Latest Subtitles :

Foxtrot Six (2019) සිංහල උපසිරැසි සමඟ

අද අරගෙන ආවේ කම්මැලි නැතුව බලන්න පුලුවන් හොඳ Sci-fi,Action ගණයට වැටෙන ඉන්දුනීසියානු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Randy Korompis විසින්. නිෂ්පාදනය Terminator 2: Judgment Day ගෙනා Mario Kassar විසිනුයි. එමෙන්ම සටන් ජවනිකා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raid චිත්‍රපට ද්විත්වයේ සටන් අධ්‍යක්ෂණය කළ වගේම රංඟනයෙන් දායක වූ සුප්‍රකට ඉන්දුනීසියනු සටන් ශිල්පී Iko Uwais ප්‍රමුඛ කණ්ඩායමයි. ක්‍රියාදාම ජවනිකා ගැන ඒකෙන් හිතාගන්නකෝ.රංගනයෙ� ��් Oka Antara, Julie Estelle, Verdi Solaiman, Arifin Putra යන අය දායක වෙනවා. ලැබෙන ආරංචි වලට අනුව CGI තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කල පලමු ඉන්දුනීසියානු ක්‍රියාදාම චිත්‍රපටයත් මේක වෙනවා. මේ චිත්‍රපටය ඉන්දුනීසියානු චිත්‍රපටයක් වුවත් The Night Comes for Us (2018) ඉන්දුනීසියානු චිත්‍රපටය වගේම දෙබස් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නෙ. මෙය Action චිත්‍රපටයක් නිසාම චිත්‍රපටය තුල වැඩිපුරම ක්‍රියාදාම ජවනික වලට ප්‍රමුකතාවය දීලා කියලා තමයි පෙනෙන්න තියෙන්නේ.

කතාව :
නුදුරු අනාගතයේදී ගෝලිය දේශගුණික වෙනස් වීම් හේතුවෙන් ලෝක ආර්ථිකය අවුල් සහගත තත්වයට පත්වෙනවා. මෙයා ලෝකයේ සෑම රටකටම බලපානු ලබන අතර ඇමරිකානු යුරෝපීය රටවල් ඇතුලුව මෙය ඉන්දුනීසියාවටත් දරුණුව බලපානවා.මෙම ආර්ථික අර්බුදය නිසා ආහාර ලබාගැනීමේ දුෂ්කර තාවයත් මිල ගණන් අහස් උසට යෑමත් හින්දා මිල අධිකම වෙලද ද්‍රව්‍ය බවට ආහාර නිතැතින්ම පත්වෙනවා.මෙහි අතුරු ප්‍රතිඵල විදිහට කැරලි කෝලහාල,සාගිනි,දරිද ්‍රතාවය එරට රජ කරනවා.. මේ ආර්ථික තත්වය නිසාම එරට වැසියන් පීඩාවට පත්වෙනවා.මේ අතරතුර යම් කණ්ඩායමක් එරට ජනපති ඇතුලු රජයට එරෙහිව කැරලි ගැහෙනවා. සුලුපටු දෙයක් නෙවෙයි ඕං වත්මන් රජයට එරෙහිව කැරැල්ලක් හැදෙනවා කියන්නේ. ආයේ පණ බේරන් ඉන්න කියලැයි. අහුවුනොත් මරණය තමයි. අංගා කියන්නෙ එරට දේශපාලන පක්ෂකයේ හොද නිලයක් දරන සාමාජිකයෙක්.මේ කැරැල්ලට අංගා මැදිවෙන්නෙ කොහොමද? මෙලෙසෙ කැරැල්ලක් ඇතිවෙන්න හේතුව මොකක්ද? මේවට උත්තර දැනගන්න නම් පැය 2කට ආසන්න කාලයක් පුරාවට ක්‍රියාදාම ජවනිකා නොඅඩුව ඇති මෙය නරඹන්න.

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම Web පිටපත් සදහා ගැලපේ.

















Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google