Latest Subtitles :
Recent Movies

The Walking Dead (2014) S04E11 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව මතක් කරනව නම් බෙත් ඉන්නෙ ඩැරල් එක්ක,ඒ වගේම ඔවුන් අනාවරණය කරගන්නවා ලූක් හා මොලී ව හපාකන්නන් විසින් මරා දමා ඇති බව.ඒ වගේම ලීසි හා මිකා ටයිරීස් එක්ක ගමන් කරන අතර ඔවුන් සමග ජුඩිතුත් ඉන්නවා.පසු අවස්ථාවක ඇසෙන කෑගැසීමක් නිසා ටයිරීස් ජුඩිත්ව ළමුන් දෙදෙනාට බාර දී ඔවුන් හට උදව් කිරීමට යනවා.එතන හපාකන්නන් සමග පොර බදින පියෙක් හා පුතෙක් ව ටයිරීස් දකිනවා.හපාකන්නන් ළමුන් වෙත පැමිණෙන අතර වෙඩි හඩක් නිසා නැවත ටයිරීස් ළමුන් වෙත පැමිණෙනවා,ඒ වන විට ලමුන්ව කැරොල් විසින් බේරගෙන තියෙනවා ඔහු දකිනවා.හපාකන්නන්ගෙ ප්‍රහාරයට නතු වූ පියා ඔවුන් හට පවසනවා සලකුණු පසුපස යන ලෙසට.මැගී,බොබ් හා ෂාෂා අනාවරණය කරගන්නවා ඔවුන්ගෙ කට්ටිය ගමන් කල බස් එකෙ සියළු දෙනාම  ජීවතුන් අතර නැති බවත් ඔවුන් හපාකන්නන් බවට පත් වී ඇති බවත්.ඒ වගෙම බස් එක තුල ග්ලෙන්ව සොයන මැගීට ග්ලෙන්ව හමුවන්නෙ නෑ,ග්ලෙන් ඒ වන විට සිර ගෙදර සිටින අතර ඔහු තාරාව හොයාගන්නව,ඇයගෙ උදව්වෙන් ඔහු මැගීව සොයා ගමන් කරන අතර ඔවුන්ට හපාකන්නන්ගෙ ප්‍රහාරයක් එල්ල වෙනවා.පසුව ට්‍රක් එකකින් මිනිස්සු තුන්දෙනෙක් එනවා.එයාලා තමයි ඒබ්‍රහම් ෆෝඩ්,එයුජින් පෝටර්,රොසිටා එස්පිනෝස,එතනින් තමයි කතාව ඉවර වුනෙ,අද කොටසින් දැනගන්න පුලුවන් මේ අය කවුද කියලා,එ වගේම රික් ඇතුලු තුන්දෙනා ඉන්න තැනට අදිසි ආක්‍රමනයක් එල්ල වෙනවා,ඒකත් බලාගන්න පුලුවන්,එහෙනම් ලබන සතියේ හමුවෙමු!

The Walking Dead (2014) S04E10 සිංහල උපසි‍රැසි සමග

ගවනර් සිර ගෙය ට පහර දීමෙන් පසු ව කතාව ඉවර වුනෙ කුතුහල ජනක සිද්ධි කිහිපයකින් කියලා දන්නවනෙ,ගිය සතියෙ කතාව ගැන කියනවනම් රික් හා කාල් තාවකාලිකව සිටිමට ගෙයක් හොයාගන්නවා,මේ අතර ඔවුන් ගේ අඩිපාරවල් යැයි අනුමාන කරමින් මිෂෝනි ව ඔවුන් ව සොයාගෙන ආවා,ඇයට ඔවුන්ව හමුවෙච්ච තැනින් තමයි කතාව ඉවර වුනෙ.අද කොටසින් කුතුහල ජනක ගොඩක් දේවල් වලට උත්තර හොයාගන්න පුලුවන් වෙයි.දැන් දන්නවනෙ කට්ටිය තැන් තැන් විසිරිලා ඉන්නෙ කියලා.ඒ වගේම අද කොටසින් තවත් අලුත් කට්ටියක් කතාවට එකතුවෙනවා,බලමුකො ඉදිරියට එයාලා කොහොම වෙයිද කියලා.එහෙනම් මීලග කොටසින් හමුවෙමු.



The Walking Dead (2014) S04E09 සිංහල උපසි‍රැසි සමග

කට්ටිය නොයිවසිල්ලෙන් බලන් හිටපු කොටසක් අරන් තමයි මම අද ආවෙ,එහෙනම් වෙනදා වගේම කලින් කොටසෙ කතාව මතක් කරලා ඉන්නම්.සිර කදවුරට ඇතුලු වීමෙ උපක්‍රමයක් විදිහට ගවනර් විසින් හර්ෂල්ව හා මිෂෝනිව ප්‍රාණ ඇපකරුවන් විදිහට අල්ලගන්නවා.ලිලී ව හා මෙගන්ව ගග අද්දර තබා ගවනර් හමුදාවත් අරගෙන සිර කදවුර වෙත යනවා සිර කදවුර සාමකාමිව තමන් වෙතට ගැනීමට.ගවනර් විසින් රික් හට දැනුම් දෙනවා සිර කදවුර අතහැර දමා පිටවෙන ලෙසට,නමුත් රික් පවසනවා ඔවුන් දෙගොල්ලන්ටම මෙහෙ සිටිය හැකි බව,ඒත් එය නොපිලිගන්නා ගවනර් හර්ෂල්ගෙ හිස ගසා දමනවා,මේ අතර ගග අසබඩ සිටි මෙගන්ව සොම්බි මිනිසෙකු විසින් මරාදමනව,පසුව මෙගෙන්ගෙ මල සිරුරත් ‍රැගෙන ලිලී ගවනර් වෙත පැමිණෙන අතර ගවනර් ඇගෙ (මෙගන්ගේ) හිසට වෙඩි තබනු ලබනව.ඔය අතර මිෂෝනි ඉන් පැනගන්නව,සාමකාමිව සිර කදවුර අත්කරගැනීමේ අදහස අත්හැර ගත් ගවනර් ඔහුගෙ හමුදාවට නියම කරනව වැට කඩා දමා සියළු දෙනාම මරන ලෙසට.රික් වෙත පැමිණෙන ගවනර් රික් හට මැරෙන්න කම් පහර දෙන්න හදනවා ඒ වෙලාවෙ මිෂෝනි ඇගෙ කඩුව ‍රැගෙන විත් ගවනර් ගෙ පිට සිදුරු කර දමනවා.යුද්ධ ටැංකිය විනාශ කර දමන ඩැරල් මිච් වත් මරා දමා බෙත්ව ‍රැගෙන ගමන් කරනවා.කාල් ව සොයා ගමන් කරන රික් හට ඔහුව මුණගැසෙන අතර ජුඩිත් හිටිය බෑග් එකෙ ලේ පැල්ලම් ඇති බව දකිනවා.ඒත් ජුඩිත් එහි පේන්න හිටියෙ නෑ.රික් හා කාල් සිර ගෙයින් වෙනම පිටව යන අතර අනිත් පිරිස බස් රථයකින් වෙනම ගමන් ගන්නවා.මේ අතර තුවාල වී සිටින ගවනර් හට ලිලී ලගට ඇවිත් ඔහුගෙ හිසට වෙඩි තබා මරා දමනවා,සොම්බි මිනිසුන් සිර ගෙය වෙත රොත්ත පිටින ඇදී යනවා,ඔතනින් තමයි කතාව ඉවර වුනෙ.මෙච්චර වෙලා පහුගිය කොටසෙ වෙච්ච විශේෂ සිද්ධි ටික තමයි කෙටි කරලා කිව්වෙ.

අද කතාවෙන් තමයි දැනගන්න වෙන්නෙ දැන් රික් ගේ කණ්ඩායමට මොකද වෙන්නේ කියල,දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා කියලා ආයිමත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.එහෙනම් ත්‍රාසය,භීතිය,කුතු හලය පිරුණු ,IMDB ශ්‍රේණිගත කිරීම් හි ලකුණු 8.8/10 පමණ ලබාගත් ලොව පුරා සිටින සොම්බි රසිකයන් තුළ ජනප්‍රියම කතාමාලාව නරඹන්න.ඊලග කොටසින් ලබන සදුදා හමුවෙමු,එතෙක් සුභ දවසක්!

The Walking Dead (2013) S04E08 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව කියනවනම් මාර්ටිනස් වලෙ වැටිල හිටිය ගවනර්ව බේරගෙන ලිලි හා තාරා කැ‍ටුව මාර්ටිනස් විසින් පාලනය කරන කදවුරක් වෙත ‍රැගෙන යනවා.සොහොයුරන් දෙදෙනෙකු වන මිච් හා පීට් ඇතුළු මාර්ටින්ස් විසින් නායකත්වය ගෙන යන කණ්ඩායමට ගවනර් එහෙමත් එකතු වෙනවා.මාර්ටින් විසින් ගවනර්ව තම කණ්ඩායමට එකතු කරගත්තෙ ඔහු මේගන් නම් කුඩා දැරියත් සමග සිටි නිසාත් ඔහු වෙනස් වී ඇති බව දැක්ක බවත් යනුවෙන් පවසනවා.ඊලග දිනයෙ මාර්ටින් ගවනර් හට ගොල්ෆ් ක්‍රීඩා කිරීමට කතා කරනවා,ඒ අවස්ථාවෙ ගවනර් බීමත් ම සිටි මාර්ටින් ට ගොල්ෆ් පිත්තකින් පහර දී හපාකන්නන් සිටි වලකට ඇද දමනවා.එසේ කරනු ලබන්නේ නැවත වරක් කෑම්ප් එකේ පාලනය ඔහු අතට ගැනීමේ අපේක්ෂාවෙන්.කෑම්ප� �� එකේ නායකත්වය බාරගෙන සිටි මාර්ටින් මියයාමෙන් පසුව තාවකාලික නායකත්වයට පීට් පත්වෙනවා.පසුව පීට,මිච් සමග ගවනර් එකතු වී වුවමනා ද්‍රව්‍ය සොයා ගමන් කරනව,එවිට දිවි බේරාගත් කිහිපදෙනෙක් සිටින තැනක් ඔවුන්ට හම්බවෙනවා,ඔවුන්ගෙ� ��් එම ද්‍රව්‍ය සොරාගත යුතු බවට මිච් පවසන අතර තාවකාලික නායකත්වයෙ පසුවන පීට් එයට කැමති වෙන්නේ නෑ.පීට්ගෙ කණ්ඩායම අනාරක්ෂිත යැයි හිතන ගවනර් ලිලි හා ඇයගෙ පවුලෙ අය කැ‍ටුව වෙනම එතනින් පලා යනවා.එම ගමනෙදී මඩ ගොහුරක සිරවී සිටින සොම්බි මිනිසුන් දැකීමෙන් ගමන අතහැර දමන ඔවුන් නැවත කලින් සිටි කෑම්ප් එකට එනවා.පසුදින ගවනර් විසින් පීට් ව මරාදමා මිච් ව ගවනර් ගෙ සිතුම් පැතුම් වලින් වෙනස් කරගන්නවා.ගවනර් එම කණ්ඩායමේ නායකයා බවට පත්වන අතර එම කෑම්ප් එකේ සිටින අයට පැහැදිලි කර දෙනවා ඔවුන්ට ආරක්ෂිතව ඉන්න පුලුවන් එකම තැන සිර ගේ කියලා.ඊට පසුව ගවනර් සිර ගේ තිබෙන පැත්තෙ ඔත්තු බැලීමට ගිය අවස්ථාවක සොම්බි මිනිසුන්ගෙ මල සිරුරු පුලුස්සමින් සිටින මිෂෝනිව හා හර්ෂල්ව දකිනවා,ඔහු තම අත තිබූ තුවක්කුව ඔවුන් වෙත එල්ල කරනවා.ඔතනින් තමයි කොටස අවසන් වුනෙ.

අද එතැන් සිට.......මෙම වසරේ විකාශය වූ නවතම කොටසත් සමග හෙට දින හමුවෙමු!

The Walking Dead (2013) S04E07 සිංහල උපසි‍රැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාවෙ හත්වන කොටස තමයි අද අරන් ආවේ,පසුගිය කොටසේ කතාව ටිකක් මතක් කරගමු මුලින්ම.ගවනර්ට පවුලක් හම්බවුනා මතක ඇතිනෙ,මේ කට්ටිය අතර ඉන්න තාරා නමැත්තිය මුලින්ම ගවනර්ව පිලිගන්නේ නෑ.ඔවුන් ගවනර්ගෙ නම ඇසුවත් ඔහු හෙලි කරන්නේ බොරු අනන්‍යතාවයක්.වුඩ්බරි ගැන ඔහු පවසනවා එය බිදවැ‍ටුනෙ එහි නායකයගෙ දුර්වල කමින් බව,ඒ වගේම එහි නායකයා තමන් බව ඔහු හෙලි කරන්න යන්නේ නෑ.පිලිකාවකින් පෙලෙන ඔවුන්ගෙ පියාට ගවනර් කොහොමින් හෝ උදව් කරනවා.අවසානයේ රෝගය උත්සන්න වී ඔවුන්ගෙ පියා මියයනවා.පසුව රහසින්ම ඔවුන් හැර දමා ගවනර් පිටත් වීමට සූදානම් වෙච්ච වෙලාවක අනිත් අය ඔහුත් සමග එන බව පවසනවා.මේ ගමනෙදී ලිලි නමැත්තියක් සමග ගවනර් ආදරයෙන් වෙලෙනවා.ඔවුන් ගමන් ගනිමින් සිටි ට්‍රක් රථය හදිසියෙ කැඩෙන අතර ඔවුන් පයින් ඉදිරියට ගමන් කරනවා.ඒ අතර ඔවුන් හට හපාකන්නො කිහිප දෙනෙක් හමුවෙනවා.එතනින් ඔවුන් දිවි ගලාවාගැනීමට දිව යන අතර කුඩා දැරියක් ව වඩාගත් ගවනර් ව හපාකන්නො සිටින වලකට වැටෙනවා.වලෙ සිටි හපාකන්නන්ව ගවනර් විසින් මරා දමනු ලබන අතර ඔහු කුඩා මෙගන් ට පොරොන්දු වෙනවා "ඇයට කිසි දෙයක් නොවෙන්න වග බලාගන්න බවට".පසුව කලින් ගවනර් ව හැර දමා ගිය මාර්ටින් වල ඉස්මත්තේ තුවක්කුවක් අයාගෙන බලන් ඉන්නවා.කට්ටිය දන්නව ඇතිනේ දැන් එන්න එන්නම කතාව රසවත් වන බව.

අද එතැන් සිට.මීලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

The Walking Dead (2013) S04E06 සිංහල උපසි‍රැසි සමග

ගවනර් වුඩ්බරි ගිනි තබනු ලබනවා.පසුව මාස කිහිපයකට පසු පෙන්වනවා ගවනර් වීදියක ඇවිදගෙන යනවා.එහිදී ගොඩනැගිල්ලක ජනේලයකින් පාර දිහා බලන් ඉන්න කුඩා ගැහැණු ළමයෙක් ව ගවනර් දකිනවා.ඇය දැකීමෙන් ඔහුට මතක් වෙනවා ඔහුගේ දියණිය පෙනීව.ගවනර් ඒ ගොඩනැගිල්ලට ඇතුලුවෙනව,එහීදී ගවනර් හට සහෝදරියන් දෙදෙනෙකු,රෝද පු‍ටුවක සිටින පුද්ගලයෙක් හා කුඩා ගැහැණු ළමයෙක් මුනගැහෙනවා,අද කතාව දිව යන්නෙ මේ සදහන් කල පුද්ගලයක් අතරයි.මීලග කොටසින් හමුවෙමු!

Homefront (2013) සිංහල උපසි‍රැසි සමග

ඔන්න කාලෙකට පස්සෙ තමයි මම සූම් එකට චිත්‍රපටයක් අරන් එන්නෙ.මේ චිත්‍රපටය මම පුද්ගලිකවම එනකම් බලන් ඉදපු එකක්.මේකේ හොද කොපියක් අන්තර්ජාලෙට ඊයේ දින තමයි නිකුත් වුනේ.ඒත් අවාසනාවකට ඉංග්‍රීසි උපසි‍රැසියක් තවමත් අන්තර්ජාලෙට නිකුත් වී නැහැ(මම මේ ලිපිය ලියන විට - වෙලාව පෙ.ව 5.06).කොහොමින් හරි වෙනත් භාෂාවක උපසි‍රැසියක් අරන් තමයි පරිවර්තනය කලේ ලයින් එකින් එකට සවන් දෙමින්.හොදයි කතාව ගැන කියනවනම් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gary Fleder විසින්.කතාවට පාදක වෙලා තිබෙන්නෙ Chuck Logan ලියපු කෘතියක්.Sylvester Stallone ගේ තිර රචනයෙන් මේක හැඩවෙලා තියෙනවා.මේ චිත්‍රපටයේ සුප්‍රකට නළු නිළියන් ‍රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ අතර Jason Statham,James Franco,Winona Ryder,Kate Bosworth,Chuck Zito,Rachelle Lefevre කැපී පෙනේ.

කතාව ගැන මම පොඩි විස්තරයක් කරන්නම් එහෙනම් ‍ෆිල් බ්‍රෝකර් කියන්නේ රහස් නියෝජිතයෙක්.ඔහු තම කුඩා දියණිය සමග කුඩා නගරයකට පදිංචි වෙන්න යනවා ඔහුට මුහුණ දෙන්න වුන අතීතයෙන් මිදීමට.ඒත් අවාසනාවකට ඔහු ‍තෝරගෙන තිබ්බේ වැරදි නගරයක්.බලන්නකො බ්‍රොකර්ට ගනුදෙනු කරන්න වෙන්නෙ කාත් එක්කද කියලා.ඔච්චරයි කියන්නෙ මේ ටික කිව්වෙත් ගොඩක් ඒවා පන්නලා.ත්‍රාසය,කුත ුහලය,ක්‍රියාදාම ජවනිකා වලින් සමන්විත මේ චිත්‍රපටය අනිවාර්යයෙන් ඔබේ චිත්‍රපට ගොන්නට එකතු කරගන්න.මේ කතාවට මේ වන විට IMDB ශ්‍රේණිගත කිරීම් වල ලකුණු 6.8/10 ලබාගැනීමට සමත් වෙලා තියෙනවා.එහෙනම් චිත්‍රපටය ගැන ඔබේ අදහස් දක්වලා යන්නත් අමතක කරන්න එපා.naveen@zoom.lk

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google