් විසින් ගනේෂ් සිටිනා නිවෙස බලා රූපලාගෙන් විස්තර දැනගෙන පිටවෙනවා.ඔහු එහෙ යනවිටත් කවුදෝ ගැහැනු ළමයෙක්ව එහි මරා දමා ඇති බව ඔහුට දකින්න ලැබෙනවා.(ලිපිය නම් ටිකක් විතර අප්සැට් වුනා වගේ,ලිපිය ගැන වැඩිය හිතන්න එපා.)ඊට පස්සේ මොනා වෙන්න ඇතිද කියලා බලලම දැනගන්න.

මෙහෙම කියන්නම්කෝ:
කෝල් ටැක්සි රියදුරෙක්.
එක් මිනීමැරුමක්,
සැකකරුවන් කිහිපදෙනෙක්,
මිනිසුන් රවටනා කණ්ඩායමක්,
තම 50වෙනි නවකතාව රචනා කිරීමට බලා සිටින ලේඛිකාවක්...

චිත්‍රපටය ආරම්භයේ සිටම හැකිනම් මීනීමරුවා කවුද යන්න නිගමනය කරන්න, ඔබේ නිගමනය වැරදීමේ සම්භාවිතාව ගොඩක් වැඩි බවත් මතක තබාගන්න. චිත්‍රපටයේ Climax එක එහෙම නැත්නම් උච්චතම අවස්ථාව ඉහළම තත්වයේ එකක් බවත් මෙම චිත්‍රපටය මේ වසරේ අනිවාර්‍යයෙන්ම නැරඹිය යුතු දමිළ Thriller චිත්‍රපටයක් බවත් කිව යුතුමය.එහෙනම් මම ගියා.ඔබට සුභ දවසක්!

 *මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google