Latest Subtitles :
Recent Movies

Anjaam Pathiraa (2020) සිංහල උපසිරැසි සමඟ


ඔන්න එහෙනම් ආයිමත් පාරක් ආවා තවත් ත්‍රිලර් චිත්‍රපටයක් අරගෙන. මේක නම් ඉතිං එසේ මෙසේ භාණ්ඩයක් නෙවෙයි දාම ඝාතකයෙක්ගේ කතාවක්. සාම්ප්‍රදායික මලයාලම් පරිසරයෙන් ඔබ්බට ගිය එකක්.මං වගේම ත්‍රිලර් චිත්‍රපට ලෝලියෝ එනකම් මඟ බලන් හිටපු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.අපි එහෙනම් දැන් චිත්‍රපටය දිහාවට හැරෙමු.

සාමාන්‍යයෙන් අපරාධ ගවේෂණය කරන කතා ගත්තහම ගොඩක් ඒවා එකම ටයිප් එකට යන්නෙ.මුල ඉදන්ම කතා නායකයා තමයි පෙරමුණේ ඉන්නෙ,එයාට ඉහළින් වෙන කෙනෙක් නෑ.ඒ අස්සෙන් තව ඔය වගේම කතා නායිකාවකුත් ඉන්නවා,එයත් එච්චරම තමයි.එක එක ජාතියෙ වැඩකට නැති පඩි වදන් වගේම දුෂ්ටයවත් නිකං ජේත්තුකාර ස්වරූපයකින් තමයි ඉදිරිපත් කරන්නේ.සමහර ඒවල පසුබිම් සංගිතේ (BGM) ගැනත් ආයි කිව යුතු නෑනේ.චිත්‍රපටයෙ බාගයක් යද්දී ඔක්කොම අච්චාරුවක් කරගෙන අභිරහස විසදිලත් ඉවරයි,වීරයව උලුප්පලා පෙන්වනවා.ගොඩක් කතාවල වෙන්නෙ ඔහොම දෙයක්. Anjaam Pathira ඔබට දකින්න ලැබෙන සුපුරුදු කතා තේමාවෙන් වෙනතකට ගිය චිත්‍රපටයක්.ඒ මොකද කියල කිව්වොත්,

වසරේ වැඩිම ආදායම් ලද මලයාලම් චිත්‍රපටය වෙමින්,
අද්භූත,බියකරු ස්වභාවයෙන් යුත් අනර්ග පසුබිම් සංගීතයෙන් රස ගැන්වූ,
ඇඟ කිලිපොලා යන ජවනිකා සමගින් මුල සිට අවසානය වන තුරුම ඔබට ත්‍රාසයෙන්,වගේම භීතියෙන් අඩුවක් නොකරන,
බටහිර චිත්‍රපටවලට පවා සම කල හැකි,
දෑස් ඉවතට නොගෙන නැරඹිය හැකි,
ඔබට කිසිම අයුරකින් සිතාගත නොහැකි මට්ටමේ අවසානයකින් (Twist) සමන්විත විශිෂ්ට ගණයේ චිත්‍රපටයකි.

Anjaam Pathiraa එහෙමත් නැත්නම් පස්වන මැදියම් රාත්‍රිය Crime/Thriller කියන වර්ගීකරණයට ලක්වූවක්.මෙහි රචනය වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Midhun Manuel Thomas විසින්.චිත්‍රපටයේ තරු අතර Virus,Take Off මලයාලම් චිත්‍රපටවල සිටි Kunchacko Boban සමගින් Sharaf U Dheen,Unnimaya Prasad,Jinu Joseph,Sreenath Bhasi යන අය සිටින අතර Kunchacko Boban ගේ වෙනස් ආකාරයක රංගනයක් ඔබට දැක බලාගන්න පුලුවන්.සංගීත අධ්‍යක්ෂණය Sushin Shyam කර තිබෙනවා. 2020 ජනවාරි 20 වැනි දින තිරගත වූ මෙය ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගනිමින් අවසානයේ නතර වුනේ වසරේ වැඩිම ආදායම් ලද මලයාලම් චිත්‍රපටය ලෙසයි.චිත්‍රපටය සඳහා ගූගල් මනාප ප්‍රතිශතය 97% ක් හා IMDb මීටරේ 8.1/10 එකක අගයක් සටහන් කරනවා.

මේ චිත්‍රපටය Thriller එකක් නිසාම අද චිත්‍රපටයෙ කතාව ගැන මෙහෙම කියන්නම්.කාටවත් කරදරයක් නැති අහිංසක සාමාන්‍ය කෙනෙක් හිත් පිත් නැති සාහසික දාම ඝාතකයෙක් බවට පත් කොහොම තියෙයිද කියල ඔයාලට දැනගන්න ඕන නම්,Ratsasan,Evaru වැනි චිත්‍රපටවලට පවා අභියෝග කළ හැකි මෙය ත්‍රිලර් රසයට කැමති සෑම කෙනෙක්ටම බලන්න ආරාධනා කරනවා.ඒ වගේම ඔබට කිසිම අයුරකින් හිතා ගත නොහැකි අවසානයක් තියෙනවා කියලත් මතක තියාගන්න.අවසානයේ මෙය ඔබ නැරඹු හොදම ත්‍රාසජනක චිත්‍රපට ලැයිස්තුවට වැටෙනවා නොඅනුමානයි.එහෙනම් මම ගියා.ඔබට සුභ දවසක්! ජයවේවා!

* දැනට නිකුත් වූ HDTV හා HD පිටපත් ද්විත්වයටම සිංහල උපසිරැසි ලබා දී ඇත.

Aswathama (2020) සිංහල උපසිරැසි සමඟ

ගූගල් මනාප ප්‍රතිශතය 94% ක් සමඟින් IMDb මීටරය 7.4කට කරකවන්න සමත් වෙච්ච Action,Thriller,Mystery චිත්‍රපටයක් වන Aswathama තෙලිඟු චිත්‍රපටය අරන් තමයි අද මං ආවේ.Aswathama චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ramana Teja විසින්,මේක එයාගෙ මංගල චිත්‍රපට අධ්‍යක්ෂණය වෙනවා.Ira Creations යටතේ Usha Mulpuri තමයි මෙහි නිෂ්පාදන වැඩ කටයුතු කරලා තියෙන්නෙ.ඇයම තමයි Nartanasala (2018) හා  Chalo (2018) යන චිත්‍රපටවලත් නිෂ්පාදනයෙන් එකතු වෙලා තිබුනේ. අනික් විශේෂ දේ තමයි මේ චිත්‍රපටය ද්විත්වයේම රංගනයෙන් දායක වන්නෙ Naga Shaurya විසිනුයි. මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් හුරු පුරුදු මූණු කිහිපයක්ම දැකගන්න පුලුවන්,ඒ අතර Naga Shaurya,Mehreen Pirzada, Jisshu Sengupta, Harish Uthaman,Posani Krishna Murali යන අය වෙනව.කතාව රචනය සදහා Naga Shaurya දායක වී ඇති අතර තිර රචනය අධ්‍යක්ෂක Ramana Teja ම කර තිබෙනවා.ඉන්දියානු සිනමාවේ අවදානම් සහිත ජවනිකා අධ්‍යක්ෂණය  සඳහා නමක් උසුලන මෙන්ම 2019 වසරේදී  එරට National Film Awards හි හොදම සටන් අධ්‍යක්ෂණය සදහා සම්මානයක් දිනාගත් Anbariv විසින් තමයි මෙහි සටන් අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ.ඔවුන් මෙම සම්මානය දිනාගත්තෙ කන්නඩා බොක්ස් ඔෆීස් හිට් චිත්‍රපටයක් වූ K.G.F:Chapter 1 චිත්‍රපටය සදහායි.මොවුන් විසින්ම තමයි ඉතා ජනප්‍රිය චිත්‍රපට වූ  Madras (2014),Kabali (2016) සටන් අධ්‍යක්ෂණයන් සිදු වුනේ.චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය Sricharan Pakala කර තිබෙනවා.පසුබිම් සංගීත නිර්මාණයෙන් ජනප්‍රිය සම්මානලාභි සංගිත අධ්‍යක්ෂකවරයෙකු වන Ghibran එක් වී තිබෙනවා.මොහුව නම් නොදැන ඉන්න වීදිහක් නෑ.ඔහු Raatchasan (2018) චිත්‍රපටයේ හොඳම සංගීත අධ්‍යක්ෂණය ඇතුලුව සම්මාන ගණනාවක්ම දිනාගන්න සමත් වුනා.Saaho චිත්‍රපටයෙත් පසුබිම් සංගීත නිර්මාණය කලත් ඔහු විසින් තමයි.මේ චිත්‍රපටයත් හොඳ සෙට් එකකගෙ දායකත්වයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නෙ.

කතාව :

තම නැගණියගේ විවාහයට ඇමරිකාවේ සිට පැමිණෙන තරුණයෙක්...
යම් හේතුවක් නිසා විවාහයට දින කිහිපයක් තිබියදී සියදිවි නසාගැනීමට තීරණය කරන තරුණියක්...
විටින් විට වන සිදුවන මරණයෙන් අවසන්  වන/නොවනා අතුරුදහන් වීම් ගණනාවක්...
එක් මහල්ලෙක් හා මුහුදේ ජීවිකාව කරන ධීවරයන් පිරිසක්...
මේ සියල්ලක් පසුපස සිටින මහ මොළ කරුවෙක්...

මේ  සිදුවීම් දාමය එකට ගොනු වෙන්නෙ කොහොමද කියලා දැනගෙන අබිරහසක සුලමුල සොයා යන්න ඕන නම් ත්‍රාසය හා ක්‍රියාදාම ජවනිකා වලින් හෙබි මෙය නරඹන්න ඔබට බාරයි.මම එහෙනම් ගියා,ඔබට සුභ දවසක්,ජයවේවා!

ප්‍රේක්ෂක අදහස් දැක්වීම් කිහිපයක්...

*** best in nagasourya career ***
  - A different genre film in naga sourya career... Worked well for him.must watch movie screenplay never feel you bore untill end of the movie..

*** Kick-ass Action Thriller ***
 - Naga Shaurya intense rugged transformation Superb. Action Episodes and Ghibran's BGM Goosebumps. Jisshu Sengupta's Villainous Characterization Terrific. A Must Watch Thriller.

*** Thrilling exceptional ***
 - Fantastic movie with thrilling and gripping screenplay. Loved the emotions and superb action sequences go watch for it

***මෙම ලබා දී ඇති සිංහල උපසිරැසි සියලුම වෙබ් පිටපත් සඳහා පමණක් ගැලපේ.

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

HIt (2020) සිංහල උපසිරැසි සමඟ

Iravukku Aayiram Kangal(2018) චිත්‍රපටයෙන් පස්සේ කට්ටියට හොද Thriller එකක් ගේන්න බැරි වුන එකේ අද හොඳ  Crime,Thriller,Mystery ටයිප් එකේ තෙලිඟු චිත්‍රපටයක් අරගෙන ආවා ඔන්න.මේ කතාව අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ Sailesh Kolanu විසින්.අධ්‍යක්ෂක මහත්තයගේ පලවෙනි ෆිලුම තමයි මේක.පලවෙනි එක කියල නෑ මිනිහා ෆිල්ම් එක ගොඩ දාලා තියෙනවා.එතකොට මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නෙ අපේ  Natural Star නානි විසින්.එයා කලින් නිෂ්පාදනය කරපු Awe! කියන ත්‍රිලර් චිත්‍රපටය මතක ඇතිනේ,ඒක විචාරක ප්‍රසාදයත් දිනාගත්තනේ.HIT (2020) එක තමයි නානිගෙ දෙවනි නිෂ්පාදන දායකත්වය දක්වපු ෆිල්ම් එක වෙන්නේ.ඔයාලා HIT ට්‍රේලර් එක බැලුවානම් ඒක ට හොද ප්‍රතිචාර එහෙමත් තියෙනවා දකින්න ඇතිනේ,ෆිල්ම් එකේ ප්‍රමෝෂන් වැඩත් හොදට වුනා කියලා තමයි දැනගන්න හම්බුනේ.ප්‍රධාන චරිත ගැන බැලුවොත් Falaknuma Das,Vellipomakey චිත්‍රපටවල හිටිය Vishwak Sen වගේම Chi La Sow,Kadaisi Bench Karthi චිත්‍රපටවල හිටිය  Ruhani Sharma රංගනයෙන් එකතු වෙනව. ඒවගේම ෆිල්ම් එකේ  පසුබිම් සංගීතයත් නියමෙටම තියෙනවා.ත්‍රිලර් චිත්‍රපටයක් නිසාම නටන වයන සින්දු මේකෙ අඩංගු වෙන්නෙ නැහැ.කතාව ගැන කියන්න කලින් ලකුණු මට්ටම් ගැනත් කියලා ඉන්නම්කෝ.ගූගල් මනාප ප්‍රතිශතය 97% සමගින්  IMDb මීටරේත් 8.1කට කරකවන්න සමත් වෙලා තියෙනවා.ෆිල්ම් එකෙ නම වගේමයි වැඩත් බලන් යනකොට.

කතාව:
වික්‍රම් කියන්නෙ අපරාධ සම්බන්දයෙන් විමර්ශනය කරන කෙනෙක්.අපරාධ විසඳන්න නම් මිනිහා හොද වැඩ්ඩා.මූනේ පොඩිහරි හිනාවක් ඇත්තෙම නෑ.හැබැයි වික්‍රම්ට  පොඩි PTSD (මානසික කම්පනයක් )තත්වයක් තියෙනවා.එතකොට මෙයාගෙ පෙම්වතිය තමයි නේහා.ඔය අතරවාරයේ වයස අවුරුදු 18ක ප්‍රීති කියලා ගැහැණු ළමයෙක්ව මහ පාරේ අතුරුදන් වෙනවා.හැබැයි  පුලුන් කෑල්ලක් හැරුනහම මේ අපරාධේ විසදන්න කියලා කිසිම හෝඩුවාවක් නෑ.සමහරෙක් කියනවා මේ  අතුරුදන් වීමට නිල් පාට කාර් එකක් සම්බන්දයි කියලත්,ඒත් ඒ නිල් පාට කාර් එක දැකපු කෙනෙක් තියා පාරේ තියෙන CCTV දර්ශන වලත් එහෙම දෙයක් පේන්න නෑ.ඔහොම ඉන්නකොට වික්‍රම්ගේ පෙම්වතිය නේහාවත් අන්තරස්දාන වෙනවා,එයත් කලින් අතුරුදන් වෙච්ච ප්‍රීති වගෙම කිසිම සාක්ෂියක් වත් ඉතිරි නොකර තමයි අතුරුදහන් වෙන්නේ.දෙපාර්තමේන්තුවේ ලොක්කාගෙන් නේහාගෙ කේස් එකේ පරීක්ෂණ වැඩ ටික කරන්න ඉල්ලුවත් වික්‍රම්ට කේස් එක ලැබෙන්නෙ නෑ.ලොක්කට ඕන දෙයක් කරගන්න කියලා තමන්ගෙ පෙම්වතියව තමාම හොයාගන්න ඕන කියලා වික්‍රම් තීරණය කරනවා.බලනකොට වගකිව යුත්තා  කවුද කියලා හිත හිත බලන්න,එතකොට අන්තිමේදී ඒ තමන් හිතුව කෙනාද කියල බලගන්න පුලුවන් වෙයි. මේ අතුරුදහන්වීම්  පිටිපස්සේ කවුද ඉන්නෙ?කිසිම සාක්ෂියක් වත් නැති මේ අපරාධ සිද්දිය ඔහුට විසදන්න පුලුවන් වේද? ප්‍රීතිගෙයි නේහාගෙයි අතුරුදන්වීම් වල සම්බන්දයක් තියෙනවද? PTSD තත්වයකට මගපෑදූ වික්‍රම් ගේ අතීත සිද්දිය මොකක්ද? මේවට උත්තර දැනගන්න ඕන නම් ත්‍රාසය,කුතුහලය පිරුණු   HIT බලන්න.

ප්‍රේක්ෂක ප්‍රතිචාර කිහිපයක් :

Vishwaksen has arrived as an Actor. Proved to be a thorough“Thespian”. Story screenplay & direction are on point. Intense who done it Murder mystery which keeps you guessing till the end. A Must Watch ! The title off the movie is suggestive of the film’s Fate ! Take a Bow Director /Actors & Producer very well made Film.

HIT is the best thrillers in telugu in recent times. Characterization, direction, sound effects , cinematography,  soulful acting of vishwak sen and everything about is in its best form. I definitely can say that the team has delivered a top class movie of thriller genre and immensely succeeded in holding the suspense right from the begin .. a must watch.!!And the background score was awesome !!

 *මේ ලබා දි ඇති උපසිරැසිය WEB-HD පිටපත් සමඟ පමණක් ගැලපේ .

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google