Latest Subtitles :
Recent Movies

Dora (2017) සිංහල උපසිරැසි සමඟ

Horror,Thriller,Fantasy යටතේ වර්ග කරන්න පුලුවන් චිත්‍රපටයක් එක්ක තමයි අද මං ආවේ.Nayanthara,Harish Uthaman,Thambi Ramayya ප්‍රධාන චරිත නිරූපණය කරන මෙහි අධ්‍යක්ෂණය Doss Ramasamy විසින් වන අතර නිෂ්පාදනය කරලා තියෙන්නෙ A. Sarkunam.එමෙන්ම සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Vadacurry,Pugazh වැනි චිත්‍රපටවල සංගීත අධ්‍යක්ෂණය කල Vivek Siva and Mervin Solomon විසින්.මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතය නම් හරිම සිත්ගන්නා සුළුයි.චිත්‍රපටයේ හොඳ කොපියක් අනතර්ජාලයට ඊයේ දින තමයි නිකුත් වුනේ.මේ චිත්‍රපටයේ එන ලස්සන ගීතයක් වන Engapora Dora ගීතයට ඉංග්‍රීසි උපසිරැසි ගොනුවේ කාල රාමු හරියට නොතිබුණු නිසා ඒකේ කාල රාමු හදන්න වුනා .ඕක ට විතරක් හදලා නිකං ඉන්න හදනකොට Ra Ra Ra ගීතයටත් හදන්න වුනා.Ra Ra Ra ගීතය නම් ගායනා කරන්නෙ පසුගියදා කතාබහට ලක්වුණු සුපිරි තරුව Anirudh Ravichander.කොහොම හරි සින්දු දෙකත් එක්කම සම්පූර්ණ චිත්‍රපටයම අරන් ආවා.සින්දු එක්ක දෙන්න හිටිය නිසා තමයි ටිකක් පරක්කු වුනේ,නැත්නම් මීට කලින් දෙන්න තිබුනා.

කතාව පැත්තට හැරුනොත් පල්ලවාකෝඩි (නයන්තරා) එයාගෙ තාත්තා එක්ක ජීවත්වෙන අහිංසක තරුණියක්.අහිංසකයි කිව්වට අහිංසමත් නෑ ඕං.තාත්තටත් හරිම ආදරන් ඉන්න ඇයව විවාහ කරලා දෙන්න ඇගේ පියා පුදුම විදිහට මහන්සි වෙනවා.ඒත් ඇය නම් ඒවා කනකට ගන්න කෙනෙක් නෙවෙයි.තාත්තාවත් මට්ටු කරන් තමයි ඉන්නෙ.තාත්තට ඕන වෙනවා මෙයාව පන්සල් එක්ක යන්න.බස් එකෙන් බැහැලා පයින් යන්න තියෙන නිසා මෙයා කියනවා බෑ කියලා.කාර් එකක යමු කියලා මෙයාව කැමැති කරගෙන ටැක්සි කාර් එකක් ඉල්ලගන්න කියලා මෙයාලගෙ නැන්දා කෙනෙක් ගාවට යනවා.නැන්දා ටැක්සි සේවාවක් පවත්වගෙන යන කෙනෙක්.ටැක්සි ඉල්ලන්න ගිහින් පල්ලකෝඩි වලියකුත් දාගෙන චැලේන්ජ් එකකුත් නැන්දා එක්ක දාගන්නවා.ඒ තමයි එයාලා වගෙ පල්ලකෝඩිත් ටැක්සි සේවාවක් පටන් ගන්නවා කියලා.කොහොමහරි නැන්දට දියුණු වෙන්න උදව් කරලා තියෙන්නෙ පල්ලවකෝඩිගෙ තාත්තා.දැන් නැන්දා එයාලව නොසලකා හරිනවා.චැලේන්ජ් එකකුත් දාගත්ත එකේ එකතු කරලා තියෙන සබ්බ සකලමනාවම අරන් ගිහින් කාර් එකක් ගන්න යනවා ටැක්සි සේවාව පටන් ගන්න.ඔහොම ගන්න ගියාට පස්සේ පල්ලවකෝඩි මිලදී ගන්නෙ පරණ ජාතියෙ කාර් එකක්(ඒක වෙන්නෙත් හරි අමුතු විදිහට).කාර් එක අරන් ගෙදර ගියාට අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා.කාර් එක නිකන්ම ස්ටාට් වෙනවා වගෙ දේවල්.පස්සෙ පල්ලවකෝඩිට දැනගන්න ලැබෙනවා මේ කාර් එකට ආත්මයක් අරක්ගෙන කියලා.ඊලගට වෙන දේ දැනගන්න කුතුහලය,භීතිය,ත්‍ර ාසය කෙමින් කෙමින් නැංවී අවසානය වන විට උච්චම අවස්ථාවට පත්වන සුපිරි නිළු නයන්තරාගෙන් සුපිරි රංගනයෙන් හැඩවූ Dora (2017) නරඹන්න Horror,Thriller,Fantasy රසිකයන්ට ආරාධනා කරන ගමන් මම නවතිනවා.

Boyka: Undisputed IV (2016) සිංහල උපසිරැසි සමඟ

IMDB අගය 8.1ක් වූ Scott Adkins රඟන Undisputed කතා මාලාවේ අලුත්ම කතාව අරන් තමයි අද ආවේ.කලින් චිත්‍රපට කිහිපය නොබැලුවා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.හොද සටන් කිහිපයක්ම බලාගන්න පුලුවන් චිත්‍රපටයක් තමයි මේක.කතාව පැත්තට හැරුනොත්,යූරී බොයිකා සිර ගෙයින් පැනයාමෙන් පසුව යුක්‍රේනයෙ උමං බිමෙහි තරග සඳහා සෙල්ලම් කරනවා.ඔහොම ඉන්න අතර වාරයේ ඔහුට අවස්තාවක් ලැබෙනවා බුඩපෙස්ට් වල පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියක් සඳහා ඉදිරිපත්වෙන්න. හැබැයි ඒකට ඉදිරිපත් වෙන්න නම් යූරි හට සුදුසුකම් ලැබීමේ තරගයකට මුලින් මුහුණ දී ඉන්න වෙනවා.ඔහුගෙ ප්‍රතිවාදියා විදිහට ඉන්න වික්ටර් කියන කෙනත් ඔහු වගේම දක්ෂයෙක්,බොයිකා එම තරගය දිනන නමුත් පසුව ඔහුට දැනගන්න ලැබෙනවා ඔහුගෙ ප්‍රතිවාදියා වෙච්ච වික්ටර් ඔහු එල්ල කල ප්‍රහාර හේතුවෙන් මියගිහින් කියලා.වික්ටර් තමන් අතින් මිය ගිය නිසා යූරී වික්ටර්ගෙ බිරිද සොයා රුසියාව වෙත යනවා ඇයගෙන් සමාව ඉල්ලීමට.රුසියාවට ගියාට පස්සෙ ඔහුට දැනගන්න ලැබෙනවා වික්ටරුයි බිරිදයි එරට සවුරාබ් නම් අපරාධ කරුවෙක්ගෙන් විශාල මුදලක් ණයට අරන් ඒ සල්ලි වලින් ළමයින් වෙනුවෙන් සේවා සපයන මධ්‍යස්තානයක් පවත්වාගෙන යනවා කියලා.වික්ටර්ගේ මරණය නිසා ඔහුගෙ බිරිදට මෙම ණය ගෙවාගන්න බැරිව ලොකු කරදරේක වැටිලා වගේම සවුරාබ් ඇයව සිතැගි සේ තමන්ගේ වැඩ වල යොදවාගන්නා බවත් යුරී හට දැනගන්න ලැබෙනවා.දැන් යූරී හට ඕන කරන්නෙ තමන් අතින් වෙච්ච වැරැද්ද හරිගස්සගන්න.ඒ නිසා ඔහු ඇගේ ණය ගෙවන්න ඉදිරිපත් වෙනවා.සවුරාබ් මේ සදහා ඔහුට අපූරූ යෝජනාවක් ගේනවා,ඒ තමයි තමන් වෙනුවෙන් අසීරු තරග කිහිපයකට සිටියොත් ඇයව මේ සියලු දේවලින් නිදහස් කරනවා කියලා.වෙන කරන්න දෙයක් නැති තැන යූරි මේ යෝජනාව පිලිගන්නවා.ඊට පස්සේ මොකද වෙන්නෙ කියලා අරන්ම බලන්න.


Kung Fu Yoga (2017) සිංහල උපසි‍රැසි සමඟ


අද අරගෙන ආවේ ජැකී චෑන්ගෙ අලුත්ම චිත්‍රපටයක්.ඒ තමයි පසුගිය ජනවාරි 28 දින චීනයේත්,පෙබරවාරි 3 වැනිදා ඉන්දියාවෙත් තිරගත කිරීම පටන් ගත්ත Kung Fu Yoga (2017) චිත්‍රපටය. ඉන්දියාවත් චීනයත් එක්ව කල සම නිෂ්පාදනයක් වෙන මේකේ කතාව වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ හොංකො චිත්‍රපට අධ්‍යක්ෂක කෙනෙක් වන Stanley Tong විසින්. මීට කලිනුත් ඔහු ජැකී චෑන් සමගින් එකතු වෙලා Police Story 4,Rumble in the Bronx,The Myth වැනි චිත්‍රපට කිහිපයකුත් කරලා තියෙනවා.කුන්ග් ෆූ යෝගා තමයි එම සුසංයෝගයේ නවතම චිත්‍රපටය වෙන්නෙ.නළු නිළි පිරිස ගැන කියනවනම් සුපිරි නළු චැකී චෑන් සමගින් Soonu Sood,Disha Patani,Amyra Dastur යන ඉන්දියාවේ තරු කිහිපයක් එකතු වී තිබෙනවා.මීට අමතරව චැකීගේ කණ්ඩායමේ අය ලෙස Aarif Rahman, Zhang Yixing,Miya Muqi යන අයව දැකගන්න පුලුවන්.

ආදායම් වාර්ථා දිහාවට හැරුනොත්,කුන්ෆූ යෝගා චිත්‍රපටය නිකුත් කර පලමු සතිය තුළ චීනයේ පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 138.8 මුදලක් ඉපයීමට සමත් වුනා.ඒ කියන්නෙ චිත්‍රපටය හදන්න ගිය මුදල වගේ දෙගුණයක් මුදලක් පලමු සතිය තුලම හොයාගන්න පුලුවන් වුනා.හරියටම බැලුවොත් ඉන්දියාවේ සාර්ථක චිත්‍රපටයක් වෙච්ච අමීර් ඛාන් ගේ දනගල් චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනයෙන් ලබාගත් මුදලට වඩා වැඩි මුදලක් මේ චිත්‍රපටය ලබාගත්තා.වැදගත්ම එක තමයි ජැකී චෑන් මේ වෙද්දී තරුණ විය පහු කරලා ගොඩක් කාලයක් ගත වුනාට පසුවත් චීනය තුල ඔහුගේ චිත්‍රපටි වලට තියෙන ඉල්ලුම තාමත් අඩුවෙලා නෑ කියන එක ආදායම් වාර්ථා අතින් පේනවා.

චීනයේ ඉන්න සුප්‍රසිද්ධම පුරාවිද්‍යා මහචාර්‍යවරයෙක් තමයි ජැක් (ජැකී චෑන්).ඉන්දියාවේ කෞතුකාගාරයක ඉදන් ඔහුගෙ උදව් බලාපොරොත්තුවෙන් අශ්මිතා (Disha Patani) කියලා මහචාර්‍යවරයෙක් වූ ගැහැණු ළමයෙක් එනවා.එයා ඉල්ලන උදව්ව තමයි මගධයේ නැතිවුණ වස්තුව හොයාගන්න උදව් කරන්න කියන එක.(මගධ නිධානය හා සම්බන්ද අතීත කතාවක් චිත්‍රපටය ආරම්භයේදී බලාගන්න පුලුවන් වෙයි).ඇගේ ඉල්ලීම පිලිගෙන ජැක් හා එයාගෙ කණ්ඩායම නැතිවුන නිධානය හොයන් යනවා.පස්සේ ඔවුන්ට දැනගන්න ලැබෙනවා ඒ නිධානය තියෙන්නෙ මිදුණු විලක කියලා.මේ කට්ටිය ඔහොම නිධානය හොයන් මිදුණු විලට යනකොට කුලී හේවායෝ වගයක් ඇවිත් මේ කට්ටිය හිර කරලා,සීතල අයිස් ගුහාවක් අස්සේ මැරෙන්න කියලා දාලා යනවා.නිධානය ගැන කෙසේ වෙතත් ජැක්ගේ කන්ඩායාමේ කෙනෙක් මිදුණු විලේ තිබ්බ දියමන්තියක් අරන් පැනලා යනවා.ඔන්න කොහොමහරි ජැක්ගේ කට්ටියට අයිස් ගුහාවෙන් එලියට එන්න පුලුවන් වෙනවා.පස්සේ ජැක්ට දැනගන්න ලැබෙනවා අර හොරකම් කරපු කැරට් 212ක් වටින දියමන්තිය,ඩුබායි වල වෙන්දේසියකට දාලා කියලා.දැන් දියමන්තිය හොරකම් කරා කියලා අහුවෙලා තියෙන්නෙ ජැක් ව.දැන් ජැක් ඇතුලු කණ්ඩායමේ වැඩේ තමයි මේ දියමන්තිය කොහොමහරි වෙන්දේසියෙන් බේරගෙන මගධ මහ ධනස්කන්ධයට යන පාර හොයාගන්න එක.අර කුලී හේවායන්ටත් ඕන කරන්නෙ කොහොමහරි නිධානය හොයාගන්න. දියමන්තිය තමයි නිධානයට යන පාර වෙන්නෙ. දියමන්තිය හොයන් යන ගමනෙදී තවත් කෙනෙක් ජැක් ට ද්‍රෝහි වෙනවා.මගධ නිධානය සොය ජැක් ඇතුළු කණ්ඩායම නොයෙක් බාධක හමුවේ වරෙක ඩුබායි වලටත්,තවත් විටෙක ටිබෙටයත්, ඉන්දියාවටත් යන සංචාරය තමයි කුන්ෆූ යෝගා තුලින් විනාඩි 107කට ආසන්න කාලයක් තුල බලාගන්න පුලුවන් වෙන්නෙ.අශ්මිතා කියන්නෙ ඇත්තටම මහචාර්‍යවරියක්ද? මගධ නිධානය සත්‍යක්ද? කියලා චිත්‍රපටය විනෝදයෙන් බලලම දැනගන්න.ඒ වගේම ලෝකේ වටේ තියෙන ලස්සන දර්ශන කිහිපයක්ම දැකගන්නත් පුලුවන්.

තව දෙයක් කියන්න ඕන,මේ වෙද්දී අන්තර්ජාලයේ මේ චිත්‍රපටයට අදාළ අංග සම්පූර්ණ කිසිදු උපසිරැසියක් නිකුත් කර නෑ.දැනට නිකුත් වෙලා තියෙන ඒවලත් මැදින් මැදින් කොටස් බොහෝ අඩුයි.සම්පූර්ණ චිත්‍රපටයටම කාල රාමු හදාගෙන තමයි මේක අරන් ආවේ.වැරදි තිබුණොත් සමාවෙන්න.චැකී චෑන්ගෙ චිත්‍රපටවලට කැමති අය ඉන්නවා නම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් මම කොමාව තබනවා.දැනට අවසන් කර තිබෙන චිත්‍රපට 2-3ක් ඉදිරියේදී බලාගන්න පුලුවන් වෙයි.ඔබට සුභ දවසක්,ජයවේවා!

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google