Latest Subtitles :

The Meg (2018) සිංහල උපසිරැසි සමඟ

වසර මිලියන ගණනාවකට පෙර වදව ගියා යැයි සැලකෙන ප්‍රාග් අයිතිහාසික යුගයේ දැවැන්ත බිහිසුණු මෝරෙක්...එක් මෙහෙයුමකදී ගැඹුරු දියේ අතරමං වන පර්යේෂණ කණ්ඩායමක්... එම කණ්ඩායමේ සහයට පැමිණෙන එක් දක්ෂ කිමිදුම් කරුවෙක්... මොවුන්ගෙ ඉරණම කෙසේ විසදේවි ද?

අද ඔන්න විනාශකාරි කතාවලට වගේම මෝරුන්ගෙ කතාවලට කැමති අයට හොද චිත්‍රපටයක් අරන් ආවා.Jaws සහ Shallows චිත්‍රපටවල වගෙ හිච්චි මෝරෙක් නෙවේ ඕං මේකේ ඉන්නෙ 😉,හැම විලෝපිකයෙක්ගෙම ලොකු අයියා.

මේ මෙග් (මෙගලඩොන්) මෝරා ගැන කියනවනම් වසර මිලියන ගණනාවකට කලින් ඇත්තටම මෙහෙම මෝරෙක් ඉදලා තියෙනවා.මෙම මෝරුන් අඩි 60ක් (මීටර් 18) පමණ ශරීර ප්‍රමාණයන් දක්වා වර්ධනය වෙන්න පුලුවන්. දැනට සොයාගෙන තියෙන විදිහට දැවැන්තම හා මාරකම මෝරා තමයි මේ මෙගලඩොන් කියන්නෙ.තල්මස් මෝරා එක්ක මේ මෙග් මෝරා සංසන්දනය කරලා බැලුවොත් එහෙම තල්මස් මෝරා මෙග් මෝරා ගෙ බර හා දිග කියන ප්‍රමාණයන්ගෙන් බාගයක් වගෙ තමයි වෙන්නෙ, හිතාගන්න පුලුවන්නේ සයිස් එක.මේ මෙග් මෝරා ගෙ සපාකෑම් ටයිනෝසොරස් රෙක්ස් ඩයිනෝසරයාගෙ සපාකෑම් වලටත් වඩා ප්‍රබල වෙනවා.වසර මිලියන ගණනාවක් තිස්සේ බිහිසුණු ක්‍රියාදාම වල නිරත වෙමින් සාගරයන් හොල්ලන් සිටි සත්වයෙක් තමයි මේ මෙග් කියන්නෙ.ඒ කියන්නෙ ලොකු අයියා වගේ.ලෝකයේ විශාලම මෝරා වන මෙග් වදව ගිහින් තියෙන්නෙ ගොදුරු හිගවීම හා විලෝපිකයන් අතර තියෙන තරගය නිසා කියලා තමයි සූරිච් සරසවියේ පර්යේෂකයන් පෙන්වා දෙන්නෙ.මෝරා ගැන කිව්වා ඇතිනේ.දැන් අනික් විස්තර බලමු.

සුප්‍රකට Warner Bros ඇතුලු සමාගම් රැසක එකතුවෙන් නිර්මාණය වන The Meg (2018) චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම ,ත්‍රාසජනක යන කාණ්ඩ නියෝජනය කරනවා.Jon Turteltaub ගේ අධ්‍යක්ෂණයෙන් හා Dean Georgaris, Jon Hoeber, හා Erich Hoeber යන අයගේ තිර රචනයෙන් මෙය හැඩ වෙලා තියෙනවා.මේ චිත්‍රපටය සදහා පාදක වෙන්නෙ 1997 වසරේ Steve Alten විසින් රචිත Meg: A Novel of Deep Terror කියන ග්‍රන්ථයයි.සුපිරි ක්‍රියාදාම නළු Jason Statham සමගින් xXx: Return of Xander Cage (2017),John Wick: Chapter 2 (2017) වැනි චිත්‍රපටයන්හි Ruby Rose ට අමතරව Bingbing, Rainn Wilson,Winston Chao හා Cliff Curtis යන අය රංගන දායකත්වය සපයනවා.චීන-ඇමරිකා සම නිෂ්පාදනයක් ලෙස කරලියට පැමිණි මෙය මේ වසරේ අගෝස්තු 18 දින සිට ලෝකය පුරා තිරගත වීමෙන් ලබාගත් ආදායම ඩොලර් මිලියන 506ක් වෙනවා.චිත්‍රපටයේ පිරිවැය ඩොලර් මිලියන 130–178 අතර අගයක් වන බව තමයි වාර්ථා වෙන්නේ.

කතාව:
ජෝනාස් ටේලර් (Jason Statham) කියන්නෙ දක්ෂ ජීවිතාරක්ෂක කිම්දුම් කරුවෙක්.ඔහු කරන එක් මෙහෙයුමකදී ඔහුගේ යාත්‍රාවට යමක් විසින් පහර දෙනවා.එම සිදුවීම නිසා ඔහු ගන්නා එක් තීරණයකදී පුද්ගලයන් කිහිපදෙනෙක් මිය යනවා.මෙම සිදුවීම නිසා කනස්සල්ලට පත්වන ඔහු තායිලන්තයට වී බීමතින් ජීවිතේ ගත කරනවා.වසර පහක ඇවෑමෙන් පසු ඔහුව සොයා ඔහුගේ පරණ මිත්‍රයෙක් වන මැක් පැමිනෙන්නෙ මේ අතරතුරයි.ඔහු සේවය කරන ගැඹුරු දිය පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂක කණ්ඩායමක් ගැඹුරු දියේ හිර වී ඇති බව කියනවා.ඒ සිරවී ඇති කණ්ඩායමේ ජෝනාස් ගේ කලින් බිරිදත් සාමාජිකයෙක් වන අතරම ඔවුන්ගේ යාත්‍රාවට යම් සත්වයෙක් විසින් පහරදුන් බවද කියවෙනවා.මැක් විසින් එම කණ්ඩායම බේරගන්නා ලෙසට ජෝනාස් ගෙන් උදව් ඉල්ලනවා.ලොව සිටින මාරකම ප්‍රාග් අයිතිහාසික සත්වයාගෙන්, හොදම කිමිදුම් කරුවෙක් වන ජෝනාස්ට මෙම කණ්ඩායම බේරගන්න පුලුවන් වෙයිද? සත්වයා මෙල්ල කිරීමට ඔවුන්ට කොපමණ ජීවිත ගණනක් පුද දීමට සිදු වේද? ජෝනාස්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේද? කියලා දැනගන්න නම් ත්‍රාසය සපිරි මෙම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.ඔබට සුභ දවසක්,ජයවේවා!

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම Bluray පිටපත් සදහා ගැලපේ.



Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google