Latest Subtitles :
Recent Movies

The Guest (2014) සිංහල උපසි‍රැසි සමඟ

අද අරගෙන ආවේ මේ අවුරුද්දේ එනකම් මඟ බලන් හිටපු Thriller චිත්‍රපට වර්ගීකරණය යටතට වැ‍ටුණු The Guest චිත්‍රපටයයි. අධ්‍යක්ෂණය Adam Wingard වන අතර Dan Stevens, Maika Monroe, Brendan Meyer and Lance Reddick යන තරු රංගනයෙන් චිත්‍රපටය හැඩගන්වනවා.කතාව ගැන කියනවනම්,පීටර්සන් පවුලෙ පුතෙක් වන කෙලෙබ් ඇෆ්ගනිස්ථාන යුද්ධෙදී මියයනවා.කෙලෙබ් තමයි එම පවුලේ වැඩිමහල්ම දරුවා.ඔහුගෙ පවුලෙ ඉන්නෙ දෙමපියන්ට අමතරව නංගී කෙනෙක් හා මල්ලි කෙනෙක්.මේ අතර නොසිතූ විදිහට ඔවුන් සිටින ගෙදරට ඩේවිඩ් කොලින්ස් නමැත්තෙක් පැමිණෙනවා කෙලෙබ්ගෙ මිත්‍රයෙක් යැයි පවසමින්.ඒ වගේම ඔහු පැමිණියේ කෙලෙබ්ට වූ පොරොන්දුවක් ඉෂ්ට කිරීමට බවත් පවසනවා,ඒ වෙන මොකවත් නෙවෙයි ඔහුගෙ පවුල ගැන බලාගන්න බවට වූ පොරොන්දුවක්. ඩේවිඩ් ඔවුන් වෙත පවසන්නේ ඔහු යුද්දයේදී තුවාල වී හමුදා රෝහලක ටික දවසක් සිටීමෙන් අනතුරුව ඔහුව සේවයෙන් ඉවත් කළ බවයි ඔහුගෙ ශාරිරික තුවාල වීම් හේතු කොටගෙන.ඔහු කෙලෙබ්ගේ මිත්‍රයෙක් බව පීටර්සන් මහත්මියගෙ ගෙදර තිබෙන ඡායාරූපයකින් සනාථ කරනවා. ඩේවිඩ් කියන්නෙ ආචාරශීලී වගේම යහපත් මිත්‍රශීලී කෙනෙක් වන හෙයින් පීටර්සන් මහත්මිය ඔහුට කැමති කාලයක් ඔවුන් සමඟ නවාතැන් ගන්න මෙන් පවසනවා.ලූක් හෙවත් කෙලෙබ්ගෙ මල්ලිට පාසලෙ වෙන කරදරයකින් ඩේවිඩ් ඔහුව බේරගන්නවා. පීටර්සන් පවුලේ අයට උදව් වෙමින් ඩේවිඩ් ඔහොම කල් ගෙවනවා.අන්තිමේදී කෙලෙබ්ගෙ නංගීට දැනගන්න ලැබෙනවා ඩේවිඩ් කොලින්ස් යුද්ධෙදී මිය ගිය අයෙක් බව.ඇනා දැනගනිද්දී වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.ඔතනින් තමයි ඔක්කොම කණපිට හැරෙන්නේ.ඇත්තටම ඇත්තටම මේ අමුත්තා කවුද? ඩේවිඩ් අතින් කී දෙනෙක්ට වන්දි ගෙවීමට සිදුවේද? ඇත්තටම ඩේවිඩ් පැමිණියෙ තම මිත්‍රයා වූ කෙලෙබ් හට වූ පොරොන්දුව ඉෂ්ඨ කිරීමටද? අමුතුම කතාවක් තියෙන්නෙ.එහෙනම් විනාඩි 99ක් පුරාවට ත්‍රාසය,භීතිය,කුතු හලය මුසුවූ "The Guest" සමඟින් එකතුවෙන්න.Dan Stevens සුපිරි රංගනයක නිරත වන අතර IMDB ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 7/10 වැනි ඉහළ අගයක්.තව දෙයක් මේකේ පසුබිම් සංගීතය ගොඩක් සිත්ගන්නා සුලුයි.ඔබ Action,Thriller,Mystery චිත්‍රපට රසිකයෙක් නම් ඔබ මෙය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි.ඔබට සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා යැයි පතමින් මම නික්ම යනවා.

ප්‍රේක්ෂක අදහස් දැක්වීම් කිහිපයක්...

* 8/10, nostalgic yet fresh film that is definitely recommended.

* " Entertaining as hell... The Terminator meets Halloween. "

* Great movie! I hope they make a second one.

* had Drive in my mind when watching the movie.

* Dan Stevens is awesome !
really loving the movie (the guest 2014).
great thriller, best casting, lovely music and songs.
10/10
and a wow.

* Such an exciting film, I never wanted it to end. But, as much as i enjoyed the film. No sequel, it's already as good as it gets, instant classic.

* I was always a fan of a good movie soundtrack... However recently havent encountered any good movie tracks...until this one.


                         ~ ඔබේ ජීවිතයට ඇතුළු කරගන්න හදන අය ගැන පරිස්සමින්... ~

Brick Mansions (2014) සිංහල උපසි‍රැසි සමග

ඔන්න කාලෙකට පස්සෙ ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන ආවා,ගොඩක් අය ඉල්ලිම් කරලත් තිබුනා මේක දෙන්න කියලා.මේ චිත්‍රපටයෙ නළුවව නම් (Paul Walker) නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ.ඒ තරමටම ඔහු ජනප්‍රිය චරිතයක්.සුප්‍රකට The Fast and the Furious චිත්‍රපට බලපු කෙනෙක් නම් මොහුව හොදාකාරවම දන්නවා.2013 වසරෙ නොවැම්බර් 30 වැනි දින කාර් අනතුරකින් මෙම අසහාය නළුවා මිය ගියා.ඔහුගෙ මිය යාමෙන් පසුව තමයි Hours හා Brick Mansion චිත්‍රපට නිකුත් කරේ.මොහුගෙ අවසන් චිත්‍රපටය වන නිකුත් වෙන්නෙ 2015 අප්‍රේල් 3 වැනි දිනයි.

චිත්‍රපටයෙ කතාව ගැන කියනවනම්, බ්‍රික් මෑන්ෂන් කියන්නෙ දරුණු ගණයෙ අපරාධකරුවන් ඉන්න ඩෙට්‍රොයිට් නගරයෙ කොටසක්.මේ බ්‍රික් මෑන්ෂන් තුල සිදුවන අපරාධ මැඩලීමට පොලීසිය අසමත් වන හින්දා නගරයෙ සෙසු කොටස් ආරක්ෂා කිරීම තකා විශාල තාප්පයක් මගින් බ්‍රික් මෑන්ෂන් හුදකලා කරලයි තියෙන්නේ.ඩේමියන් කොලියර් (Paul Walker) කියන්නෙ පොලීසියෙ සේවය කරන කෙනෙක්,එතකොට ලිනෝ (David Belle) කියන්නෙ වරදකරුවෙක්. බ්‍රික් මෑන්ෂන් වල ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ඇලෙක්සැන්ඩර් ට්‍රෙමේන් ලිනෝගෙ පෙම්වතියව පැහැරගන්න්නෙත්, රජයට අයිති ප්‍රවාහනය කරමින් තිබූ අවියක් යැයි සිතූ යම් දෙයක් සොරාගන්නෙත් එක වගෙ වෙලාවක.පසුව පැහැරගත් පෙට්ටිය විවෘත කිරීමෙන් අනතුරුව තමයි දැනගන්නේ ඒක ඇතුලෙ තියෙන්නෙ මුළු නගරයම විනාශ කල හැකි න්‍යෂ්ටික බෝම්බයක් කියලා.පසුව එම බෝම්බය නිශ්ක්‍රීය කිරීම සදහා ඩේමියන් කොලියර් හට ලිනෝ ගෙ උදව් ඇතිව බ්‍රික් මෑන්ෂන් වෙත යන්න සිදුවෙනවා ඉහළින් ලැබෙන නියෝග හින්දා.ඇත්තටම කවුද නියම සතුරා? රජයට අයිති රහස් අවියක් එහෙම ලේසියෙන් පැහැරගන්න පුලුවන් ද? ඩේමියන් කොලියර් හට බෝම්බය නිශ්ක්‍රීය කරන්න පුලුවන් වෙයිද? කියලා දැනගන්න නම් බ්‍රික් මෑන්ෂන් වලට යන්නම වෙනවා.කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලලම ඉන්නකෝ.ත්‍රාසය හා සටන් ජවනික නො අඩුව ඇති බොක්ස් ඔෆීස් වාර්තාවලට ඇතුලු වූ මෙම චිත්‍රපටය ක්‍රියාදාම රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක්.තවත් නවතම චිත්‍රපටයක් සමගින් ලගදීම හමුවෙන තෙක් ඔබට ජය !

Vehicle 19 (2013) සිංහල උපසි‍රැසි සමග

මයිකල් කියන්නේ හිරෙන් නිදහස් වෙලා ආපු කෙනෙක් ... ඔහු තමාගේ බිරිද හමුවීමට යන්න හිතන් ඉන්නේ අළුතින් ජීවිතයක් පටන් ගන්න අරමුණින්! නමුත් ගුවන් තොටුපලේදි වන ප්‍රමාද වීමක් නිසා ඔහුට කාර් එකක් කුලියට අරන් ගමන යන්න වෙනවා.... ටික දුරක් යනකොට මොහුට දුරකථනයක් මෙන්ම තුවක්කුවකුත් හමුවෙනවා..... ඒ වගේම මොහු පොලිස් රහස් මෙහෙයුමකට සම්බන්ධ වෙලාලු අහම්බෙන් ..... මොහු කාර් එකේ මාරුව ඇරගන්න ගන්න යන අතරමග කාරයේ ඩිකියේ ගෑනු කෙනෙක්ව ගැටගහලා තියෙනවා.... ප්‍රශ්ණ ගොඩයි!!!!

මයිකල්ට තමන්ගේ බිරිද හමුවෙන්න ලැබෙයිද? ගෑනු කෙනාට පොලිස් මෙහෙයුමත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද?‍මේවා දැනගන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නම වෙනවා!!



Believe (2014) S01E06 සිංහල උපසි‍රැසි සමග

මගෙ කාර්ය බහුලත්වය හේතුවෙන් විශාල ප්‍රමාදයකින් පසුව තමයි අද බිලීව් කතාමාලාවේ හයවන කොටසේ උපසි‍රැසිය අරගෙන එන්නෙ.දැනට නම් කතාමාලාව විකාශය වෙලා අවසන් වෙලයි තියෙන්නෙ.මේ කොටසේ උපසි‍රැසි වැඩි කොටසක් කලෙ නිසල් සහෝ,ඔහුට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.කොටස ගැන කියනවනම් බෝ ටේට්ගෙ කකුලෙ තිබෙන ට්‍රැකින් උපකරණය මුදා හරිනවා.පසුව ටේට් ඔහුගෙ නගරය බලා ගමන් ගන්නවා ඔහුව අවුරුදු හතකට නොකල වරදක් වෙනුවෙන් සිරගත කිරීමට සහය වූ ඔහුගෙ මිතුරන් සොයා ඔවුන්ගෙ පලිගැනීමට හා මේ සිද්දියෙ සත්‍ය දැනගැනීමට.ඔහු පසුපස වින්ටර් හා චැනිනුත් ගමන් කරනවා.ඒ වගේම ස්කවුරාස් ගේ මීලග අපේක්ෂකයා ගැනත් මේ කොටසින් විස්තර දැනගන්න පුලුවන්.මීලග කොටසින් හමුවෙන තෙක් ඔබට ජයවේවා !


Non-Stop (2014) සිංහල උපසි‍රැසි සමග

චිත්‍රපටය - Non-Stop

Box office - $198,439,400

IMDB අගය - 7.2/10

අධ්‍යක්ෂණය - Jaume Collet-Serra

නිෂ්පාදනය - Joel Silver
Alex Heineman
Steve Richards
Andrew Rona

රංගනය - Liam Neeson බිල් මාර්ක්ස් ලෙස
Julianne Moore ජෙන් සමර්ස් ලෙස
Scoot McNairy ටොම් බොවෙන් ලෙස
Michelle Dockery නැන්සි ලෙස
Nate Parker සැක් වයිට් ලෙස
Jason Butler Harner කයිල් රයිස් ලෙස
Anson Mount ජැක් හැමන්ඩ් ලෙසින්


තිර රචනය - John W. Richardson
Chris Roach
Ryan Engle

සිනමාරූපණය - Flavio Martínez Labiano

සංස්කරණය - Jim May

Budget - $50 million

කතාව :-
බිල් මාර්ක්ස් (Liam Neeson) කියන්නෙ මත්පැනට ලොල් වූ ඇමරිකානු එයාර් මාර්ෂල් වරයෙක් ලෙස සේවය කරන තැනැත්තෙක්. නිවියොර්ක් නුවර සිට ලන්ඩන් බලා යන ෆ්ලයිට් අංක 10 හේ සේවය කරමින් සිටින අතර වාරයේ ඔහුගෙ පුද්ගලික දුරකථනයට කෙටි පණිවිඩයක් එවනවා යම් බැංකුවක ගිණුම් අංකයක් සදහන් කර එයට ඇමරිකානු ඩොලර් මිලියන 150ක් නොදැම්මහොත් ඊලග විනාඩි 20 තුල ගුවන් යානයෙ සිටින කෙනෙකු මරා දමන බවට.කතාවේ ඊලගට මොකද වෙන්නෙ කියලා එහෙනම් අරගෙනම බලන්න.

3 Days to Kill (2014) සිංහල උපසි‍රැසි සමග

කතාව දෙස හැරෙමු ඉතින් මේ කතාව දිවයන්නේ CIA වලින් ඉවත් වුනු නිලධාරියෙක් වටා ඉතින් ඊට පස්සේ මොහුව රහස් මෙහෙයුමකට එක්කහු කරගන්නවා . ඉතින් ඒ වගේම මොහුගේ පවුලේ අයද සම්බන්ධ කරලා මේ සලරුව ලස්සන විදිහට දිව යනවා ඉතින් බැලුවේ නැති අය ඉන්නවනම්
බලන්න ..අපි චරිත දෙස බලමු

Kevin Costner as Ethan Renner
Amber Heard as Vivi Delay, one of the CIA's elite assassins
Hailee Steinfeld as Zoey Renner, Ethan's estranged sixteen-year old daughter
Connie Nielsen as Christine Renner, Ethan's ex-wife[9]
Richard Sammel as the Wolf, arms trafficker
Eriq Ebouaney as Jules, an African man whose family squats in Ethan's apartment
Tómas Lemarquis as the Albino, the Wolf's lieutenant

අධ්‍යක්ෂණය MCG ගෙන් ඒ වගේම මේ කතාව තිර රචනය සිද්ද වෙලා තියෙන්නේ LUC BeSSON ගෙන් ඉතින් ගොඩක් ප්‍රසිද්ද අයගෙන් තමා මේ චිත්‍රපටය හැදිලා තියෙන්නේ .. imdb හි 6.2 අගයක් ලබාගන්න හැකි වෙලා තියෙනව.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න.

Believe (2014) S01E05 සිංහල උපසි‍රැසි සමග

කලින් කොටස ගැන කියනවනම් ටේට්වයි බෝ වයි නියෝජිත ෆැරල් ගේ අතටම අහුවෙලත් බෝගේ බලය පාවිච්චි කරලා ඒ දෙන්නා පැනලා යනවා.අන්තිමේදී ටේට්,බෝ හා වින්ටර් නිව්යෝර්ක් අතැරලා යනවා.ඒවගේම බෝ උදව් කලා වෙන් වෙලා හිටිය ආදරන්වතයන් දෙදෙනෙක්ට එකතුවෙන්නත්.

අද කොටසින් - ඔර්චෙස්ටා ව්‍යාපෘතියේ වැදගත් විස්තර වගයක් කෙනෙක් දුරකථන ඇමතුමක් මගින් බෙන් වූටන් නම් බ්ලොගර් කෙනෙකුට ලබා දෙන්න හදනවා.ඒ වගේම ටේට් හා බෝ ඉන්නෙත් බෙන් වූටන් ඉන්න අපාර්ට්මන්ට් එකට එහා පැත්තේ.රහස් පිටවී ඇති බව දැනගන්න ස්කවුරාස් මෙදාපාර තරගෙට බස්සන්නේ ජොෂුවව.ඇත්තටම රහස් පිටකලේ කවුද? බෙන් හට ජොෂුවගෙන් ගැලවිය හැකිවේවිද? බෝ හට ජොෂුවව මෙල්ල කරගත හැකිවේවිද? ඒවට උත්තර හා තවත් විශේෂ සිද්ධි කිහිපයකුත් බලාගන්න පුලුවන් වෙයි.

Believe (2014) S01E04 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසින්...
බෝවයි ටේට්වයි මෑන්හැටන් වල හිරවෙනවා. පොලීසි යෙන් මෙයාල දෙන්නට ලේසි වෙන්නෙ නෑ,මෙයාලා දෙන්නට හම්බවෙනවා ධනවත් කන්තාවක්,බෝ හැම කෙනෙක්ටම උදව් කරන කෙනෙක් නිසා ඇගෙ අවුරුදු කිහිපයකට කලින් නැති වුන පුතාව ඇයට හොයලා දෙනවා.බෝ හා ටේට් නිව්යෝර්ක් වල සිටින බව ආරක්ෂක කැමරාවකින් පොලීසිය තහවුරු කරගන්නවා,නියෝජිත ෆැරල් ඔවුන් පසුපස පැමිණියත් මිල්ටන් ගෙ උදව්වෙන් ඔවුන් නැවතත් පොලීසියෙන් ගැලවෙනවා.ඒ වගේම බෝ ගේ අම්මා ගැනත්,ඇයට මෙම බලය ලැබුනෙ කොහොමද කියන එකත්,ස්කවුරාස් බෝ මාර්ගයෙන් මොකක්ද කරගන්න යන්නෙ කියලත් දැනගන්න ලැබුනනෙ.අද කොටසේ බෝ ව හා ටේට් ව පොලීසියෙ අතටම කො‍ටුවෙනවා,ඒ වගේම බෝ මෙදා පාර උදව් කරන්නෙ ආදරවන්තයන් දෙපලකටයි,එමෙන්ම ස්කවුරාස්ගෙ තවත් පරීක්ෂණයක් සාර්ථක වෙනව,මේ හැම දෙයක්ම අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි.

සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න
250MB Torrent File
120MB Torrent File
160MB Direct Links

The Walking Dead (2014) S04E16 සිංහල උපසි‍රැසි සමග *Season Finale*

හඹා එන මරණයේ සිව්වන කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන තමයි අද ආවේ.පසුගිය කොටසේ කතාව ගැන කියනවා නම් ග්ලෙන්ට මැගීව හම්බුනා එයුජින් ඒබ්‍රහම් ඇතුලු පිරිසගෙ උදව්වෙන්,ඒත් ඔවුන්ට උදව් කරන්න පෙලඹුවේ එයුජින්.හැම තැනම දක්වලා තියෙන ටර්මිනස් එසේත් නැත්නම් නැවතුම්පොල සොයා ඔවුන් ගමන් කරනවා,එතන හිටිය ගැහැණු කෙනෙක් ඔවුන්ව සාදරයෙන් පිලිගන්නවා,අද කොටසේ රික් ඇතුලු පිරිසට කරදර කිහිපයකටම මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම මේ හැම තැනම් පුවරු වල දක්වලා තියෙන නැවතුම්පොල ගැන වැඩි විස්තරත් කතාමාලාවේ අවසන් කොටසින් එනම් අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි.එහෙනම් සයමසක් පුරාවට IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.7/10 වැනි ඉහළ අගයක් ලබාගත් හඹා එන මරණයත් සමග ‍රැදී සිටි ඔබට ස්තූතියි.



Biriyani (2013) සිංහල උපසි‍රැසි සමග

චිත්‍රපටිය - Biriyani (2013)
අධ්‍යක්ෂණය - Venkat Prabhu (Mankatha - 2011)
තිර රචනය - Venkat Prabhu
නිෂ්පාදනය - K. E. Gnanavel Raja
සංගීතය - Yuvan Shankar Raja (මෙය ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කල 100වෙනි චිත්‍රපටයයි,Mankatha චිත්‍රපටයේ තේමා ගීතය අහලා ඇතිනේ,ඒක හැදුවෙත් මෙයාම තමයි.)
සිනමාරූපණය - Sakthi Saravanan
සංස්කරණය - Praveen K. L.N. B. Srikanth
IMDB දර්ශක අගය - 6.5/10
වර්ගීකරණය - Comedy | Thriller
තිරගත වීම ඇරඹූ දිනය - 2013 දෙසැම්බර් 20 වන දින
ධාවන කාලය - මිනිත්තු 150
රංගනය - Karthi සුගන් ලෙසින් (Alex Pandian - 2013)
Hansika Motwani ප්‍රියංකා ලෙසින් (Theeya Velai Seiyyanum Kumaru (2013),Engeyum Kadhal )
Premgi Amaren (Settai -2013) ලෙසිනුත් රංගනයෙන් දායක වෙනවා.


මුලින්ම කතාව පටන් ගන්නෙ සුගන් (කාර්ති) හා එයාගෙ යාලුවා වන පරසු (ප්‍රේම්ජී) ගේ පස්සෙන් පොලිසිය පන්නන එන සිද්ධියකින්.පස්සෙ ඊට කලින් සිද්දවෙච්ච සිදුවීම් කිහිපයක් පෙන්නනවා.ශාඛා විවෘත කිරීමට පැමිනෙන ආරාධිත අමුත්තා වන වරදරාජන් සුගන් ගැන පැහැදිලා ඔවුන්ගෙ ගෙදර තියෙන කොක්ටේල් පාටි එකකට එන්න කියනවා,සුගන් පස්සෙන්ම තමයි පරසු ඒ කියන්නෙ සුගන් හොදම යාලුවා යන්නෙත්.කොහොමහරි දෙන්නා පාටියට යනවා.පස්සෙ කොහොමහරි පාටිය අතරතුරෙ දෙන්නා බීමතින් යනවා බිරියානි කඩයක් හොයාගෙන,අන්තිමෙදි එකක් හම්බවෙනවා.ඔතනදී තමයි ලස්සන ගැහැනු ලමයෙක්ව දෙන්නා දකින්නෙ.ලස්සන ගැහැනු ළමයෙක් දැක්කහම හිතෙ ඇතිවන දේවල් ආයිත් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ,ඊට පස්සෙ දවසෙ අතුරුදන් වෙලා යැයි සැක කරන වරදරාජන්ව පොලීසිය හොයනවා.පස්සෙ පරසු හා සුගන් දකිනවා වරදරාජන්ගෙ මලසිරුර ඔවුන්ගෙ කාර් එකෙ ඩිකියේ තියෙනවා.කට්ටියට දැනටමත් කතාව පටලැවිලද දන්නෙ නෑ .මේකෙ කතාව තව කිව්වොත් නම් බලලා වැඩක් නෑ,ඒක හින්දා මම එහෙන් මෙහෙන් පන්නල තමයි කතාව පොඩ්ඩක් කිව්වෙ.මම කිව්ව සිද්දි කිහිපයෙ මම කිව්ව නැති ගොඩක් දේවල් හැංගිලා තියෙනවා.දැන් අපිට ආයිමත් එන්න පුලුවන් පොලීසිය ඔවුන් පසු පස පන්නන සිද්ධියට.ඇත්තටම වරදරාජන්ව මැරුවෙ පරසුද,සුගන්ද,අර ලස්සන ගැහැණු ලමයද, එහෙමත් නැත්නම් වෙන කෙනෙක්ද? අර ගැහැණු ළමයව දැක්කට පස්සෙ දෙන්නට මොකද වුනේ? මේකෙ කතාව ගලාගෙන යන විදිහ දැනටමත් කට්ටිය හිතාගෙන ඇති,ඒත් අපි හිතන දේ නෙවෙයි මෙතන වෙන්නේ,මම මෙච්චර කතාව කිව්වට මේකෙ හොද කොටස් ටික ගැන නම් මම එක වචනයක් වත් කියලා නෑ.ඒක හින්දා අරන්ම බලන්න පුලුවන් මොකද වෙන්නෙ කියලා.ඒ වගේම මේක බලනකොට එක තත්පරයකට වත් ඇහැ ඉවතට ගන්න එපා.ත්‍රාසය,කුතුහල ය නම් මේකෙ අන්තිම තත්පරය වෙනකම්ම තියෙනවා.විටෙක මෙය ඔබගෙ දෙතොලට සිනහවක් එකතු කරයි.ඒත් මුළු කතාව පුරාම ගලායන්නෙ වෙනම කතාවක්.මේක රගපාන නළු නිලියන් නම් ඔවුන්ගෙ උපරිම රංගන දායකත්වය දීලා තියෙනවා කියලා කියන්න පුලුවන්.කොහොම හරි හැම කෙනෙක්ම මේක අරගෙන බලන්න,බැලුවා කියලා ඔයාලගෙ කාලය අපතෙ යන එකක් නම් නෑ.ආයිමත් කියනවා මේක සම්පූර්ණයෙන්ම ඔබව කුතුහලයෙන් මුසපත් කරාවි.ඒ වගේම ඔයාලා හිතන් ඉන්න හැම දෙයක්ම අන්තිම තත්පර කිහිපය තුල වෙනස් වෙයි.එමෙන්ම මේ චිත්‍රපටයටත් අංකන දත්ත පිටපත හදලා දුන් KEVIN CD HOUSE ආයතනයට හා එම සහෝදර කණ්ඩායමට විශේෂ ස්තූතිය හා ගෞරවය පුද කර සිටිනවා.තව පොඩ්ඩෙන් කියන්නත් අමතක වුනා,මේක බොක්ස් ඔෆීස් හිට් එකක් හොදේ. දැනට මේ බිරියානි එකේ රසවිදින්නකො,හැකි නම් පමණක් උපසි‍රැසි ගැන්වීම පිලිබදව අදහසක් දක්වලා යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File 
700MB Direct Link

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න.

Arrow (2014) S02E17 සිංහල උපසි‍රැසි සමග

ගිය සතියෙ කතාව ගැන කියනවනම් අමන්දා ඇතුළු සියදිවි නසාගැනීමේ කණ්ඩායම ගෝලම් කදීර් විසින් නිපදවු ස්නායු කාරකයක් ගැනනේ කතාව ගියේ,ඩීගල් එහෙමත් සියදිවි නසා ගැනීමේ කණ්ඩායමෙ මෙහෙයුමට උදව් වුනා.පස්සෙ ස්ලේඩ් විල්සන්ව හොයාගන්න ඔලිවර් අමන්දාගෙ උදව් ඉල්ලුවනේ.පස්සෙ එයාලට ස්ටාලින් නගරයට එනවයි කියන කුලීමිනිමරුවක් ගැනත් දැනගන්න ලැබෙනවා,එයා වෙනකවුරුවත් නෙවෙයි ඒ ඩෙත් ස්ට්‍රෝක් ඒ කියන්නෙ ස්ලේඩ් විල්සන් කියලා දෙන්නට දැනගන්න ලැබෙනවා.අද එතැන් සිට...අද කතාව යන්නෙ හන්ට්‍රස් නැවත ස්ටාලින් නගරෙට එනවා,ස්ටාලින්වලට පැමිණ සිටින ඇයගෙ පියාව මරා දැමීමට.නිකන් නෙවෙයි කට්ටියක් එක්කයි ඇය මෙදාපාර එන්නේ,ඔලිවර් ඇතුළු පිරිසට ඇයව නවත්තන්න පුලුවන් වෙයිද කියල අද කොටසින් දැනගන්න පුලුවන්.ලබන සතියෙ එහෙනම් ආපහු හමුවෙමු!

Believe (2014) S01E03 සිංහල උපසි‍රැසි සමග

පසුගිය සතියෙන්...

බෝයි ටේ‍ටුයි ඇට්ලන්ටා සිටි එකට යනවා.ටේට් කොහොමහරි අතෙ සල්ලි නැති හින්දා කැසිනෝ එකකට ගිහින් බෝ ගේ බලයෙන් හොරට කැසිනෝ සෙල්ලම් කරලා,සල්ලි දිනාගන්නවා.ස්ක්වුරාස් විසින් FBI නියෝජිතයෙක්ට පවරනවා බෝව ලබාගන්න.ඒ කියන්නෙ මේ නගරෙදී ඔවුන් දෙන්නව කො‍ටු කරගන්න.ඔවුන් දෙන්නා ගැන කියලා ඇම්බර් ඇලට් එකක් නගරෙ පුරාම පොලීසිය දියත් කරනවා.බෝ පොලිස් මෙහෙයුම් වලින් හොදාකාරවම පැනයන බව දන්නා ස්කවුරාස් වෙනම කණ්ඩායමකින් කුලීකාරයෙක් මිලදී ගන්නවා බෝව ‍රැගෙන ඒමට.මේ කුලීකාරයත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියන්නෙ එයා බාරගත්තු වැඩක් සාර්ථකව ඉවර කරලා තමයි පස්ස බලන්නෙ.පොලීසියෙනුයි එම කුලීකාරයාගෙනුයි ටේට් ටයි බෝටයි කොහොම හරි බේරෙන්න පුලුවන් වුනා මිල්ටන් වින්ටර් උදව් කරපු හින්දා.ඒ වගේම දන්නවනේ බෝ යන යන තැන අසරණව ඉන්න කෙනෙක්ට උදව් කරනවා කියලත්,අර කලින් හිටිය කැසිනෝ එකෙදී බෝ ට සේවිකාවක් හම්බුනානෙ ඇගෙ පුතා ලියුකේමියා රෝගයකින් පසුවන.කැසිනෝ එකෙන් දිනපු සල්ලි ලියුකේමියා රෝගයෙන් පසුවන දරුවාට ලබා දෙනවා.මේ බව ටේට් මෙන්ම එම දරුවාගෙ මව දැනගන්නෙත් පස්සෙ තමයි.ඒක දැනගත්තට පස්සෙ තමයි ටේට් ට තරු විසිවෙන්නෙ.ටේට් මොකක්හරි වැඩක් කලොත් බෝ ඒකට මොකක්ම හරි කරනවා,ඒකත් අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි.අද එතැන් සිට...අද කොටසින් කතාවෙ ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි.

The Walking Dead (2014) S04E15 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ පහලොස්වන කොටසත් අරන් තමයි අද ආවේ.ගිය සතියෙ කොටස ගැන කියනවනම් කේරන්වයි,ඩේවිඩ්වයි මැරුවේ තමා බව කැරොල්  ටයිරීස්ට කියනවා,පස්සෙ ටයිරීස් ඇයට සමාව දෙනවා.එමෙන්ම ඔහු ඇයට කියනවා එය කිසි දාක අමතක නොකරන බවත්.මිය ගිය ලිසී ගේ හා  මීකාගේ මලසිරුරු පුලුස්සා දමන ඔවුන් ජුඩිත් වත් ‍රැගෙන ටර්මින්ස් හෙවත් නැවතුම්පොල වෙත දුම්රිය මාර්ගේ හරහා ගමන් කරනවා.අද එතැන් සිට....
සිව්වන කතාමාලාවේ අවසන් කොටසින් ලබන සදුදා හමුවෙමු.


Arrow (2014) S02E16 සිංහල උපසි‍රැසි සමග

ගිය සතියේ ස්ලේඩ් විල්සන් ඔලිවර් ලගෙ ගෙදර ආවනෙ,ඇවිත් නිකං හිටියෙ නෑ ගේ බලන්නත් එක්ක ඔලිවර් ගේ අම්මත් එක්ක ගෙදර එහෙ මෙහෙ ඇවිද්දා.ස්ලේඩ් තමයි ස්කල් මාස්ක් එක දාන් ඉන්න කෙනාව මෙහෙයවන්නෙත් ඔහුගෙ උත්සහය තවත් මිරාකුරු සෑදවීම බවත් ඔලිවර් ට පවසනවා.පස්සෙ පෙන්වනවා ස්ලේඩ් ඔලිවර් ලගෙ ගෙදර ඇවිත් නිකං ඉදලා නෑ ගෙදර හැමතැම කැමරා හයි කරලා ගිහින් තියෙනවා.දූපතෙදී ඔලිවර්ට ස්ලේඩ් වෙච්ච පොරොන්දුවත් මතක ඇතිනෙ ඔයාලට.ඒක තමයි ස්ලේඩ් අනුගමනග කරන්නෙ.අද කොටසින් අලුත් කට්ටියක් අදුනගන්න පුලුවන් වෙයි,අලුත් කිව්වට මේ කට්ටියට අලුත්මත් නෑ.දැන් කතාව එන්න එන්නම රසවත් කියලා ඔයාලා දන්නවනේ.ලබන සතියේ මීලග කොටසින් හමුවෙමු!

Believe (2014) S01E02 සිංහල උපසි‍රැසි සමග

බෝ හා ඇයව ‍රැකබලා ගන්න දෙමව්පියන්ට් වාහනයක ගමන් ගනිමින් සිටියදී වෙනත් වාහනයක් ඇවිත් ඇයව බලාගන්න දෙමව්පියන්ව මරා දමනවා.එම මිනීමරුවා බෝව පැහැරගන්න හදන කොට වෙනත් කට්ටියක් ඇවිත් ඇයව රෝහලකට ඇතුලු කරනවා.බෝ හට විශේෂ හැකියාවක් තියෙනවා කියලා ඔයාලා දන්නවනෙ.ඇයට උදව් කරන්න මිල්ටන් වින්ටර් නමැත්තෙකු සමග වෙනම කණ්ඩායමක් ඉදිරිපත් වෙලා සිටිනවා.නොකල වරදකට සිරගත කර සිටින ටේට් නමැත්තාව මිල්ටන් වින්ටර් විසින් රහසිගත විදිහට හිරෙන් නිදහස් කරගන්නවා බෝව සොයා එන අයගෙන් ඇයව ආරක්ෂා කිරීමට.ඇයව ‍රැකබලා ගත් දෙමව්පියන්ව මරා දැමූ මිනිමරුවා ඇයව පැහැරගැනීම සදහා ඇය සිටින රෝහල වෙතත් පැමිණෙනව.ළමයින්ට කිසි සේත්ම කැමති නැති ටේට් ව කොහොමින් හෝ බෝ හට උදව් කිරීම සදහා යන්තමින් කැමැති වෙනවා ඔහුට කරන්න දෙයක් ඉතුරු වෙලා නැති අවස්ථාවක.රෝහල වෙත යන ටේට් එම මිනීමරුවාගෙන් බේරි බෝව ‍රැගෙන මිල්ටන් වින්ටර්ගෙ කණ්ඩායමේ උදව් ඇතිව ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් ගන්නවා.එම බෝව පැහැරගන්න උත්සහ කරන කෙනා එම ස්ථානයටත් පැමිණෙනව,කොහොමින් හෝ බෝගෙ හැකියාව පාවිච්චි කරල බෝ ඇතුළු පිරිස ඉන් පැනගන්නවා. නමුත් මිල්ටන් ට හා ටේට් හට වෙඩි වදිනවා.ඔවුන් පැනලා ගියද පැහැරගැනීමට තැත් කරන කෙනාද ඔවුන් පසුපස පැමිණෙනවා.කාරයෙන් බැස ගන්නා ටේට් හා බෝ හට ඇයව මගහැරීමට හැකිවෙනවා. වෙඩි වැදී සිටින ටේට් වත් ‍රැගෙන බෝ කලින් නැවතී සිටි රෝහලෙ වෛද්‍යවරයකුගෙ නිවසට ගොස් ඔහු තුල බොද වී ගිහින් තිබූ බලාපොරොත්තු දල්වනවා.මන්ද ඔහු සේවය කල රෝහලෙ කෙනෙකු ඔහු අතින් මිය ගිය බව ඔහු සිතමින් වෛද්‍ය සේවයෙන් ඉවත් වීමට ඔහු තීරණය කරමින් සිටින නිසා,ටේට් ව සුව කරන වෛද්‍යවරයා හට බෝ පවසනවා ඔහු වෛද්‍ය සේවයෙන් ඉවත් නොවිය යුතු බවත් කලින් සිදු වු මරණයට ඔහු වගකිව නොයුතු බවත්.එමෙන්ම ඔහු කෙනෙක්ව මතුවට සුව කරන බවත්,එම සුවයට පත් වන කෙනා සිත් තැවුලෙන් පසුවන්නන්ගෙ සිත් සතු‍ටු කරන බවත්,මෙය එතරම් තැකීමට නොගන්නා වෛද්‍යවරයා හදිසියේ ලැබෙන ඇමතුමක් නිසා ටේට් හා බෝට සමුදී රෝහල වෙත යනවා.පසුව දැනගන්න ලැබෙනවා බෝ කලින් කියපු දේ සත්‍යයක් කියලා.මේ අතර බෝ හා ටේට් පිඩෙල්පියා වලට යන බසයකට ගොඩවෙනවා,එමෙන්ම බෝ සිටිනුයේ මිනීමරුවෙකුවත් වෙන කෙනෙක් සමගවත් නොව ඇයගේම පියා සමග බව මිල්ටන් විසින් ඔහු සමග වැඩ කරන චැනින් හට පවසනවා.එතනින් තමයි කතාව ඉවර වුනෙ.

මම පුද්ගලිකව කැමති කතාවක් තමයි මේක.කතාව ගැන අද කොටසින් ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි.කුතුහලයෙන් ඒ තරමටම මේ කතාමාලාව පිරී තිබෙනවා.තාමත් මේක නොබලපු කෙනෙක් ඉන්නවනම්,එයාලටත් ආරාධනා කර සිටිනවා මේක බලන්න,බැලුවා කියලා පාඩුවක් වෙන එකක් නම් නෑ,කියනවට වඩා බලන එකම තමයි හොද.ගිය සතියෙ කතාව මම සැකෙවින් ඉහත විස්තර කරලා තියෙනවා ඔන්න. ලබන සතියෙ මීලග කොටසින් හමුවෙමු!

The Walking Dead (2014) S04E14 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව ගැන මතක් කරනවනම් මැගී,බොබ්,ෂාෂා නැවතුම්පොලක් යයි පෙන්වන සිතියමක් දකිනවා.ග්ලෙන් එහෙට ගොස් ඇතැයි කියා සිතන මැගී එහෙට යන්න හදනවා.නමුත් ෂාෂා ඊට කැමැතිවෙන්නෙ නෑ.මැගී බොබ් ව හා ෂාෂා ව තනිකර හොර රහසෙම නැවතුම් පොල සොයා පිටව යනවා.මේ බව දැනගන්නා ෂාෂා හා බොබ් මැගී සොයා එනවා.මේ අතර සියල්ලම අතැර දමා ෂාෂා අතැරදමා තිබෙන නගරයක් වෙත යන්න තීරණය කරන අතර බොබ් ඉන් වෙනතකට යනවා.එම නගරයෙදී ෂාෂා හට මැගීව හමුවෙනවා සොම්බි මිනිසුන් සමූහයක් සමගම.පසුව මැගී ෂාෂා හට පවසනවා ඇය එම නගරයෙ ‍රැදී සිටියෙ බොබ් හා ෂාෂා එනතුරු බවත්,ඔවුන් නොමැතිව නැවතුම් පොල වෙත තනියම ගමන් කල නොහැකි බවත්.මේ අතර ඩැරල් හා බෙත් හට අවමංගල්‍ය කටයුතු සිදු කරන නිවසක් හමුවෙනවා.ඒ නිවසටද සොම්බි ආක්‍රමණයක් එල්ල වෙනවා.ඩැරල් බෙත් හට කියනව එම නිවසින් පලා ගොස් ඔහු එනතුරු පාරට වී සිට්න්න කියලා.අපහසුවෙන් ජීවිතය බේරගන්න ඩැරල් පාරට යන විට බෙත් ව අබිරහස් කාරයෙකින් පැහැරගෙන යනවා දකිනවා.ඩැරල් කාරය පසුපස දිව ආවත් ඔහුට කාරය හොයාගන්න වෙන්නෙ නෑ.රික් කලින් නිවසක සිට මගහැර පමිණි කණ්ඩායම ඩැරල් හට හමුවෙනවා.මැගී හා ෂාෂා අවසානයෙ බොබ් ව හොයාගන්න අතර ඔවුන් තිදෙනා නැවතුම්පොල වෙත ගමන් කරනවා.පසුව නැවතුම්පොල වෙත යන සිතියමක් ග්ලෙන් දකිනවා.අද එතැන් සිට..

අද කොටසෙනුත් විශේෂ සිදුවීම් කිහිපයක් බලාගන්න පුලුවන් වෙයි,දැන් කතාව සාමාන්‍ය විදිහට ගලාගෙන යන්නෙ කියලා බලන කට්ටිය දන්නවා ඇතිනේ.සිව්වන කතාමාලාව අවසන් වෙන්න තියෙන්නෙ තවත් කොටස් දෙකක් පමණයි.මීලග කොටසින් ලබන සතියෙ හමුවෙමු!


Believe (2014) S01E01 සිංහල උපසි‍රැසි සමග

 NBC නාලිකාවේ විකාශය ඇරඹූ නවතම රූපවාහිනි කතාමාලාවක් තමයි අද අරගෙන ආවේ.කතාව හදලා තියෙන්නෙ නම් Golden Globe, Academy Award සම්මාන දිනූ ඇල්ෆොන්සෝ කුරලෝන්.ඔහු තමයි පසුගියදා පැවැත්වුන ඔස්කාර් සම්මාන උළෙලේ හොදම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන ‍රැසක්  දිනාගත් Gravity චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා.මෙහි විධායක නිෂ්පාදනය කරල තියෙන්නෙ ජේ ජේ එබ්‍රහම්ස්,ඔහු ගැන කියනවනම් Person of Interest,Revolution,Fringe,Lost,Super 8,Mission: Impossible හා Star Trek යන සිත්තම් ඔහුගේ දායකත්වයෙන් බිහි වීම විශේෂත්වයක්.සුපිරි දෙන්නෙක් එකතු වුනොත් ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා ඔයාලා දන්නවනේ.කතාවත් ඒ තරම්ම අගනා නිර්මාණයක් කියලා කියන්න පුලුවන්.

සෘද්ධිවාරය,දුර ඇති දෙයක් සිතේ බලයෙන් සෙලවීමේ අධි මානසික හැකියාව,පරිසරය පාලනය කිරීමෙ හැකියාව,අනාගතය දැකීම වැනි දේ ඇය උපතෙදීම උරුම කරගත්ත දේවල්.බෝ,අවුරුදු 10ක් වයසැති ගැහැනු දැරිවියගෙ බලය ශක්තිමත් ව ඇයටම ඒ බලය පාලනය කරගත නොහැකි තත්වයක් උදා වී ඇත.දුෂ්ට අරමුණු ඇතිව කණ්ඩායමක් ඇගෙ බලයෙන් ලොව පාලනය කිරීම සදහා ඇය පසුපස පැමිනෙනවා,ඔවුන්ගෙ එකම අභ්‍රිපාය කොහොමින් හෝ දැරිවිය සතු බලය ලබා ගැනීමයි.දැරිවිය ආරක්ෂා කිරීමේ කටයුත්ත බාරව සිටින මිල්ටන් වින්ටර් නමැත්තා වැරදීමකින් සිරගත කරන ලද මරණ මංචකයෙ පසුවන බලාපොරොත්තු සුන් කරගත් ටේට් නමැත්තෙකුව සිරෙන් රහසිගත විදිහට නිදහස් කරගන්නවා අසාමන්‍ය බලයක් ඇති බෝව ආරක්ෂා කිරීම සදහා.ටේට් හා බෝ නැවතෙමින් නගරෙන් නගරෙට ගමන් කරනවා.බෝ කියන්නෙ නම් කියන දේ ටිකක් විතර අහන කෙනෙක් නෙවෙයි,ඒ වගේම ටේට් කියන්නෙත් ළමයින්ට පොඩ්ඩක්වත් කැමති කෙනෙක් නෙවෙයි.ඉතින් දෙන්නගෙ සබැදියාව රසබර විදිහට තමයි ගලාගෙන යන්නෙ.ඔච්චරයි කතාව ගැන කියන්නෙ නම්.ඇත්තටම ටේට් කියන්නෙ කවුද? බෝ සොයා එන ආක්‍රමණ වලින් ඇයට ගැලවිය හැකිවේවිද? ටේට් හට ඇයව ආරක්ෂා කල හැකිවේවිද? කුතුහලය,ත්‍රාසය,විද්‍යාත්මක,ෆැන්ටසි කතාමාලාවලට කැමති කට්ටියට වගේම හැම කෙනෙක්ටම බලන්න පුලුවන් ගොඩක් අය කැමතිවෙන ලස්සන කතාවක් තමයි Believe කතාමාලාව.ඒක නම් අනිවාර්යෙන්ම කියන්න පුලුවන්. මේ වගේ කතාමාලාවක් මම දෙන පලවෙනි වතාවත් මේකම තමයි.උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.ලබන සතියෙ මීලග කොටසින් හමුවෙමු!

The Walking Dead (2014) S04E13 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව ගැන කියනවනම් බෙත් හා ඩැරල් හුදෙකලා වී කැලයේ සිටින අතර බෙත් හට මත්පැන් තොල ගෑමේ කැමැත්තක් මතු වෙනවා.ඒ බව ඩැරල් හට පවසන අතර ඩැරල් ඊට ඉඩ දෙන්නෙ නෑ,මොකද ඔවුන් ඉන්නේ කැලේ නිසා,ඩැරල්ගෙ කීම නො අසා බෙත් මත්පැන් සොයා ගමන් ගන්නවා.පසුව ඇගෙ ආරක්ෂාව පිනිස ඩැරල් ඇගෙ පස්සෙන් ගමන් ගන්නවා.ඔවුන් හට හමුවෙනවා ගොල්ෆ් ක්ලබ් එකක්.එහිදී ඔවුන් සොයමින් ගමන් කල මත්පැන් බෝතලයක් හමුවෙනවා.ඒත් ඔවුන්ට ඒවා පානය කිරීමට පිරිසුදු වීදුරුවක් හම්බවෙන්නෙ නෑ.එහි තිබූ වීදුරු බිද දමන ඩැරල් බෙත් ව ගෙයකට ‍රැගෙන යනවා.එහිදි ඔවුන් මත්පැන් පානය කරන අතර ඩැරල් හට ඔහුගෙ අතීතය මතක් වී පසුව දුන්නෙන් විදින අයුරු බෙත් හට උගන්වනවා.හපාකන්නන් මොවුන් සිටින තැනටත් කඩා වදින අතර ඔවුන්ව මෙල්ල කිරීමට ඩැරල් ට හැකිවෙනවා.ඔවුන් අවසනායෙ එම ගෙදර ගිනි තබා නික්ම යන අතර ඩැරල් හට ඔහු කලින් සිටි අයුරු මතක් කරවනව.
අද එතැන් සිට......

ග්ලෙන් හට මැගීව සොයාගන්න පුලුවන් වේවිද? ග්ලෙන් සොයා ගමන් කරන මැගීට මොනා වෙයිද? ඩැරල්ව වෙනත් කණ්ඩායමකට අහුවෙනවා,ඔහුට මොනා වේවිද? බෙත් කොහොමද ඩැරල්ගෙන් මගහැරුනෙ? කියලා අද කොටසින් දැනගන්න පුලුවන් වෙයි.එහෙනම් ලබන සදුදා දින හමුවෙමු!



Gravity (2013) සිංහල උපසි‍රැසි සමග

2012 අවුරුද්දේ පෙබරවාරි මස 19 දින  Fright Night (2011) චිත්‍රපටයෙන් උපසි‍රැසි ගැන්වීම ඇරඹූ මම අද ලබාදෙන The Gravity (2013) චිත්‍රපටය තමයි මගේ 100 වෙනි උපසි‍රැසි නිර්මාණය වෙන්නෙ.මුලින්ම මතක් කරන්න ඕන සූම් වෙබ් අඩවියේ ඇඩ්මින් වන HEDZ ව.මා සමග සහයෝගයෙන් උපසි‍රැසි නිර්මාණය කල සියළු දෙනාවමත්,මගේ උපසි‍රැසි ගැන්වීම් වලට වචනෙකින් හරි අදහස් දක්වා මා දිරිමත් කල නොකල සියළු දෙනාටමත් ස්තූතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා.

පෘථිවියෙන් එපිට වන අනන්තය වන් වූ අභ්‍යවකාශයේ සුවිසැරියක් සදහා පිටත්ව යන ධීර වීර ගගනගාමීන් කණ්ඩායමකට අනපේක්ෂිත ලෙස මුහුණ දීමට සිදුවන්නේ තමන්ට කිසි විටෙක හෝ අත් විදීමට සිදු වෙතැයි ඔවුන් කිසිසේත්  නොසිතූ බියකරු සිදුවීම් පෙළකටය.එය කෙතරම් බියකරු හා අස්භාවික වේද යත් ඇතැම් විටෙක ඒ මෙම ශක්තිමත් පෞරුෂයෙන් හෙබි අභ්‍යවකාශගාමින්ව හැඩවීමටද සිනහා ගැන්වීමටද,තවත් විටෙක සිය කුරිරු වූ දෛවයට ශාප කිරීමටද ඔවුන්ව පෙළඹවීමට තරම් එම සිදුවීම් ප්‍රබලය.අභ්‍යවකාශයේ මං මුලා වී බොද වූ ජීවිත සිහිනය ජය ගැනීමට වෙර දරන අභ්‍යවකාශගාමින් දෙදෙනෙකුගේ කතා පුවත ‍රැගත් අග්‍රගණ්‍ය සිනමා සිතුවමක් තමයි අද මම සිංහල උපසි‍රැසි සමගින් ලබා දෙන්නෙ.මේක මෙච්චර දෙන්න පරක්කු වීම ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා.කමක් නෑ අපි කතව පැත්තට හැරෙමු.

ග්‍රැවිටි චිත්‍රපටයට කේන්ද්‍රගත වෙලා තියෙන්නෙ අභ්‍යවකාශ මෙහෙයුමක් අතරතුරදී ෂටලය සමග තමන් සම්බන්ධ කෙරෙන ‍රැහැන ගිලී ගොස්,පෘථිවිය සමග වන සබදතාවය ද බිද වැටී තෙරක් නොමැති අභ්‍යවකාශය තුළ අතරමං වන ගගනගාමී වෛද්‍ය ඉංජිනේරුවරියක වන (සැන්ඩ්‍රා බුලොක්) හා බොහෝ පළපුරුදුකම් ඇති කෘතහස්ත අභ්‍යවකාශ ගාමියෙකු (ජෝර්ජ් ක්ලූනි) විසින් ශුන්‍ය ගුරුත්වයකදී මුහුණ දෙන අභියෝගත්,යළිත් පෘථිවියට හෝ වෙනයම් ආරක්ෂිත අභ්‍යවකාශ යානයකට ළගාවන තුරු ජීවිතය ‍රැක ගැනීමට දරන අසීරු ප්‍රයත්නයත් වටාය.ගුරුත්වය ශුන්‍ය වූ අවකාශයක් කේන්ද්‍ර කරගනිමින් මෙතක් ලොව බිහි වූ පළමු සිනම කෘතිය වන්නේ මෙම චිත්‍රපටයයි.

අධ්‍යක්ෂක ඇල්ෆොන්සෝ කුළුරන් සිනමා රූපණ ශිල්පී එම්මැනුවෙල් ලුබෙස්කි හා ශුන්‍ය ගුරුත්වය පාදක කරගත් ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටයේ දෘෂ්‍ය ප්‍රයෝග අධීක්ෂණය කිරීමේ අභියෝගය කරට ගනිමින්, කළ නොහැකි යැයි සම්මත සීමාවන පවා පරයා යමින් දෘෂ්‍යමය වශයෙන් පෙර නොවූ විරූ වින්දනීය සිනමා ඇත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ලබා දීමෙහිලා කැප වූ ටිම් වෙබර් වැන්නවුන් විසින් ග්‍රැවිටි සිනමාරූපිය යථාර්ථයක් බවට පත් කිරීමෙහිලා විදි ගැහැට පිලිබදව චිත්‍රයක් ද බුලොක් හා ක්ලූනිගෙ අභ්‍යවකාශ සුවිසැරිය ඔස්සේ ප්‍රේක්ෂකයාට තිලිණ කිරීම ග්‍රැවිටි චිත්‍රපටයේ ඇති එක් සුවේශේෂත්වයකි.එය විස්මිත තාක්ෂණිකමය ප්‍රයෝගයන්ගෙන්ද ලෝකෝත්තරත්වය ඉක්ම වූ දිව්‍යමය අංග රචනයෙන්ද කෙතරම් පරිපූර්ණ ද යත්,එය සිනමාවට නැගීම සදහා ගත වූ සිව්වසරක කාලය මුළුල්ලේ,ඒ වෙනුවෙන් හෙළන ලද රුධිරය ,දහදිය  හා කදුළු මුසු පරිශ්‍රමයන් පිලිබදව යම් ඉගියක් හෝ පළ නොකරන තරම්ය.

ශුන්‍ය වූ ගුරුත්වයක හිදිමින් සිනමාම්බරයේ ගුරුත්ව නියමයන් අභියෝගයට ලක් කරමින් ඉමහත් පෙරළියක් සිදු කළ ග්‍රැවිටි හි අධ්‍යක්ෂක ඇල්ෆොන්සෝ කුළුරන් පවසන ආකාරයට එය නිර්මාණය කිරීම වූ කලි දුෂ්කරතා බාධක මඩමින් සිදු කල සංචාරයක් බදු බවය.හරියටම කියනවනම් අභ්‍යවකාශයේ ඉවක් බවක් නොමැතිව එහා මෙහා ගමන් කරන්නා වූ මිනිසා විසින්ම අභ්‍යවකාශයට බැහැර කළා වූ බිදි ගිය චන්ද්‍රිකා,අභ්‍යවකාශ යානා ආදියේ දැවැන්ත කොටස් වැනි අභ්‍යවකාශ කැලි කසළ (Space Junk) ආදියෙන් බුලොක් හා ක්ලූනිට ග්‍රැවිටි හිදී එල්ල වූ දුෂ්කරතා හා සමාන වූවකි.මේ බව ව්‍යංගාර්ථයෙන් හැදින්වීම සදහා චිත්‍රපට තලය තුල මුර පදය ලෙස භාවිතා වන ලද්දේ 'සුන්බුන්ය' කුළුරන් සිහිපත් කරන ආකාරයට බුලොක් හා ක්ලූනිට අභ්‍යවකාශ සුන්බුන් වෙතින් එල්ල වූ දුෂ්කරතා මෙපමණවේද,ඒ හා සමාන වු දැවැන්ත ගැටලු හා අසීරුතාවන් ‍රැසකට ග්‍රැවිටි කාර්ය මණ්ඩලයටද මුහුණ දීමට සිදුව තිබිණි.මේ නිසාම සුන්බුන් යන මුරපදය ග්‍රැවිටි කාර්ය මණ්ඩලය අතර නිතර හුවමාරු වන වචනයක් බවට පත්ව තිබිණි.සිය පුතු ජොනාස් සමග ග්‍රැවිටි හි තිර පිටපතද රචනා කිරීමට යෙදුණු කුළුරන් පවසන ආකාරයට ග්‍රැවිටි හිදී මතු වූ දුෂ්කරතා ඇතැම් අවස්ථාවන් හිදී කෙතරම් හාස්‍යොත්පාදක සීමාවන් කරා ළගා වූයේද යත් ගැටලු හමුවේ සිනහ නොවී සිටිය නොහැකි වාතාවරණයක් උදා වී තිබුණි.

Y Tu Mama Tambien (2001),Children of Men (2006) හා සුප්‍රකට හැරී පෝටර් චිත්‍රපට මාලාවේ සියල්ලම අතුරින් විචාරක ප්‍රසාදයට වඩාත්ම ලක් වූ Prisoner of Azkaban (2004)  වැනි චිත්‍රපට ගණනාවක්ම අධ්‍යක්ෂණය කරමින් කීර්තියක් හිමි කරගත් අධ්‍යක්ෂක කුළුරන් ළමා වියේ සිටම ගුප්ත වූ විශ්වය කෙරෙහි බැදගත් සිතින් යුතු වූ අභ්‍යවකාශ නියමුවෙකු විය.

තමා සතු නොවන අංගයන්ගෙන් සිය ශක්තිය උකහා ගැනීමට සමත් ග්‍රැවිටි චිත්‍රපටය බෝම්බ,වෙඩි තැබීම්,ආවේගශීලි හඹා යෑම් ආදියෙන් තොරවුවද අති සාර්ථක වික්‍රමාන්විත ක්‍රියාදාම චිත්‍රපට තැනිය හැකි බවට හොදම නිදසුනකි.සුන්දරත්වයත් ගූඪ බවත් එකසේ කැටි කරගත් අපරිමිත වු අභ්‍යවකාශය හැරුණු කල එහි වන එකම චරිත දෙකට මුහුණ දිය  යුතු අන් සතුරෙකුද නොමැත.එම චරිත දෙක අතර වුවද දෙබස් හුවමාරු වීමක් සිදුවනුයේ ඉතාම අල්ප වශයෙන් නිසා චරිත පිළිබදව ස්වයං විග්‍රහයක යෙදීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිවේ.

නමුත් කුළුරන්ට අනුව ග්‍රැවිටි හි  අදෘෂ්‍යමාන රංගනයක නිරත වන තෙවැනි චරිතයක් ද  වේ.කැමරාව තෙවන අභ්‍යවකාශගාමියෙකු ලෙස අදිසි චරිත නිරූපණයක නියැලෙන අතර එම අභ්‍යවකාශගාමියා අන් කිසිවෙකු නොව ප්‍රේක්ෂකයාමය.

ශුන්‍ය ගුරුත්වයේදී අහිමි වු භෞතික න්‍යායන්ගෙන් එකට බැදි,සුවිසල් වූ අභ්‍යවකාශයේ කෙළවරක් නොදැක පාවෙන චරිතත් සමග,නිදැල්ලේ පාවි යාමේ විරල අවස්ථාවක් ප්‍රේක්ෂකයාට ලබා දීමට කුළුරන් පියවර ගන්නා ලද්දේ ඔවුන්ගේ චෛතසික අත්දැකීමද ප්‍රාථමික අයුරින් හෝ තිරය මතට ප්‍රක්ෂේපණය කිරීමේ අරමුණ ඇතිවය.තමන් ද නොදැනුවත්වම චිත්‍රපටයේ චරිත හා මුසුවෙමින් තමන්ටද හොරා තමන් තුළම වන පරිකල්පනයෙන් පැන නගින්නාවු මනෝහර ඉදිරිපත් කිරීමකින් ප්‍රේක්ෂකයා කුල්මත් කිරීමට කුළුරන් දැක්වූ දක්ෂතාවය ග්‍රැවිටි ඔස්සේ ඔහු විසින්ම ඉදිරිපත් කරන දැවැන්ත පෙලහරක් බව ඉදුරාම කිව යුතුය.

පසුගියදා පැවැත්වුන ඔස්කාර් චිත්‍රපට සම්මාන උළෙලේ හොදම සිනමාරූපණය,හොදම අධ්‍යක්ෂණය,හොදම සංස්කරණය,හොදම දෘෂ්‍ය ප්‍රයෝග,හොදම නාද සංකලනය,නාද සංස්කරණය වැනි සම්මාන රාශියක් දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත්වූ අතර වසරේ හොදම චිත්‍රපටයත් මෙය නිර්දේශ වූ අතර වෙනත් සම්මාන උළෙල්වල් හිදීද සම්මාන දිනාගැනීමට හැකි වූ සිනම සිත්තමක් ලෙස දැක්විය හැකිය.එහෙනම් තවත් චිත්‍රපටයක් සමග හමුවීමේ බලාපොරොත්තුවත් සමගම නික්ම යනවා,ඔබට සුභ දවසක්.

The Walking Dead (2014) S04E12 සිංහල උපසි‍රැසි සමග

මිෂෝන් හා කාල් ඔවුන්ට අවශ්‍ය කෑම බීම සොයා ගමන් කරනවා,ඒ අතර ඔවුන් සොයාගත් ගෙදර රික් තනියම නතර වෙනවා,ජුඩිත් මියගියා යැයි හිතං ඉන්න කාල් පසුවන්නෙ හිතෙ වේදනාවෙන් ඒ එම නිසා මිෂෝන් ඔහුව සතු‍ටු කිරීමට යම් යම් දේවල් කරනවා.මේ අතර කොහොමින් හෝ මිෂෝන් හට පුතෙක් සිටි බව කාල් මිෂෝන් ගෙන් දැනගන්නවා.සිහිය නැතුව හිටිය ග්ලෙන් එක්වරම එබ්‍රහම්ගෙ ට්‍රක් එකෙදී සිහිය එනවා,බස් එකක් පසුකරගෙන ආවද යැයි ග්ලෙන් තාරාගෙන් ප්‍රශ්න කරන අතර එම බස් එකෙ සිටි සියල්ලෝම මැරී ඇති බව තාරා ග්ලෙන් හට පවසනවා.ඇය කියන දේ නො අසා ග්ලෙන් මැගී සොයා ගමන් කරනවා,ඒබ්‍රහම් ඔහුව නැවැත්වීමට උත්සහ කරන අතර එම කිසි දෙයක් නොතකා ග්ලෙන් වෙනම ගමන් ගන්නවා,එබ්‍රහම පවසන්නෙ ඔවුන් එයිජින් නමැත්තාව වොෂින්ටන් ඩී සී වෙත ගෙනයාමෙ මෙහෙයුමක සිටින බවයි,කොහොමින් හෝ ග්ලෙන් හා එබ්‍රහම් පොර බදිනවා.හපාකන්නො ඔවුන් වෙත පැමිණෙන අතර ඔවුන් සියල්ලන්වම එබ්‍රහම් ඇතුළු පිරිස විසින් මරා දමනවා,රික් සිටින නිවසට අදිසි කණ්ඩායමක් ආක්‍රමණය කරනව.රික්,මිෂෝන් හා කාල් පැන ගන්න අතර සැමටම ආරක්ෂාව සපයන බවයි කියවෙන පුවරුවක් දැකීමෙන් ඔවුන් ඒ මාර්ගය ඔස්සෙ ගමන් ගන්නවා.ඔය මතක් කලෙ පසුගිය කොටසෙ කතාව.අද එතැන් සිට.........ලබන සතියෙ කොටසින් හමුවෙමු එහෙනම්.

The Walking Dead (2014) S04E11 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව මතක් කරනව නම් බෙත් ඉන්නෙ ඩැරල් එක්ක,ඒ වගේම ඔවුන් අනාවරණය කරගන්නවා ලූක් හා මොලී ව හපාකන්නන් විසින් මරා දමා ඇති බව.ඒ වගේම ලීසි හා මිකා ටයිරීස් එක්ක ගමන් කරන අතර ඔවුන් සමග ජුඩිතුත් ඉන්නවා.පසු අවස්ථාවක ඇසෙන කෑගැසීමක් නිසා ටයිරීස් ජුඩිත්ව ළමුන් දෙදෙනාට බාර දී ඔවුන් හට උදව් කිරීමට යනවා.එතන හපාකන්නන් සමග පොර බදින පියෙක් හා පුතෙක් ව ටයිරීස් දකිනවා.හපාකන්නන් ළමුන් වෙත පැමිණෙන අතර වෙඩි හඩක් නිසා නැවත ටයිරීස් ළමුන් වෙත පැමිණෙනවා,ඒ වන විට ලමුන්ව කැරොල් විසින් බේරගෙන තියෙනවා ඔහු දකිනවා.හපාකන්නන්ගෙ ප්‍රහාරයට නතු වූ පියා ඔවුන් හට පවසනවා සලකුණු පසුපස යන ලෙසට.මැගී,බොබ් හා ෂාෂා අනාවරණය කරගන්නවා ඔවුන්ගෙ කට්ටිය ගමන් කල බස් එකෙ සියළු දෙනාම  ජීවතුන් අතර නැති බවත් ඔවුන් හපාකන්නන් බවට පත් වී ඇති බවත්.ඒ වගෙම බස් එක තුල ග්ලෙන්ව සොයන මැගීට ග්ලෙන්ව හමුවන්නෙ නෑ,ග්ලෙන් ඒ වන විට සිර ගෙදර සිටින අතර ඔහු තාරාව හොයාගන්නව,ඇයගෙ උදව්වෙන් ඔහු මැගීව සොයා ගමන් කරන අතර ඔවුන්ට හපාකන්නන්ගෙ ප්‍රහාරයක් එල්ල වෙනවා.පසුව ට්‍රක් එකකින් මිනිස්සු තුන්දෙනෙක් එනවා.එයාලා තමයි ඒබ්‍රහම් ෆෝඩ්,එයුජින් පෝටර්,රොසිටා එස්පිනෝස,එතනින් තමයි කතාව ඉවර වුනෙ,අද කොටසින් දැනගන්න පුලුවන් මේ අය කවුද කියලා,එ වගේම රික් ඇතුලු තුන්දෙනා ඉන්න තැනට අදිසි ආක්‍රමනයක් එල්ල වෙනවා,ඒකත් බලාගන්න පුලුවන්,එහෙනම් ලබන සතියේ හමුවෙමු!

The Walking Dead (2014) S04E10 සිංහල උපසි‍රැසි සමග

ගවනර් සිර ගෙය ට පහර දීමෙන් පසු ව කතාව ඉවර වුනෙ කුතුහල ජනක සිද්ධි කිහිපයකින් කියලා දන්නවනෙ,ගිය සතියෙ කතාව ගැන කියනවනම් රික් හා කාල් තාවකාලිකව සිටිමට ගෙයක් හොයාගන්නවා,මේ අතර ඔවුන් ගේ අඩිපාරවල් යැයි අනුමාන කරමින් මිෂෝනි ව ඔවුන් ව සොයාගෙන ආවා,ඇයට ඔවුන්ව හමුවෙච්ච තැනින් තමයි කතාව ඉවර වුනෙ.අද කොටසින් කුතුහල ජනක ගොඩක් දේවල් වලට උත්තර හොයාගන්න පුලුවන් වෙයි.දැන් දන්නවනෙ කට්ටිය තැන් තැන් විසිරිලා ඉන්නෙ කියලා.ඒ වගේම අද කොටසින් තවත් අලුත් කට්ටියක් කතාවට එකතුවෙනවා,බලමුකො ඉදිරියට එයාලා කොහොම වෙයිද කියලා.එහෙනම් මීලග කොටසින් හමුවෙමු.



The Walking Dead (2014) S04E09 සිංහල උපසි‍රැසි සමග

කට්ටිය නොයිවසිල්ලෙන් බලන් හිටපු කොටසක් අරන් තමයි මම අද ආවෙ,එහෙනම් වෙනදා වගේම කලින් කොටසෙ කතාව මතක් කරලා ඉන්නම්.සිර කදවුරට ඇතුලු වීමෙ උපක්‍රමයක් විදිහට ගවනර් විසින් හර්ෂල්ව හා මිෂෝනිව ප්‍රාණ ඇපකරුවන් විදිහට අල්ලගන්නවා.ලිලී ව හා මෙගන්ව ගග අද්දර තබා ගවනර් හමුදාවත් අරගෙන සිර කදවුර වෙත යනවා සිර කදවුර සාමකාමිව තමන් වෙතට ගැනීමට.ගවනර් විසින් රික් හට දැනුම් දෙනවා සිර කදවුර අතහැර දමා පිටවෙන ලෙසට,නමුත් රික් පවසනවා ඔවුන් දෙගොල්ලන්ටම මෙහෙ සිටිය හැකි බව,ඒත් එය නොපිලිගන්නා ගවනර් හර්ෂල්ගෙ හිස ගසා දමනවා,මේ අතර ගග අසබඩ සිටි මෙගන්ව සොම්බි මිනිසෙකු විසින් මරාදමනව,පසුව මෙගෙන්ගෙ මල සිරුරත් ‍රැගෙන ලිලී ගවනර් වෙත පැමිණෙන අතර ගවනර් ඇගෙ (මෙගන්ගේ) හිසට වෙඩි තබනු ලබනව.ඔය අතර මිෂෝනි ඉන් පැනගන්නව,සාමකාමිව සිර කදවුර අත්කරගැනීමේ අදහස අත්හැර ගත් ගවනර් ඔහුගෙ හමුදාවට නියම කරනව වැට කඩා දමා සියළු දෙනාම මරන ලෙසට.රික් වෙත පැමිණෙන ගවනර් රික් හට මැරෙන්න කම් පහර දෙන්න හදනවා ඒ වෙලාවෙ මිෂෝනි ඇගෙ කඩුව ‍රැගෙන විත් ගවනර් ගෙ පිට සිදුරු කර දමනවා.යුද්ධ ටැංකිය විනාශ කර දමන ඩැරල් මිච් වත් මරා දමා බෙත්ව ‍රැගෙන ගමන් කරනවා.කාල් ව සොයා ගමන් කරන රික් හට ඔහුව මුණගැසෙන අතර ජුඩිත් හිටිය බෑග් එකෙ ලේ පැල්ලම් ඇති බව දකිනවා.ඒත් ජුඩිත් එහි පේන්න හිටියෙ නෑ.රික් හා කාල් සිර ගෙයින් වෙනම පිටව යන අතර අනිත් පිරිස බස් රථයකින් වෙනම ගමන් ගන්නවා.මේ අතර තුවාල වී සිටින ගවනර් හට ලිලී ලගට ඇවිත් ඔහුගෙ හිසට වෙඩි තබා මරා දමනවා,සොම්බි මිනිසුන් සිර ගෙය වෙත රොත්ත පිටින ඇදී යනවා,ඔතනින් තමයි කතාව ඉවර වුනෙ.මෙච්චර වෙලා පහුගිය කොටසෙ වෙච්ච විශේෂ සිද්ධි ටික තමයි කෙටි කරලා කිව්වෙ.

අද කතාවෙන් තමයි දැනගන්න වෙන්නෙ දැන් රික් ගේ කණ්ඩායමට මොකද වෙන්නේ කියල,දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා කියලා ආයිමත් අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.එහෙනම් ත්‍රාසය,භීතිය,කුතු හලය පිරුණු ,IMDB ශ්‍රේණිගත කිරීම් හි ලකුණු 8.8/10 පමණ ලබාගත් ලොව පුරා සිටින සොම්බි රසිකයන් තුළ ජනප්‍රියම කතාමාලාව නරඹන්න.ඊලග කොටසින් ලබන සදුදා හමුවෙමු,එතෙක් සුභ දවසක්!

The Walking Dead (2013) S04E08 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව කියනවනම් මාර්ටිනස් වලෙ වැටිල හිටිය ගවනර්ව බේරගෙන ලිලි හා තාරා කැ‍ටුව මාර්ටිනස් විසින් පාලනය කරන කදවුරක් වෙත ‍රැගෙන යනවා.සොහොයුරන් දෙදෙනෙකු වන මිච් හා පීට් ඇතුළු මාර්ටින්ස් විසින් නායකත්වය ගෙන යන කණ්ඩායමට ගවනර් එහෙමත් එකතු වෙනවා.මාර්ටින් විසින් ගවනර්ව තම කණ්ඩායමට එකතු කරගත්තෙ ඔහු මේගන් නම් කුඩා දැරියත් සමග සිටි නිසාත් ඔහු වෙනස් වී ඇති බව දැක්ක බවත් යනුවෙන් පවසනවා.ඊලග දිනයෙ මාර්ටින් ගවනර් හට ගොල්ෆ් ක්‍රීඩා කිරීමට කතා කරනවා,ඒ අවස්ථාවෙ ගවනර් බීමත් ම සිටි මාර්ටින් ට ගොල්ෆ් පිත්තකින් පහර දී හපාකන්නන් සිටි වලකට ඇද දමනවා.එසේ කරනු ලබන්නේ නැවත වරක් කෑම්ප් එකේ පාලනය ඔහු අතට ගැනීමේ අපේක්ෂාවෙන්.කෑම්ප� �� එකේ නායකත්වය බාරගෙන සිටි මාර්ටින් මියයාමෙන් පසුව තාවකාලික නායකත්වයට පීට් පත්වෙනවා.පසුව පීට,මිච් සමග ගවනර් එකතු වී වුවමනා ද්‍රව්‍ය සොයා ගමන් කරනව,එවිට දිවි බේරාගත් කිහිපදෙනෙක් සිටින තැනක් ඔවුන්ට හම්බවෙනවා,ඔවුන්ගෙ� ��් එම ද්‍රව්‍ය සොරාගත යුතු බවට මිච් පවසන අතර තාවකාලික නායකත්වයෙ පසුවන පීට් එයට කැමති වෙන්නේ නෑ.පීට්ගෙ කණ්ඩායම අනාරක්ෂිත යැයි හිතන ගවනර් ලිලි හා ඇයගෙ පවුලෙ අය කැ‍ටුව වෙනම එතනින් පලා යනවා.එම ගමනෙදී මඩ ගොහුරක සිරවී සිටින සොම්බි මිනිසුන් දැකීමෙන් ගමන අතහැර දමන ඔවුන් නැවත කලින් සිටි කෑම්ප් එකට එනවා.පසුදින ගවනර් විසින් පීට් ව මරාදමා මිච් ව ගවනර් ගෙ සිතුම් පැතුම් වලින් වෙනස් කරගන්නවා.ගවනර් එම කණ්ඩායමේ නායකයා බවට පත්වන අතර එම කෑම්ප් එකේ සිටින අයට පැහැදිලි කර දෙනවා ඔවුන්ට ආරක්ෂිතව ඉන්න පුලුවන් එකම තැන සිර ගේ කියලා.ඊට පසුව ගවනර් සිර ගේ තිබෙන පැත්තෙ ඔත්තු බැලීමට ගිය අවස්ථාවක සොම්බි මිනිසුන්ගෙ මල සිරුරු පුලුස්සමින් සිටින මිෂෝනිව හා හර්ෂල්ව දකිනවා,ඔහු තම අත තිබූ තුවක්කුව ඔවුන් වෙත එල්ල කරනවා.ඔතනින් තමයි කොටස අවසන් වුනෙ.

අද එතැන් සිට.......මෙම වසරේ විකාශය වූ නවතම කොටසත් සමග හෙට දින හමුවෙමු!

The Walking Dead (2013) S04E07 සිංහල උපසි‍රැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාවෙ හත්වන කොටස තමයි අද අරන් ආවේ,පසුගිය කොටසේ කතාව ටිකක් මතක් කරගමු මුලින්ම.ගවනර්ට පවුලක් හම්බවුනා මතක ඇතිනෙ,මේ කට්ටිය අතර ඉන්න තාරා නමැත්තිය මුලින්ම ගවනර්ව පිලිගන්නේ නෑ.ඔවුන් ගවනර්ගෙ නම ඇසුවත් ඔහු හෙලි කරන්නේ බොරු අනන්‍යතාවයක්.වුඩ්බරි ගැන ඔහු පවසනවා එය බිදවැ‍ටුනෙ එහි නායකයගෙ දුර්වල කමින් බව,ඒ වගේම එහි නායකයා තමන් බව ඔහු හෙලි කරන්න යන්නේ නෑ.පිලිකාවකින් පෙලෙන ඔවුන්ගෙ පියාට ගවනර් කොහොමින් හෝ උදව් කරනවා.අවසානයේ රෝගය උත්සන්න වී ඔවුන්ගෙ පියා මියයනවා.පසුව රහසින්ම ඔවුන් හැර දමා ගවනර් පිටත් වීමට සූදානම් වෙච්ච වෙලාවක අනිත් අය ඔහුත් සමග එන බව පවසනවා.මේ ගමනෙදී ලිලි නමැත්තියක් සමග ගවනර් ආදරයෙන් වෙලෙනවා.ඔවුන් ගමන් ගනිමින් සිටි ට්‍රක් රථය හදිසියෙ කැඩෙන අතර ඔවුන් පයින් ඉදිරියට ගමන් කරනවා.ඒ අතර ඔවුන් හට හපාකන්නො කිහිප දෙනෙක් හමුවෙනවා.එතනින් ඔවුන් දිවි ගලාවාගැනීමට දිව යන අතර කුඩා දැරියක් ව වඩාගත් ගවනර් ව හපාකන්නො සිටින වලකට වැටෙනවා.වලෙ සිටි හපාකන්නන්ව ගවනර් විසින් මරා දමනු ලබන අතර ඔහු කුඩා මෙගන් ට පොරොන්දු වෙනවා "ඇයට කිසි දෙයක් නොවෙන්න වග බලාගන්න බවට".පසුව කලින් ගවනර් ව හැර දමා ගිය මාර්ටින් වල ඉස්මත්තේ තුවක්කුවක් අයාගෙන බලන් ඉන්නවා.කට්ටිය දන්නව ඇතිනේ දැන් එන්න එන්නම කතාව රසවත් වන බව.

අද එතැන් සිට.මීලග කොටසින් ඉක්මනින්ම හමුවෙමු.

The Walking Dead (2013) S04E06 සිංහල උපසි‍රැසි සමග

ගවනර් වුඩ්බරි ගිනි තබනු ලබනවා.පසුව මාස කිහිපයකට පසු පෙන්වනවා ගවනර් වීදියක ඇවිදගෙන යනවා.එහිදී ගොඩනැගිල්ලක ජනේලයකින් පාර දිහා බලන් ඉන්න කුඩා ගැහැණු ළමයෙක් ව ගවනර් දකිනවා.ඇය දැකීමෙන් ඔහුට මතක් වෙනවා ඔහුගේ දියණිය පෙනීව.ගවනර් ඒ ගොඩනැගිල්ලට ඇතුලුවෙනව,එහීදී ගවනර් හට සහෝදරියන් දෙදෙනෙකු,රෝද පු‍ටුවක සිටින පුද්ගලයෙක් හා කුඩා ගැහැණු ළමයෙක් මුනගැහෙනවා,අද කතාව දිව යන්නෙ මේ සදහන් කල පුද්ගලයක් අතරයි.මීලග කොටසින් හමුවෙමු!

Homefront (2013) සිංහල උපසි‍රැසි සමග

ඔන්න කාලෙකට පස්සෙ තමයි මම සූම් එකට චිත්‍රපටයක් අරන් එන්නෙ.මේ චිත්‍රපටය මම පුද්ගලිකවම එනකම් බලන් ඉදපු එකක්.මේකේ හොද කොපියක් අන්තර්ජාලෙට ඊයේ දින තමයි නිකුත් වුනේ.ඒත් අවාසනාවකට ඉංග්‍රීසි උපසි‍රැසියක් තවමත් අන්තර්ජාලෙට නිකුත් වී නැහැ(මම මේ ලිපිය ලියන විට - වෙලාව පෙ.ව 5.06).කොහොමින් හරි වෙනත් භාෂාවක උපසි‍රැසියක් අරන් තමයි පරිවර්තනය කලේ ලයින් එකින් එකට සවන් දෙමින්.හොදයි කතාව ගැන කියනවනම් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gary Fleder විසින්.කතාවට පාදක වෙලා තිබෙන්නෙ Chuck Logan ලියපු කෘතියක්.Sylvester Stallone ගේ තිර රචනයෙන් මේක හැඩවෙලා තියෙනවා.මේ චිත්‍රපටයේ සුප්‍රකට නළු නිළියන් ‍රැසක් රංගනයෙන් දායක වෙනවා. ඒ අතර Jason Statham,James Franco,Winona Ryder,Kate Bosworth,Chuck Zito,Rachelle Lefevre කැපී පෙනේ.

කතාව ගැන මම පොඩි විස්තරයක් කරන්නම් එහෙනම් ‍ෆිල් බ්‍රෝකර් කියන්නේ රහස් නියෝජිතයෙක්.ඔහු තම කුඩා දියණිය සමග කුඩා නගරයකට පදිංචි වෙන්න යනවා ඔහුට මුහුණ දෙන්න වුන අතීතයෙන් මිදීමට.ඒත් අවාසනාවකට ඔහු ‍තෝරගෙන තිබ්බේ වැරදි නගරයක්.බලන්නකො බ්‍රොකර්ට ගනුදෙනු කරන්න වෙන්නෙ කාත් එක්කද කියලා.ඔච්චරයි කියන්නෙ මේ ටික කිව්වෙත් ගොඩක් ඒවා පන්නලා.ත්‍රාසය,කුත ුහලය,ක්‍රියාදාම ජවනිකා වලින් සමන්විත මේ චිත්‍රපටය අනිවාර්යයෙන් ඔබේ චිත්‍රපට ගොන්නට එකතු කරගන්න.මේ කතාවට මේ වන විට IMDB ශ්‍රේණිගත කිරීම් වල ලකුණු 6.8/10 ලබාගැනීමට සමත් වෙලා තියෙනවා.එහෙනම් චිත්‍රපටය ගැන ඔබේ අදහස් දක්වලා යන්නත් අමතක කරන්න එපා.naveen@zoom.lk

The Walking Dead (2013) S04E05 සිංහල උපසි‍රැසි සමග

කලින් කොටස බැලුවනම් වෙට්‍රිනරි විදුහලින් අවශ්‍ය බෙහෙත් ලබාගත් ඩැරල් ඇතුලු පිරිස ඉන් පිටවෙනවා.මීනිමරුවා කැරොල් බව දැනගැනීමෙන් අනතුරුව කැරොල් ව රික් නෙරපා හරිනවා නැවත සිර ගෙය වෙත නො එන ලෙසට.රික්ට හමුවෙච්ච අලුත් දෙදෙනාට මොකද වුනේ කියලත් දන්නවා ඇතිනේ.ඔවුන් අතර සිටි අනාව සොම්බි මිනිසුන් විසින් මරණයට පත් කර තිබූ අතර සෑම් ව සොයාගත නොහැකි විය.අද කතාව ගැන කියනවනම් සිර ගේ වෛරස් රෝගයට හර්ෂල් විසින් පිලියම් යොදන අතර නොසිතූ විරූ ලෙස රෝගය උත්සන්න වී එම රෝගීන් මරණයට පත්වී සොම්බි මිනිසුන් බවට පත්වෙනවා.එමෙන්ම එලියේ සිටි සොම්බි මිනිසුන් සිර කුටියේ ආරක්ෂාවට තිබෙන වැට කඩාගෙන ඇතුලුවෙනවා.උත්සන්න වූ වෛරසයෙන් ග්ලෙන් ට ජීවිත් විය හැකිවෙයිද? වැට කඩා ගෙන ඇතුලු වූ සොම්බි මිනිසුන්ගෙන් රික් හා කාල් කෙලෙස සිරකුටිය ආරක්ෂා කරගනියිද? වෛරසය උත්සන්න වී සොම්බි මිනිසුන් බවට පත්වූ මිනිසුන්ගෙන් ගැලවිය හැකිවේවිද? ඩැරල් ඇතුලු පිරිසට නැවත සිරගෙය වෙත පැමිණිය හැකිවේවිද? කියලා දැනගන්න අද කොටස නරඹන්න.

The Walking Dead (2013) S04E04 සිංහල උපසි‍රැසි සමග

ඩැරල් ඇතුළු පිරිස මාරාන්තික වෛරස් රෝගයට බෙහෙත් සොයා ගමන් ගත් අතර ඔවුන්ට එහිදී ඔවුන්ට අලුත් කාර් එකකුත් ලැබෙනවා.ඒ වගේම රික් හා කැරොල් ආහාර අවශ්‍යතා සපුරාලීම සදහා වෙනම ගමන් ගන්නවා.කේරන්වයි ඩේවිඩ්වයි මැරුවේ තමා විසින් බව කැරොල් රික් හට පවසන අතර රික් මේ සදහා කුමන පියවරක් අනුගමනය කරාවිද? ටයිරීස් මේ බව දැනගනීවිද? වෛරසය සුව අතට පත්වේවිද? රික් හා කැරොල් හට සොම්බි ආක්‍රමණවලින් බේරි සිටින තවත් දෙදෙනෙක් හමුවෙනවා ,ඔවුන් කවුරුන්ද? සොම්බි ප්‍රහාර නැවතත් ක්‍රියාත්මක වේවිද?ඩැරල් ඇතුළු පිරිසට බෙහෙත් ඇතැයි කියා සිතන වෙටරිනරි විදුහලට යා ගත හැකිවේවිද කියලා අද කොටසින් දැනගන්න.


 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google