Latest Subtitles :

Hannibal (2013) S01 E03 සිංහල උපසි‍රැසි සමග


FBI නියෝජිත විල් ග්‍රැහැම් හට මිනිමැරුම් සිදුවීමෙන් අනතුරුව ඇති විස්තර අනුව එම අපරාදය නැවත සිතින් නිර්මාණය කිරීමේ හැකියාවක් ඔහු සතුව තිබෙනව.FBI එකේ නියෝජිත ජැක් ක්‍රෝෆෝඩ් ඔහුගේ මේ හැකියාව ගැන වැඩි උනන්දුවක් දක්වනවා.විදුහලක ගැහැණු ළමුන් අතුරුදන්වීම සම්බන්දව ජැක් හා විල් පරීක්ෂන අරඹනවා.එලෙසම විල් හට මනෝ චිකිත්සකයෙකු වී ඩොක්ටර් හනිබල් ලෙක්ටර්ගෙද උදව් ලැබෙනවා.ගෝනෙකුගේ ඔළුවක උල තබා පෙනහැලි ඉවත් කර මිනිමැරිමක් ඔවුන්ට දක්නට ලැබෙනවා.පසුව පෙන්වනු ලබනවා ලෙක්ටර් පෙනහැලි ආකරයක දෙයක් පිසිනවා.ග්‍රැහැම් හිතන විස්තර වලට අනුව කෙනෙකු සොයා ඔවුන් ජල නල කාර්මික ස්ථානයකට ගමන් ගන්නවා.පසුව තමන් සැක කල පුදගලයා තමයි මිනිමරුවා බව විල් දැනගන්නවා,සැනෙකින� �� ක්‍රියාත්මක වන ලෙක්ටර් එම සැකකරු හට දුරකතන ඇමතුමක් දී FBI එකෙන් ඔහුව සොයා පැමිණෙන බව පවසනවා.විල් හා ලෙක්ටර් එහි ගමන් ගන්න විට සැකකරුගේ බිරිදව සැකකරු විසින් මරා දමන අතර ඔහුගේ දියණියගේ උගුර කපා දමනු ලබනවා.පසුව විල් වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරු වන ගැරත් ජේකොබ් හොබ්ස් මියයනවා.පසුව උගුර කපා දැමූ ඇබිගේල් හොබ්ස්ව රෝහල් ගත කරනවා.ඔය මම කිව්වේ පලමු කොටසේ කතාව.

දෙවනුව විල් හට සිදුවන්නේ පොලවේ මිනිසුන් පනපිටින් වලදා හතු බවට පත් කරන මිනිමරුවෙක් අල්ලාගැනීමටයි.පසු� �� අවසානයේදී මිනිමරුවා රෝහල් ගත කර සිටින ඇබිගේල් ව වලදැමීමට රෝහලට පැමිණෙනවා,එවිට රෝහලේ සිටින විල් විසින් ඔහුව වෙඩි තබා මරනයට පත් කරනවා.ඔය මම පසුගිය සතිවල විකාශය වූ කොටස්වල සාරාංශය තමයි කිව්වෙ.

අද කොටසේ කතාව,කෝමා තත්වයේ පසුවූ ඇබිගේල් හෝබ්ස් සිහිනයක් දැකීමෙන් අනතුරුව අවදිවෙනවා.ග්‍රැහැ� ��් සැක හිතනවා ගැහැණු ලමුන් අට දෙනාව මරා දමනු ලැබුවේ ගැරත් ජේකොබ් හෝබ්ස් බවත් නව වෙන ගැහැණු ළමයාව මරා දමනු ලැබුවේ හොබ්ස් ව අනුගමනය කරනු ලබන කොපි කැට් බවත්.ඉතුරු ටික කියන්න යන්නේ නෑ අරගෙනම එහෙනම් බලන්න.තාමත් මේ කතාමාලාව නැරඹුවේ නැති කෙනෙක් ඉන්නවනම් දැන්ම නරඹන්න.



Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google