Latest Subtitles :

Despicable Me 2 (2013) සිංහල උපසි‍රැසි සමග

මේ වසරේ බොක්ස් ඔෆිස් වාර්තාතබමින් පළමු චිත්‍රපටිය මෙන්ම දෙවැනි චිත්‍රපටියද වැඩි ජනතා ආකර්ෂනයක් ලබමින් තිරගත වුන සුපිරි ගණයේ චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ.පළමු චිත්‍රපටිය ඔබ නැරබුවා නම් දකින්න ඇති ගෘ කියන්නේ නපුරු දරුණූ හොරෙක් නේ.එත් මාගෝ,ඇඩ්නස් ඊත් කියන ළමයි තුන්දෙනා ගෘ ගේ නපුරු ගතිවලින් ගලවගන්නවා නේ.දැන් ගෘ නපුරු වැඩ අතහැරලා එයාගේ මහාචාර්ය වරයායි එතකොට අර ගෘගේ කහාපාට යාළුවෝ සෙට් එකත් එක්ක පොඩි ජැම් ව්‍යාපාරයක් කරගෙන යනවා.මේ අතර වාරයේදි නගරයට තවත් කලින් ගෘ වගේම දක්ෂ හොරෙක් එනවා.දුෂ්ටයන්ව අල්ලන සංගමයක් විසින් නැවත ගෘව හොයාගෙන ඇවිත් මේ හොරාව අල්ලන්න උදව් ඉල්ලනවා.මොකද කලින් ගෘ හොරවැඩ කරලා තියන නිසා හොරුන්ගේ දුර්වල කම් දන්න නිසා.එත් ගෘ මේකට කැමැති වෙන්නේ නම් නැහැ.මොකද ගෘ දැන් කොහොමත් ක්‍රියාදාම වැඩවලින් ඇත්වෙලා ඉන්න නිසා.කොහොම හරි මේ අපරාධකාරයත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මොහු හදන්නේ මුළු ලෝකයම අල්ලන්න පුලුවන් වෙන හමුදාවක් හදලා ලෝකය යටත් කරගන්න.ඉතින් අන්තිම මොහොතේ ගෘ කැමැති වෙනවා වැඩේට.මෙතැනින් පස්සේ මොනා වෙයිද කියලා ඔයාලා චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.පවුලේ හැමෝටම එකතුවෙලා ඉදන් අපේ අර කහාපාට පොඩි යාළුවන්ගේ විකාර වැඩත් එක්ක හිනාවේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා.ලොකු පොඩි හැමෝම අරන් බලන්න.එහෙනම් තවත් චිත්‍රපටියක් එක්ක හම්බවෙනකම් සමුගන්නවා.

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google