Latest Subtitles :

The Walking Dead (2013) S04E01 සිංහල උපසි‍රැසි සමග

අද අරගෙන එන්නේ IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.7 වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් වෝල්කින් ඩෙඩ් (හඹා එන මරණය) කතාමාලාවේ සිව්වන කතා සමයත් අරගෙනයි,කට්ටියට මතක ඇති මෙහි තුන්වන කතා සමයත් සූම් අඩවිය තුලින් අපි ලබාදුන්නා.කතාවේ සාරාංශය ගැන කියනවනම් රික් ඇතුළු පිරිස හඹා එන මරණයෙන් ගැලවීමට දරන උත්සහය තමයි මේ කතාව පුරාවටම ඉදිරිපත් කරන්නේ.තව දෙයක් කියන්න තියෙනවා මේ කතා සමයෙදී ඉදිරියේදී ඔබට අලුත් සොම්බි විශේෂයකුත් දැකගන්නට ලැබේවී.

අද කතාව ගැන කියනවනම් රික් ඇතුලු පිරිස සිරගෙදර තුල මාසයක් පමණ ‍රැදී සිටින අතර ඔවුන්ට අවශ්‍ය භාන්ඩ සොයා ඩැරල් ඇතුලු පිරිස පිටත්ව යනව.ඔවුන් හට කුමක් සිදුවේවිද? තව නම් කියන්න යන්න නෑ,එහෙනම් කුතුහලයෙන් සපිරුණු සොම්බි රසිකයින්ගේ ප්‍රියතම කතාමාලාව නරඹන්න.හඹා එන මරණයේ මීලග කොටසත් අරගෙන ලබන සදුදා රාත්‍රියේ මුණගැහෙමු.සුභ දවසක්.
Share this article :

+ comments + 2 comments

January 14, 2014 at 7:14 PM

ස්තූති සහෝ....

January 14, 2014 at 7:20 PM

@pradeep
අදහසට ස්තූතියි සහෝ...

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google