Latest Subtitles :

Hijacked (2012) සිංහල උපසි‍රැසි සමග

2012 වසරේ නිකුත් උන ඇක්ෂන් චිත්‍රපටි නරඹන ඔබ වෙනුවෙන්ම උපසිරැසි ගැන්වුන චිත්‍රපටියක් තමයි මේ සැරේ අරන් ආවේ.කතාවේ නම දැක්කමම කතාවේ වෙනවා ඇත්තේ මොන වගේ දෙයක්ද කියලා හිතාගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.මේ චිත්‍රපටිය Action | Thriller වර්ගිකරණය යටතේ වර්ගිකරණය උන චිත්‍රපටියක්.ඒ වගේ චිත්‍රපටි නරඹන්න අප කවුරුත් ආස කරනවනේ.කතාවේ පොඩි හැදින්විමකුත් කරන්නම්.

මෙහි කතා නායකයා, විශේෂ අපරාධ විමර්ෂන නියෝජිත රොස්, ඔහුගේ කලින් විවාහ ගිවිසගත් පෙම්වතිය සමඟ නැවත සමාදාන වීමට තීරණය කරනවා.නමුත් මෙවිට ඔහුට දැනගැනීමට ලැබෙනවා තමන්ගේ පෙම්වතිය පෞද්ගලික ජෙට් යානාවක ඒ වනවිටත් පියාසර කරන බව. ඒ අතරම ඔහුට තවත් බිය දනවන කාරණයක්ද දැනගන්න ලැබෙනවා. ඒ, ඔහු අල්ලාගැනීමට සිටි මැර කල්ලියද ඔහුගේ පෙම්වතිය ගමන්ගන්නා යානාව පැහැරගැනීමට ඉලක්ක කර ඇති බවයි.මෙය දැනගත් පසු රොස් කිසිවෙකුටත් දැන්වීමට පවා කාලය මිඩංගු නොකරම තනිවම තම පෙම්වතිය ඇතුළු යානය බේරා ගැනීම සඳහා ගමන් කරනවා.මෙම යානය හා තම පෙම්වතිය බේරා ගැනීමට ඔහු මොනයම් ආකාරයකට ක්‍රියා කරයිද? සියල්ල නතර කිරීමට ඔහුට තනිවම හැකිවේද? 



Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google