Latest Subtitles :
Recent Movies

Kidnap (2017) සිංහල උපසිරැසි සමඟ

ඔයාලට මං කලින් දීපූ Call (2013) චිත්‍රපටය මතකද ? ඒකේ Halle Berry ගේ රංගනයත් ඔබට අමතක වෙන්න විදිහක් නෑ. අද අරන් ආවේ Halle Berry රඟන එක හුස්මට බලන්න පුලුවන් චිත්‍රපටයක්. ත්‍රාසජනක චිත්‍රපට බලන අය නම් මේක මඟහැරගන්න එපා.

මම කාර්ලා ඩයිසන්,මගෙ මහත්තයා මගෙ වෙන් වෙලා වෙනත් අයෙක් එක්කලා ජීවත්වෙන්නේ.මට කියලා හැමදේකටම ඉන්නේ මගේ පුතා ෆ්රැන්කියි.එයාට තාම අවුරුදු 6යි.මං ආපනශාලාවක සේවිකාවක් විදිහට වැඩ කරනවා.ලොකු සල්ලියක් නම් හම්බෙන්නේ නෑ,ඒත් මටයි මගේ පුතාටයි ජීවිත් වෙන්න ඒ හම්බවෙන පඩිය ප්‍රමානවත්.එක දවසක් පුතාව පාක් එකට එක්ක යන්න ඕන නිසා මං එයාව මං වැඩ කරන තැනට එක්ක ගියා,මොකද එතකොට මට කෙලින්ම ආපනශාලාවේ වැඩ ටික ඉවර කරලා පුංචි පුතා එක්ක පාක් එකට යන්න පුලුවන් හින්දා.ඒත් එදා මාත් එක්ක වැඩ කරන අනික් සේවිකාව ඇවිත් තිබ්බේ නෑ,ආපනශාලාවේ ඇවිත් හිටිය සෙනගත් ගොඩක් වැඩියි.මං සේවිකාවක් නිසා සමහරු මාව විහිලුවකට ගන්න අවස්ථාත් නැත්තෙමත් නෑ.මොන දේ වුනත් රස්සාව වටිනවනේ කියලා මං ඒවා වැඩිය ගානකට ගන්නේ බොහොම අඩුවෙන්.ඉතින් අනික් සේවිකාවත් නැති නිසා ආපනශාලාවේ වැඩ ඔක්කොම මට තනියෙන් තමයි කරන්න වුනේ,කෑම හදලා දෙන්න කෙනෙක් හිටියට ඒවා ඇවිල්ලා ඉන්න කට්ටියට පිලිගන්වන්න හිටියේ මං විතරයි.මගේ පුංචි පුතා මාත් එක්ක පාක් එකට යන්න ආපනශාලාවේම තියෙන පුටුවකට වෙලා බලන් ඉන්නවා.ආපනශාලාවේ කෙනා කියනවා අද අනික් කෙනා නැති හින්දා ඩබල් ටයිම් වැඩ කරන්නලු,ඒවා කොහේ කරන්නද? පුතාව පාක් එක්ක යන පොරොන්දුව පිට මං එයාව මෙහෙට එක්ක ආවේ,මං කෙලින්ම බැහැ කිව්වා.වාසනාවකට මං කලින් කිව්ව සේවිකාව ආපනශාලාවට එනවා කියලා මට පුතා එක්ක පාක් එකට යන්න අවසර ලැබුනා.පුතා එක්කලා මගේ වාහනේ මං පාක් එකට ගියා.ඉස්සරහට යනකොට මං දැක්කේ කෙනෙක් ඉඳන් ළමයින්ගේ මූනේ සායම් තවරනවා.මගේ පුතත් ඕක දැකලා එයාට සායම් ගාගන්න ඕන නේ කියලා කිව්වා.පුතා මූණ පාට කරගන්නවට අකැමති නිසා මං බොරුවක් කියලා එයාගේ අවධානය වෙනස් කරා.පස්සේ කොහොමහරි පාක් එකේ තිබ්බ ෂෝ එකක් බලන්න මායි මගේ පුතයි එතන තිබ්බ බංකුවක් මත වාඩි වුනා.ටික වෙලාවක් ගියේ නෑ,මගේ දුරකතනය නාද වුනා.පාක් එකේ කට්ටියගේ කෑගැහැලි ,ෂෝ එකේ සද්ද බද්ද නිසා ෆ්රැන්කිට ඉන්න තැනම ඉන්න කියලා මං කෝල් එක ගන්න ටිකක් එහාට ගියා.පස්සේ මට දැනගන්න ලැබුනේ මට හරි හමන් රස්සාවක් නැති නිසා ෆ්රැන්කී ගේ තාත්තා,ෆ්රැන්කීගේ සම්පූර්න භාරකත්වය ඉල්ලනවා කියලා.මොකද කියනවනම් එයාලට මට වඩා සල්ලි බාගේ තියෙනවනේ.මේ ප්‍රශ්නේ උසාවි යන්න තරම් දුරදිග ගිහින් කියලා මට දැනගන්න ලැබුනා.කොහොමහරි මට කෝල්
එකේ වැඩි වෙලා ඉන්න ලැබුනේ ෆෝන් එකේ බැටරිය බැස්සා.මං ආපහු ෆ්රැන්කී හිටිය තැනට ආවා,ඒත් ඒ බංකුවේ ෆ්රැන්කී හිටියේ නෑ.එතන හිටිය අයගෙන් මං මගෙ පුතාගෙ හැඩරුව කියලා ඇහුවත් ඒ කිසි කෙනෙක් මගේ පුතාව දැකලා නෑ.මගේ පපුව ගැහෙන්න ගත්තා,මගේ පුතාව මං හැමතැනම හෙව්වා.ඒත් හම්බුනේ නෑ,ඒත් මගේ වාසනාවකට මම දැක්කා ගෑනු කෙනෙක් මගේ පුතාව වාහනෙකට බලන් දාගන්නවා.අනේ මගේ පුතා ෆ්රැන්කී... මං දුවලා ගිහින් ඒ වාහනේ නවත්තන්න හැදුවත් උන් නවත්තන්නෙ නැතුව යන්න ගියා.පස්සේ මට මගේ වාහනේ මතක් වුනා.වාහනෙට නැගලා මං උන් පස්සෙන් එලෙව්වා.උන් මං පස්සෙන් එන එක වලක්වන්න කරන්න පුලුවන් හැමදේම කරා.ඒත් මං නැවතුනේ නෑ.අන්තිමේදී උන් මගේ පුතාව වාහනෙන් එලියට දානවා කියලා තර්ජනය කරලා උන් මගේ ගමන් මග වෙනස් කරා.ඒත් මං නැවතුනේ නෑ.මගේ පුතා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මං ලෑස්තියි,මං උන් පස්සේ ආයිමත් ලුහුබදින්න පටන් ගත්තා.මට මේ ලුහුබැදීමේ මුහුණ දීමට වූ බාධක,සොයාගැනීමට හැකි වූ සුලමුල ඉතා සුලුපටු නෙවෙයි.එහෙනම් කාර්ලා ඩයිසන් සමඟ එක්වී එයාගේ පුංචි පුතා පැහැරගත් අය පසුපස ලුහුබඳින්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා.



John Wick Chapter 2 (2017) සිංහල උපසිරැසි සමඟ

IMDB මීටරේ 8.1 එකට කැරකුනු පසුගිය පෙබරවාරි 10 වැනි දින තිරගත කල John Wick 2 නම් සුපිරි ගණයේ චිත්‍රපටය එක්ක තමයි අද ආවේ.අන්තර්ජාලයට හොඳ කොපියක් අද දින තමයි නිකුත් වෙලා තිබුනේ.මේ වගේ ෆිල්ම් එකක් කැමරා කොපි වලින් බලන්නහොඳ නැති නිසා තමයි මෙච්චර කාලයක් ඉවසන් හිටියේ.එහෙනම් ඔන්න හොඳ කොපියක් එනතුරු ඉවසන් හිටිය අයට දැන් බලන්න පුලුවන්.මේක බලන්න කලින් මුල් චිත්‍රපටය බලපු නැති අය ඒක බලලා හිටියොත් නම් උපරිම රසවින්දනයක් ලබාගන්න පුලුවන්.මොකද මේක පටන් ගන්නෙ මුල් චිත්‍රපටය ඉවර වෙච්ච තැනින්.

කතාව :-
ජෝන් වික් එහෙමත් නැත්නම් බුගී මෑන් ගේ බිරිඳ මෙලොව හැරගිහින් යම් කාලයක් ගත වුනත් ඔහුට ඒ මතකයන් වලින් මිදෙන්න බැරුව තමයි ඉන්නෙ.විශ්‍රාම ගිහින් සිටින ඔහු සාමකාමි ජීවිතයක් ඔහුගේ බලු පැටියා එක්ක ගත කරමින් ඉන්න කොට ඔහුගේ ගේ දොරකඩට අමුත්තෙක් ඇවිත් තට්ටු කරනවා. බැලින්නම් ඒ වෙන කවුරුවත් නෙවෙයි මීට අවුරුදු ගණනාවකට පෙරාතුව කිසිවිටෙකත් කළ නොහැකි මෙහෙයුමක් සම්පූර්ණ කල නිසා ඔහුට විශ්‍රාම යන්න උපකාර කර ප්‍රතිඥාවක් දුන් ඉතාලියේ ලොකු අපරාධකරුවෙක් වෙන සැන්ටිනෝ ඩී ඇන්ටෝනියෝ. සැන්ටිනෝ,ජෝන් හට කොන්ත්‍රාත්තුවක් බාර දීමට ඇවිත් හිටියත් විශ්‍රාම සුවයෙන් පසුවෙන ජෝන් එය ප්‍රතික්ශේප කරනවා.එහි ප්‍රතිවිපාකයක් ලෙස සැන්ටිනෝ ජෝන් ගේ ගෙදරට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ගේ පොලවට සමතලා කරනවා.ඔහු ලබාදී තිබෙන ප්‍රතිඥාව තුල තිබෙන කඩ කල නොහැකි නීති දෙකක් නිසා ජෝන් හට සැන්ටිනෝගේ කොන්තාත්තුව බාර ගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැතිවෙනවා.ඒ කොන්ත්‍රාත්තුව තමයි සියලුම අපරාධවල මුලුසුන හොබවන හයිටේබල් නොහොත් ඉහළ මේසයේ අසුනක් හිමි සැන්ටිනෝගේ සොහොයුරියව ඝාතනය කරන එක.නිදන් හිටිය සිංහයෙක්ව නැගිටවපු සැන්ටිනෝ හට මොනවා වෙයිද? මේ කොන්ත්‍රාත්තුව නිසා ජෝන් වික් හට මොනා වෙයිද? චිත්‍රපටය ආරම්භයේ සිටම ගිනි විසිවෙන ක්‍රියාදාම ජවනිකාවලින් පිරුණු මෙය ඊට පිලිතුරු සපයාවි.


Winner (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න වෙනසකටත් එක්ක ටොලිවුඩ් චිත්‍රපටයක් අරගෙන ආවා.ඉංග්‍රීසි,හින් දි,දෙමළ චිත්‍රපට උපසිරැසි ගැන්වීම කරලා තිබුනත් මං තෙලිගු චිත්‍රපටයක් උපසිරැසි ගන්වපු පලමු අවස්තාව මේකයි.චිත්‍රපටය තමයි Winner (2017).මං කැමතිම නිලියක් තමයි මේකේ ඉන්නෙ.ඒ වෙන කවුරුවත් නෙවෙයි තෙලිගු සිනමාවේ නැතුවම බැරි චරිතයක් වන Rakul Preet Singh.නලුවා ගැන කියනවනම් Subramanyam For Sale හි හිටිය Sai Dharam Tej තමයි මේකේ ප්‍රධාන නලුවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Gopichand Malineni.ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නෙ Nallamalupu Bujji හා Tagore Madhu.එතකොට මේකේ Music කරල තියෙන්නෙ S. Thaman.තෙලිගු චිත්‍රපට බලන කෙනෙක් නම් ඔහුව නොදැන ඉන්නට විදිහක් නෑ.ජනප්‍රිය චිත්‍රපට ගණනාවක්ම ඔහුගෙ මියුරු සංගීතයෙන් හැඩ වෙලා තියෙනවා.මේ චිත්‍රපටයෙ සිත්ගන්නා ගීත කිහිපයක්ම තිබුනා. ඒ ඔක්කෝටමත් සිංහල උපසිරැසි කරලා තමයි අරන් ආවේ.

කතාව :-
ධර්මේන්ද්‍රා රෙඩ්ඩි කියන්නෙ අශ්ව තරග වලට ඔට්ටු අල්ලන මහ පරිමාණයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙක්.හැබැයි ඔහුගේ මේ දියුනුවට හේතුව වුනේ එරට අංක එකේ ජොකියා වන ඔහුගේ පුත් මහේන්ද්‍ර රෙඩ්ඩියි.කෙසේ නමුත් ඔහුගේ පියාගෙ දැඩි විරුද්ධත්වය මත ඔහු ආදරය කරන ගැහැනු ළමයෙක් එක්ක විවාහ වෙලා ගෙදරින් යන්න යනවා.මහේන්ද්‍ර රෙඩ්ඩි ඇයත් එක්ක ඔහොම සන්තෝසෙන් කාලය ගත කරත් අවසානයේ ඇය මෙලොවට පුතෙක් බිහිකර මෙලොව අතහැර යනවා.මෙතැන් සිට අපි ඔහුව සිද්දු (Sai Dharam Tej) යැයි හදුන්වමු. මහේන්ද්‍ර රෙඩ්ඩි ගේ අතහැර යාමෙන් පසුව ධර්මේන්ද්‍රා රෙඩ්ඩිගේ ව්‍යාපාර වල විශාල ලෙස පාඩු ලබනවා.දැන් මොහුගේ එකම අභිප්‍රාය වෙන්නෙ නැවත තමන්ගේ පුතාව තමන් ළගට ගන්න එක.බොරු ආදරයක් පෙන්නලා ධර්මේන්ද්‍රා රෙඩ්ඩි නැවත මහේන්ද්‍ර රෙඩ්ඩි හා පුතාව ගෙදරට එක්කන් එනවා.ධර්මේන්ද්‍රා රෙඩ්ඩිගේ එකම අරමුණ තමයි මහේන්ද්‍ර රෙඩ්ඩිගෙන් ඔහුගේ පුතාව වෙන් කරලා මහේන්ද්‍ර රෙඩ්ඩ්ගේ අවධානය තමන්ගෙ ව්‍යාපාර වලට යොමුකරවන එක වගේම ඔහුට වෙනත් විවාහයක් කර දෙන එක.ධර්මේන්ද්‍රා රෙඩ්ඩි විසින් පුංචි සිද්දුව තමන්ගෙ තාත්තට වෛර කරන තැනට වැඩ සිද්ද කරනවා.අනතුරුව මේ හැමදෙයක්ම ඉවර වෙන්නෙ සිද්දු ගේ අතහැර පැනලා යාමෙන්.

අවුරුදු 20ක් ගතවූවායින් පසුව,අර කලින් කී සිද්දු දැන් පත්තරේක ක්‍රියේට්වි හෙඩ් කෙනෙක් විදිහට වැඩ කරනවා.හැබැයි ඔහු දේවල් දෙකකට වෛර කරනවා.එකක් තමා ඔහු තාත්තලාට වෛර කරනවා,අනික තමා ඔහු අශ්වයන්ට වෛර කරනවා.සිද්දුගෙ තාත්තා ඔහුව හැමතැනකම වගේ හෙව්වත් ඔහුව හම්බවෙන්නෙ නෑ.පස්සේ සිද්දු,සිතාරා (Rakul Preet Singh) කියලා ගැහැනු ළමයෙක්ගේ හිත දිනාගන්න උත්සහ කරනවා.හැබැයි ඇය නම් සිද්දුට පොඩ්ඩක්වත් කැමැති නෑ.ඇගේ එකම බලාපොරොත්තුව තමයි ජාතික ශූරතා ධාවන තරගයෙන් රන් පදක්කමක් ගන්න එක.ඉගෙන ගන්නවා කියලා ගෙදරට කියලා මෙහෙ ඇවිත් ධාවන තරගවලට සහභාගි වෙන එක තමයි ඇය කරන්නෙ.සිද්දුව සිතාරා ප්‍රතික්ෂේප කරන නිසා ඒකේ තරහට සිද්දු,සිතාරාගෙ තාත්තට දුවගේ කෙරුවාව අකුරක් නෑරම කියලා දානවා.ඒ වෙලාවෙම ඇවිත් සිතාරව එක්කන් යන ඇයගේ තාත්තා,ඇයට විවාහයක් හදිසියේ ලෑස්ති කරනවා.සිතාරාගේ තාත්තාත් අශ්ව ව්‍යාපාර වලට සම්බන්ද නිසාම ඇයව විවාහ කරදෙන්න හදන්නෙ එරට ඉන්න ආධි කියලා හොඳම ජොකියෙක්ට.ඇගේ විවාහය ගැන දැනගන්නා සිද්දු මේ විවාහය වෙන තැනට එනවා.සිතාරත් මේ විවාහයට පොඩ්ඩක්වත් කැමති නෑ.ඇයට ඕන කොහොමහරි ඇගේ හීනේ ඉටු කරගන්න.සිතාරට මේ විවාහයෙන් බේරෙන්න ඕන කමට සිද්දුව පෙන්නලා කියනවා එයා තමයි හයිද්රාබාද් වලට හොඳම ජොකියා කියලා.ඒ වගේම ඇය කියනවා ආධි හා සිද්දු අතර අශ්ව රේස් තරගයක් තියලා ඒකෙන් දිනන කෙනාව තමයි එයා විවාහ කරගන්නෙ කියලා.ඔහොම කතාබහ යන අතරවාරයේ මහේන්ද්‍ර රෙඩ්ඩි ඔතනට ඇවිත් කියනවා කලින් කී ජොකියා නොහොත් ආධී කියන්නෙ අවුරුදු 20 ගානකට පෙර තමන්ව අතහැර ගිය තමන්ගේ එකම පුතා වන සිද්දාර්ත් රෙඩ්ඩි කියලා.ඒ වගේම ඔහුගේ පුතා සිතාරා විසින් කල අභියෝගය බාර ගන්නා බවත් කියනවා.

මේ වෙන සිද්දිය දැකලා සිද්දු පුදුමයට පත්වෙනවා.තාත්තලට වගේම අශ්වයන්ටත් වෛර කරන සිද්දු සිතාරා වෙනුවෙන් වගේම තමන්ගේ පියා වෙනුවෙන් මේ අශ්ව රේස් එකේ අභියෝගය බාර ගන්නවා.සිද්දුගෙ අනන්‍යතාවයෙන් මහේන්ද්‍ර රෙඩ්ඩි ගාව ඉන්නෙ කවුද කියන එක හොයාගන්නත්,තමන්ගෙ පියාට කෙසේ හෝ ලං වෙන්නත්,සිතාරගේ ආදරය ලබාගන්නත්,තමන්ගේ සීයට පාඩමක්උ ගන්වන්නත් සිද්දු අදිටන් කරගන්නවා.සිද්දුට මේ දේවල් ඔක්කොම කරන්න පුලුවන් වෙයිද කියලා දුක,සතුට,ක්‍රියාදා ම ජවනිකා පිරුනු මෙය කිසිදු කම්මැලිකමක් නැතිව බලලා එහෙනම් උත්තර දැනගන්න.ජයවේවා!


 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google