Latest Subtitles :

Pyaar Prema Kaadhal (2018) සිංහල උපසිරැසි සමඟ

මාස 2 1/2 ක වගේ කාලයක නිහැඬියාවකින් පස්සේ අලුත් කාලයේ ආදර කතාවක අත්දැකීම ඔබට ලබාගන්න පුලුවන් විදිහේ දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි එක්ක තමයි මං ඔයාලව හම්බවෙන්න මේ එන්නෙ.සුපුරුදු පරිදි මම තෝරගන්නා Action/Thriller චිත්‍රපට කාණ්ඩයෙන් මිදිලා Romantic Comedy යටතට වැටුණු චිත්‍රපටයකට මා විසින් සිංහල උපසිරැසි ගන්වන පලමු අවස්ථාවත් මේක වෙනවා. ඔයා ආදරය විඳපු,විඳවපු, ආදරය කරන හෝ කරන්න බලාපොරොත්තු වන කෙනෙක් නම් තමන්ට ගැලපෙන කෙනා තෝරගන්න හදනකොට ඔබට ඇති වෙන්න පුලුවන් ගැටළු අලලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.ගූගල් මනාප ප්‍රතිශතය 93% ක් සමඟින් IMDB හි 7.2 ක ඉහල අගයක් ලබාගැනීමට Pyaar Prema Kaadhal නම් මෙම චිත්‍රපටය හැකියාව ලබාගෙන තියෙනවා.

චිත්‍රපටයේ පසුබිම ගැන බැලුවොත් එහෙම චිත්‍රපටය සඳහා අන්තර්ජාලයට නිකුත් වූ ටීසර් වීඩියෝව පවා රසිකයන් අතර ලොකු කතාබහකට ලක්වූවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය Elan විසින් වන අතර දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන Yuvan Shankar Raja විසින් මෙහි නිෂ්පාදනය මෙන්ම සංගීත අධ්‍යක්ෂණයද සිදු කර තිබෙනවා. චිත්‍රපටයේ එන සංගීතය ප්‍රේක්ෂක හදවත් දිනාගනිමින් චිත්‍රපටයේ ගීත ඇල්බමය පවා අන්තර්ජාලයේ හිට් කියන වර්ගීකරණයට ලක් වුණා.රංගනය අතින් ගත්තොත් Pooriyaalan (2014) හා Vil Ambu (2016) වැනි චිත්‍රපටවලින් ඔබ හමුවූ Harish Kalyan මෙහි ස්‍රී කුමාර් චරිතයෙනුත්, Raiza Wilson සින්දු ලෙසත් රංගනයෙන් දායක වෙනවා.ඉන්දියාවේ දමිළ වැඩසටහනක් වන Bigg Boss හිත් මෙම යුවළ පෙනී සිටීමෙන් අනතුරුව රසික සිත් යලිත් වසඟ කර ගැනීමට මෙම යුවළ මෙම චිත්‍රපටයෙන් අවස්ථාව උදා කරගන්නවා.

කතාව :
චිත්‍රපටයේ නමේම (Pyaar Prema Kaadhal) තියෙනවා වගේම මේක ආදර කතාවක්. ස්‍රී කුමාර් (හරිශ් කල්‍යාන්) කියන්නෙ අහිංසක වගේම ටිකක් විනෝදෙට බර සාමාන්‍ය පවුලක කොල්ලෙක් හැබැයි පොර එක්තරා විදිහක ටියුබ් ලයිට් එකක්.මෙයා චෙන්නායි වල එයාගෙ අම්මයි තාත්තා එක්ක තමයි ජීවත් වෙන්නේ.මෙයාටත් ඕන කරන්නෙ විවාහයක් කරගෙන,දරුමල්ලොත් හදාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි.හැම උදෑසනකම වගෙ පරක්කු වෙලා අවදිවෙන ස්‍රී කුමාර් රැකියාව කරන ඔෆීස් එකට ගිහිල්ලත් වැඩිපුරම කරන්නෙ ඔෆීස් එකට එහා බිල්ඩිමේ ඉන්න ගැහැණු ළමයෙක් දිහා ජනෙල් කවුලුවෙන් බලාගෙන ඉන්න එක තමයි.කෙසේ හෝ මේ ගැහැණු ළමයා ස්‍රී රැකියාව කරන තැන වැඩ කරන්න පැමිණෙනවා.ස්‍රීත් කොහොමහරි ගේමක් ගහලා කෙල්ලගෙ නම හොයාගන්නවා.ඇය නමින් සින්දු ජා.ස්‍රී ගේ හිතේ කලින් ඉඳන්ම ඇය කෙරෙහි ඇල්මක් තියෙන බව නොදන්නා සින්දුජා ඔහු හා මිතුරු වී පාටියකට යන්නත් ස්‍රීට කතා කරනවා.එතකොට මේ සින්දුජා කියන්නේ ඇගේ පියාගෙ උපරිම නිදහස යටතේ හැදී වැඩුණු වෙනස් ආකාරයේ ආකල්ප වලින් සමන්විත නවීන පන්නයේ ගැහැණු ළමයෙක්.මේ අතර ස්‍රීගේ දෙමව්පියනුත් ස්‍රීගේ කල වයස හරි හින්දා ගොඩක් මහන්සි වෙලා සාමාන්‍ය පවුලක ගැහැණු ළමයෙක්ව ස්‍රීට විවාහ කර දෙන්න හොයනවා.ස්‍රී ගේ අම්මගේ එකම අභිප්‍රාය තමයි ස්‍රීව කොහොමහරි විවාහ කර දෙන එක.සාමාන්‍ය සිතුම් පැතුම් ඇති ස්‍රී ගේ ආදරය නව පන්නයේ සිතුම් පැතුම් ඇති සින්දුජා හමුවේ සාර්ථක වේවිද? මෙයාලාත් හැම කතාවෙම වගේ විවාහ වෙලා සතුටෙන් ජීවත් වෙයිද නැත්නම් වෙන් ව යාවිද? මේවට උත්තර දැනගන්න ඕන නම් දුක,සිනහව,ආදරය පිරුණු මේ අලුත් විදිහක ආදර කතාවක් අඩංගු චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.

චිත්‍රපටය සඳහා වෙනම ඉංග්‍රීසි උපසිරැසියක් ආපු නැති නිසා හාඩ් කෝඩ් පිටපතට අලුතින්ම කාල රාමුත් නිර්මාණය කරගෙන තමයි මේක මේ විදිහට අරගෙන එන්නේ. කැමති නම් විතරක් අදහසක් දාගෙන යන්න,කිසිම බලකිරීමක් නෑ.එහෙනම් මම යනවා,ඔබට සුභ දවසක්!
naveenperera89@yahoo.com

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HC HD පිටපත් සදහා ගැලපේ.
Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google