Latest Subtitles :

Kung Fu Yoga (2017) සිංහල උපසි‍රැසි සමඟ


අද අරගෙන ආවේ ජැකී චෑන්ගෙ අලුත්ම චිත්‍රපටයක්.ඒ තමයි පසුගිය ජනවාරි 28 දින චීනයේත්,පෙබරවාරි 3 වැනිදා ඉන්දියාවෙත් තිරගත කිරීම පටන් ගත්ත Kung Fu Yoga (2017) චිත්‍රපටය. ඉන්දියාවත් චීනයත් එක්ව කල සම නිෂ්පාදනයක් වෙන මේකේ කතාව වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ හොංකො චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වන Stanley Tong විසින්. මීට කලිනුත් ඔහු ජැකී චෑන් සමගින් එකතු වෙලා Police Story 4,Rumble in the Bronx,The Myth වැනි චිත්‍රපට කිහිපයකුත් කරලා තියෙනවා.කුන්ග් ෆූ යෝගා තමයි එම සුසංයෝගයේ නවතම චිත්‍රපටය වෙන්නෙ.නළු නිළි පිරිස ගැන කියනවනම් සුපිරි නළු චැකී චෑන් සමගින් Soonu Sood,Disha Patani,Amyra Dastur යන ඉන්දියාවේ තරු කිහිපයක් එකතු වී තිබෙනවා.මීට අමතරව චැකීගේ කණ්ඩායමේ අය ලෙස Aarif Rahman, Zhang Yixing,Miya Muqi යන අයව දැකගන්න පුලුවන්.

ආදායම් වාර්ථා දිහාවට හැරුනොත්,කුන්ෆූ යෝගා චිත්‍රපටය නිකුත් කර පලමු සතිය තුළ චීනයේ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 138.8 මුදලක් ඉපයීමට සමත් වුනා.ඒ කියන්නෙ චිත්‍රපටය හදන්න ගිය මුදල වගේ දෙගුණයක් මුදලක් පලමු සතිය තුලම හොයාගන්න පුලුවන් වුනා.හරියටම බැලුවොත් ඉන්දියාවේ සාර්ථක චිත්‍රපටයක් වෙච්ච අමීර් ඛාන් ගේ දනගල් චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලබාගත් මුදලට වඩා වැඩි මුදලක් මේ චිත්‍රපටය ලබාගත්තා.වැදගත්ම එක තමයි ජැකී චෑන් මේ වෙද්දී තරුණ විය පහු කරලා ගොඩක් කාලයක් ගත වුනාට පසුවත් චීනය තුල ඔහුගේ චිත්‍රපටි වලට තියෙන ඉල්ලුම තාමත් අඩුවෙලා නෑ කියන එක ආදායම් වාර්ථා අතින් පේනවා.

චීනයේ ඉන්න සුප්‍රසිද්ධම පුරාවිද්‍යා මහචාර්‍යවරයෙක් තමයි ජැක් (ජැකී චෑන්).ඉන්දියාවේ කෞතුකාගාරයක ඉදන් ඔහුගෙ උදව් බලාපොරොත්තුවෙන් අශ්මිතා (Disha Patani) කියලා මහචාර්‍යවරයෙක් වූ ගැහැණු ළමයෙක් එනවා.එයා ඉල්ලන උදව්ව තමයි මගධයේ නැතිවුණ වස්තුව හොයාගන්න උදව් කරන්න කියන එක.(මගධ නිධානය හා සම්බන්ද අතීත කතාවක් චිත්‍රපටය ආරම්භයේදී බලාගන්න පුලුවන් වෙයි).ඇගේ ඉල්ලීම පිලිගෙන ජැක් හා එයාගෙ කණ්ඩායම නැතිවුන නිධානය හොයන් යනවා.පස්සේ ඔවුන්ට දැනගන්න ලැබෙනවා ඒ නිධානය තියෙන්නෙ මිදුණු විලක කියලා.මේ කට්ටිය ඔහොම නිධානය හොයන් මිදුණු විලට යනකොට කුලී හේවායෝ වගයක් ඇවිත් මේ කට්ටිය හිර කරලා,සීතල අයිස් ගුහාවක් අස්සේ මැරෙන්න කියලා දාලා යනවා.නිධානය ගැන කෙසේ වෙතත් ජැක්ගේ කන්ඩායාමේ කෙනෙක් මිදුණු විලේ තිබ්බ දියමන්තියක් අරන් පැනලා යනවා.ඔන්න කොහොමහරි ජැක්ගේ කට්ටියට අයිස් ගුහාවෙන් එලියට එන්න පුලුවන් වෙනවා.පස්සේ ජැක්ට දැනගන්න ලැබෙනවා අර හොරකම් කරපු කැරට් 212ක් වටින දියමන්තිය,ඩුබායි වල වෙන්දේසියකට දාලා කියලා.දැන් දියමන්තිය හොරකම් කරා කියලා අහුවෙලා තියෙන්නෙ ජැක් ව.දැන් ජැක් ඇතුලු කණ්ඩායමේ වැඩේ තමයි මේ දියමන්තිය කොහොමහරි වෙන්දේසියෙන් බේරගෙන මගධ මහ ධනස්කන්ධයට යන පාර හොයාගන්න එක.අර කුලී හේවායන්ටත් ඕන කරන්නෙ කොහොමහරි නිධානය හොයාගන්න. දියමන්තිය තමයි නිධානයට යන පාර වෙන්නෙ. දියමන්තිය හොයන් යන ගමනෙදී තවත් කෙනෙක් ජැක් ට ද්‍රෝහි වෙනවා.මගධ නිධානය සොය ජැක් ඇතුළු කණ්ඩායම නොයෙක් බාධක හමුවේ වරෙක ඩුබායි වලටත්,තවත් විටෙක ටිබෙටයත්, ඉන්දියාවටත් යන සංචාරය තමයි කුන්ෆූ යෝගා තුලින් විනාඩි 107කට ආසන්න කාලයක් තුල බලාගන්න පුලුවන් වෙන්නෙ.අශ්මිතා කියන්නෙ ඇත්තටම මහචාර්‍යවරියක්ද? මගධ නිධානය සත්‍යක්ද? කියලා චිත්‍රපටය විනෝදයෙන් බලලම දැනගන්න.ඒ වගේම ලෝකේ වටේ තියෙන ලස්සන දර්ශන කිහිපයක්ම දැකගන්නත් පුලුවන්.

තව දෙයක් කියන්න ඕන,මේ වෙද්දී අන්තර්ජාලයේ මේ චිත්‍රපටයට අදාළ අංග සම්පූර්ණ කිසිදු උපසිරැසියක් නිකුත් කර නෑ.දැනට නිකුත් වෙලා තියෙන ඒවලත් මැදින් මැදින් කොටස් බොහෝ අඩුයි.සම්පූර්ණ චිත්‍රපටයටම කාල රාමු හදාගෙන තමයි මේක අරන් ආවේ.වැරදි තිබුණොත් සමාවෙන්න.චැකී චෑන්ගෙ චිත්‍රපටවලට කැමති අය ඉන්නවා නම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් මම කොමාව තබනවා.දැනට අවසන් කර තිබෙන චිත්‍රපට 2-3ක් ඉදිරියේදී බලාගන්න පුලුවන් වෙයි.ඔබට සුභ දවසක්,ජයවේවා!

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google