Latest Subtitles :

Merantau (2009) සිංහල උපසි‍රැසි සමග

අද මම අරගෙ ආවේ ඉන්දුනීසියානු Action ‍ෆිල්ම් එකක්. මම කතාව පොඩ්ඩක් කියන්නම්.බටහිට සුමත්‍රාවල මිනන්කුබාහු සම්ප්‍රාදායට අනුව මෙහි කතා නායකයා වන යුදා සිලාත් සටන් කලාවේ අති දක්ෂයෙකි.ඔහු සාර්ථකත්වය සහ අත්දැකීම් සෙවීමට ගෙදරින් පිටවෙනවා.ඔහු ජකර්තාවල ළමුන්ට සිලාත් ඉගැන්වීමට බලාපොරොත්තු වෙනවා. ජකර්තාවල ඔහුගේ මුදල් පසුම්බිය අදිත් නම් පොඩි ළමයෙකු විසින් හොරකම් කරනු ලබනවා.යුදා ඔහුව ලුහුබැදගෙන ගියවිට පොඩි ළමයගේ අක්කා ඇයගේ ප්‍රධානියා වන ජොනී සමග ආරවුලක සිටින බව දකිනවා.ජොනී ඇයට නින්දා සහගත ලෙස ක්‍රියා කරද්දී යුදා කෙලෙහෙගුණ සැලකීම වශයෙන් ඊට මැදිහත්වෙලා ඇයව බේරගන්නවා.මම කථාව ගැන කිව්වා වැඩියි වගේ.යුදාට යුරෝපියානු මිනිස් හොර ජාවාරමෙන් අස්ත්‍රිව(අදිත්ගේ සහෝදරියව) බේරගන්න හැකිවෙයිද? යුදාට නැවත තම ගමට යන්න හැකිවෙයිද? 
චිත්‍රපටියේ මුල සිට අග දක්වා ත්‍රාසය සහ දරුණු සටන් අන්තර්ගත වේ.මෙම චිත්‍රපටිය බලනවද නැද්ද කියලා මෙතනින් පෙරදසුන් බලලා තීරණය කරන්න.

මම මේකට උපසි‍රැසි දෙන්න හිතුවේ මගේ ප්‍රියතම නළුවෙක් වන Iko Uwais සිටින නිසාත් චිත්‍රපටිය Action ‍ෆිල්ම් එකක් වුවද ලස්සන කථාවක් අඩංගුවීම නිසාත් වේ. මිනන්කබාහුවල සිලාත් ගැන මෙතනින් දැනගන්න. 



Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google