Latest Subtitles :

Pagadi Aattam (2017) සිංහල උපසිරැසි සමඟ

මෑතකද බලපු විශිෂ්ට ගණයේ සිනමා සිත්තමක් වුන Dhuruvangal Pathinaaru (2016)  හි ප්‍රධාන චරිතය නිරූපණය කල Rahman  මේ චිත්‍රපටයෙත් පොලිස් පරීක්ෂක චරිතෙටම එක් වෙලා තියෙනවා.ඔහුගෙ රංගනය කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවනේ.මෙය ත්‍රිලර් කාණ්ඩය යටතට වැටිලා තියෙන නිසා ප්‍රධාන චරිතය වෙච්ච රහමන්ට අමතරව අලුත් මුහුණු කිහිපයක් බලාගන්න පුලුවන්.

කතාවෙ කුතුහලය ‍රැකගන්න ඕන නිසා මං මෙහෙම කියන්නම්.සූර්යා කියන්නෙ ධනවත් පවුල් පසුබිමක් තියෙන සෙල්ලක්කාර තරුණයෙක්.මෙයාගෙ අතෙ මුදල්,බලය යහමින් ගැවසෙන නිසාත් ගැහැනු ළමයිව දාගන්නවා කියන්නෙ මෙයාට හරි සිම්පල් වැඩක්.ඒකේ ප්‍රතිඵලයල් විදිහට මෙයාට ගැහැණු ළමයි බර ගානක් පෙම්වතියන් විදිහට අශ්‍රය කරනවා.ඒ වගේම මෙයා ගැහැණු ළමයි ව දාගන්නෙ මෙයාගෙ අහිංසක චරිතේ එලියට පෙන්නලා,කොච්චර ගැහැනු ළමයි රන් කරත් එකිනෙකාව අනික් කෙනා මුණගැහෙන්නෙ නැතුව තියාගන්න බැරි නම් වැඩක් නෑ.ඉතින් සූර්යා ඒකත් ගානට මිම්මට කරගන්නවා.ඒකෙන් හිතාගත්ත හැකි නේ අපෙ කොල්ලගෙ තරම.ඔහොම සෙල්ලක්කාර ජීවිතයක් ගත කරමින් ඉන්න සූර්යා දවසක් රෑ පබ් එකකට ගිහින්  ගැහැනු ළමයෙක්ගෙ අතක් අල්ලන්න ගිහින් වෙන කෙනෙක් එක්ක වලියක් දාගන්න ගිහින් බොහොම අමාරුවෙන් තමයි ඒ වලියක් නොයා නවතින්නේ.පාටිය ඉවර වෙලා පහුවදා එයාගේ කෙල්ලෙක්ව හම්බවෙන්න කියලා එයාගෙ බයික් එන අතර වාරයේ යම් කෙනෙක් එයාව පැහැර ගන්නවා.පස්සෙ එයාට සිහිය එනකොට ඔහුව මිනී පෙට්ටියකට සමානකම් ඇති පෙට්ටියක හිර කරලා කියලා ඔහුට දැනගන්න ලැබෙනවා.ඒ වගේම ඒ පෙට්ටිය ඇතුලෙ ජංගම දුරකතනයකුත් තියෙනවා.සුර්යව පැහැරගත්  කෙනා ඒ දුරකතනයට ඇමතුමක් අරන් කියන්නෙ,ඔයාට මේ පෙට්ටියෙන් එලියට එන්න ඕන නම් මට ඔයාගෙ යමක් ඕන කියලා.(ඉල්ලන දේ මොකක්ද කියලා නම් මම කියන්නෙ යන්නෙ නෑ.) පස්සෙ සූර්යා අහනවා පැහැරගත්ත කෙනා කවුද කියලා.ඒ කෙනත් සූර්යට දෙන්නෙ පුදුම උත්තරයක්,පුලුවන් නම් ඒ කවුද කියලා හොයාගන්න.මූ දැන් මූට සෙට් වෙලා හිටිය කෙල්ලෝ එකින් එකා ගැනයි උන්ගෙ පවුල් වල හිටිය අය ගැනයි මතක් කර කර බලනවා,එකෙක් දෙන්නෙක් නම් මදැයි,මූට කෙල්ලො බර ගානක් සෙට් වෙලා හිටියනේ.තමන් ඉන්නෙ කොහෙද කියලා වෙනදට පැයක් පැයක් පාසා තමන්ගෙ අම්මව දැනුවත් කරන සූර්යගෙන් වෙනදා වගේ කෝල් එකක් වත් නැති හින්දා.සුර්යාගෙ දෙමව්පියන් පොලීසියෙ පැමිනිල්ලක් දානවා.පරීක්ෂණය කරන පොලිස් නිලදාරියා තමයි ACP දේවේන්ද්‍ර කුමාර් (රහමන්).සුර්යව පෙට්ටියක හිර කරන්න තරම් ඔහු කරපු ලොකු වැ‍රැද්ද මොකක්ද? එයාට පෙට්ටියෙන් එලියට එන්න පුලුවන් වෙයිද?  ACP දේවේන්ද්‍ර කුමාර් ට මෙය විසදීමට පුලුවන් වෙයිද? පොලීසියට පැහැරගැනීම සම්බන්දව කිසිදු හෝඩුවාවක් නොගැනීමට තරම් පැහැරගත් තැනැත්තා දක්ෂ වූ විට චිත්‍රපටය ඉදිරියට කෙසේ ගලා යාවිද?

විශේෂම කාරණය තමයි චිත්‍රපටයේ නිර්මාපකයන් මේ චිත්‍රපටය මගින් සමාජයට ගැඹුරු පණිවිඩයක් ලබාදීමට සමත්වී තිබෙනවා.පනිවිඩය මොකක්ද කියල මං කියන්නෙ යන්නෙ නෑ,ලොකු විස්තරයක් චිත්‍රපටය බැලුවොත් ඔයාට දැනගන්න පුලුවන් වේවි.කුතුහලයෙන් යුතු වූ හෝරා 2ක් පුරාවට චිත්‍රපටයෙන් දෑස් ඉවතට නොගෙන කිසිදු කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි චිත්‍රපටයක් බව ඉඳුරාම කියන්න පුලුවන්.

~ ජීවිතය සිහිනයක් මිස සෙල්ලමක් නෙවෙයි. ~

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google