Latest Subtitles :

Vishwaroopam 2 (2018) සිංහල උපසිරැසි සමඟ

Vishwaroopam II මෙම චිත්‍රපටයේ කතාව රචනා කරනවා වගේම අධ්‍යක්ෂණය කරන්නෙත් කමල් හසන් විසින්මයි. 2013 වසරේ තිරගත වූ Vishwaroopam පලමු චිත්‍රපටයේ එන කතාවට පෙර හා පසු සිදුවන සිදුවීම් දාමයක් වටේ තමයි මෙහි කතාව දිවෙන්නේ.ඒ නිසා මේක බලන්න කලින් මුල් එක බලපු නැති අය ඉන්නවනම් පලවෙනි එක බලලම මේක බලන එක තමයි හොද.පලමු චිත්‍රපටයේ මෙන්ම මෙවරත් රංගනයෙන් Pooja Kumar,Andrea Jeremiah,Rahul Bose,Shekhar Kapur ආදී මුහුණු කිහිපයම යලිත් දැකගන්නට පුලුවන්.

පලමු චිත්‍රපටයේ කතාව සැකවින් මතක් කරොත්,විශ්වනාත් කියන්නෙ නිව්යෝර්ක් නගරයේ කතක් නැටුම් උගන්වන ගුරුවරයෙක්. ඉතින් මෙයාගේ බිරිද වන නිරූපමා මෙයාව කසාද බදින්නේ ඇයගේ වාසියට මිසක් ආදරයක් නිසා නෙවෙයි. ඉතින් දැන් ඇයට විශ්වනාත්ව දික්කසාද කරන්න හේතුවක් අවශ්‍ය නිසා, ඇය විශ්වනාත්ගේ වැරැද්දක් අල්ලගන්න ඔත්තුකාරයෙක්ව අරිනවා. ඉතින් මේ ඔත්තුකාරයා විශ්වනාත් පස්සේ යන්න ගිහින්, අන්තිමේදී ඔමාර් නමැත්තෙක් නායකත්වය දරන ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඝාතනයට ලක්වෙනවා. මේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන අරමුණ තමයි නිව්යෝර්ක් නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන එක.මේ ත්‍රස්තවාදීන් විසින් විශ්වනාත් ව හා නිරූපමාව පැහැරගැනීමෙන් පසුව ඔවුන් හා විශ්වනාදන් සටන් වැදීමෙන් පසු නිරූපමා හට විශ්වනාත් යනු විසාම් අහමද් කාශ්මිරි නම් වන RAW නියෝජිතයෙක් බව දැනගන්නට ලැබෙනවා. අවසානයේදී විසාම් විසින් ඕමාර් හා සලීම් නම් ත්‍රස්තවාදීන්ගේ නිව්යෝර්ක් නගරය පිපිරවීමේ මෙහෙයුම වලක්වන අතර.ඔවුන් දෙදෙනා ඉන්දියානු බුද්ධි අංශ හා FBI එකෙන් බේරිලා පැනල යනවා.ඔතනින් තමයි විශ්වරූපම් පලවෙනි කොටස අවසන් වුනේ.අද කතාවේ,කලින් පලා ගිය ඕමාර් හා සලීම් යන දෙදෙනා නිව්යෝර්ක් නගරයේ සිදුකරන්න ගිය මෙහෙයුමට වඩා ලොකු මෙහෙයුමක් දියත් කරන්න සූදානම් වෙනවා.එය වළක්වන කර්නල්,විසාම්,අශ්ම ිතා,නන්දිනි ඇතුළු පිරිස දරන උත්සහය තමයි මෙම දිගහැරුමෙන් බලාගන්න පුලුවන් වෙන්නෙ.

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.





Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google