Latest Subtitles :
Recent Movies

The Walking Dead (2014) S04E16 සිංහල උපසි‍රැසි සමග *Season Finale*

හඹා එන මරණයේ සිව්වන කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන තමයි අද ආවේ.පසුගිය කොටසේ කතාව ගැන කියනවා නම් ග්ලෙන්ට මැගීව හම්බුනා එයුජින් ඒබ්‍රහම් ඇතුලු පිරිසගෙ උදව්වෙන්,ඒත් ඔවුන්ට උදව් කරන්න පෙලඹුවේ එයුජින්.හැම තැනම දක්වලා තියෙන ටර්මිනස් එසේත් නැත්නම් නැවතුම්පොල සොයා ඔවුන් ගමන් කරනවා,එතන හිටිය ගැහැණු කෙනෙක් ඔවුන්ව සාදරයෙන් පිලිගන්නවා,අද කොටසේ රික් ඇතුලු පිරිසට කරදර කිහිපයකටම මුහුණ දෙන්න සිදුවෙනවා.ඒ වගේම මේ හැම තැනම් පුවරු වල දක්වලා තියෙන නැවතුම්පොල ගැන වැඩි විස්තරත් කතාමාලාවේ අවසන් කොටසින් එනම් අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි.එහෙනම් සයමසක් පුරාවට IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.7/10 වැනි ඉහළ අගයක් ලබාගත් හඹා එන මරණයත් සමග ‍රැදී සිටි ඔබට ස්තූතියි.



Biriyani (2013) සිංහල උපසි‍රැසි සමග

චිත්‍රපටිය - Biriyani (2013)
අධ්‍යක්ෂණය - Venkat Prabhu (Mankatha - 2011)
තිර රචනය - Venkat Prabhu
නිෂ්පාදනය - K. E. Gnanavel Raja
සංගීතය - Yuvan Shankar Raja (මෙය ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කල 100වෙනි චිත්‍රපටයයි,Mankatha චිත්‍රපටයේ තේමා ගීතය අහලා ඇතිනේ,ඒක හැදුවෙත් මෙයාම තමයි.)
සිනමාරූපණය - Sakthi Saravanan
සංස්කරණය - Praveen K. L.N. B. Srikanth
IMDB දර්ශක අගය - 6.5/10
වර්ගීකරණය - Comedy | Thriller
තිරගත වීම ඇරඹූ දිනය - 2013 දෙසැම්බර් 20 වන දින
ධාවන කාලය - මිනිත්තු 150
රංගනය - Karthi සුගන් ලෙසින් (Alex Pandian - 2013)
Hansika Motwani ප්‍රියංකා ලෙසින් (Theeya Velai Seiyyanum Kumaru (2013),Engeyum Kadhal )
Premgi Amaren (Settai -2013) ලෙසිනුත් රංගනයෙන් දායක වෙනවා.


මුලින්ම කතාව පටන් ගන්නෙ සුගන් (කාර්ති) හා එයාගෙ යාලුවා වන පරසු (ප්‍රේම්ජී) ගේ පස්සෙන් පොලිසිය පන්නන එන සිද්ධියකින්.පස්සෙ ඊට කලින් සිද්දවෙච්ච සිදුවීම් කිහිපයක් පෙන්නනවා.ශාඛා විවෘත කිරීමට පැමිනෙන ආරාධිත අමුත්තා වන වරදරාජන් සුගන් ගැන පැහැදිලා ඔවුන්ගෙ ගෙදර තියෙන කොක්ටේල් පාටි එකකට එන්න කියනවා,සුගන් පස්සෙන්ම තමයි පරසු ඒ කියන්නෙ සුගන් හොදම යාලුවා යන්නෙත්.කොහොමහරි දෙන්නා පාටියට යනවා.පස්සෙ කොහොමහරි පාටිය අතරතුරෙ දෙන්නා බීමතින් යනවා බිරියානි කඩයක් හොයාගෙන,අන්තිමෙදි එකක් හම්බවෙනවා.ඔතනදී තමයි ලස්සන ගැහැනු ලමයෙක්ව දෙන්නා දකින්නෙ.ලස්සන ගැහැනු ළමයෙක් දැක්කහම හිතෙ ඇතිවන දේවල් ආයිත් අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ,ඊට පස්සෙ දවසෙ අතුරුදන් වෙලා යැයි සැක කරන වරදරාජන්ව පොලීසිය හොයනවා.පස්සෙ පරසු හා සුගන් දකිනවා වරදරාජන්ගෙ මලසිරුර ඔවුන්ගෙ කාර් එකෙ ඩිකියේ තියෙනවා.කට්ටියට දැනටමත් කතාව පටලැවිලද දන්නෙ නෑ .මේකෙ කතාව තව කිව්වොත් නම් බලලා වැඩක් නෑ,ඒක හින්දා මම එහෙන් මෙහෙන් පන්නල තමයි කතාව පොඩ්ඩක් කිව්වෙ.මම කිව්ව සිද්දි කිහිපයෙ මම කිව්ව නැති ගොඩක් දේවල් හැංගිලා තියෙනවා.දැන් අපිට ආයිමත් එන්න පුලුවන් පොලීසිය ඔවුන් පසු පස පන්නන සිද්ධියට.ඇත්තටම වරදරාජන්ව මැරුවෙ පරසුද,සුගන්ද,අර ලස්සන ගැහැණු ලමයද, එහෙමත් නැත්නම් වෙන කෙනෙක්ද? අර ගැහැණු ළමයව දැක්කට පස්සෙ දෙන්නට මොකද වුනේ? මේකෙ කතාව ගලාගෙන යන විදිහ දැනටමත් කට්ටිය හිතාගෙන ඇති,ඒත් අපි හිතන දේ නෙවෙයි මෙතන වෙන්නේ,මම මෙච්චර කතාව කිව්වට මේකෙ හොද කොටස් ටික ගැන නම් මම එක වචනයක් වත් කියලා නෑ.ඒක හින්දා අරන්ම බලන්න පුලුවන් මොකද වෙන්නෙ කියලා.ඒ වගේම මේක බලනකොට එක තත්පරයකට වත් ඇහැ ඉවතට ගන්න එපා.ත්‍රාසය,කුතුහල ය නම් මේකෙ අන්තිම තත්පරය වෙනකම්ම තියෙනවා.විටෙක මෙය ඔබගෙ දෙතොලට සිනහවක් එකතු කරයි.ඒත් මුළු කතාව පුරාම ගලායන්නෙ වෙනම කතාවක්.මේක රගපාන නළු නිලියන් නම් ඔවුන්ගෙ උපරිම රංගන දායකත්වය දීලා තියෙනවා කියලා කියන්න පුලුවන්.කොහොම හරි හැම කෙනෙක්ම මේක අරගෙන බලන්න,බැලුවා කියලා ඔයාලගෙ කාලය අපතෙ යන එකක් නම් නෑ.ආයිමත් කියනවා මේක සම්පූර්ණයෙන්ම ඔබව කුතුහලයෙන් මුසපත් කරාවි.ඒ වගේම ඔයාලා හිතන් ඉන්න හැම දෙයක්ම අන්තිම තත්පර කිහිපය තුල වෙනස් වෙයි.එමෙන්ම මේ චිත්‍රපටයටත් අංකන දත්ත පිටපත හදලා දුන් KEVIN CD HOUSE ආයතනයට හා එම සහෝදර කණ්ඩායමට විශේෂ ස්තූතිය හා ගෞරවය පුද කර සිටිනවා.තව පොඩ්ඩෙන් කියන්නත් අමතක වුනා,මේක බොක්ස් ඔෆීස් හිට් එකක් හොදේ. දැනට මේ බිරියානි එකේ රසවිදින්නකො,හැකි නම් පමණක් උපසි‍රැසි ගැන්වීම පිලිබදව අදහසක් දක්වලා යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File 
700MB Direct Link

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න.

Arrow (2014) S02E17 සිංහල උපසි‍රැසි සමග

ගිය සතියෙ කතාව ගැන කියනවනම් අමන්දා ඇතුළු සියදිවි නසාගැනීමේ කණ්ඩායම ගෝලම් කදීර් විසින් නිපදවු ස්නායු කාරකයක් ගැනනේ කතාව ගියේ,ඩීගල් එහෙමත් සියදිවි නසා ගැනීමේ කණ්ඩායමෙ මෙහෙයුමට උදව් වුනා.පස්සෙ ස්ලේඩ් විල්සන්ව හොයාගන්න ඔලිවර් අමන්දාගෙ උදව් ඉල්ලුවනේ.පස්සෙ එයාලට ස්ටාලින් නගරයට එනවයි කියන කුලීමිනිමරුවක් ගැනත් දැනගන්න ලැබෙනවා,එයා වෙනකවුරුවත් නෙවෙයි ඒ ඩෙත් ස්ට්‍රෝක් ඒ කියන්නෙ ස්ලේඩ් විල්සන් කියලා දෙන්නට දැනගන්න ලැබෙනවා.අද එතැන් සිට...අද කතාව යන්නෙ හන්ට්‍රස් නැවත ස්ටාලින් නගරෙට එනවා,ස්ටාලින්වලට පැමිණ සිටින ඇයගෙ පියාව මරා දැමීමට.නිකන් නෙවෙයි කට්ටියක් එක්කයි ඇය මෙදාපාර එන්නේ,ඔලිවර් ඇතුළු පිරිසට ඇයව නවත්තන්න පුලුවන් වෙයිද කියල අද කොටසින් දැනගන්න පුලුවන්.ලබන සතියෙ එහෙනම් ආපහු හමුවෙමු!

Believe (2014) S01E03 සිංහල උපසි‍රැසි සමග

පසුගිය සතියෙන්...

බෝයි ටේ‍ටුයි ඇට්ලන්ටා සිටි එකට යනවා.ටේට් කොහොමහරි අතෙ සල්ලි නැති හින්දා කැසිනෝ එකකට ගිහින් බෝ ගේ බලයෙන් හොරට කැසිනෝ සෙල්ලම් කරලා,සල්ලි දිනාගන්නවා.ස්ක්වුරාස් විසින් FBI නියෝජිතයෙක්ට පවරනවා බෝව ලබාගන්න.ඒ කියන්නෙ මේ නගරෙදී ඔවුන් දෙන්නව කො‍ටු කරගන්න.ඔවුන් දෙන්නා ගැන කියලා ඇම්බර් ඇලට් එකක් නගරෙ පුරාම පොලීසිය දියත් කරනවා.බෝ පොලිස් මෙහෙයුම් වලින් හොදාකාරවම පැනයන බව දන්නා ස්කවුරාස් වෙනම කණ්ඩායමකින් කුලීකාරයෙක් මිලදී ගන්නවා බෝව ‍රැගෙන ඒමට.මේ කුලීකාරයත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියන්නෙ එයා බාරගත්තු වැඩක් සාර්ථකව ඉවර කරලා තමයි පස්ස බලන්නෙ.පොලීසියෙනුයි එම කුලීකාරයාගෙනුයි ටේට් ටයි බෝටයි කොහොම හරි බේරෙන්න පුලුවන් වුනා මිල්ටන් වින්ටර් උදව් කරපු හින්දා.ඒ වගේම දන්නවනේ බෝ යන යන තැන අසරණව ඉන්න කෙනෙක්ට උදව් කරනවා කියලත්,අර කලින් හිටිය කැසිනෝ එකෙදී බෝ ට සේවිකාවක් හම්බුනානෙ ඇගෙ පුතා ලියුකේමියා රෝගයකින් පසුවන.කැසිනෝ එකෙන් දිනපු සල්ලි ලියුකේමියා රෝගයෙන් පසුවන දරුවාට ලබා දෙනවා.මේ බව ටේට් මෙන්ම එම දරුවාගෙ මව දැනගන්නෙත් පස්සෙ තමයි.ඒක දැනගත්තට පස්සෙ තමයි ටේට් ට තරු විසිවෙන්නෙ.ටේට් මොකක්හරි වැඩක් කලොත් බෝ ඒකට මොකක්ම හරි කරනවා,ඒකත් අද කොටසින් බලාගන්න පුලුවන් වෙයි.අද එතැන් සිට...අද කොටසින් කතාවෙ ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි.

The Walking Dead (2014) S04E15 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ පහලොස්වන කොටසත් අරන් තමයි අද ආවේ.ගිය සතියෙ කොටස ගැන කියනවනම් කේරන්වයි,ඩේවිඩ්වයි මැරුවේ තමා බව කැරොල්  ටයිරීස්ට කියනවා,පස්සෙ ටයිරීස් ඇයට සමාව දෙනවා.එමෙන්ම ඔහු ඇයට කියනවා එය කිසි දාක අමතක නොකරන බවත්.මිය ගිය ලිසී ගේ හා  මීකාගේ මලසිරුරු පුලුස්සා දමන ඔවුන් ජුඩිත් වත් ‍රැගෙන ටර්මින්ස් හෙවත් නැවතුම්පොල වෙත දුම්රිය මාර්ගේ හරහා ගමන් කරනවා.අද එතැන් සිට....
සිව්වන කතාමාලාවේ අවසන් කොටසින් ලබන සදුදා හමුවෙමු.


Arrow (2014) S02E16 සිංහල උපසි‍රැසි සමග

ගිය සතියේ ස්ලේඩ් විල්සන් ඔලිවර් ලගෙ ගෙදර ආවනෙ,ඇවිත් නිකං හිටියෙ නෑ ගේ බලන්නත් එක්ක ඔලිවර් ගේ අම්මත් එක්ක ගෙදර එහෙ මෙහෙ ඇවිද්දා.ස්ලේඩ් තමයි ස්කල් මාස්ක් එක දාන් ඉන්න කෙනාව මෙහෙයවන්නෙත් ඔහුගෙ උත්සහය තවත් මිරාකුරු සෑදවීම බවත් ඔලිවර් ට පවසනවා.පස්සෙ පෙන්වනවා ස්ලේඩ් ඔලිවර් ලගෙ ගෙදර ඇවිත් නිකං ඉදලා නෑ ගෙදර හැමතැම කැමරා හයි කරලා ගිහින් තියෙනවා.දූපතෙදී ඔලිවර්ට ස්ලේඩ් වෙච්ච පොරොන්දුවත් මතක ඇතිනෙ ඔයාලට.ඒක තමයි ස්ලේඩ් අනුගමනග කරන්නෙ.අද කොටසින් අලුත් කට්ටියක් අදුනගන්න පුලුවන් වෙයි,අලුත් කිව්වට මේ කට්ටියට අලුත්මත් නෑ.දැන් කතාව එන්න එන්නම රසවත් කියලා ඔයාලා දන්නවනේ.ලබන සතියේ මීලග කොටසින් හමුවෙමු!

Believe (2014) S01E02 සිංහල උපසි‍රැසි සමග

බෝ හා ඇයව ‍රැකබලා ගන්න දෙමව්පියන්ට් වාහනයක ගමන් ගනිමින් සිටියදී වෙනත් වාහනයක් ඇවිත් ඇයව බලාගන්න දෙමව්පියන්ව මරා දමනවා.එම මිනීමරුවා බෝව පැහැරගන්න හදන කොට වෙනත් කට්ටියක් ඇවිත් ඇයව රෝහලකට ඇතුලු කරනවා.බෝ හට විශේෂ හැකියාවක් තියෙනවා කියලා ඔයාලා දන්නවනෙ.ඇයට උදව් කරන්න මිල්ටන් වින්ටර් නමැත්තෙකු සමග වෙනම කණ්ඩායමක් ඉදිරිපත් වෙලා සිටිනවා.නොකල වරදකට සිරගත කර සිටින ටේට් නමැත්තාව මිල්ටන් වින්ටර් විසින් රහසිගත විදිහට හිරෙන් නිදහස් කරගන්නවා බෝව සොයා එන අයගෙන් ඇයව ආරක්ෂා කිරීමට.ඇයව ‍රැකබලා ගත් දෙමව්පියන්ව මරා දැමූ මිනිමරුවා ඇයව පැහැරගැනීම සදහා ඇය සිටින රෝහල වෙතත් පැමිණෙනව.ළමයින්ට කිසි සේත්ම කැමති නැති ටේට් ව කොහොමින් හෝ බෝ හට උදව් කිරීම සදහා යන්තමින් කැමැති වෙනවා ඔහුට කරන්න දෙයක් ඉතුරු වෙලා නැති අවස්ථාවක.රෝහල වෙත යන ටේට් එම මිනීමරුවාගෙන් බේරි බෝව ‍රැගෙන මිල්ටන් වින්ටර්ගෙ කණ්ඩායමේ උදව් ඇතිව ආරක්ෂිත ස්ථානයක් වෙත ගමන් ගන්නවා.එම බෝව පැහැරගන්න උත්සහ කරන කෙනා එම ස්ථානයටත් පැමිණෙනව,කොහොමින් හෝ බෝගෙ හැකියාව පාවිච්චි කරල බෝ ඇතුළු පිරිස ඉන් පැනගන්නවා. නමුත් මිල්ටන් ට හා ටේට් හට වෙඩි වදිනවා.ඔවුන් පැනලා ගියද පැහැරගැනීමට තැත් කරන කෙනාද ඔවුන් පසුපස පැමිණෙනවා.කාරයෙන් බැස ගන්නා ටේට් හා බෝ හට ඇයව මගහැරීමට හැකිවෙනවා. වෙඩි වැදී සිටින ටේට් වත් ‍රැගෙන බෝ කලින් නැවතී සිටි රෝහලෙ වෛද්‍යවරයකුගෙ නිවසට ගොස් ඔහු තුල බොද වී ගිහින් තිබූ බලාපොරොත්තු දල්වනවා.මන්ද ඔහු සේවය කල රෝහලෙ කෙනෙකු ඔහු අතින් මිය ගිය බව ඔහු සිතමින් වෛද්‍ය සේවයෙන් ඉවත් වීමට ඔහු තීරණය කරමින් සිටින නිසා,ටේට් ව සුව කරන වෛද්‍යවරයා හට බෝ පවසනවා ඔහු වෛද්‍ය සේවයෙන් ඉවත් නොවිය යුතු බවත් කලින් සිදු වු මරණයට ඔහු වගකිව නොයුතු බවත්.එමෙන්ම ඔහු කෙනෙක්ව මතුවට සුව කරන බවත්,එම සුවයට පත් වන කෙනා සිත් තැවුලෙන් පසුවන්නන්ගෙ සිත් සතු‍ටු කරන බවත්,මෙය එතරම් තැකීමට නොගන්නා වෛද්‍යවරයා හදිසියේ ලැබෙන ඇමතුමක් නිසා ටේට් හා බෝට සමුදී රෝහල වෙත යනවා.පසුව දැනගන්න ලැබෙනවා බෝ කලින් කියපු දේ සත්‍යයක් කියලා.මේ අතර බෝ හා ටේට් පිඩෙල්පියා වලට යන බසයකට ගොඩවෙනවා,එමෙන්ම බෝ සිටිනුයේ මිනීමරුවෙකුවත් වෙන කෙනෙක් සමගවත් නොව ඇයගේම පියා සමග බව මිල්ටන් විසින් ඔහු සමග වැඩ කරන චැනින් හට පවසනවා.එතනින් තමයි කතාව ඉවර වුනෙ.

මම පුද්ගලිකව කැමති කතාවක් තමයි මේක.කතාව ගැන අද කොටසින් ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි.කුතුහලයෙන් ඒ තරමටම මේ කතාමාලාව පිරී තිබෙනවා.තාමත් මේක නොබලපු කෙනෙක් ඉන්නවනම්,එයාලටත් ආරාධනා කර සිටිනවා මේක බලන්න,බැලුවා කියලා පාඩුවක් වෙන එකක් නම් නෑ,කියනවට වඩා බලන එකම තමයි හොද.ගිය සතියෙ කතාව මම සැකෙවින් ඉහත විස්තර කරලා තියෙනවා ඔන්න. ලබන සතියෙ මීලග කොටසින් හමුවෙමු!

The Walking Dead (2014) S04E14 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව ගැන මතක් කරනවනම් මැගී,බොබ්,ෂාෂා නැවතුම්පොලක් යයි පෙන්වන සිතියමක් දකිනවා.ග්ලෙන් එහෙට ගොස් ඇතැයි කියා සිතන මැගී එහෙට යන්න හදනවා.නමුත් ෂාෂා ඊට කැමැතිවෙන්නෙ නෑ.මැගී බොබ් ව හා ෂාෂා ව තනිකර හොර රහසෙම නැවතුම් පොල සොයා පිටව යනවා.මේ බව දැනගන්නා ෂාෂා හා බොබ් මැගී සොයා එනවා.මේ අතර සියල්ලම අතැර දමා ෂාෂා අතැරදමා තිබෙන නගරයක් වෙත යන්න තීරණය කරන අතර බොබ් ඉන් වෙනතකට යනවා.එම නගරයෙදී ෂාෂා හට මැගීව හමුවෙනවා සොම්බි මිනිසුන් සමූහයක් සමගම.පසුව මැගී ෂාෂා හට පවසනවා ඇය එම නගරයෙ ‍රැදී සිටියෙ බොබ් හා ෂාෂා එනතුරු බවත්,ඔවුන් නොමැතිව නැවතුම් පොල වෙත තනියම ගමන් කල නොහැකි බවත්.මේ අතර ඩැරල් හා බෙත් හට අවමංගල්‍ය කටයුතු සිදු කරන නිවසක් හමුවෙනවා.ඒ නිවසටද සොම්බි ආක්‍රමණයක් එල්ල වෙනවා.ඩැරල් බෙත් හට කියනව එම නිවසින් පලා ගොස් ඔහු එනතුරු පාරට වී සිට්න්න කියලා.අපහසුවෙන් ජීවිතය බේරගන්න ඩැරල් පාරට යන විට බෙත් ව අබිරහස් කාරයෙකින් පැහැරගෙන යනවා දකිනවා.ඩැරල් කාරය පසුපස දිව ආවත් ඔහුට කාරය හොයාගන්න වෙන්නෙ නෑ.රික් කලින් නිවසක සිට මගහැර පමිණි කණ්ඩායම ඩැරල් හට හමුවෙනවා.මැගී හා ෂාෂා අවසානයෙ බොබ් ව හොයාගන්න අතර ඔවුන් තිදෙනා නැවතුම්පොල වෙත ගමන් කරනවා.පසුව නැවතුම්පොල වෙත යන සිතියමක් ග්ලෙන් දකිනවා.අද එතැන් සිට..

අද කොටසෙනුත් විශේෂ සිදුවීම් කිහිපයක් බලාගන්න පුලුවන් වෙයි,දැන් කතාව සාමාන්‍ය විදිහට ගලාගෙන යන්නෙ කියලා බලන කට්ටිය දන්නවා ඇතිනේ.සිව්වන කතාමාලාව අවසන් වෙන්න තියෙන්නෙ තවත් කොටස් දෙකක් පමණයි.මීලග කොටසින් ලබන සතියෙ හමුවෙමු!


Believe (2014) S01E01 සිංහල උපසි‍රැසි සමග

 NBC නාලිකාවේ විකාශය ඇරඹූ නවතම රූපවාහිනි කතාමාලාවක් තමයි අද අරගෙන ආවේ.කතාව හදලා තියෙන්නෙ නම් Golden Globe, Academy Award සම්මාන දිනූ ඇල්ෆොන්සෝ කුරලෝන්.ඔහු තමයි පසුගියදා පැවැත්වුන ඔස්කාර් සම්මාන උළෙලේ හොදම අධ්‍යක්ෂණය ඇතුළුව සම්මාන ‍රැසක්  දිනාගත් Gravity චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා.මෙහි විධායක නිෂ්පාදනය කරල තියෙන්නෙ ජේ ජේ එබ්‍රහම්ස්,ඔහු ගැන කියනවනම් Person of Interest,Revolution,Fringe,Lost,Super 8,Mission: Impossible හා Star Trek යන සිත්තම් ඔහුගේ දායකත්වයෙන් බිහි වීම විශේෂත්වයක්.සුපිරි දෙන්නෙක් එකතු වුනොත් ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා ඔයාලා දන්නවනේ.කතාවත් ඒ තරම්ම අගනා නිර්මාණයක් කියලා කියන්න පුලුවන්.

සෘද්ධිවාරය,දුර ඇති දෙයක් සිතේ බලයෙන් සෙලවීමේ අධි මානසික හැකියාව,පරිසරය පාලනය කිරීමෙ හැකියාව,අනාගතය දැකීම වැනි දේ ඇය උපතෙදීම උරුම කරගත්ත දේවල්.බෝ,අවුරුදු 10ක් වයසැති ගැහැනු දැරිවියගෙ බලය ශක්තිමත් ව ඇයටම ඒ බලය පාලනය කරගත නොහැකි තත්වයක් උදා වී ඇත.දුෂ්ට අරමුණු ඇතිව කණ්ඩායමක් ඇගෙ බලයෙන් ලොව පාලනය කිරීම සදහා ඇය පසුපස පැමිනෙනවා,ඔවුන්ගෙ එකම අභ්‍රිපාය කොහොමින් හෝ දැරිවිය සතු බලය ලබා ගැනීමයි.දැරිවිය ආරක්ෂා කිරීමේ කටයුත්ත බාරව සිටින මිල්ටන් වින්ටර් නමැත්තා වැරදීමකින් සිරගත කරන ලද මරණ මංචකයෙ පසුවන බලාපොරොත්තු සුන් කරගත් ටේට් නමැත්තෙකුව සිරෙන් රහසිගත විදිහට නිදහස් කරගන්නවා අසාමන්‍ය බලයක් ඇති බෝව ආරක්ෂා කිරීම සදහා.ටේට් හා බෝ නැවතෙමින් නගරෙන් නගරෙට ගමන් කරනවා.බෝ කියන්නෙ නම් කියන දේ ටිකක් විතර අහන කෙනෙක් නෙවෙයි,ඒ වගේම ටේට් කියන්නෙත් ළමයින්ට පොඩ්ඩක්වත් කැමති කෙනෙක් නෙවෙයි.ඉතින් දෙන්නගෙ සබැදියාව රසබර විදිහට තමයි ගලාගෙන යන්නෙ.ඔච්චරයි කතාව ගැන කියන්නෙ නම්.ඇත්තටම ටේට් කියන්නෙ කවුද? බෝ සොයා එන ආක්‍රමණ වලින් ඇයට ගැලවිය හැකිවේවිද? ටේට් හට ඇයව ආරක්ෂා කල හැකිවේවිද? කුතුහලය,ත්‍රාසය,විද්‍යාත්මක,ෆැන්ටසි කතාමාලාවලට කැමති කට්ටියට වගේම හැම කෙනෙක්ටම බලන්න පුලුවන් ගොඩක් අය කැමතිවෙන ලස්සන කතාවක් තමයි Believe කතාමාලාව.ඒක නම් අනිවාර්යෙන්ම කියන්න පුලුවන්. මේ වගේ කතාමාලාවක් මම දෙන පලවෙනි වතාවත් මේකම තමයි.උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.ලබන සතියෙ මීලග කොටසින් හමුවෙමු!

The Walking Dead (2014) S04E13 සිංහල උපසි‍රැසි සමග

පසුගිය කොටසෙ කතාව ගැන කියනවනම් බෙත් හා ඩැරල් හුදෙකලා වී කැලයේ සිටින අතර බෙත් හට මත්පැන් තොල ගෑමේ කැමැත්තක් මතු වෙනවා.ඒ බව ඩැරල් හට පවසන අතර ඩැරල් ඊට ඉඩ දෙන්නෙ නෑ,මොකද ඔවුන් ඉන්නේ කැලේ නිසා,ඩැරල්ගෙ කීම නො අසා බෙත් මත්පැන් සොයා ගමන් ගන්නවා.පසුව ඇගෙ ආරක්ෂාව පිනිස ඩැරල් ඇගෙ පස්සෙන් ගමන් ගන්නවා.ඔවුන් හට හමුවෙනවා ගොල්ෆ් ක්ලබ් එකක්.එහිදී ඔවුන් සොයමින් ගමන් කල මත්පැන් බෝතලයක් හමුවෙනවා.ඒත් ඔවුන්ට ඒවා පානය කිරීමට පිරිසුදු වීදුරුවක් හම්බවෙන්නෙ නෑ.එහි තිබූ වීදුරු බිද දමන ඩැරල් බෙත් ව ගෙයකට ‍රැගෙන යනවා.එහිදි ඔවුන් මත්පැන් පානය කරන අතර ඩැරල් හට ඔහුගෙ අතීතය මතක් වී පසුව දුන්නෙන් විදින අයුරු බෙත් හට උගන්වනවා.හපාකන්නන් මොවුන් සිටින තැනටත් කඩා වදින අතර ඔවුන්ව මෙල්ල කිරීමට ඩැරල් ට හැකිවෙනවා.ඔවුන් අවසනායෙ එම ගෙදර ගිනි තබා නික්ම යන අතර ඩැරල් හට ඔහු කලින් සිටි අයුරු මතක් කරවනව.
අද එතැන් සිට......

ග්ලෙන් හට මැගීව සොයාගන්න පුලුවන් වේවිද? ග්ලෙන් සොයා ගමන් කරන මැගීට මොනා වෙයිද? ඩැරල්ව වෙනත් කණ්ඩායමකට අහුවෙනවා,ඔහුට මොනා වේවිද? බෙත් කොහොමද ඩැරල්ගෙන් මගහැරුනෙ? කියලා අද කොටසින් දැනගන්න පුලුවන් වෙයි.එහෙනම් ලබන සදුදා දින හමුවෙමු!



Gravity (2013) සිංහල උපසි‍රැසි සමග

2012 අවුරුද්දේ පෙබරවාරි මස 19 දින  Fright Night (2011) චිත්‍රපටයෙන් උපසි‍රැසි ගැන්වීම ඇරඹූ මම අද ලබාදෙන The Gravity (2013) චිත්‍රපටය තමයි මගේ 100 වෙනි උපසි‍රැසි නිර්මාණය වෙන්නෙ.මුලින්ම මතක් කරන්න ඕන සූම් වෙබ් අඩවියේ ඇඩ්මින් වන HEDZ ව.මා සමග සහයෝගයෙන් උපසි‍රැසි නිර්මාණය කල සියළු දෙනාවමත්,මගේ උපසි‍රැසි ගැන්වීම් වලට වචනෙකින් හරි අදහස් දක්වා මා දිරිමත් කල නොකල සියළු දෙනාටමත් ස්තූතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා.

පෘථිවියෙන් එපිට වන අනන්තය වන් වූ අභ්‍යවකාශයේ සුවිසැරියක් සදහා පිටත්ව යන ධීර වීර ගගනගාමීන් කණ්ඩායමකට අනපේක්ෂිත ලෙස මුහුණ දීමට සිදුවන්නේ තමන්ට කිසි විටෙක හෝ අත් විදීමට සිදු වෙතැයි ඔවුන් කිසිසේත්  නොසිතූ බියකරු සිදුවීම් පෙළකටය.එය කෙතරම් බියකරු හා අස්භාවික වේද යත් ඇතැම් විටෙක ඒ මෙම ශක්තිමත් පෞරුෂයෙන් හෙබි අභ්‍යවකාශගාමින්ව හැඩවීමටද සිනහා ගැන්වීමටද,තවත් විටෙක සිය කුරිරු වූ දෛවයට ශාප කිරීමටද ඔවුන්ව පෙළඹවීමට තරම් එම සිදුවීම් ප්‍රබලය.අභ්‍යවකාශයේ මං මුලා වී බොද වූ ජීවිත සිහිනය ජය ගැනීමට වෙර දරන අභ්‍යවකාශගාමින් දෙදෙනෙකුගේ කතා පුවත ‍රැගත් අග්‍රගණ්‍ය සිනමා සිතුවමක් තමයි අද මම සිංහල උපසි‍රැසි සමගින් ලබා දෙන්නෙ.මේක මෙච්චර දෙන්න පරක්කු වීම ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා.කමක් නෑ අපි කතව පැත්තට හැරෙමු.

ග්‍රැවිටි චිත්‍රපටයට කේන්ද්‍රගත වෙලා තියෙන්නෙ අභ්‍යවකාශ මෙහෙයුමක් අතරතුරදී ෂටලය සමග තමන් සම්බන්ධ කෙරෙන ‍රැහැන ගිලී ගොස්,පෘථිවිය සමග වන සබදතාවය ද බිද වැටී තෙරක් නොමැති අභ්‍යවකාශය තුළ අතරමං වන ගගනගාමී වෛද්‍ය ඉංජිනේරුවරියක වන (සැන්ඩ්‍රා බුලොක්) හා බොහෝ පළපුරුදුකම් ඇති කෘතහස්ත අභ්‍යවකාශ ගාමියෙකු (ජෝර්ජ් ක්ලූනි) විසින් ශුන්‍ය ගුරුත්වයකදී මුහුණ දෙන අභියෝගත්,යළිත් පෘථිවියට හෝ වෙනයම් ආරක්ෂිත අභ්‍යවකාශ යානයකට ළගාවන තුරු ජීවිතය ‍රැක ගැනීමට දරන අසීරු ප්‍රයත්නයත් වටාය.ගුරුත්වය ශුන්‍ය වූ අවකාශයක් කේන්ද්‍ර කරගනිමින් මෙතක් ලොව බිහි වූ පළමු සිනම කෘතිය වන්නේ මෙම චිත්‍රපටයයි.

අධ්‍යක්ෂක ඇල්ෆොන්සෝ කුළුරන් සිනමා රූපණ ශිල්පී එම්මැනුවෙල් ලුබෙස්කි හා ශුන්‍ය ගුරුත්වය පාදක කරගත් ප්‍රථම හොලිවුඩ් චිත්‍රපටයේ දෘෂ්‍ය ප්‍රයෝග අධීක්ෂණය කිරීමේ අභියෝගය කරට ගනිමින්, කළ නොහැකි යැයි සම්මත සීමාවන පවා පරයා යමින් දෘෂ්‍යමය වශයෙන් පෙර නොවූ විරූ වින්දනීය සිනමා ඇත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ලබා දීමෙහිලා කැප වූ ටිම් වෙබර් වැන්නවුන් විසින් ග්‍රැවිටි සිනමාරූපිය යථාර්ථයක් බවට පත් කිරීමෙහිලා විදි ගැහැට පිලිබදව චිත්‍රයක් ද බුලොක් හා ක්ලූනිගෙ අභ්‍යවකාශ සුවිසැරිය ඔස්සේ ප්‍රේක්ෂකයාට තිලිණ කිරීම ග්‍රැවිටි චිත්‍රපටයේ ඇති එක් සුවේශේෂත්වයකි.එය විස්මිත තාක්ෂණිකමය ප්‍රයෝගයන්ගෙන්ද ලෝකෝත්තරත්වය ඉක්ම වූ දිව්‍යමය අංග රචනයෙන්ද කෙතරම් පරිපූර්ණ ද යත්,එය සිනමාවට නැගීම සදහා ගත වූ සිව්වසරක කාලය මුළුල්ලේ,ඒ වෙනුවෙන් හෙළන ලද රුධිරය ,දහදිය  හා කදුළු මුසු පරිශ්‍රමයන් පිලිබදව යම් ඉගියක් හෝ පළ නොකරන තරම්ය.

ශුන්‍ය වූ ගුරුත්වයක හිදිමින් සිනමාම්බරයේ ගුරුත්ව නියමයන් අභියෝගයට ලක් කරමින් ඉමහත් පෙරළියක් සිදු කළ ග්‍රැවිටි හි අධ්‍යක්ෂක ඇල්ෆොන්සෝ කුළුරන් පවසන ආකාරයට එය නිර්මාණය කිරීම වූ කලි දුෂ්කරතා බාධක මඩමින් සිදු කල සංචාරයක් බදු බවය.හරියටම කියනවනම් අභ්‍යවකාශයේ ඉවක් බවක් නොමැතිව එහා මෙහා ගමන් කරන්නා වූ මිනිසා විසින්ම අභ්‍යවකාශයට බැහැර කළා වූ බිදි ගිය චන්ද්‍රිකා,අභ්‍යවකාශ යානා ආදියේ දැවැන්ත කොටස් වැනි අභ්‍යවකාශ කැලි කසළ (Space Junk) ආදියෙන් බුලොක් හා ක්ලූනිට ග්‍රැවිටි හිදී එල්ල වූ දුෂ්කරතා හා සමාන වූවකි.මේ බව ව්‍යංගාර්ථයෙන් හැදින්වීම සදහා චිත්‍රපට තලය තුල මුර පදය ලෙස භාවිතා වන ලද්දේ 'සුන්බුන්ය' කුළුරන් සිහිපත් කරන ආකාරයට බුලොක් හා ක්ලූනිට අභ්‍යවකාශ සුන්බුන් වෙතින් එල්ල වූ දුෂ්කරතා මෙපමණවේද,ඒ හා සමාන වු දැවැන්ත ගැටලු හා අසීරුතාවන් ‍රැසකට ග්‍රැවිටි කාර්ය මණ්ඩලයටද මුහුණ දීමට සිදුව තිබිණි.මේ නිසාම සුන්බුන් යන මුරපදය ග්‍රැවිටි කාර්ය මණ්ඩලය අතර නිතර හුවමාරු වන වචනයක් බවට පත්ව තිබිණි.සිය පුතු ජොනාස් සමග ග්‍රැවිටි හි තිර පිටපතද රචනා කිරීමට යෙදුණු කුළුරන් පවසන ආකාරයට ග්‍රැවිටි හිදී මතු වූ දුෂ්කරතා ඇතැම් අවස්ථාවන් හිදී කෙතරම් හාස්‍යොත්පාදක සීමාවන් කරා ළගා වූයේද යත් ගැටලු හමුවේ සිනහ නොවී සිටිය නොහැකි වාතාවරණයක් උදා වී තිබුණි.

Y Tu Mama Tambien (2001),Children of Men (2006) හා සුප්‍රකට හැරී පෝටර් චිත්‍රපට මාලාවේ සියල්ලම අතුරින් විචාරක ප්‍රසාදයට වඩාත්ම ලක් වූ Prisoner of Azkaban (2004)  වැනි චිත්‍රපට ගණනාවක්ම අධ්‍යක්ෂණය කරමින් කීර්තියක් හිමි කරගත් අධ්‍යක්ෂක කුළුරන් ළමා වියේ සිටම ගුප්ත වූ විශ්වය කෙරෙහි බැදගත් සිතින් යුතු වූ අභ්‍යවකාශ නියමුවෙකු විය.

තමා සතු නොවන අංගයන්ගෙන් සිය ශක්තිය උකහා ගැනීමට සමත් ග්‍රැවිටි චිත්‍රපටය බෝම්බ,වෙඩි තැබීම්,ආවේගශීලි හඹා යෑම් ආදියෙන් තොරවුවද අති සාර්ථක වික්‍රමාන්විත ක්‍රියාදාම චිත්‍රපට තැනිය හැකි බවට හොදම නිදසුනකි.සුන්දරත්වයත් ගූඪ බවත් එකසේ කැටි කරගත් අපරිමිත වු අභ්‍යවකාශය හැරුණු කල එහි වන එකම චරිත දෙකට මුහුණ දිය  යුතු අන් සතුරෙකුද නොමැත.එම චරිත දෙක අතර වුවද දෙබස් හුවමාරු වීමක් සිදුවනුයේ ඉතාම අල්ප වශයෙන් නිසා චරිත පිළිබදව ස්වයං විග්‍රහයක යෙදීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව හිමිවේ.

නමුත් කුළුරන්ට අනුව ග්‍රැවිටි හි  අදෘෂ්‍යමාන රංගනයක නිරත වන තෙවැනි චරිතයක් ද  වේ.කැමරාව තෙවන අභ්‍යවකාශගාමියෙකු ලෙස අදිසි චරිත නිරූපණයක නියැලෙන අතර එම අභ්‍යවකාශගාමියා අන් කිසිවෙකු නොව ප්‍රේක්ෂකයාමය.

ශුන්‍ය ගුරුත්වයේදී අහිමි වු භෞතික න්‍යායන්ගෙන් එකට බැදි,සුවිසල් වූ අභ්‍යවකාශයේ කෙළවරක් නොදැක පාවෙන චරිතත් සමග,නිදැල්ලේ පාවි යාමේ විරල අවස්ථාවක් ප්‍රේක්ෂකයාට ලබා දීමට කුළුරන් පියවර ගන්නා ලද්දේ ඔවුන්ගේ චෛතසික අත්දැකීමද ප්‍රාථමික අයුරින් හෝ තිරය මතට ප්‍රක්ෂේපණය කිරීමේ අරමුණ ඇතිවය.තමන් ද නොදැනුවත්වම චිත්‍රපටයේ චරිත හා මුසුවෙමින් තමන්ටද හොරා තමන් තුළම වන පරිකල්පනයෙන් පැන නගින්නාවු මනෝහර ඉදිරිපත් කිරීමකින් ප්‍රේක්ෂකයා කුල්මත් කිරීමට කුළුරන් දැක්වූ දක්ෂතාවය ග්‍රැවිටි ඔස්සේ ඔහු විසින්ම ඉදිරිපත් කරන දැවැන්ත පෙලහරක් බව ඉදුරාම කිව යුතුය.

පසුගියදා පැවැත්වුන ඔස්කාර් චිත්‍රපට සම්මාන උළෙලේ හොදම සිනමාරූපණය,හොදම අධ්‍යක්ෂණය,හොදම සංස්කරණය,හොදම දෘෂ්‍ය ප්‍රයෝග,හොදම නාද සංකලනය,නාද සංස්කරණය වැනි සම්මාන රාශියක් දිනාගැනීමට මෙම චිත්‍රපටය සමත්වූ අතර වසරේ හොදම චිත්‍රපටයත් මෙය නිර්දේශ වූ අතර වෙනත් සම්මාන උළෙල්වල් හිදීද සම්මාන දිනාගැනීමට හැකි වූ සිනම සිත්තමක් ලෙස දැක්විය හැකිය.එහෙනම් තවත් චිත්‍රපටයක් සමග හමුවීමේ බලාපොරොත්තුවත් සමගම නික්ම යනවා,ඔබට සුභ දවසක්.

The Walking Dead (2014) S04E12 සිංහල උපසි‍රැසි සමග

මිෂෝන් හා කාල් ඔවුන්ට අවශ්‍ය කෑම බීම සොයා ගමන් කරනවා,ඒ අතර ඔවුන් සොයාගත් ගෙදර රික් තනියම නතර වෙනවා,ජුඩිත් මියගියා යැයි හිතං ඉන්න කාල් පසුවන්නෙ හිතෙ වේදනාවෙන් ඒ එම නිසා මිෂෝන් ඔහුව සතු‍ටු කිරීමට යම් යම් දේවල් කරනවා.මේ අතර කොහොමින් හෝ මිෂෝන් හට පුතෙක් සිටි බව කාල් මිෂෝන් ගෙන් දැනගන්නවා.සිහිය නැතුව හිටිය ග්ලෙන් එක්වරම එබ්‍රහම්ගෙ ට්‍රක් එකෙදී සිහිය එනවා,බස් එකක් පසුකරගෙන ආවද යැයි ග්ලෙන් තාරාගෙන් ප්‍රශ්න කරන අතර එම බස් එකෙ සිටි සියල්ලෝම මැරී ඇති බව තාරා ග්ලෙන් හට පවසනවා.ඇය කියන දේ නො අසා ග්ලෙන් මැගී සොයා ගමන් කරනවා,ඒබ්‍රහම් ඔහුව නැවැත්වීමට උත්සහ කරන අතර එම කිසි දෙයක් නොතකා ග්ලෙන් වෙනම ගමන් ගන්නවා,එබ්‍රහම පවසන්නෙ ඔවුන් එයිජින් නමැත්තාව වොෂින්ටන් ඩී සී වෙත ගෙනයාමෙ මෙහෙයුමක සිටින බවයි,කොහොමින් හෝ ග්ලෙන් හා එබ්‍රහම් පොර බදිනවා.හපාකන්නො ඔවුන් වෙත පැමිණෙන අතර ඔවුන් සියල්ලන්වම එබ්‍රහම් ඇතුළු පිරිස විසින් මරා දමනවා,රික් සිටින නිවසට අදිසි කණ්ඩායමක් ආක්‍රමණය කරනව.රික්,මිෂෝන් හා කාල් පැන ගන්න අතර සැමටම ආරක්ෂාව සපයන බවයි කියවෙන පුවරුවක් දැකීමෙන් ඔවුන් ඒ මාර්ගය ඔස්සෙ ගමන් ගන්නවා.ඔය මතක් කලෙ පසුගිය කොටසෙ කතාව.අද එතැන් සිට.........ලබන සතියෙ කොටසින් හමුවෙමු එහෙනම්.

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google