Latest Subtitles :

Kill 'Em All (2013) සිංහල උපසි‍රැසි සමග

කතාව ගැන කියනවනම්,විවිධ රටවලට අයත් දක්ෂ කුළියට මිනීමරන්නන් අට දෙනෙක්ව එක්තරා කණ්ඩායමක් පැහැර ගන්නවා. මේ කණ්ඩායම විශාල සාමාජිකයන් සංඛ්‍යාවකගෙන් යුතු කණ්ඩායමක් වෙනවා. මෙලෙස මේ කණ්ඩායම ලෝකයේ ඉහළ ගණයේ කුළී මිනීමරන්නන් අට දෙනෙක්ව පැහැරගෙන ඇවිල්ලා එක කුටියකට දානවා. මේ කුළී මිනීමරන්නන් අතරින් දෙදෙනා බැගින් තෝරාගෙන ඔවුන්ට සටන් කරන්න දෙනවා. ඒ තෝරගන්නෙත් අපූරු ක්‍රමයකටයි. හැබැයි මේ සටන ප්‍රතික්ෂේප කළොත් ඔවුන්ටත් මරණය හිමිවෙනවා. ඉතින් මේක ජීවිතය වෙනුවෙන් කරන සටනක් ලෙස හැදින්වුවොත් නිවැරදියි කියලා මම හිතනවා. අර කණ්ඩායමේ නායකයා මොවුන්ගෙන් අන්තිමට බේරෙන කෙනාව නිදහස් කිරීමට පොරොන්දු වෙනවා. ඉතින් මෙලෙස අන්තිමට තුන් දෙනෙක් ඉතිරි වෙනවා. ඒ අතර සොම් ලෙස හදුන්වන ගෑණු කෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ තුන්දෙනා මේ මරන කුටියෙන් ගැළවෙයිද? මේ අපූරු කණ්ඩායම මොකක්ද? මේ චිත්‍රපටියේ සැගවුණු කතාව කුමක්ද?





                                       
                                                    

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google