පසුගිය කොටසෙ කතාව මතක් කරනව නම් බෙත් ඉන්නෙ ඩැරල් එක්ක,ඒ වගේම ඔවුන් අනාවරණය කරගන්නවා ලූක් හා මොලී ව හපාකන්නන් විසින් මරා දමා ඇති බව.ඒ වගේම ලීසි හා මිකා ටයිරීස් එක්ක ගමන් කරන අතර ඔවුන් සමග ජුඩිතුත් ඉන්නවා.පසු අවස්ථාවක ඇසෙන කෑගැසීමක් නිසා ටයිරීස් ජුඩිත්ව ළමුන් දෙදෙනාට බාර දී ඔවුන් හට උදව් කිරීමට යනවා.එතන හපාකන්නන් සමග පොර බදින පියෙක් හා පුතෙක් ව ටයිරීස් දකිනවා.හපාකන්නන් ළමුන් වෙත පැමිණෙන අතර වෙඩි හඩක් නිසා නැවත ටයිරීස් ළමුන් වෙත පැමිණෙනවා,ඒ වන විට ලමුන්ව කැරොල් විසින් බේරගෙන තියෙනවා ඔහු දකිනවා.හපාකන්නන්ගෙ ප්‍රහාරයට නතු වූ පියා ඔවුන් හට පවසනවා සලකුණු පසුපස යන ලෙසට.මැගී,බොබ් හා ෂාෂා අනාවරණය කරගන්නවා ඔවුන්ගෙ කට්ටිය ගමන් කල බස් එකෙ සියළු දෙනාම ජීවතුන් අතර නැති බවත් ඔවුන් හපාකන්නන් බවට පත් වී ඇති බවත්.ඒ වගෙම බස් එක තුල ග්ලෙන්ව සොයන මැගීට ග්ලෙන්ව හමුවන්නෙ නෑ,ග්ලෙන් ඒ වන විට සිර ගෙදර සිටින අතර ඔහු තාරාව හොයාගන්නව,ඇයගෙ උදව්වෙන් ඔහු මැගීව සොයා ගමන් කරන අතර ඔවුන්ට හපාකන්නන්ගෙ ප්‍රහාරයක් එල්ල වෙනවා.පසුව ට්‍රක් එකකින් මිනිස්සු තුන්දෙනෙක් එනවා.එයාලා තමයි ඒබ්‍රහම් ෆෝඩ්,එයුජින් පෝටර්,රොසිටා එස්පිනෝස,එතනින් තමයි කතාව ඉවර වුනෙ,අද කොටසින් දැනගන්න පුලුවන් මේ අය කවුද කියලා,එ වගේම රික් ඇතුලු තුන්දෙනා ඉන්න තැනට අදිසි ආක්‍රමනයක් එල්ල වෙනවා,ඒකත් බලාගන්න පුලුවන්,එහෙනම් ලබන සතියේ හමුවෙමු!
The Walking Dead (2014) S04E11 සිංහල උපසිරැසි සමග
Related movie you might like to see :

The Walking Dead (2014) S04E13 සිංහ...

The Walking Dead (2014) S04E12 සිංහ...

The Walking Dead (2014) S04E10 සිංහ...

The Walking Dead (2014) S04E09 සිංහ...

The Walking Dead (2013) S04E08 සිංහ...

The Walking Dead (2013) S04E07 සිංහ...

The Walking Dead (2013) S04E06 සිංහ...

The Walking Dead (2013) S04E05 සිංහ...
Labels:
The Walking Dead
+ comments + 2 comments
bohoma sthuthiiiiiiiii sahoooo..
Post a Comment