Latest Subtitles :

The Midnight Meat Train (2008) සිංහල උපසි‍රැසි සමග

The Midnight Meat Train චිත්‍රපටය නිර්මාණය වෙන්න පාදක වුනේ ක්ලයිව් බාකර් අතින් 1984 දී රචනා වූ කෙටි කතාවක්.කතාව ගැන කියනවනම් ලියෝන් කියන්නේ ඡායාරූප ශිල්පියෙක්.ඔහු වෙනස් විදිහට හිතන කෙනෙක්,ඒක නිසා ඔහු උමං දුම්රිය මාර්ගයට ඡායාරූප වගයක් ගැනීමට යනවා.කතාව ගැන කියන්නේ නම් ඔච්චරයි,ඉතුරු ටික කිව්වොත් කතාවේ රසය නැති වෙලා යන්න පුලුවන්,මෙම චිත්‍රපටයේ Bradley Cooper හා Vinnie Jones වැනි සුපිරි ගණයේ නළු නිළු පිරිසක් රංගනයෙන් දායකත්වය සපයනවා,සම්මාන 4ක් දිනාගනිමින් IMDB ශ්‍රේණිගත කිරීම් හි 6.2 වැනි ඉහල අගයක් ලබාගත් මෙය අවසන් තත්පර කිහිපය තෙක් දෑස් ඉවතට නොගෙන බලාසිටීමේ හැකියාව තිබෙනවා.ඒ වගේම උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.

උමං දුම්රිය මාර්ගයේ මැදියම් ‍රැයේ අභිරහස් අතුරුදන්වීම් ගණනාවක්....එක් ඡායාරූප ශිල්පියෙක් හා මස් මරන්නෙක්... අතුරුදන්වීම් වලට හේතුව කුමක්ද? ඔහුටත් එහි පංගුකාරයෙක් වීමට සිදුවේද?
ජීවිත කිහිපයක් අනතුරක......උත්තර දැනගන්න නම්,ත්‍රාසය හා කුතුහලය පිරුණු "මැදියම් ‍රැයේ එන මාරක දුම්රියට නොවරදවාම ඔබත් ගොඩවෙන්න" ඔබට නිසැකවම උත්තර ලැබෙනු ඇත.

Share this article :

+ comments + 1 comments

May 31, 2013 at 6:18 AM

Thanks saho

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google