Latest Subtitles :
Recent Movies

The Ice Road (2021) සිංහල උපසිරැසි සමඟ

 

අද ඔන්න 2021 ජූනි 25 වන දින (ඊයේ) Netflix හරහා නිකුත් වුණ ලියාම් නීසන්ගේ  අලුත්ම චිත්‍රපටය වන The Ice Road (2021) අරගෙනයි මේ පැත්තට ආවේ. මේ චිත්‍රපටය Disaster,Action,Thriller ගණයට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. කතාව රචනය වගේම අධ්‍යක්ෂණය කරන්නෙ Jonathan Hensleigh විසින්. රංගනයෙන්  Liam Neeson,Laurence Fishburne,Benjamin Walker,Amber Midthunder යන අය එකතු වෙනවා. මෙය පැය 2කට ආසන්න කාලයක් ධාවනය වෙනවා.

කතාව ගැන බැලුවොත් මනිටොබා නගරයේ තියෙන කැට්කා සමාගමට අයත් දියමන්ති පතලක පිපුරුමක් සිදුවෙනවා.එම පිපුරුමෙන් පතල් කරුවන් අට දෙනෙකුගේ පමණ ජීවිත අහිමි වන අතර පතල් කරුවන් 26 දෙනෙක් පතල තුළ හිරවෙනවා.

මයික් මැකාන් (ලියාම් නීසන්) කියන්නෙ එයාගෙ සහෝදරයා වන ගර්ටි එක්ක විනිපෙග් වල ට්‍රක් රථ සමාගමක සේවය කරන කෙනෙක්. මේ සමාගමේ මැකාන් ට්‍රක් රථ රියදුරෙක් ලෙස වැඩ කරත්,ඔහුගෙ සහෝදරයා මැකෑනික් කෙනෙක් ලෙස වැඩ කරනවා.යම් සිදුවීමක් හින්දා සහෝදරයෝ දෙන්නවම රැකියාවෙන් නෙරපා දමනවා. කෙසේ හෝ ඔවුන්ට දියමන්ති පතලේ හිරවූ පතල්කරුවන්ව ගලවාගැනීමේ මෙහෙයුමට සහභාගි වීමට හැකියාව ලැබෙනවා.ඔවුන් ඇතුලු මීට සහභාගි වන සිව් දෙනාට ලොකු තාග්‍ය මුදලක් ද ලැබෙන බව කියනවා.  
පතල් කරුවන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට පැය 30ක කාලයක් පමණක් ඉතුරුව ඇති අවස්ථාවක,අයිස් කඳු දියවීම්,අයිස් පාර ගිලා බැහීම් ඇතුළු එකී නොකී බොහෝ ව්‍යසනයන් හමුවේ පැය 23 ක ජීවිතයත් මරණයත් අතර දෝලනය වන අයිස් පාරේ ගලවාගැනීමේ භයානක චාරිකාවට එකතු වෙන සහෝදරයෝ දෙන්නා ඇතුළු පිරිසට මෙහෙයුම සාර්ථකව අවසන් කරන්න පුලුවන් වේද? කී දෙනෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වේවිද? මේ ගමනට එකතු වෙන අයගෙ එකම අභිප්‍රාය පතල් කරුවන්ගේ ජීවිත බේරාගැනීම පමණක් මද? පතල ඉබේ පිපිරුනාද නැත්නම් ඒ පසුපස මොකක්හරි කුමන්ත්‍රණයක් තිබුණද? යන්න කතාව බලලම දැනගන්න.

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


 

Infinite (2021) සිංහල උපසිරැසි සමඟ

 

විද්‍යා ප්‍රබන්ධ,ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයට වැටෙන Infinite (2021) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Training Day (2001),Shooter (2007), Olympus Has Fallen (2013), The Equalizer (2014),Equalizer 2 (2018)  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු  Antoine Fuqua විසින්. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා පාදක වෙලා තියෙන්නෙ 2009 වසරේදී  D. Eric Maikranz විසින් රචනා කරපු  The Reincarnationist Papers කියන නව කතාවයි. රංගනයෙන් Mark Wahlberg, Dylan O’Brien ,Chiwetel Ejiofor, Sophie Cookson, Jason Mantzoukas, Rupert Friend, Toby Jones යන අය එකතු වෙනවා. මෙම චිත්‍රපටය 2020 වසරේ තිරගතවෙන්න යෙදිලා තිබ්බත් කොරෝනා වසංගතයෙ බලපෑම හේතුවෙන් පසුගිය ජූනි 10 වෙනි දින තමයි  Paramount+ හරහා නිකුත් වෙන්න හැකියාව ලැබුනේ.


කතාව :
එවන් මැකෝලිට පොඩි කාලෙ ඉඳන්ම එක එක හීන,කටහඬවල් පේන්න ඇහෙන්න ගන්නවා. පුදුමේ කියන්නෙ මේ හැමදෙයක්ම හීනෙකට වඩා තමන්ගේ මතකයන් වගේ එවන්ට දැනෙනවා. දොස්තර ලට මේ ගැන කිව්වහම ඔවුන් මෙය භින්නෝන්මාදේ කියන මානසික රෝගය බව නිෂ්චය කරනවා. ඉතින් ඔහු ඒවට බෙහෙත් ගන්නවා. ඔහුට බෙහෙත් නොගෙන ඉන්න බැරි තරමට මෙම මානසික රෝගෙ බලපෑම එල්ලවෙනවා.එවන් කලින් රැකියාව කරපු තැන යම් සිදුවීමකට වැරදිකරු වෙන නිසා ඒකෙන් අයින් වෙච්ච එවන් ආපනශාලාවක රැකියාව සඳහා ඉල්ලුම් කරත් පෙර රැකියාවේ ඔහු අතින් වූ සිදුවීම හින්දා ඔහුට ඒ රැකියාවත් ලැබෙන්නෙ නෑ. ගෙවල් කුලී ගෙවාගන්න වත් රැකියාවක් හොයාගන්න බැරි වුණ එවන්ට අන්තිමේදී එයාට ඕනම කරන බෙහෙත් (මත් පෙති) ටික හොයාගන්න ඕන නිසා යම් කණ්ඩායමක්  හම්බවෙන්න යනවා.එතනත් වැඩ වැරදිලා අන්තිමේදී එවන්ට නවතින්න වෙන්නෙ පොලීසියේ. ඔහොම හිරගෙදර ඉන්නකොට එවන්ව පොලීසියේ නොවන හොඳට හැඳ පැලදගත් යම් කෙනෙක් හොයන් ඇවිත් තුවක්කුවක් දික් කරන් යම් යම් දේවල් ගැන ප්‍රශ්න කරන්න ගන්නවා. ඔය අතර වාරයේ එවන්ගේ උදව්වට නෝරා කියලා කෙනෙක් ඇවිත් අර පුද්ගලයගෙන් එවන්ව බේරගෙන පලායනවා. එවන් පසුපස හඹා එන මේ පුද්ගලයා කවුද? එවන්ගේ උදව්වට ආපු මේ නෝරා කවුද? එවන්ට මේ හීන පේන්න හේතුව මොකක්ද? එවන් කියන්නෙ ඇත්තටම කවුද? ලෝකේ ජීවය විනාශ කරන්න හදන යුද්ධෙට එවන් මැදිවුනේ කොහොමද කියලා එහෙනම් බලලම දැනගන්න. මම ගියා,ඔබට සුභ දවසක්!

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

 

The Conjuring: The Devil Made Me Do It (2021) සිංහල උපසිරැසි සමඟ

අද අරගෙන ආවේ ලොව හොඳම හොල්මන් චිත්‍රපට කතාමාලාවේ නවතම චිත්‍රපටයත් එක්කයි. කලින් චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කල James Wan මෙහි අධ්‍යක්ෂණයෙන් එකතු නොවන අතර  the Conjuring විශ්වයටම අයත් කතාවක් වන The Curse of La Llorona (2019) අධ්‍යක්ෂණය කල Michael Chaves තමයි මෙහි අධ්‍යක්ෂණයට එකතු වෙලා තියෙන්නෙ. ඒ වගේම චිත්‍රපටයේ කතාව James Wan හා David Leslie Johnson-McGoldrick විසින් ලියා තිබෙනවා. මෙය  the Conjuring විශ්වයේ අටවන දිගැහැරුම වන අතර සුපුරුදු පරිදි එඩ් වොරන් හා ලොරේන් වොරන් ලෙස පිලිවෙලින්  Patrick Wilson හා  Vera Farmiga රංගන දායකත්වය සපයනවා.මෙයට සත්‍ය කතාවක් පාදක වන අතර එය 1981 වසරේ වූ සිදුවීමකි. පැය 2කට ආසන්න කාලයකින් සමන්විත මෙය නිකුත්වීමට 2020 සැප්තැම්බර් මස යෙදී තිබුනද කොරෝනා වසංගතයෙ බලපෑම නිසා Warner Bros. Pictures හා  New Line Cinema සමාගම් යටතේ 2021 ජුනි මස 4 දින ඇමරිකාවේ නිකුත්වීමට සමගාමීව  HBO Max හරහා නිකුත් වුණා.ඒ වගේම කියන්න ඕන  the Conjuring මුල් චිත්‍රපට ද්විත්වයටම වඩා වෙනස් ම ආරකට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ. මුල් චිත්‍රපට නැරඹුවේ නෑ කියලා ලොකු ගැටලුවක් වෙන්නෙ නම් නෑ,ඒත් කලින් චිත්‍රපට බලනවනම්  පිලිවෙලින් මේ විදිහට බලන්න.


The Conjuring (2013)
Annabelle (2014)
The Conjuring 2 (2016)
Annabelle: Creation (2017)
The Nun (2018)
Annabelle Comes Home (2019)
The Curse of La Llorona  (2019)
The Conjuring: The Devil Made Me Do It (2021)

කතාව :
1981 වසරේදී බෘක්ෆීල්ඩ් වලදී එඩ් හා ලොරේන් වොරන්ට වයස අවුරුදු 8ක් වන ඩේවිඩ් ග්ලැට්සෙල් නම් කුඩා පිරිමි ළමයෙක්‍ හා ආර්නි ජොන්සන් නම් තරුණයෙකුට වූ යක්ෂාවේශ වීමක සිදුවීමක් හම්බ වෙනවා.ඒවගේම මෙය ඔවුන්ගේ වෘත්තිය ජීවිතේ තුළ මුහුණ දුන් දුෂ්ටම සිදුවීමක් බවයි වාර්ථා වෙලා තියෙන්නෙ.එහෙනම් වැඩි කතා නැතුව කතාව අරන්ම බලන්න.උපරිම රසවින්දනයක් ලබාගැනීම සඳහා හෙඩ් ෆෝනයක් පාවිච්චි කරන්න.එහෙනම් මම ගියා,ඔබට සුභ දවසක්!

  *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


 සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google