Latest Subtitles :
Recent Movies

The Meg (2018) සිංහල උපසිරැසි සමඟ

වසර මිලියන ගණනාවකට පෙර වදව ගියා යැයි සැලකෙන ප්‍රාග් අයිතිහාසික යුගයේ දැවැන්ත බිහිසුණු මෝරෙක්...එක් මෙහෙයුමකදී ගැඹුරු දියේ අතරමං වන පර්යේෂණ කණ්ඩායමක්... එම කණ්ඩායමේ සහයට පැමිණෙන එක් දක්ෂ කිමිදුම් කරුවෙක්... මොවුන්ගෙ ඉරණම කෙසේ විසදේවි ද?

අද ඔන්න විනාශකාරි කතාවලට වගේම මෝරුන්ගෙ කතාවලට කැමති අයට හොද චිත්‍රපටයක් අරන් ආවා.Jaws සහ Shallows චිත්‍රපටවල වගෙ හිච්චි මෝරෙක් නෙවේ ඕං මේකේ ඉන්නෙ 😉,හැම විලෝපිකයෙක්ගෙම ලොකු අයියා.

මේ මෙග් (මෙගලඩොන්) මෝරා ගැන කියනවනම් වසර මිලියන ගණනාවකට කලින් ඇත්තටම මෙහෙම මෝරෙක් ඉදලා තියෙනවා.මෙම මෝරුන් අඩි 60ක් (මීටර් 18) පමණ ශරීර ප්‍රමාණයන් දක්වා වර්ධනය වෙන්න පුලුවන්. දැනට සොයාගෙන තියෙන විදිහට දැවැන්තම හා මාරකම මෝරා තමයි මේ මෙගලඩොන් කියන්නෙ.තල්මස් මෝරා එක්ක මේ මෙග් මෝරා සංසන්දනය කරලා බැලුවොත් එහෙම තල්මස් මෝරා මෙග් මෝරා ගෙ බර හා දිග කියන ප්‍රමාණයන්ගෙන් බාගයක් වගෙ තමයි වෙන්නෙ, හිතාගන්න පුලුවන්නේ සයිස් එක.මේ මෙග් මෝරා ගෙ සපාකෑම් ටයිනෝසොරස් රෙක්ස් ඩයිනෝසරයාගෙ සපාකෑම් වලටත් වඩා ප්‍රබල වෙනවා.වසර මිලියන ගණනාවක් තිස්සේ බිහිසුණු ක්‍රියාදාම වල නිරත වෙමින් සාගරයන් හොල්ලන් සිටි සත්වයෙක් තමයි මේ මෙග් කියන්නෙ.ඒ කියන්නෙ ලොකු අයියා වගේ.ලෝකයේ විශාලම මෝරා වන මෙග් වදව ගිහින් තියෙන්නෙ ගොදුරු හිගවීම හා විලෝපිකයන් අතර තියෙන තරගය නිසා කියලා තමයි සූරිච් සරසවියේ පර්යේෂකයන් පෙන්වා දෙන්නෙ.මෝරා ගැන කිව්වා ඇතිනේ.දැන් අනික් විස්තර බලමු.

සුප්‍රකට Warner Bros ඇතුලු සමාගම් රැසක එකතුවෙන් නිර්මාණය වන The Meg (2018) චිත්‍රපටය විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම ,ත්‍රාසජනක යන කාණ්ඩ නියෝජනය කරනවා.Jon Turteltaub ගේ අධ්‍යක්ෂණයෙන් හා Dean Georgaris, Jon Hoeber, හා Erich Hoeber යන අයගේ තිර රචනයෙන් මෙය හැඩ වෙලා තියෙනවා.මේ චිත්‍රපටය සදහා පාදක වෙන්නෙ 1997 වසරේ Steve Alten විසින් රචිත Meg: A Novel of Deep Terror කියන ග්‍රන්ථයයි.සුපිරි ක්‍රියාදාම නළු Jason Statham සමගින් xXx: Return of Xander Cage (2017),John Wick: Chapter 2 (2017) වැනි චිත්‍රපටයන්හි Ruby Rose ට අමතරව Bingbing, Rainn Wilson,Winston Chao හා Cliff Curtis යන අය රංගන දායකත්වය සපයනවා.චීන-ඇමරිකා සම නිෂ්පාදනයක් ලෙස කරලියට පැමිණි මෙය මේ වසරේ අගෝස්තු 18 දින සිට ලෝකය පුරා තිරගත වීමෙන් ලබාගත් ආදායම ඩොලර් මිලියන 506ක් වෙනවා.චිත්‍රපටයේ පිරිවැය ඩොලර් මිලියන 130–178 අතර අගයක් වන බව තමයි වාර්ථා වෙන්නේ.

කතාව:
ජෝනාස් ටේලර් (Jason Statham) කියන්නෙ දක්ෂ ජීවිතාරක්ෂක කිම්දුම් කරුවෙක්.ඔහු කරන එක් මෙහෙයුමකදී ඔහුගේ යාත්‍රාවට යමක් විසින් පහර දෙනවා.එම සිදුවීම නිසා ඔහු ගන්නා එක් තීරණයකදී පුද්ගලයන් කිහිපදෙනෙක් මිය යනවා.මෙම සිදුවීම නිසා කනස්සල්ලට පත්වන ඔහු තායිලන්තයට වී බීමතින් ජීවිතේ ගත කරනවා.වසර පහක ඇවෑමෙන් පසු ඔහුව සොයා ඔහුගේ පරණ මිත්‍රයෙක් වන මැක් පැමිනෙන්නෙ මේ අතරතුරයි.ඔහු සේවය කරන ගැඹුරු දිය පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂක කණ්ඩායමක් ගැඹුරු දියේ හිර වී ඇති බව කියනවා.ඒ සිරවී ඇති කණ්ඩායමේ ජෝනාස් ගේ කලින් බිරිදත් සාමාජිකයෙක් වන අතරම ඔවුන්ගේ යාත්‍රාවට යම් සත්වයෙක් විසින් පහරදුන් බවද කියවෙනවා.මැක් විසින් එම කණ්ඩායම බේරගන්නා ලෙසට ජෝනාස් ගෙන් උදව් ඉල්ලනවා.ලොව සිටින මාරකම ප්‍රාග් අයිතිහාසික සත්වයාගෙන්, හොදම කිමිදුම් කරුවෙක් වන ජෝනාස්ට මෙම කණ්ඩායම බේරගන්න පුලුවන් වෙයිද? සත්වයා මෙල්ල කිරීමට ඔවුන්ට කොපමණ ජීවිත ගණනක් පුද දීමට සිදු වේද? ජෝනාස්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවේද? කියලා දැනගන්න නම් ත්‍රාසය සපිරි මෙම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.ඔබට සුභ දවසක්,ජයවේවා!

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම Bluray පිටපත් සදහා ගැලපේ.



Vishwaroopam 2 (2018) සිංහල උපසිරැසි සමඟ

Vishwaroopam II මෙම චිත්‍රපටයේ කතාව රචනා කරනවා වගේම අධ්‍යක්ෂණය කරන්නෙත් කමල් හසන් විසින්මයි. 2013 වසරේ තිරගත වූ Vishwaroopam පලමු චිත්‍රපටයේ එන කතාවට පෙර හා පසු සිදුවන සිදුවීම් දාමයක් වටේ තමයි මෙහි කතාව දිවෙන්නේ.ඒ නිසා මේක බලන්න කලින් මුල් එක බලපු නැති අය ඉන්නවනම් පලවෙනි එක බලලම මේක බලන එක තමයි හොද.පලමු චිත්‍රපටයේ මෙන්ම මෙවරත් රංගනයෙන් Pooja Kumar,Andrea Jeremiah,Rahul Bose,Shekhar Kapur ආදී මුහුණු කිහිපයම යලිත් දැකගන්නට පුලුවන්.

පලමු චිත්‍රපටයේ කතාව සැකවින් මතක් කරොත්,විශ්වනාත් කියන්නෙ නිව්යෝර්ක් නගරයේ කතක් නැටුම් උගන්වන ගුරුවරයෙක්. ඉතින් මෙයාගේ බිරිද වන නිරූපමා මෙයාව කසාද බදින්නේ ඇයගේ වාසියට මිසක් ආදරයක් නිසා නෙවෙයි. ඉතින් දැන් ඇයට විශ්වනාත්ව දික්කසාද කරන්න හේතුවක් අවශ්‍ය නිසා, ඇය විශ්වනාත්ගේ වැරැද්දක් අල්ලගන්න ඔත්තුකාරයෙක්ව අරිනවා. ඉතින් මේ ඔත්තුකාරයා විශ්වනාත් පස්සේ යන්න ගිහින්, අන්තිමේදී ඔමාර් නමැත්තෙක් නායකත්වය දරන ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ඝාතනයට ලක්වෙනවා. මේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන අරමුණ තමයි නිව්යෝර්ක් නගරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන එක.මේ ත්‍රස්තවාදීන් විසින් විශ්වනාත් ව හා නිරූපමාව පැහැරගැනීමෙන් පසුව ඔවුන් හා විශ්වනාදන් සටන් වැදීමෙන් පසු නිරූපමා හට විශ්වනාත් යනු විසාම් අහමද් කාශ්මිරි නම් වන RAW නියෝජිතයෙක් බව දැනගන්නට ලැබෙනවා. අවසානයේදී විසාම් විසින් ඕමාර් හා සලීම් නම් ත්‍රස්තවාදීන්ගේ නිව්යෝර්ක් නගරය පිපිරවීමේ මෙහෙයුම වලක්වන අතර.ඔවුන් දෙදෙනා ඉන්දියානු බුද්ධි අංශ හා FBI එකෙන් බේරිලා පැනල යනවා.ඔතනින් තමයි විශ්වරූපම් පලවෙනි කොටස අවසන් වුනේ.අද කතාවේ,කලින් පලා ගිය ඕමාර් හා සලීම් යන දෙදෙනා නිව්යෝර්ක් නගරයේ සිදුකරන්න ගිය මෙහෙයුමට වඩා ලොකු මෙහෙයුමක් දියත් කරන්න සූදානම් වෙනවා.එය වළක්වන කර්නල්,විසාම්,අශ්ම ිතා,නන්දිනි ඇතුළු පිරිස දරන උත්සහය තමයි මෙම දිගහැරුමෙන් බලාගන්න පුලුවන් වෙන්නෙ.

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.





Lakshmi (2018) සිංහල උපසිරැසි සමඟ

පැය දෙකක කාලයක් ඔබගේ දැස් චිත්‍ර‍පටිය කෙරෙහිම හිරකර තබාගෙන හැකි වගේම දැනටම IMDb ශ්‍රේණිගත කිරීම් හි 7.9ක් වැනි ඉහළ අගයක් ගනිමින් ගූගල් මනාප ප්‍රතිශතය 97%ක් ලබාගත් A. L. Vijay ගේ අධ්‍යක්ෂණයෙන් හා Sam C. S. අතින් සංගීතවත් වුණු සුපිරි චිත්‍රපටයක් වන Lakshmi (2018) හි සිංහල උපසිරැසි එක්ක තමයි මෙදා සැරේ අරන් ආවේ.රංගනය සඳහා ඉන්දියාවේ මයිකල් ජැක්සන් ලෙස අන්වර්ත නාමයෙන් හදුන්වන Prabhu Deva සමඟින් ඉන්දීය Super Dancer රියැලිටි නර්තන තරගයේ පලමු අදියරේ කිරුළ දිනූ වයස අවුරුදු 11ක් වයසැති කුඩා Ditya Bhande හා ජනප්‍රිය නිළි Aishwarya Rajesh එකතු වී තිබෙනවා. කුඩා Ditya Bhande හා ප්‍රභු දේවා ගේ සුපිරි ගණයේ නර්තනයන්ගෙන් රසවත් වූ මෙහි cinematography එකත් උසස් මට්ටමක තිබුණා.පොඩි අවවාදයක් දෙන්නම් චිත්‍රපටය බලනකොට වාඩි වෙලා ඉන්න පුටුවෙම නැටවෙන්නත් වැඩි සම්භාවිතාවයක් තියෙනවා,ඒ නිසා පරිස්සමින්. හරි එහෙනම් කතාව පැත්තට යමු.

කතාව:
ලක්ෂ්මි (Ditya Bhande) කියන්නෙ අවුරුදු 10ක් වයසැති ගැහැණු දැරිවියක්.එයාට අම්මා විතරයි ඉන්නේ.මියුසික් එකක් ඇහෙද්දී අත් කකුල් නලියනවා වගේ කොයිවෙලෙත් නටන්නමයි මෙයාගෙ හිත යන්නේ.මෙයාගෙ අම්මා නන්දිනි (Aishwarya Rajesh) පොඩ්ඩක් වත් කැමති නෑ "නැටුම්/සංගීතේ"කියන වචනේ ඇහෙනවටත්.මෙයා අලුත් ඉස්කෝලෙකට යන මුල් දවසෙම ඉගෙනගන්නවට වඩා කරන්නෙ හැමතැනම නට නට ඉන්න එක තමයි.ඔහොම ඉස්කෝලේ ඉවර වෙලා පාරේ ඇවිදගෙන යනකොට මෙයාට මියුසික් එකක් ඇහෙනවා.ඒ මියුසික් එක පස්සේ ගිහින් අන්තිමේදී නතර වෙන්නෙ එක කොෆී ෂොප් එකකයි.නටන්න ගිහින් ඒ ෂොප් එකෙ පිගන් කෝප්ප වගයකුත් බිඳලා දානවා.ෂොප් එක අයිති ක්‍රිෂ්ණා(ප්‍රභු දේවා) සැර පරුෂ පුද්ගලයෙක් වුනත් ලක්ෂ්මි පොඩි ළමයෙක් හින්දා කෝප්ප බිදපු එක ගැන වැඩිය ගානකට ගන්නෙ නෑ.ඔහොම ගෙදර යන ලක්ෂ්මි ටීවී එකේ නිවුස් වලට යන ඉන්දියාවේ විශාලම නර්තන තරගයක් වන Pride of India ගැන විස්තර වගයක් දැනගන්න ලැබෙනවා. ජයග්‍රාහකයා හට විශාල මුදල් තාග්‍යයකුත් ලැබෙන බව ඉන් කියවෙනවා.නටන්න තියෙන ආසාව නිසාම මෙයා ඒ නැටුම් තරගෙට තෝරාගැනීම් කරනා ඔඩිෂන් එකට යන්න සූදානම් වෙනවා.එහෙම කරන්නත් එයාට ලේසි වෙන්නේ නෑ මොකද කියනවනම් ඒකට අම්මා හෝ තාත්තගේ අනුමැතිය ඕන කරනවා.ලක්ෂ්මිගේ අම්මට නැටුම් කියන නම ඇහෙනවටත් කැමති නැති එකේ ඇය එදා කොෆී ෂොප් එකේ අයිති ක්‍රිෂ්ණාව හොයන් එනවා.ඔතනින් ලක්ෂ්මි හින්ද ක්‍රිෂ්ණා හට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.එතකොට මේ ලක්ෂ්මි ඉන්දියාවේ විශාලම නර්තන තරගය වන Pride of India කිරුළ දිනාවිද? ක්‍රිෂ්ණට මොනවා වෙයිද? නන්දිනී නැටුම්/සංගීතේට අකැමති වෙන්න හේතුව මොකක්ද? එකී නොකී තවත් දේවල් සමඟින් නැටවෙන සංගීතයේ රිද්මයට එකතු වෙන්න කැමති අයට පවුලේ සියළු දෙනා එක්කම එකට ඉඳන් රසවිදින්න පුලුවන් චිත්‍රපටයක් බව කියන්න පුලුවන්.එහෙනම් මම ගියා.ඔබට සුභ දවසක්! naveenperera89@yahoo.com

අන්තීමෙදී කියන්න තියෙන්නේ # A must Watch for all the dance lovers...

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Pyaar Prema Kaadhal (2018) සිංහල උපසිරැසි සමඟ

මාස 2 1/2 ක වගේ කාලයක නිහැඬියාවකින් පස්සේ අලුත් කාලයේ ආදර කතාවක අත්දැකීම ඔබට ලබාගන්න පුලුවන් විදිහේ දමිළ චිත්‍රපටයක සිංහල උපසිරැසි එක්ක තමයි මං ඔයාලව හම්බවෙන්න මේ එන්නෙ.සුපුරුදු පරිදි මම තෝරගන්නා Action/Thriller චිත්‍රපට කාණ්ඩයෙන් මිදිලා Romantic Comedy යටතට වැටුණු චිත්‍රපටයකට මා විසින් සිංහල උපසිරැසි ගන්වන පලමු අවස්ථාවත් මේක වෙනවා. ඔයා ආදරය විඳපු,විඳවපු, ආදරය කරන හෝ කරන්න බලාපොරොත්තු වන කෙනෙක් නම් තමන්ට ගැලපෙන කෙනා තෝරගන්න හදනකොට ඔබට ඇති වෙන්න පුලුවන් ගැටළු අලලා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.ගූගල් මනාප ප්‍රතිශතය 93% ක් සමඟින් IMDB හි 7.2 ක ඉහල අගයක් ලබාගැනීමට Pyaar Prema Kaadhal නම් මෙම චිත්‍රපටය හැකියාව ලබාගෙන තියෙනවා.

චිත්‍රපටයේ පසුබිම ගැන බැලුවොත් එහෙම චිත්‍රපටය සඳහා අන්තර්ජාලයට නිකුත් වූ ටීසර් වීඩියෝව පවා රසිකයන් අතර ලොකු කතාබහකට ලක්වූවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය Elan විසින් වන අතර දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන Yuvan Shankar Raja විසින් මෙහි නිෂ්පාදනය මෙන්ම සංගීත අධ්‍යක්ෂණයද සිදු කර තිබෙනවා. චිත්‍රපටයේ එන සංගීතය ප්‍රේක්ෂක හදවත් දිනාගනිමින් චිත්‍රපටයේ ගීත ඇල්බමය පවා අන්තර්ජාලයේ හිට් කියන වර්ගීකරණයට ලක් වුණා.රංගනය අතින් ගත්තොත් Pooriyaalan (2014) හා Vil Ambu (2016) වැනි චිත්‍රපටවලින් ඔබ හමුවූ Harish Kalyan මෙහි ස්‍රී කුමාර් චරිතයෙනුත්, Raiza Wilson සින්දු ලෙසත් රංගනයෙන් දායක වෙනවා.ඉන්දියාවේ දමිළ වැඩසටහනක් වන Bigg Boss හිත් මෙම යුවළ පෙනී සිටීමෙන් අනතුරුව රසික සිත් යලිත් වසඟ කර ගැනීමට මෙම යුවළ මෙම චිත්‍රපටයෙන් අවස්ථාව උදා කරගන්නවා.

කතාව :
චිත්‍රපටයේ නමේම (Pyaar Prema Kaadhal) තියෙනවා වගේම මේක ආදර කතාවක්. ස්‍රී කුමාර් (හරිශ් කල්‍යාන්) කියන්නෙ අහිංසක වගේම ටිකක් විනෝදෙට බර සාමාන්‍ය පවුලක කොල්ලෙක් හැබැයි පොර එක්තරා විදිහක ටියුබ් ලයිට් එකක්.මෙයා චෙන්නායි වල එයාගෙ අම්මයි තාත්තා එක්ක තමයි ජීවත් වෙන්නේ.මෙයාටත් ඕන කරන්නෙ විවාහයක් කරගෙන,දරුමල්ලොත් හදාගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි.හැම උදෑසනකම වගෙ පරක්කු වෙලා අවදිවෙන ස්‍රී කුමාර් රැකියාව කරන ඔෆීස් එකට ගිහිල්ලත් වැඩිපුරම කරන්නෙ ඔෆීස් එකට එහා බිල්ඩිමේ ඉන්න ගැහැණු ළමයෙක් දිහා ජනෙල් කවුලුවෙන් බලාගෙන ඉන්න එක තමයි.කෙසේ හෝ මේ ගැහැණු ළමයා ස්‍රී රැකියාව කරන තැන වැඩ කරන්න පැමිණෙනවා.ස්‍රීත් කොහොමහරි ගේමක් ගහලා කෙල්ලගෙ නම හොයාගන්නවා.ඇය නමින් සින්දු ජා.ස්‍රී ගේ හිතේ කලින් ඉඳන්ම ඇය කෙරෙහි ඇල්මක් තියෙන බව නොදන්නා සින්දුජා ඔහු හා මිතුරු වී පාටියකට යන්නත් ස්‍රීට කතා කරනවා.එතකොට මේ සින්දුජා කියන්නේ ඇගේ පියාගෙ උපරිම නිදහස යටතේ හැදී වැඩුණු වෙනස් ආකාරයේ ආකල්ප වලින් සමන්විත නවීන පන්නයේ ගැහැණු ළමයෙක්.මේ අතර ස්‍රීගේ දෙමව්පියනුත් ස්‍රීගේ කල වයස හරි හින්දා ගොඩක් මහන්සි වෙලා සාමාන්‍ය පවුලක ගැහැණු ළමයෙක්ව ස්‍රීට විවාහ කර දෙන්න හොයනවා.ස්‍රී ගේ අම්මගේ එකම අභිප්‍රාය තමයි ස්‍රීව කොහොමහරි විවාහ කර දෙන එක.සාමාන්‍ය සිතුම් පැතුම් ඇති ස්‍රී ගේ ආදරය නව පන්නයේ සිතුම් පැතුම් ඇති සින්දුජා හමුවේ සාර්ථක වේවිද? මෙයාලාත් හැම කතාවෙම වගේ විවාහ වෙලා සතුටෙන් ජීවත් වෙයිද නැත්නම් වෙන් ව යාවිද? මේවට උත්තර දැනගන්න ඕන නම් දුක,සිනහව,ආදරය පිරුණු මේ අලුත් විදිහක ආදර කතාවක් අඩංගු චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.

චිත්‍රපටය සඳහා වෙනම ඉංග්‍රීසි උපසිරැසියක් ආපු නැති නිසා හාඩ් කෝඩ් පිටපතට අලුතින්ම කාල රාමුත් නිර්මාණය කරගෙන තමයි මේක මේ විදිහට අරගෙන එන්නේ. කැමති නම් විතරක් අදහසක් දාගෙන යන්න,කිසිම බලකිරීමක් නෑ.එහෙනම් මම යනවා,ඔබට සුභ දවසක්!
naveenperera89@yahoo.com

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HC HD පිටපත් සදහා ගැලපේ.

Rampage (2018) සිංහල උපසිරැසි සමඟ

අද උදැසන පිටපතක් නිකුත් උන වගේම අද දවසේම කොහොම හරි උපසිරැසිය අරන් ආව කවුරුත් බලාගෙන හිටිය චිත්‍ර‍පටියක් ගැන තමයි මේ කියන්නේ... ප්‍ර‍ධාන චරිතය ගැන කියන්න උවමනා නැහැ අපි කවුරුත් දන්න හඳුනන Dwayne Johnson තමයි රංඟනයෙන් දායක වෙන්නේ. මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය බාර වෙන්නේ San Andreas හා Journey 2: The Mysterious Island වැනි චිත්‍ර‍පටි ඔබට ගෙන ආ Brad Peyton වෙතටයි. IMDB දර්ශකයේ මනාප 6.5ක අඟයක් ගන්නටත් මේ චිත්‍ර‍පටිය සමත්වෙලා තියනවා...ඒ වගේම බොක්ස් ඔෆිස් වාර්තාවක් ලෙස මේ චිත්‍ර‍පටිය මිලියන 421ක ආදයමක් ගන්න සමත් වෙලා තියනවා. කොහොම හරි මේ චිත්‍ර‍පටියට වියදම් කරපු ගාන තිරගත කරලා දවස් තුනකින් හෙව්වා කියලා තමයි ආරංචිය නම් ලැබෙන්නේ...

කතාව ගැන කෙලින්ම කියන්නම්... සත්වෝද්‍යානයක සේවය කරන සේවකයෙක් තමයි ඩේවිස් කියන්නේ (Dwayne Johnson) ඔහුගේ ලඟම මිතුරා තමයි ජොර්ජ්. ජොර්ජ් කියන්නේ ලොකු ගොරිල්ලෙක්. දෙන්නා හස්ත සංඥා වලින් එහෙම කතා බහා කරන්න පවා දන්නවා. කොහොම හරි පෘථිවියට පිටතින් සිදුකරන විද්‍යාත්මක පරීක්ෂණයක අතුරු ප්‍රතිඵලයක් විදියට පෘථිවියට පතිතවන ජාන වෙනස්කිරීමේ දියර කුප්පි තුනෙන් එකක් ජෝර්ජ් මතට වැටිම නිසා ඔහු එකවරම දහස් ගුණයකටත් වඩා වර්ධනය වෙන්න පටන් ගන්නවා. මෙහෙම වර්ධන වෙන ජොර්ජ් සත්වෝද්‍යානය කඩා ගෙන නඟරයට පැන දුවනවා. ඩේවිස් කොහොම හරි ජොර්ජ්ව මෙල්ල කරගන්න සමත් වෙනවා එකත් ලොකු ගේමක් දිලා. ඒ අතර තමයි මං අර කියපු කලින් කුප්පි තුනෙන් ඉතිරි දෙක තවත් වෘකයෙක් සහ කිඹුලෙක් ඇඟට වැටිලා ඔවුනුත් දහස් ගුණයක් විතර විශාල වෙලා නඟරයට කඩා පනින්නේ... එතැනින් එහාට සිදුවන සිදුවිම් සියල්ල නැරබිම ඔබට බාර කරමින් මං සමුගන්නවා.

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Iravukku Aayiram Kangal (2018) සිංහල උපසිරැසි සමඟ

Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණයට ලක්වුණු සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය කළ Iravukku Aayiram Kangal ( රාත්‍රියට ඇස් දහසක් ඇත) නම් චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි අද මම ඔයාලා හමුවෙන්න ආවේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mu. Maran විසිනුයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන පලමු චිත්‍රපටය මෙය වනවා.විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය ඔහුගේ මංහල චිත්‍රපටයද කියා විශ්වාස කිරීමට පවා නොහැකි වීමයි, නලු නිලියන් වැඩිය හුරු පුරුදු අය නොවූවත් ඔවුන් පිරිසව විශිෂ්ඨ ලෙස හැසිරවීමට ඔහු සමත් වී තිබෙනවා.විනාඩි 121ක ධාවන කාලයකින් සමන්විත මෙය IMDB චිත්‍රපට දර්ශකයේ ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7.5/10කි.

කුතුහලයට හානියක් නොවෙන්න කතාව ගැන කිව්වොත් භරත් කියන්නේ කෝල් ටැක්සි රියදුරෙක්.ඔහුගේ පෙම්වතිය වන සුසීලා පුද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය කරන්නියක්.සුසීලා ගේ ජීවිතයට අනතුරක් වෙන්න යන අවස්ථාවකදී ගනේෂ් නම් පුද්ගලයෙක් විසින් ඇයව බේරගන්නවා.වැඩි කල් නොයාම ගනේෂ් මායා හට තමන් හා හාද වන ලෙස පවසමින් ඇයට කරදර කරන්න පටන් ගන්නවා.එක් රාත්‍රියකදී සුසීලා තම පෙම්වතා වන භරත් සමඟින් මුහුදු වෙරලේ සිටින අවස්තාවක සියදිවි හානි කරගැනීමට උත්සහ දරන රූප්ලා නම් කාන්තාවක්ව භරත් විසින් බේරගන්නවා.සියදිවි හානි කරගැනීමට හේතු වූ තතු විමසා බැලූවිට භරත් හට දැනගන්න ලැබෙන්නේ යම් කෙනෙක් විසින් ඇයගේ නිරුවත් ඡායාරූප වගයක් ලබාගෙන ඇයව බ්ලැක්මේල් කරනා බවයි.ඒ බ්ලැක්මේල් කරන කෙනා වෙන කවුරුන් හෝ නොව සුසීලා හට කරදර කරන ගනේෂ් ම බවත් එහිදී සනාථ වෙනවා.ගැහැනු අයට කරන කෙනෙහෙලිකම් වලට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා භරත් විසින් ගනේෂ් සිටිනා නිවෙස බලා රූපලාගෙන් විස්තර දැනගෙන පිටවෙනවා.ඔහු එහෙ යනවිටත් කවුදෝ ගැහැනු ළමයෙක්ව එහි මරා දමා ඇති බව ඔහුට දකින්න ලැබෙනවා.(ලිපිය නම් ටිකක් විතර අප්සැට් වුනා වගේ,ලිපිය ගැන වැඩිය හිතන්න එපා.)ඊට පස්සේ මොනා වෙන්න ඇතිද කියලා බලලම දැනගන්න.

මෙහෙම කියන්නම්කෝ:
කෝල් ටැක්සි රියදුරෙක්.
එක් මිනීමැරුමක්,
සැකකරුවන් කිහිපදෙනෙක්,
මිනිසුන් රවටනා කණ්ඩායමක්,
තම 50වෙනි නවකතාව රචනා කිරීමට බලා සිටින ලේඛිකාවක්...

චිත්‍රපටය ආරම්භයේ සිටම හැකිනම් මීනීමරුවා කවුද යන්න නිගමනය කරන්න, ඔබේ නිගමනය වැරදීමේ සම්භාවිතාව ගොඩක් වැඩි බවත් මතක තබාගන්න. චිත්‍රපටයේ Climax එක එහෙම නැත්නම් උච්චතම අවස්ථාව ඉහළම තත්වයේ එකක් බවත් මෙම චිත්‍රපටය මේ වසරේ අනිවාර්‍යයෙන්ම නැරඹිය යුතු දමිළ Thriller චිත්‍රපටයක් බවත් කිව යුතුමය.එහෙනම් මම ගියා.ඔබට සුභ දවසක්!

 *මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google