Latest Subtitles :

Sinister (2012) සිංහල උපසි‍රැසි සමග

කාලයක් ඉදන් අපේ කට්ටිය ඉල්ලපු ෆිල්ම් එකක් අරන් ආවා.මේ ෆිල්ම් එක දෙන්න පමාවුන එක ගැන සමාවෙන්න.කොහොම හරි ඔන්න අද දවසේ චිත්‍රපටිය ඔයාලට හම්බවෙනවා.මේ චිත්‍රපටය IMDbහි 6.7ක අගයක් ලබාගෙන තියනවා.මේ චිත්‍රපටියේ Ethan Hawke හා Juliet Rylanceක්ද රංගනයෙන් දායකත්වය දක්වනවා. චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

Ellison Oswalt කියන්නේ නවකතා රචකයෙක්.මෙයා ලියන්නේ එසේ මෙසේ නවකතා නෙමෙයි මෙයා ලියන්නේ ලෝකයේ සිදුවු සත්‍ය සිදුවිම් මිනිමැරුම් ගැන කියවෙන දෙවල් ගැන ගවේෂනය කරලා කතා ලියනවා.අතැම් වෙලාවට පොලිසියටවත් හෙලිනොවු රහස් පවා මෙයාට හොයාගන්න පුලුවන් වෙලා තියනවා.මොකද සැම සිදුවිමක්ම ගැඹුරින් අධ්‍යනය කරන නිසා.කොහොම හරි මෙයා තව පොතක් ලියන්න කියලා මිනිමැරුමක් උන ගෙදරකට යනවා.මේ ගෙදර 4දෙනෙක් ගෙලවැලලාගෙන මියගිහින් තියනවා.චිත්‍රපටිය පටන් ගන්න කලින් ඒ දර්ශන පෙල ඔයාටත් දකින්න පුලුවන්.
මෙයා මේ ගෙදරට මුළු පවුලේ හැමෝම එක්ක පදිංචියට යනවා.මෙයා මේ කාරණාව ගැන තමන්ගේ බිරිදටවත් කියන්නේ නැ එයාලා අපරාදයක් සිදුවුන
ගෙදරකට නවතින්න යන්නේ කියලා.කොහොම හරි මේ ගෙදර තියලා එලිසන්ට විඩියෝ පට වගයක් පවා හම්බවෙනවා.මේ විඩියෝ පට දැක්කාම එලිසන්ට තේරනවා මේවා එසේමෙසේ අපරාධ නොවන වග.මේවාට යම් කිසි අද්භුත බලවේගයක් එකතු වෙලා තියනවා කියලා.කොහොම හරි එලිසන් මේ අභිරහස එලිකරගන්න හදනවා...නමුත් ඔහු දැනගෙන හිටියේ නැ මේ හෙලි කරගන්න හදන අභිරහස කොයි තරම් දරුණූ විදියට තමන්ගේ ජිවිතයට පවුලට බලපායිද කියලා..ඒ ගැන දැනගන්න චිත්‍රපටිය අනිවාර්යෙන් අරන් බලන්න.හොල්මන් ෆිල්ම් බය වෙන්න බලන්න කැමති අයට මේක හොද අත්දැකිමක් වේවි.

Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google