Latest Subtitles :

1920 - Evil Returns සිංහල උපසි‍රැසි සමග

1920: Evil Returns චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ වික්‍රම් භාත් වන අතර අධ්‍යක්ෂණය භූෂන් පටෙල් විසින්.මේක 2008 වසරේ තිරගතවූ 1920 චිත්‍රපටයේ දෙවන කොටසයි.මෙහි Aftab Shivdasani, Tia Bajpai හා sagar Saikia නළු නිළියන් විසින් ප්‍රධාන පෙළේ චරිත නිරූපණය කරනවා.කතාව ගැන කියනවනම් ජයදේව් වර්මා කියන්නේ ප්‍රසිද්ධ කාව්‍ය රචකයෙක්.ඔහු ආදරය කළ ස්මිතිව මුණගැසීමට නොහැකි වූ නිසා ඔහු පාළුවෙන් ජීවිතය ගත කරයි.ඒත් ඔහු හෝ කවදාකවමත් ඇය ආදරය කළ ස්මිතිව මුනගැහිලා නෑ.ලියුම් වලින් තමා ආදරය ප්‍රකාශ කරනවා සේම කතා කරන්නෙත්.එක දිනකදී ජයදේව් වර්මාට තමා ආදරය කල ස්මිති අනතුරකින් මිය ගිය බව දැනගන්න ලැබෙනවා.මේකෙන් පසුව ඔහු දකිනවා ගං ඉවුර ලග සිහිනැතුව වැටිලා ඉන්න තරුණියක්.ඔහු ඇයව ගෙදරට අරගෙන යනවා.ඒත් ඇයට සිහිය ලැබුණත් ඇය කවුද කියලවත්,ඇය කොහෙන් ආව තියා කිසි දෙයක් ඇයට මතක නෑ,පුදුම වැඩේ කියන්නේ ඇයට ජයදේව්ගේ කවි නම් හොදට මතකයි.ජයදේව් ඇයව තම ගෙදර නතර කරගන්න තීරණය කරනවා.ඒත් එතැන් පටන් වෙන සිදුවීම් නම් අද්භූතජනකයි.මේ නන්නාදුනන්නිය ඔහුහේ ඒ කවියට තනුවක් දාපු නිසා ජයදේව් විසින් ඇයට සංගීතා ලෙස නම් තබනවා.ඔවුන්ගේ ගමේ සොහොන් පල්ලා විසින් ජයදේව් හට අනතුරු අගවනවා ඇයට යක්ෂාත්මයක් ආවේශ වී ඇති බව.මැය කවුද? කොහේ ඉදන්ද ඇවිත් තියෙන්නේ? ඇය කොහොමද ජයදේව්ගේ කවි දන්නේ? ඇයට ආවේශ වෙලා ඉන්නේ යක්ෂ ආත්මයක්ද? සොහොන් පල්ලා කියන දේ සත්‍යයක්ද?කතාවේ නම් හොදටම ත්‍රාසය හා කුතුහලය පිරිලා තියෙනවා.මෙහි එන සියළුම ගීතවල සිංහල උපසි‍රැසිද අන්තර්ගතයි.එහෙනම් කතාවේ ඉතුරු ටික අරගෙනම බලන්න.මටත් අහම්බෙන් තමයි ‍ෆිල්ම් එක බලන්න ලැබුනේ,හොද කතාවක් තියෙනවා.


Share this article :

+ comments + 6 comments

Lakshan
January 2, 2013 at 6:28 PM

ස්තූතියි,උපසි‍රැසියට.

Anonymous
January 2, 2013 at 6:32 PM

thanks
great job!

Nuwan
January 2, 2013 at 7:33 PM

thankz for the sinhala sub

Anonymous
January 2, 2013 at 8:19 PM

Maxxa
Keep it up!

Anonymous
January 3, 2013 at 6:50 PM

ස්තූතියි,පුලුවන් නම් තව හොරර් ඒවටම සබ් දෙන්න.

Anonymous
January 3, 2013 at 6:54 PM

එල ඈ...දිගටම හින්දි කරමු :D

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google