ඔන්න පොරොන්දු වෙච්ච විදිහට ආයේ ආවා ඊයේ ලබාදුන්න Kickboxer චිත්‍රපටයේ ඊලග දිගහැරුම අරගෙන.ඒක බලපු කට්ටිය දන්නවා ඇති ඒකේ තිබ්බ සටන් ජවනිකා ටික කොහොමද කියලා.සම්මාන ලාභි අධ්‍යක්ෂකයෙක් වන Dimitri Logothetis තමයි මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය,කතාව රචනය සිදු කරලා තියෙන්නෙ.කලින් චිත්‍රපටයේ කතාවත් ඔහු අතින් තමයි රචනා වුනේ.මෙහි රංගනයෙන් කලින් චිත්‍රපටයේ සිටි Alain Moussi, Jean-Claude Van Damme,Sam Medina හා Sara Malakul සමඟින් නව චරිත ඔස්සේ Christopher Lambert,Hafþór Júlíus Björnsson එකතු වී තිබෙනවා.එමෙන්ම සුප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක් වන Ronaldinho හා බොක්සින් ශුර මයික් ටයිසන්වත් දැකගන්න පුලුවන්.
කතාව :
කලින් චිත්‍රපටය බැලුවනම් මතක ඇති කර්ට් ස්ලෝන් ( Alain Moussi) විසින් තමන්ගේ අයියව මරපු ටොංග් පෝගෙන් ( Dave Bautista) තම පලිය අරගත්තා කියලා.වැඩේ ලේසි වුනේ නෑ කියලත් දන්නවනේ.කොහොමහරි අවසානයේ කර්ට්,ලියුවත් (Sara Malakul ) එක්කගෙන ආයෙමත් තායිලන්තයට එන්නෙ නෑ කියලා හිතාගෙන යන්න යනවා.අද එතැන් සිට...ඔවුන්ට වැඩිකලක් සතුටින් ඉන්න වෙන්නෙ නෑ,මොකද කියනවනම් ටොංග් පෝගේ මිනිමැරුම සම්බන්දයෙන් කර්ට්ව නැවත තායිලන්තයට ගෙනැවිත් හිර කරනවා.හැබැයි මේ හිරගෙදරත් ටොංග් පෝට කැමති කට්ටිය ඉන්න තැනක්. මෙවරත් ඔහුට අනුග්‍රාහකයෙකු ගෙන් ආරාධනාවක් ලැබෙනවා හිරෙන් නිදහස් වෙන්න ඕන නම් මොන්ග්කුට් කියලා උස අඩි 6'8ක් හා බර රාත්තල් 400කින් යුත් කෙනෙක් එක්ක සටන් කරන්න කියලා.ඔහු සටනින් ජය ලැබුවහොත් ඔහුට නිදහස වගේම මුදල් තාග්‍යයකුත් දෙන බවට පොරොන්දු වෙනවා.කර්ට් මෙම ඉල්ලීම අහක දානවා. කෙසේ නමුත් අනුග්‍රාහකයා විසින් කර්ට් ගේ බිරිඳ වන ලියුව පැහැරගන්නවා.කර්ට් අවසානයේ සටන් කරන්න තීරණය කරත් ඔහුට වැටහෙනවා ටොංග් පෝව පරද්දපු විදිහට මොහුව පරද්දන්න බෑ කියලා,මොකද මොන්ග්කුට් කියන්නෙ ටොංග් පෝ වගේම හතර ගුණයක් විතර ශක්තිය තියෙන මහ දැවැන්තයෙක්.කර්ට් ගේ පුහුණුකරු විදිහට මෙවරත් ඩුරෑන්ඩ් ව කර්ට් හට මුණගැහෙනවා.ඒත් ඔහු කලින් සිටි ඩුරෑන්ඩ් නෙවෙයි ඔහුටත් යම් අභාග්‍යසම්පන්න ඉරණමකට මූන දෙන්න වෙලා තියෙනවා.ටොංග් පොගේ කට්ටිය හිරගෙදර ඉන්නකොට කර්ට් හට මොනා වෙයිද? කර්ට් හට ජෛව ඉංජිනේරු තාක්ෂණයෙන් නිර්මාණය කල මොන්ග්කුට් නම් අති දැවැන්ත ශක්තිමත් මිනිසාව පරද්දන්න පුලුවන් වෙයිද? ඔහුගේ බිරිඳට මොනවා වෙයිද? කියලා දැනගන්න ඕන නම් කලින් චිත්‍රපටයටත් වඩා ක්‍රියාදාම ජවනිකා අඩංගු මෙය නරඹන්න ආරාධනා කරනවා.ඉංග්‍රිසි උපසිරැසි ගොනුවක් තවමත් නිකුත් වෙලා නිසා අසාලිවීමක් තමයි කරන්න වුනේ,අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න.ඔබට ජය!
Kickboxer Retaliation (2017) සිංහල උපසිරැසි සමඟ
Related movie you might like to see :
Labels:
අපරාධ,
ක්‍රියාදාම,
නාට්‍යමය
Post a Comment