Latest Subtitles :

Dora (2017) සිංහල උපසිරැසි සමඟ

Horror,Thriller,Fantasy යටතේ වර්ග කරන්න පුලුවන් චිත්‍රපටයක් එක්ක තමයි අද මං ආවේ.Nayanthara,Harish Uthaman,Thambi Ramayya ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි අධ්‍යක්ෂණය Doss Ramasamy විසින් වන අතර නිෂ්පාදනය කරලා තියෙන්නෙ A. Sarkunam.එමෙන්ම සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Vadacurry,Pugazh වැනි චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කල Vivek Siva and Mervin Solomon විසින්.මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතය නම් හරිම සිත්ගන්නා සුළුයි.චිත්‍රපටයේ හොඳ කොපියක් අනතර්ජාලයට ඊයේ දින තමයි නිකුත් වුනේ.මේ චිත්‍රපටයේ එන ලස්සන ගීතයක් වන Engapora Dora ගීතයට ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ කාල රාමු හරියට නොතිබුණු නිසා ඒකේ කාල රාමු හදන්න වුනා .ඕක ට විතරක් හදලා නිකං ඉන්න හදනකොට Ra Ra Ra ගීතයටත් හදන්න වුනා.Ra Ra Ra ගීතය නම් ගායනා කරන්නෙ පසුගියදා කතාබහට ලක්වුණු සුපිරි තරුව Anirudh Ravichander.කොහොම හරි සින්දු දෙකත් එක්කම සම්පූර්ණ චිත්‍රපටයම අරන් ආවා.සින්දු එක්ක දෙන්න හිටිය නිසා තමයි ටිකක් පරක්කු වුනේ,නැත්නම් මීට කලින් දෙන්න තිබුනා.

කතාව පැත්තට හැරුනොත් පල්ලවාකෝඩි (නයන්තරා) එයාගෙ තාත්තා එක්ක ජීවත්වෙන අහිංසක තරුණියක්.අහිංසකයි කිව්වට අහිංසමත් නෑ ඕං.තාත්තටත් හරිම ආදරන් ඉන්න ඇයව විවාහ කරලා දෙන්න ඇගේ පියා පුදුම විදිහට මහන්සි වෙනවා.ඒත් ඇය නම් ඒවා කනකට ගන්න කෙනෙක් නෙවෙයි.තාත්තාවත් මට්ටු කරන් තමයි ඉන්නෙ.තාත්තට ඕන වෙනවා මෙයාව පන්සල් එක්ක යන්න.බස් එකෙන් බැහැලා පයින් යන්න තියෙන නිසා මෙයා කියනවා බෑ කියලා.කාර් එකක යමු කියලා මෙයාව කැමැති කරගෙන ටැක්සි කාර් එකක් ඉල්ලගන්න කියලා මෙයාලගෙ නැන්දා කෙනෙක් ගාවට යනවා.නැන්දා ටැක්සි සේවාවක් පවත්වගෙන යන කෙනෙක්.ටැක්සි ඉල්ලන්න ගිහින් පල්ලකෝඩි වලියකුත් දාගෙන චැලේන්ජ් එකකුත් නැන්දා එක්ක දාගන්නවා.ඒ තමයි එයාලා වගෙ පල්ලකෝඩිත් ටැක්සි සේවාවක් පටන් ගන්නවා කියලා.කොහොමහරි නැන්දට දියුණු වෙන්න උදව් කරලා තියෙන්නෙ පල්ලවකෝඩිගෙ තාත්තා.දැන් නැන්දා එයාලව නොසලකා හරිනවා.චැලේන්ජ් එකකුත් දාගත්ත එකේ එකතු කරලා තියෙන සබ්බ සකලමනාවම අරන් ගිහින් කාර් එකක් ගන්න යනවා ටැක්සි සේවාව පටන් ගන්න.ඔහොම ගන්න ගියාට පස්සේ පල්ලවකෝඩි මිලදී ගන්නෙ පරණ ජාතියෙ කාර් එකක්(ඒක වෙන්නෙත් හරි අමුතු විදිහට).කාර් එක අරන් ගෙදර ගියාට අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා.කාර් එක නිකන්ම ස්ටාට් වෙනවා වගෙ දේවල්.පස්සෙ පල්ලවකෝඩිට දැනගන්න ලැබෙනවා මේ කාර් එකට ආත්මයක් අරක්ගෙන කියලා.ඊලගට වෙන දේ දැනගන්න කුතුහලය,භීතිය,ත්‍ර ාසය කෙමින් කෙමින් නැංවී අවසානය වන විට උච්චම අවස්ථාවට පත්වන සුපිරි නිළු නයන්තරාගෙන් සුපිරි රංගනයෙන් හැඩවූ Dora (2017) නරඹන්න Horror,Thriller,Fantasy රසිකයන්ට ආරාධනා කරන ගමන් මම නවතිනවා.

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google