Latest Subtitles :
Recent Movies

Indrajith (2017) සිංහල උපසිරැසි සමඟ


සුළු අඩු පාඩු ඇතත්,රසවත් කතා තේමාවක් අඩංගු වන Indrajith (2017) චිත්‍රපටය Action, Adventure,Fantasy යටතේ වර්ගීකරණය කළ හැක්කක්..මෙය Kalaprabhu ගේ අධ්‍යක්ෂණය යටතේ ඔහුගේ පියා වන Kalaipuli S. Thanu විසින් නිෂ්පාදනය කර තිබෙනවා.මෙහි රංගනයෙන් Kadal (2013), Yennamo Yedho (2014),Ivan Thanthiran (2017) වැනි චිත්‍රපටවල රගපෑ Gautham Karthik සමඟින් සුරූපි නිළියක් දෙදෙනෙක් වන Ashrita Shetty හා Sonarika Bhadoria එකතුවෙනවා. සිත්ගන්නා දසුන් කිහිපයකින්ම සමන්විත මෙම චිත්‍රපටය පවුලෙ සැමටම රසවිදින්න පුලුවන්.

කෙලින්ම කතාවට බහින්නම්. ඉන්ද්‍රජිත් චෙන්නායි වෙතට ඔහුගේ මාමාගේ ආරාධනයෙන් පැමිණෙනවා.ඔහුගේ මාමා මොහුව ගෙන්නගන්නේ පුරාවිද්‍යා ගවේශණ කරන ආයතනයක කලින් අධ්‍යක්ෂකවරයෙක් ලෙස සේවය කල මයිල්වාගනන් නම් පුරාවිද්‍යා මහචාර්‍යවරයෙකු විසින් සිදු කරගෙන යන ව්‍යාපෘතියකට එක්කාසු කරගන්නයි.මෙම ව්‍යාපෘතිය තමයි ලෝකේ තියෙන ඕනම රෝගයක් සුව කරන්න හැකියාව තියෙන කුඩා ගල් කැබැල්ලක් සොයාගැනීම.මේ පුරාතන ගල් කැබැල්ල ගැන ඔහුගෙ සීයා මාර්ගයෙන් මයිල්වාගනන් හට හොද හෝඩුවාවක් ලැබෙනවා.මොවුන් මේ ගල් කැබැල්ල සොයා ගමන් කරන අතරවාරයේ තවත් කෙනෙක් මේ ගල් කැබැල්ල සොයා පැමිණෙනවා,ඒ තමයි කපිල් ශර්මා,පුරාවිද්‍යා ගවේෂණ ආයතනයේ නවතම අධ්‍යක්ෂකවරයා.මෙම ගල් කැබැල්ල සොයා ඉන්ද්‍රජිත් ඇතුලු පිරිස යන ගමනේ ඔවුන්ට මුහුණ දෙන්න වෙන බිහිසුනු සිද්ධීන් දාමයකින් යුත් මෙය නරඹන්න කැමති කට්ටිය ට්‍රේලරය බලලම අරගන්න.ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නත්තලක් හා නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා.

Beyond Skyline (2017) සිංහල උපසිරැසි සමඟ

2010 වසරේ තිරගත වූ Skyline චිත්‍රපටයේ දිගහැරුමක් වන මෙහි අධ්‍යක්ෂනය Liam O'Donnell.නිෂ්පාදන කටයුතු Matthew Chausse,Liam O'Donnell හා Brothers Strause සිදු කර තිබෙනවා. Frank Grillo, Bojana Novakovic, Iko Uwais, Callan Mulvey, Yayan Ruhian, Betty Gabriel හා Antonio Fargas යන තරු රංගනය සදහා එකතු වී තිබෙනවා.2010 වසරේ චිත්‍රපටයේ තිබූ මන්දගාමි ස්වරූපය ඉවත ලා මෙම චිත්‍රපටයේ ක්‍රියාදාම, ත්‍රාසජනක ජවනිකා බොහෝ සෙයින් දැකගන්න පුලුවන්.පළමු චිත්‍ර‍පටිය ඔබ නොබැලුවා කියලා මේක බලන්න කිසිම ගැටළුවක් නැහැ. මොකද කතා දෙක සම්පුර්ණයෙන්ම වෙනස් නිසා..

ලොස් ඇනජලීස් නුවරට අමුතු ආකාරයේ යාත්‍රාවක් කඩා පාත් වෙනවා.ඒ යාත්‍රාවෙන් නිකුත් කරන එලියක් නිසා පොලවේ සිටින මිනිසුන් එම යානාව වෙත ඇදගන්නවා.මෙලෙස පොලිස් පරීක්ෂක මාර්ක් කෝර්ලේ ගේ පුතුණුවන් වන ට්‍රෙන්ට්වත් මෙම යානාව වෙත ඇදගන්නවා.කෙසේ හෝ තම පුත්‍රයාව බේරගන්න පරීක්ෂක මාකුත් මෙම යානාවට ඇතුලු වෙනවා.යම් හේතුවක් නිසා මෙම යානය අග්නි දිග ආසියාවේ යම් තැනකට කඩා වැටෙනවා.දැන් මාක්ගේ උත්සහය තමයි තම පුත්‍රයාව මින් ගලවගන්න එක හා මෙම පිටසක්වළයින්ව පෘථියෙන් පලවා දැමීම.දිවි බේරාගත් කිහිපදෙනෙක් මෙම සටනට මාක් සමගින් එකතු වෙනවා.එහෙනම් විද්‍යා ප්‍රබන්ධ,පිටසක්වළ ජීවින් ඉන්න චිත්‍රපටවලට කැමති කට්ටිය අරගෙන බලන්න.

Ippadai Vellum (2017) සිංහල උපසිරැසි සමඟ

ක්‍රියාදාම, ත්‍රාසජනක චිත්‍රපට කාණ්ඩ යටතෙ වර්ගීකරණයට ලක් වුනු Udhayanidhi Stalin සමඟින් සුරුපී නිලි Manjima Mohan රඟන නවතම චිත්‍රපටයක් වන Ippadai Vellum (2017),Gaurav Narayanan ගේ අධ්‍යක්ෂණයක් වන අතර A. Subaskaran ගේ නිෂ්පාදනයක්.

චෝටා ,ඔහු භයානක ත්‍රස්තවාදියෙක්. අතීතයේ දී පවා ඔහු බෝම්බ පිපිරවීම මගින් මුලු ඉන්දියාවම බියෙන් සලිත කිරීමට සමත් වූ අයෙක්.(අපිටත් මේ වගේ අත්දැකීම් වලට අතීතයේදී මුහුණ දෙන්න සිදුවුනා කියලා ඔයාලා දන්නවා ඇතිනේ).කෙසේ නමුත් වාසනාවකට චෝටා නම් මේ ත්‍රස්තවාදියා දැන් උත්තර් ප්‍රදේශ් වලට තියෙන බන්ධනාගාරෙක හිරබත් කමින් ඉන්නේ.වාසනාව අවාසනාවක් කරමින් බන්ධනාගාරය පුපුරා දමා ඔහු එතනින් පැනගන්නවා.ඔහුගේ මීලග ඉලක්කය තමයි ඉන්දියාවේ වෙනත් නගරයක් බෝම්බ පිපිරවීමෙන් සුනුවිසුනු කරලා දාන එක.හැබැයි ඔහු ඔහුගේ සගයන් එක්ක සන්නිවේදනය කරන්නෙ පොලීසියට හා වෙනත් සයිබර් අපරාධ විමර්ශකයන්ට ලුහුබදිනවා තියා හිතන්නවත් බැරි විදිහකට.හිරෙන් පැන ගත් මොහු බෝම්බය පිපිරවීමට ඉලක්ක කල නගරය වෙත ගමන් කරනවා.මොහුගේ මේ පැනයාම පොලිසියට දැන් හිසරදයක් වෙලා තියෙන්නෙ මොකද අතට අරන් තිබ්බ දේ කටට දාගන්න බැරි වුනානේ.චෝටාගේ මීලග බෝම්බ දැමීමට ඉලක්ක කල නගරය ගැන කිසිදු හෝඩුවාවක් නොදන්නා පොලීසිය විසින් මුලු ඉන්දියාව පුරාවටම ඔහුගේ පැන යාම පිලිබදව හෙලි කර ඔහුව දුටු තැන අත් අඩංගුවට ගැනීමට යළි නියෝග නිකුත් කරනවා.

මධුසුදනන්,එහෙමත් නැත්නම් මධූ කියන්නෙ පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක්.තම පියාගේ මිය යාමෙන් පසුව තමන්ව මේ තත්වෙට ගත්තේ බස් රථ රියදුරු රස්සාව කරන ඔහුගේ ආදරණීය අම්මායි.ඒ වගේම ඔහුට තව නංගිලා දෙන්නෙකුත් ඉන්නවා.තමන්ගේ අම්මගෙ හිතේ තියෙනවා එයාලගෙම කියලා අලුත් ගෙයක් හදාගන්න.මේ හීනෙට පණ දෙන්න මධුසුදනන් දිවා රෑ නොබලා වැඩ කර රස්සාවෙන් බැංකු ලෝන් එකක් ගන්නවා.ඒත් හදිසියේම ඔහුගේ රස්සාව නැතිවෙනවා.තම මවගේ සතුට නැති කරන්න හොඳ නැති නිසා මේ බව ඔහු තමන්ගේ අම්මට කියන්නෙ නැහැ.තමන්ට තියෙන ප්‍රශ්න ගැන නම් එයාගෙ අම්මා හාංකවිංසියක්වත් දන්නෙ නෑ.ඒ වගේම ඔහු බාර්ගවී කියලා සල්ලිකාර ගැහැනු ළමයෙක්ට ආදරේ කරනවා.මේ දෙන්නගේ සම්බන්දෙට නම් පොලිස් නිලදාරියෙක් වෙච්ච බාර්ගවීගේ අයියා විරුද්ධත්වය පල කරනවා.අයියාගෙ විරුද්ධත්වය හමුවේ රෙජිස්ටාර් ගාවට ගිහින් විවාහ වෙන්න ඔවුන් දෙන්නා දිනයක් දාගන්නවා. මධුසුදනන් කියනවා රෙජිස්ටාර් ගාවින් විවාහ වෙන දවසට යාලුවෙක්ගේ කාර් එකක් අරන් එන්නම් කියලා.

කුලන්දවේලු,ඔහු හඬකැවීම් ශිලිපියෙක්.ඔහුගෙ රස්සාවෙන් සොච්චම් මුදලක් ලැබුනත්,තම හඩකැවීම් වැඩසටහන් බලා සතුටු වෙන කුඩා ළමුන් දෙස බලා ඔහුත් සතුටෙන් මේ රස්සාව කරන් යනවා.එයාගෙ බිරිදට බබා ලැබෙන්න ඉන්න නිසාම ඔහු ඇයට පොරොන්දු වෙනවා වැඩ ඉවර වෙලා එයාව බලන්න එන්නම් කියලා.මැදියම් රාත්‍රියේ වැඩ අවසන් කරන මොහු එයාගෙ බයික් එකෙන් තමන්ගේ ගමනාන්තය බලා ගමන් කරනවා.

තවත් කියන්න යන්නේ නෑ,මං මෙහෙම කියන්නම්.පත්තර වලයි ප්‍රවෘත්ති වලයි එක් සිරස්තලයක් වැටෙනවා.ඒ තමයි "ත්‍රස්තවාදී චෝටා ගෙ සගයන් දෙදෙනෙක් වන මධුසුදනන් හා කුලන්දවේලු පොලිස් අත් අඩංගුවට."නිර්දෝෂි පුද්ගලයන් දෙදෙනෙක් වූ මධුසුදනන් හා කුලන්දවේලු මෙම ත්‍රස්තවාදියට මැදි වුනේ කෙසේද? ඔවුන් තම නිර්දෝශී බාවය කෙසේ ඔප්පු කරාවිද? කියලා ත්‍රාසය, ක්‍රියාදාම, කුතුහලය පිරුණු මෙය නරඹන්න ආරාධනා කරනවා.

 සැ.යු. - අන්තර්ජාලයට විවිධ කාල පරාසයන්ගෙත් යුත් පිටපත් දෙකක් නිකුත් වී ඇති හෙයින් එම පිටපත් දෙක සඳහාම උපසිරැසි SRT ගොනුව තුල අඩංගු කර තිබෙනවා.ඔබ ලග ඇති පිටපතට ගැලපෙන උපසිරැසි ගොනුව තෝරාගැනීමට සැලකිලිමත් වන්න.තවද IDX ලෙස නිකුත් කර ඇත්තේ පැය 2යි විනාඩි 19ක් ලෙස දක්වා ඇති (TamilMV) පිටපතට අදාළ උපසිරැසි පමණක් බව සලකන්න.

Kickboxer Retaliation (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න පොරොන්දු වෙච්ච විදිහට ආයේ ආවා ඊයේ ලබාදුන්න Kickboxer චිත්‍රපටයේ ඊලග දිගහැරුම අරගෙන.ඒක බලපු කට්ටිය දන්නවා ඇති ඒකේ තිබ්බ සටන් ජවනිකා ටික කොහොමද කියලා.සම්මාන ලාභි අධ්‍යක්ෂකයෙක් වන Dimitri Logothetis තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය,කතාව රචනය සිදු කරලා තියෙන්නෙ.කලින් චිත්‍රපටයේ කතාවත් ඔහු අතින් තමයි රචනා වුනේ.මෙහි රංගනයෙන් කලින් චිත්‍රපටයේ සිටි Alain Moussi, Jean-Claude Van Damme,Sam Medina හා Sara Malakul සමඟින් නව චරිත ඔස්සේ Christopher Lambert,Hafþór Júlíus Björnsson එකතු වී තිබෙනවා.එමෙන්ම සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වන Ronaldinho හා බොක්සින් ශුර මයික් ටයිසන්වත් දැකගන්න පුලුවන්.

කතාව :
කලින් චිත්‍රපටය බැලුවනම් මතක ඇති කර්ට් ස්ලෝන් ( Alain Moussi) විසින් තමන්ගේ අයියව මරපු ටොංග් පෝගෙන් ( Dave Bautista) තම පලිය අරගත්තා කියලා.වැඩේ ලේසි වුනේ නෑ කියලත් දන්නවනේ.කොහොමහරි අවසානයේ කර්ට්,ලියුවත් (Sara Malakul ) එක්කගෙන ආයෙමත් තායිලන්තයට එන්නෙ නෑ කියලා හිතාගෙන යන්න යනවා.අද එතැන් සිට...ඔවුන්ට වැඩිකලක් සතුටින් ඉන්න වෙන්නෙ නෑ,මොකද කියනවනම් ටොංග් පෝගේ මිනිමැරුම සම්බන්දයෙන් කර්ට්ව නැවත තායිලන්තයට ගෙනැවිත් හිර කරනවා.හැබැයි මේ හිරගෙදරත් ටොංග් පෝට කැමති කට්ටිය ඉන්න තැනක්. මෙවරත් ඔහුට අනුග්‍රාහකයෙකු ගෙන් ආරාධනාවක් ලැබෙනවා හිරෙන් නිදහස් වෙන්න ඕන නම් මොන්ග්කුට් කියලා උස අඩි 6'8ක් හා බර රාත්තල් 400කින් යුත් කෙනෙක් එක්ක සටන් කරන්න කියලා.ඔහු සටනින් ජය ලැබුවහොත් ඔහුට නිදහස වගේම මුදල් තාග්‍යයකුත් දෙන බවට පොරොන්දු වෙනවා.කර්ට් මෙම ඉල්ලීම අහක දානවා. කෙසේ නමුත් අනුග්‍රාහකයා විසින් කර්ට් ගේ බිරිඳ වන ලියුව පැහැරගන්නවා.කර්ට් අවසානයේ සටන් කරන්න තීරණය කරත් ඔහුට වැටහෙනවා ටොංග් පෝව පරද්දපු විදිහට මොහුව පරද්දන්න බෑ කියලා,මොකද මොන්ග්කුට් කියන්නෙ ටොංග් පෝ වගේම හතර ගුණයක් විතර ශක්තිය තියෙන මහ දැවැන්තයෙක්.කර්ට් ගේ පුහුණුකරු විදිහට මෙවරත් ඩුරෑන්ඩ් ව කර්ට් හට මුණගැහෙනවා.ඒත් ඔහු කලින් සිටි ඩුරෑන්ඩ් නෙවෙයි ඔහුටත් යම් අභාග්‍යසම්පන්න ඉරණමකට මූන දෙන්න වෙලා තියෙනවා.ටොංග් පොගේ කට්ටිය හිරගෙදර ඉන්නකොට කර්ට් හට මොනා වෙයිද? කර්ට් හට ජෛව ඉංජිනේරු තාක්ෂණයෙන් නිර්මාණය කල මොන්ග්කුට් නම් අති දැවැන්ත ශක්තිමත් මිනිසාව පරද්දන්න පුලුවන් වෙයිද? ඔහුගේ බිරිඳට මොනවා වෙයිද? කියලා දැනගන්න ඕන නම් කලින් චිත්‍රපටයටත් වඩා ක්‍රියාදාම ජවනිකා අඩංගු මෙය නරඹන්න ආරාධනා කරනවා.ඉංග්‍රිසි උපසිරැසි ගොනුවක් තවමත් නිකුත් වෙලා නිසා අසාලිවීමක් තමයි කරන්න වුනේ,අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.ඔබට ජය!

Kickboxer Vengeance (2016) සිංහල උපසිරැසි සමඟ

මේ චිත්‍රපටය නම් දැනටමත් ගොඩක් දෙනෙක් බලලා ඇති,තාම බලපු නැති අය ඉන්නවනම් අරගෙන බලන්න.බලපු අයත් කැමති නම් ආයේ අරන් බැලුවට කමක් නෑ.මොකද මේකේ දෙවනි කොටසකුත් ඇවිල්ලා තියෙනවා.Kickboxer: Vengeance (2016) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John Stockwell විසින් වන් අතර Alain Moussi, Jean-Claude Van Damme, Dave Bautista, Gina Carano, Georges St-Pierre and Darren Shahlavi වැනි දැවැන්ත චරිත මේ චිත්‍රපටයේ දැකගන්න පුලුවන්.මේ චිත්‍රපටය ගැන කියනවනම් 1989 වසරේ තිරගත වූ සුපිරි නළු Jean-Claude Van Damme රඟපෑ Kickboxer චිත්‍රපටයේ Reboot එකක්.මෙම චිත්‍රපටයෙත් අපිට Jean-Claude Van Damme ව දැකගැනීමේ හැකියාව තියෙනවා. මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වන Darren Shahlavi රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපටයත් මෙය වනවා,ඔහුටත් මෙම චිත්‍රපටය උපහාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඇමරිකානු ඩොලර් මිලියන 17 ක් පිරිවැයකින් ලබා ඇති ආදායම ඩොලර් මිලියන 287ක්.චිත්‍රපටය ගැන ඒකෙන්ම හිතාගත්තැකිනේ.

කතාව පැත්තට හැරුනොත් එරික් ස්ලෝන් (Darren Shahlavi) ,ලෝක කරාතේ ශුරතාවය ලබා ගත් කෙනෙක්.මේ හැමදෙයක් පිටිපස්සෙන් ඉඳන් ඔහුව දිරගන්වන්නෙ වගේම ඔහුගෙ පුහුණුකරු වෙන්නෙත් එයාගෙම සහෝදරයා වන කර්ට්
ස්ලෝන්.මාර්සියා නම් සටන් සඳහා අනුග්‍රහය දක්වන ගැහැණු කෙනෙක් මොවුන් වෙත පැමිණිලා ආරාධනාවක් කරනවා තායිලන්තයේ පැවැත්වෙන උමංබිමේ සටනක් සඳහා සහභාගි වන ලෙසට.ඒ වගේම ඒ සටනින් එරික් හට සල්ලි වගේම කීර්ති නාමයත් ලබාගන්න පුලුවන් බව පවසනවා.කෙසේ නමුත් මෙම යෝජනාවට කර්ට් වැඩිය සැලකිල්ලක් දක්වන්නෙ නෑ.එරික් කරාතේ සෙල්ලම් කරාට උමං බිමේ තරඟ කියන්නෙ කෙනෙකුගේ මරණය තෙක් සටන් වදින ක්‍රීඩාවක් බව ඔහු
හොඳකාරවම දන්න නිසයි.කර්ට් ගේ විරෝධය මත එරික් තායිලන්ත තරඟය සඳහා යනවා.තායිලන්තයට පැමිණෙන ලෙස කියා එරික් විසින් කර්ට් හට එවන ආරාධනාවක් මත ඔහුත් තායිලන්තය බලා ගමන් කරනවා.ඔහුගේ ඇස් පනාපිටම දැකගන්න ලැබෙනවා ඔහුගේ අයියා වළල්ල තුළදී මේ වනතෙක් කිසිදු තරගයක් පරාජය නොවූ උමං බිමේ ශූරයා වන ටොංග් පෝ (Dave Bautista) අතින් මරණයට පත්වෙනවා.මෙම නීතිවිරෝදි සටන් කරන බිමට පොලීසියෙන් කඩා පැන මෙම මරණයේ ඇසින් දුටු සාක්කි කාරයා විදිහට කර්ට් ව පොලීසියෙන් අරගෙන ගොස් නැවත තායිලන්තයට නොපැමිණෙන ලෙස දන්වා ඇමරිකාව වෙත පිටත් කර හරිනවා.ඒත් කර්ට් ඇමරිකාව වෙත නොයා තායිලන්තයේම සිට ඔහුගේ අයියාගේ තායිලන්ත පුහුණුකරුගෙන් ඉල්ලා සිටිනවා ඔහුව පුහුණු කරවන ලෙසට.එමෙන්ම ඔහු ටොංග් පෝ ට අභියෝග කරනවා තමන් හා තරග කරන ලෙසටත්.කර්ට් හට තමන්ගේ අයියගෙ පළිය සුපිරි ශූරයෙක් වන ටොංග් පෝගෙන් අරගන්න පුලුවන් වෙයිද කියලා විනාඩි 90ක් පුරාවට ක්‍රියාදාම ජවනිකා වලින් පිරුණු මෙය අරගෙනම බලන්න.එහෙනම් මෙහි මීලග චිත්‍රපටයෙන් හමුවෙමු!

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google