Latest Subtitles :
Recent Movies

Gunpowder Milkshake (2021) සිංහල උපසිරැසි සමඟ

 අදත් ඔන්න Action Thriller චිත්‍රපටයක් අරගෙන ආවා. මේක හැබැයි පටන් ගත්ත වෙලේ ඉඳන් ගහ මරාගැනිලි තියෙන John Wick,Nobody ටයිප් එකේ Full Entertaining ෆිල්ම් එකක්. Netflix ඔස්සේ ඊයේ (2021 ජූලි 14) දින තමයි මේක නිකුත් වුණේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ  Navot Papushado විසින්. රංගනයෙන් නම් ඔයාලට හුරුපුරුදු කිහිප දෙනෙක්ම එකතු වෙලා තියෙනවා. පිලිවෙලින් ගත්තොත් Avengers: Endgame,Jumanji චිත්‍රපටවල හිටපු Karen Gillan ද,Terminator: The Sarah Connor Chronicles හා Game of Thrones රූපවාහිනි කතා මාලාවල හිටපු Lena Headey ද, Spy Kids චිත්‍රපට ත්‍රිත්වයේ මෙන්ම  Night At The Museum චිත්‍රපටයේ හිටපු Carla Gugino ද, 1990 ගණන්වල ක්‍රියාදාම චිත්‍රපට සඳහා කීර්තියක් අත් කරගනිමින් Crouching Tiger, Hidden Dragon චිත්‍රපටයේ සිටි Michelle Yeoh ද, ඔස්කාර් හි හොඳම නිලිය සම්මානයට නිර්දේශ වුණු සම්මාන ළාභි නිලියක් වන් Angela Bassett ද, Vikings රූපවාහිනි කතාමාලාවේ සිටි Ivan Kaye සමඟින් My Spy චිත්‍රපටයේ සිටි ළමා නිළි Chloe Coleman ව බලාගන්න පුළුවන්.

කතාව පැත්තට හැරුණොත් මිනිමරන එක රස්සාව කරගත්තු ස්කාලට් ඇගේ කුඩා දියණිය වන සෑම්ව අතෑරලා යන්න යනවා. අවුරුදු කිහිපයකට පස්සේ සෑමුත් අම්මගෙ අඩි පාරේම යන්න තීරණය කරනවා. සෑම් මේ රස්සාව කරන සමාගමෙන් දෙන එක්තරා මෙහෙයුමකදී වැඩ වරද්දගෙන ලොකු අමාරුවක වැටෙනවා. කොහොමහරි ඒකට පොඩි ගැහැණු ළමෙකුත් මැදිවෙනවා. මේ සිදුවීම හින්දා සෑම් පසුපස දරුණු අපරාධ සංවිධානයක් ද හඹා එනවා.  සෑම් මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා පටන් ගත්තු වෙලේ ඉඳන් අවසානය තෙක් වේගවත් ක්‍රියාදාම ජවනිකා වලින් සමන්විත Gunpowder Milkshake අරගෙනම බලන්න. එහෙනම් මං ගියා,ඔබට සුභ දවසක්!

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


Meander (2021) සිංහල උපසිරැසි සමඟ

 අද ඔන්න Survival Type එකේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක Horror,Sci-Fi ගණයට වැටෙන ප්‍රංශ චිත්‍රපටයක්. Mathieu Turi විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. රංගනයෙන් අතිශය ජනප්‍රිය රූපවාහිනි කතාමාලාවක් වන වයිකින්ස් හි රංගනයෙන් එක් වූ Gaia Weiss හා Peter Franzén යන අය එකතු වෙනවා. මෙහි ධාවන කාලය ආසන්නව විනාඩි 90ක්.

මෙම චිත්‍රපටය සම්මාන උළෙලවල් ගණනාවක දී හොඳම චිත්‍රපටය, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානද ඇතුලත්ව සම්මාන 11 ක් දිනාගනිමින් නිර්දේශ වීම් 50 ක් ලබාගෙන තිබීම විශේෂත්වයක්.

කතාව පැත්තට හැරුණොත් ලීසා නමැත්තියක් මහ පාරේ වැතිරිලා ඉන්නවා නිකං යන එන මං නැතුව අතරමං වෙලා වගේ. ඔතනින් එන වාහනෙකින් ලීසව මගින් බස්සන්න යන්නම් කියලා උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ලීසාත් ඒ උදව්ව පිලි අරන් මඟක් දුර යද්දී යම් සිදුවීමක් හින්දා ලීසට සිහිය නැතිවෙනවා. ලීසා සිහිය එනකොට ඇය ඉන්නෙ කෙලවරක් නොපෙනන ටියුබ් එකක් වගේ තැනක. හැබැයි මේ ටියුබ් එක එසේ මෙසේ එකක් නෙවෙයි අඟලින් අඟල මාරක උගුල් වලින් පිරිලා තියෙන එකක්. ලීසා මෙතනට ආවේ කොහොමද ? ලීසට මේ  මාරක උගුල් වලින් බේරිලා මෙතනින් පැනගන්න පුලුවන් වෙයිද කියලා අරගෙනම බලන්න. එහෙනම් මම ගියා, ඔබට සුභ දවසක්!

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


Black Widow (2021) සිංහල උපසිරැසි සමඟ

 

2019දි ආව Avengers: Endgame එකෙන් කාලේකට පස්සේ එකේ චරිතයක් එක්ක එන Marvel චිත්‍රපටය තමයි Black Widow කියන්නෙ. ඒවගේම MCU Phase 4 එකේ පළමු චිත්‍රපටය. 2020දි නිකුත් වෙන්න තිබ්බත් කොරෝනා හමුවේ පස්සට ගිය චිත්‍රපටවලින් එකක් තමයි මේකත්. ඉතින් අද ඒ කියන්නෙ ජූලි 9 වෙනිදා මේක ලොව පුරා චිත්‍රපට ශාලාවලට වගේම Disney + streaming searvice එකට නිකුත් වෙනවා. මෙහෙම කෙලින්ම ස්ට්‍රීමින් දෙන පලවෙනි මාවල් ෆිල්ම් එකත් මේක.

චිත්‍රපටය ගැන බැලුවොත් හැමෝම දන්නවනෙ බ්ලැක් විඩෝ එහෙමත් නැත්තම් නටාෂා රමනෝෆ් කියන චරිතය.  Scarlett Johansson විසින් තමයි රංගනයෙන් දායක වුනේ. මීට පෙර MCU හි චිත්‍රපට 8කට මට මතක විදියට මේ චරිතය ඉඳලා තියනවා. ඒවගේම endgame එකේදි එයා මැරෙනවා. ඉතිං නටාෂා කියන චරිතය බලාගන්න පුලුවන් අවසන් චිත්‍රපටය මේක මම හිතන්නෙ. කතාව ගලායන්නෙ Captain America Civil War (2016) න් පස්සෙ Avengers: Infinity War එකට කලින් කතාවක්. මෙහි අධ්‍යක්ෂනය Cate Shortland අතිනුයි සිදු වෙන්නෙ. ප්‍රධාන චරිතවලින් Scarlett Johansson (Natasha Romanoff), Florence Pugh (Yelena Belova), David Harbour (Alexei), Rachel Weisz (Melina) යන නළු නිලියන් දායක වෙනවා. මේ වෙද්දි IMDb හි 7.4 ක අගයක් ගන්න මේක සමත්වෙලා තියනවා.

කතාව බැලුවොත් චිත්‍රපටය පටන් ගන්නෙ 1995න්. නටාෂලගෙ පොඩි කාලෙන්. ඉතිං එයා ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි ඉන්නව. දවසක් එයාලා ඉන්න ඔහායොවලින් යන්න වෙනවා. ඊට පස්සෙ දිග කතාවකින් පස්සෙයි මූලික කතාවට වැටෙන්නෙ. Civil War එකේදි Natasha , T-Challa (Black Panther)ට පහර දෙනවනෙ, ඉතින් Captain America වගේම එයාවත් හොයන කෙනෙක් වෙනවා. දැන් කෙනෙක්ට හිතෙන ප්‍රධානම දේ තමයි “කවුද මේ චිත්‍රපටියේ ප්‍රධාන හතුරා?” ඒක කියලා කුතුහලය නැති කරන්න ඕනා නැති නිසා ඒක ඔයාලටම බලන්න ඉතුරු කරලා අදට අපි සමුගන්නම්. ඔබ සැමට සුභ දවසක්!

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


Till Death (2021) සිංහල උපසිරැසි සමඟ

 

අද ඔන්න ඊයේ දින (2021 ජූලි 2 වැනිදා) Screen Media Films මගින් නිකුත් වුණ ත්‍රාසජනක කතාවක් අරගෙන තමයි මේ පැත්තට ආවේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ  S.K. Dale විසින්. රංගනයෙන් කවුරුත් හඳුනන සරාගි නිළි Megan Fox සමඟින්  Callan Mulvey, Eoin Macken, Aml Ameen හා Jack Roth යන අය එකතු වෙනවා. විනාඩි 90ක පමණ ධාවන කාලයකින් යුත් මෙය කුණු තක්කාලි මීටරේ 88% ක මනාප ප්‍රතිශතයක් එක්ක ගූගල් මනාප 85% ක් ලබාගෙන තියෙනවා.

කතාව පැත්තට හැරුනොත් එමාව (Megan Fox) ඇගෙ මහත්තයා විසින් ඒ දෙන්නගෙ විවාහ සංවත්සරේ සමරන්න කියලා ඈත එපිට තියෙන එයාලගෙ වින්ටර් හවුස් එකට එක්ක යනවා. දෙන්නම පදමට මත් වෙලා ආදරණීය ලෙස නින්දට වැටෙනවා. උදේ දැඩි සීතලත් එක්කම එමාගෙ මහත්තයා එමාව නැගිට්ටවනවා. එමා නැගිටිනකොට එමාට තේරෙනවා එමාගෙ අතකටයි මහත්තයගෙ අතකටයි මාංචුවක් දාලා තියෙනව කියලා. ඒ මොහොතෙම එමාගේ මහත්තයා පිස්තෝලයක් අරන් ඔලුවටම වෙඩි තියාගෙන එතනම සියදිවි නසාගන්නවා. සිද්ද වුනේ මොකක්ද කියලා එමාටත් හිතාගන්න බැරිවෙනවා. එමා දැන් එයාගෙ මැරිච්ච මහත්තයගෙ අතකට හා ඇගේ අතට දැමූ මාංචුවට හිරවෙලා තමයි ඉන්නේ. ඒ කියන්නෙ එමාට කොහෙටවත් යාගන්න විදිහක් නෑ,යන දිහාවක මහත්තයගේ මළ මිනියත් ඇදගෙන යන තැනට වැඩ යෙදිලා තියෙනවා.තමන්ගේ මහත්තයගේ සියදිවි නසාගැනීමේ සිද්දයත්  බේරුමක් කරගෙන එමාට මේ මාංචුවත් ගලවගෙන වින්ටර් හවුස් එකෙන් බේරිලා එලියට යාගන්න පුලුවන් වෙයිද කියලා ත්‍රාසජනක කතා බලන්න කැමති කට්ටිය අරගෙනම බලන්න. එහෙනම් මං ගියා. ඔබට සුභ දවසක්!

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


The Ice Road (2021) සිංහල උපසිරැසි සමඟ

 

අද ඔන්න 2021 ජූනි 25 වන දින (ඊයේ) Netflix හරහා නිකුත් වුණ ලියාම් නීසන්ගේ  අලුත්ම චිත්‍රපටය වන The Ice Road (2021) අරගෙනයි මේ පැත්තට ආවේ. මේ චිත්‍රපටය Disaster,Action,Thriller ගණයට තමයි වර්ගීකරණය වෙලා තියෙන්නෙ. කතාව රචනය වගේම අධ්‍යක්ෂණය කරන්නෙ Jonathan Hensleigh විසින්. රංගනයෙන්  Liam Neeson,Laurence Fishburne,Benjamin Walker,Amber Midthunder යන අය එකතු වෙනවා. මෙය පැය 2කට ආසන්න කාලයක් ධාවනය වෙනවා.

කතාව ගැන බැලුවොත් මනිටොබා නගරයේ තියෙන කැට්කා සමාගමට අයත් දියමන්ති පතලක පිපුරුමක් සිදුවෙනවා.එම පිපුරුමෙන් පතල් කරුවන් අට දෙනෙකුගේ පමණ ජීවිත අහිමි වන අතර පතල් කරුවන් 26 දෙනෙක් පතල තුළ හිරවෙනවා.

මයික් මැකාන් (ලියාම් නීසන්) කියන්නෙ එයාගෙ සහෝදරයා වන ගර්ටි එක්ක විනිපෙග් වල ට්‍රක් රථ සමාගමක සේවය කරන කෙනෙක්. මේ සමාගමේ මැකාන් ට්‍රක් රථ රියදුරෙක් ලෙස වැඩ කරත්,ඔහුගෙ සහෝදරයා මැකෑනික් කෙනෙක් ලෙස වැඩ කරනවා.යම් සිදුවීමක් හින්දා සහෝදරයෝ දෙන්නවම රැකියාවෙන් නෙරපා දමනවා. කෙසේ හෝ ඔවුන්ට දියමන්ති පතලේ හිරවූ පතල්කරුවන්ව ගලවාගැනීමේ මෙහෙයුමට සහභාගි වීමට හැකියාව ලැබෙනවා.ඔවුන් ඇතුලු මීට සහභාගි වන සිව් දෙනාට ලොකු තාග්‍ය මුදලක් ද ලැබෙන බව කියනවා.  
පතල් කරුවන්ට ජීවිතයෙන් වන්දි ගෙවීමට පැය 30ක කාලයක් පමණක් ඉතුරුව ඇති අවස්ථාවක,අයිස් කඳු දියවීම්,අයිස් පාර ගිලා බැහීම් ඇතුළු එකී නොකී බොහෝ ව්‍යසනයන් හමුවේ පැය 23 ක ජීවිතයත් මරණයත් අතර දෝලනය වන අයිස් පාරේ ගලවාගැනීමේ භයානක චාරිකාවට එකතු වෙන සහෝදරයෝ දෙන්නා ඇතුළු පිරිසට මෙහෙයුම සාර්ථකව අවසන් කරන්න පුලුවන් වේද? කී දෙනෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වේවිද? මේ ගමනට එකතු වෙන අයගෙ එකම අභිප්‍රාය පතල් කරුවන්ගේ ජීවිත බේරාගැනීම පමණක් මද? පතල ඉබේ පිපිරුනාද නැත්නම් ඒ පසුපස මොකක්හරි කුමන්ත්‍රණයක් තිබුණද? යන්න කතාව බලලම දැනගන්න.

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


 

Infinite (2021) සිංහල උපසිරැසි සමඟ

 

විද්‍යා ප්‍රබන්ධ,ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයට වැටෙන Infinite (2021) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Training Day (2001),Shooter (2007), Olympus Has Fallen (2013), The Equalizer (2014),Equalizer 2 (2018)  වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු  Antoine Fuqua විසින්. ඒ වගේම මේ චිත්‍රපටය සඳහා පාදක වෙලා තියෙන්නෙ 2009 වසරේදී  D. Eric Maikranz විසින් රචනා කරපු  The Reincarnationist Papers කියන නව කතාවයි. රංගනයෙන් Mark Wahlberg, Dylan O’Brien ,Chiwetel Ejiofor, Sophie Cookson, Jason Mantzoukas, Rupert Friend, Toby Jones යන අය එකතු වෙනවා. මෙම චිත්‍රපටය 2020 වසරේ තිරගතවෙන්න යෙදිලා තිබ්බත් කොරෝනා වසංගතයෙ බලපෑම හේතුවෙන් පසුගිය ජූනි 10 වෙනි දින තමයි  Paramount+ හරහා නිකුත් වෙන්න හැකියාව ලැබුනේ.


කතාව :
එවන් මැකෝලිට පොඩි කාලෙ ඉඳන්ම එක එක හීන,කටහඬවල් පේන්න ඇහෙන්න ගන්නවා. පුදුමේ කියන්නෙ මේ හැමදෙයක්ම හීනෙකට වඩා තමන්ගේ මතකයන් වගේ එවන්ට දැනෙනවා. දොස්තර ලට මේ ගැන කිව්වහම ඔවුන් මෙය භින්නෝන්මාදේ කියන මානසික රෝගය බව නිෂ්චය කරනවා. ඉතින් ඔහු ඒවට බෙහෙත් ගන්නවා. ඔහුට බෙහෙත් නොගෙන ඉන්න බැරි තරමට මෙම මානසික රෝගෙ බලපෑම එල්ලවෙනවා.එවන් කලින් රැකියාව කරපු තැන යම් සිදුවීමකට වැරදිකරු වෙන නිසා ඒකෙන් අයින් වෙච්ච එවන් ආපනශාලාවක රැකියාව සඳහා ඉල්ලුම් කරත් පෙර රැකියාවේ ඔහු අතින් වූ සිදුවීම හින්දා ඔහුට ඒ රැකියාවත් ලැබෙන්නෙ නෑ. ගෙවල් කුලී ගෙවාගන්න වත් රැකියාවක් හොයාගන්න බැරි වුණ එවන්ට අන්තිමේදී එයාට ඕනම කරන බෙහෙත් (මත් පෙති) ටික හොයාගන්න ඕන නිසා යම් කණ්ඩායමක්  හම්බවෙන්න යනවා.එතනත් වැඩ වැරදිලා අන්තිමේදී එවන්ට නවතින්න වෙන්නෙ පොලීසියේ. ඔහොම හිරගෙදර ඉන්නකොට එවන්ව පොලීසියේ නොවන හොඳට හැඳ පැලදගත් යම් කෙනෙක් හොයන් ඇවිත් තුවක්කුවක් දික් කරන් යම් යම් දේවල් ගැන ප්‍රශ්න කරන්න ගන්නවා. ඔය අතර වාරයේ එවන්ගේ උදව්වට නෝරා කියලා කෙනෙක් ඇවිත් අර පුද්ගලයගෙන් එවන්ව බේරගෙන පලායනවා. එවන් පසුපස හඹා එන මේ පුද්ගලයා කවුද? එවන්ගේ උදව්වට ආපු මේ නෝරා කවුද? එවන්ට මේ හීන පේන්න හේතුව මොකක්ද? එවන් කියන්නෙ ඇත්තටම කවුද? ලෝකේ ජීවය විනාශ කරන්න හදන යුද්ධෙට එවන් මැදිවුනේ කොහොමද කියලා එහෙනම් බලලම දැනගන්න. මම ගියා,ඔබට සුභ දවසක්!

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

 

The Conjuring: The Devil Made Me Do It (2021) සිංහල උපසිරැසි සමඟ

අද අරගෙන ආවේ ලොව හොඳම හොල්මන් චිත්‍රපට කතාමාලාවේ නවතම චිත්‍රපටයත් එක්කයි. කලින් චිත්‍රපට ද්විත්වය අධ්‍යක්ෂණය කල James Wan මෙහි අධ්‍යක්ෂණයෙන් එකතු නොවන අතර  the Conjuring විශ්වයටම අයත් කතාවක් වන The Curse of La Llorona (2019) අධ්‍යක්ෂණය කල Michael Chaves තමයි මෙහි අධ්‍යක්ෂණයට එකතු වෙලා තියෙන්නෙ. ඒ වගේම චිත්‍රපටයේ කතාව James Wan හා David Leslie Johnson-McGoldrick විසින් ලියා තිබෙනවා. මෙය  the Conjuring විශ්වයේ අටවන දිගැහැරුම වන අතර සුපුරුදු පරිදි එඩ් වොරන් හා ලොරේන් වොරන් ලෙස පිලිවෙලින්  Patrick Wilson හා  Vera Farmiga රංගන දායකත්වය සපයනවා.මෙයට සත්‍ය කතාවක් පාදක වන අතර එය 1981 වසරේ වූ සිදුවීමකි. පැය 2කට ආසන්න කාලයකින් සමන්විත මෙය නිකුත්වීමට 2020 සැප්තැම්බර් මස යෙදී තිබුනද කොරෝනා වසංගතයෙ බලපෑම නිසා Warner Bros. Pictures හා  New Line Cinema සමාගම් යටතේ 2021 ජුනි මස 4 දින ඇමරිකාවේ නිකුත්වීමට සමගාමීව  HBO Max හරහා නිකුත් වුණා.ඒ වගේම කියන්න ඕන  the Conjuring මුල් චිත්‍රපට ද්විත්වයටම වඩා වෙනස් ම ආරකට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නෙ. මුල් චිත්‍රපට නැරඹුවේ නෑ කියලා ලොකු ගැටලුවක් වෙන්නෙ නම් නෑ,ඒත් කලින් චිත්‍රපට බලනවනම්  පිලිවෙලින් මේ විදිහට බලන්න.


The Conjuring (2013)
Annabelle (2014)
The Conjuring 2 (2016)
Annabelle: Creation (2017)
The Nun (2018)
Annabelle Comes Home (2019)
The Curse of La Llorona  (2019)
The Conjuring: The Devil Made Me Do It (2021)

කතාව :
1981 වසරේදී බෘක්ෆීල්ඩ් වලදී එඩ් හා ලොරේන් වොරන්ට වයස අවුරුදු 8ක් වන ඩේවිඩ් ග්ලැට්සෙල් නම් කුඩා පිරිමි ළමයෙක්‍ හා ආර්නි ජොන්සන් නම් තරුණයෙකුට වූ යක්ෂාවේශ වීමක සිදුවීමක් හම්බ වෙනවා.ඒවගේම මෙය ඔවුන්ගේ වෘත්තිය ජීවිතේ තුළ මුහුණ දුන් දුෂ්ටම සිදුවීමක් බවයි වාර්ථා වෙලා තියෙන්නෙ.එහෙනම් වැඩි කතා නැතුව කතාව අරන්ම බලන්න.උපරිම රසවින්දනයක් ලබාගැනීම සඳහා හෙඩ් ෆෝනයක් පාවිච්චි කරන්න.එහෙනම් මම ගියා,ඔබට සුභ දවසක්!

  *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


 සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Cruella (2021) සිංහල උපසිරැසි සමඟ

මැයි මාසෙ 28 වෙනිදා (ඊයේ) Disney+ වෙත නිකුත් වුන අලුත්ම චිත්‍රපටයක් අරගෙන තමයි අද අපි ආවෙ. Comedy/Crime ගනයට අයත් වෙන මේ Cruella චිත්‍රපටය අධ්‍යක්ෂණයෙන් Craig Gillespie දායක වෙනවා. 1956දි නිකුත් වුන Dodie Smith’s විසින් රචිත The Hundred and One Dalmatians කියන නව කතාවෙ එන Cruella de Vil කියන මනඃකල්පිත චරිතය මත තමයි මේ චිත්‍රපටය ගොඩ නැගිලා තියෙන්නෙ. කතාව ගලායන්නෙ 1970 ගනන්වල එකක් විදියට. ඉතින් ඇඳුම්, බඩුභාන්ඩ එහෙම තියෙන්නෙ ඒ කාලෙ විදියට. IMDb හි 7.4ක අගයක් සහ RT හි 73%ක අගයක් ගන්න මෙය සමත් වෙලා තියනවා. ප්‍රධාන චරිතය වන Estella එහෙමත් නැත්තම් Cruella චරිතයට රංගනයෙන් දායකත්වය Emma Stone වගේම අනෙකුත් චරිතවලට Emma Thompson, Jeol Fry, Paul Walter වැනි නළු නිලියන් දායකවෙනවා.

කතාව පැත්තට හැරුණොත්, එස්ටෙලා කියන්නෙ පොඩි කාලෙ ඉඳන් දඩබ්බර කෙල්ලෙක්. ඉස්කෝලෙ ගියත් හැමදම වගේ අම්මට ඉස්කෝලෙට එන්න වෙනවා. ඉතින් මෙහෙම කරලා මෙයාව ඉස්කෝලෙනුත් අස් කරනවා. ඉතින් අම්මා එස්ටෙලාත් එක්ක එහෙන් වෙන නගරෙකට යනවා. ඒ යද්දි යාළුවෙක් හම්බෙන්න යනවා කියලා යන එස්ටෙලාගෙ අම්මට මැරෙන්න වෙනවා. මෙතනින් පස්සෙ එස්ටෙලා කොහොම ජීවිතේ අරන් යයිද? එයාගෙ හීනෙට යන්න එයාට පුළුවන් වෙයිද? කියලා දැනගන්න ඔයාලට මේක අරන් බලන්නම වෙනවා.

*ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


 සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Wrath of Man (2021) සිංහල උපසිරැසි සමඟ

 

අද ආවේ ක්‍රියාදාම,ත්‍රාසජනක ගණයට අයත් වන  Jason Statham රඟන Wrath of Man (2021) චිත්‍රපටයත් අරගෙන. මෙය අධ්‍යක්ෂණය කරන්නෙ  Guy Ritchie විසින්.ඔයාලා RocknRolla (2008),Sherlock Holmes (2009),Sherlock Holmes: A Game of Shadows (2011),King Arthur: Legend of the Sword (2017),Aladdin (2019),The Gentlemen (2019)  චිත්‍රපට බලල තියෙනවනම් Guy Ritchie ගැන නොදැන ඉන්න විදිහක් නෑ මොකද ඔහු තමයි තමයි එම චිත්‍රපටවලත් අධ්‍යක්ෂණයෙන් දායක වුනේ.ඒවගේම Jason Statham රංගනයෙන් දායක වන චිත්‍රපටයක් ඔහු අධ්‍යක්ෂණය කරන සිව්වන වතාව මෙය වෙනවා.Jason Statham ට අමතරව Holt McCallany, Jeffrey Donovan, Josh Hartnett, Laz Alonso, Chris Reilly යන අය රංගනයෙන් එකතු වෙනවා.ඒවගේම IMDb හි 7.4/10 ඉහල අගයක් ලබාගනිමින් ගූගල් මනාප 92% ක් ලබාගැනීමට මෙය සමත් වෙලා තියෙනවා.

කතාව:
ෆෝර්ටිකෝ කියන්නෙ ලොස් ඇන්ජලිස් වල මුදල් විශාල ප්‍රමාණයක් ආරක්ෂිතව ප්‍රවාහනය කරන සමාගමක්.මේ ආයතනයට පැට්‍රික් හිල් සම්බන්ද වෙන්නෙ සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයෙන් සාමාන්‍ය ලකුණු ප්‍රමාණයක් වාර්ථා කිරීමෙන් පසුවයි.දිනක පැට්‍රික් ඇතුලු පිරිස ආරක්ෂිතව රැගෙන යන ට්‍රක් රථය යම් මංකොල්ලකරුවන් කිහිප දෙනෙකුගේ ප්‍රහාරයකට ලක් වෙනවා.සුදුසුකම් ලැබීමේ පරීක්ෂණය සාමාන්‍ය අගයකින් සමත් වෙච්ච පැට්‍රික් මංකොල්ලකරුවන් සියලු දෙනාම මරාදාන්නෙ ඔහුගේ සගයන්ව පුදුමයෙන් පුදුමයට පත් කරමිනුයි.ඇත්තටම මේ පැට්‍රික් හිල් කියන්නෙ කවුද? ඔහුගේ අරමුණ මොකක්ද? කියලා දැනගන්න ඕන නම් විනාඩි 120කට ආසන්න කාලයක් පුරාවට දිවෙන සිත්ගන්නා වේගවත් පසුබිම් නාදයන් සමඟ ක්‍රියාදාම ජවනිකා පිරුණු මෙය නරඹන්න ආරාධනා කරනවා.එහෙනම් අදට නවතින්නම්. ඔබට සුභ දවසක්!

 *මේ ලබා දි ඇති උපසිරැසිය HD පිටපත් සමඟ පමණක් ගැලපේ .

 සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න

Mortal Kombat (2021) සිංහල උපසිරැසි සමඟ

 

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් රාත්‍රී කාලයේ පැවති විදුලි කප්පාදුවක් හින්දා උපසිරැසිය අරන් එන්න පැය කිහිපයක පමාවක් සිදුවුනා.ඔන්න කොහොමහරි අද උදේ (23.04.21 )නිකුත් වෙච්ච Mortal Kombat චිත්‍රපටයේ උපසිරැසි අරගෙන මං ආවා.

අතිශය ජනප්‍රිය Video Game Franchise එකකින් වගේම Animation Movie Franchise එකක් විදියට ‘Mortal Kombat’ හඳුන්වන්න පුළුවන්. ‘Mortal Kombat’ වැඩි වශයෙන්ම පරිඝණක ක්‍රීඩාවක් විදිහට ජනප්‍රිය වුනේ මේකේ තියන දරුණු ගතිය නිසාමත්, අන්තර්ගත සටන් ජවනිකා ගොඩක් ආකර්ෂණීය ලෙස හදලා තිබ්බ නිසාමයි. මේකෙ මීට කලිනුත් Live Action ෆිල්ම් දෙකක් නිකුත් වුනා Mortal Kombat නමින්. පලමුවැන්න 1995 වසරේදීත්, එහි සාර්තකත්වය නිසා දෙවැන්නක් ලෙස 1997 වසරේ දී නිකුත් වුනා. ‘Mortal Kombat : Anhiliation’ කියන චිත්‍රපටය එතරම් සාර්තක වුනේ නම් නැහැ. බොහෝ කාලයකට පස්සෙයි Mortal Kombat Reboot එකක් විදියට අලුත් ලයිව් ඇක්ෂන් ෆිල්ම් එකක් නිකුත් වෙන්නෙ. Action, Adventure, Fantasy ගනයට අයත් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වන Simon McQuoid ගෙ කුළුදුල් සිනමා අධ්‍යක්ෂනය වන්නෙද මේ චිත්‍රපටයයි. Greg Russo සහ Dave Callaham අතින් මෙහි තිර රචනය සිදුවී තිබෙනවා. මෙයට රංගනයෙන් Lewis Tan, Jessica McNamee, Josh Lawson, Tadanobu Asano, Mehcad Brooks, Ludi Lin, Chin Han, Joe Taslim, and Hiroyuki Sanada යන නළු නිලියන් දායක වනවා.ඒවගේම ඔයාල ජනප්‍රිය ක්‍රියාදාම රූපවාහිනි කතාමාලවන් වන Warrior,Into the Badlands බලල තියෙනවනම් එහි චරිතවලින් ඔබ හමුවට ආ Joe Taslim හා Lewis Tan ඔයාලට නුපුරුදු චරිත වෙන්න විදිහක් ඇත්තෙ නෑ.

කතාව පැත්තට හැරුනොත් 17 වන සියවසේ ජපානේදී,බිහාන් මූලිකත්වය හොබවන ලින් කුයි ඝාතකයන් ෂිරායි රියූ නම් නින්ජා ගෝත්‍රයකට පහර දීලා එහි පිරිස හා එහි මුලසන හොබවන හන්සෝ හෂාෂිගේ ළමයා හා බිරිද මරා දමනවා.අවසානයෙදී බිහාන් හමුවේ හන්සෝ හෂාෂිට ද ජීවිතය පුද කරන්න සිදුවෙනවා.

වර්ථමානයේ කතාවට අවොත්,අවුට් වර්ල්ඩ් රාජ්‍ය විසින් (පෘථිවියෙන් පිටත රාජ්‍ය),පෘථිවි රාජ්‍ය නව වරක් එක පිට පරාජය ට පත් කරලා තියෙනවා මෝර්ටල් කොම්බැට් නම් මරණීය තෙක් සටන් වදින තරගාවලියකින්.ඔවුන්ට තව එක් ජයග්‍රහණයක් විතරයි ලබාගන්න තියෙන්නෙ පෘථිවි රාජ්‍යයේ බලය අත්පත් කරගැනීමට.කෙසේ හෝ පුරාතන අනාවැකියක කියවෙනවා හන්සෝ හෂාෂිගේ රුධිරයෙන් පැවත එන්නෙක් පෘථිවි ශූරයන් එක්කාසු කර අවුට්වර්ල්ඩ් රාජ්‍යයය පෘථිවි රාජ්‍යයේ බලය අත්පත් කරගැනීම වලක්වන ලෙසට.මේ නිසා දහවන තරගාවලියට පෙර පෘථිවි රාජ්‍යයෙ සලකුණු කල ශූරයන් මරා දැමීමට අවුට් වර්ල්ඩ් රාජ්‍යයෙන් ශූරයන් එවනවා.මේ අතර කෝල් යංග් කියන්නෙ හිටපු බොක්සින් ශූරයෙක්,ඔහුගේ ජීවිතය උඩු යටි කුරු වෙන්නෙ කෙනෙක් ඔහු සොයා පැමිණීමෙන් පසුවයි.තනිකරම නොනවතින ක්‍රියාදාම (Non Stop Action) සහිත චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.ඒවගේම කියන්න ඕන දරුනු සටන් දර්ශන සමහර තැන්වලදි බලාගන්න ලැබෙන නිසා මේක R+ ගනයට අයත් වෙනවා කියලත් මතක් කරන්නම්. ඇස් තිරයෙන් අහකට ගන්න නොහිතෙන මට්ටමේ සුපිරි ඇක්ෂන් සීන් බලාගන්න ආසනම් අනිවාරෙන්ම මේ චිත්‍රපටය නරබන්න ඔබට ආරාධනා කරනවා.එහෙනම් මම ගියා.ඔබට සුභ දවසක්!

 *මේ ලබා දි ඇති උපසිරැසිය HD පිටපත් සමඟ පමණක් ගැලපේ .

 සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න


The Marksman (2021) සිංහල උපසිරැසි සමඟ

 


ඔන්න කාලෙකට පස්සේ ලියාම් නීසන්ගේ චිත්‍රපටයක් අරගෙන ආවා. Mystic River (2003),Letters from Iwo Jima (2006) හා American Sniper (2014) වැනි චිත්‍රපටවල නිෂ්පාදනයට එකතු වී Academy Award for Best Picture සම්මානය සදහා තෙවරක් නිර්දේශ වුණු Robert Lorenz ගේ අධ්‍යක්ෂණයෙන් පැමිණි The Marksman චිත්‍රපටයේ රංගනය සඳහා ලියාම් නීසන් සමඟින් සුප්‍රකට Vikings රූපවාහිනි කතාමාලාවේ ලැගතා චරිතයට පණ පෙවූ Katheryn Winnick ද Juan Pablo Raba,Teresa Ruiz එකතු වෙනවා.මෙහි ධාවන කාලය මිනිත්තු 108 ක් වන අතර ක්‍රියාදාම,ත්‍රාසජනක කාණ්ඩය ඔස්සේ වර්ගීකරණය වෙනවා.

කතාව පැත්තට හැරුනොත් ජිම් හැන්සන් කියන්නෙ ස්නයිපර් කෙනෙක් විදිහට සේවය කරපු හිටපු ඇමරිකානු මැරින්  සෙබලෙක්.ඔහු ජීවත්වෙන්නෙ ඇරිසෝනා මෙක්සිකෝ දේශ සීමාව අසල ගොවි පලක් පවත්වගෙන යාමෙනුයි.ඒ වගේම ඔහු නීතිවිරෝධි සංක්‍රමණ ගැනත් බලධාරින් දැනුවත් කරනවා.එක්තරා දිනක ජිම් ට දේශ සීමාව සංක්‍රමණය කරන මවක් හා කුඩා ළමයෙක්ව හම්බවෙනව.මොවුන් දෙදෙනා මෙක්සිකානු අපරාධ සංවිධානයකින් බේරි පලා යන දෙදෙනෙක් බව ජිම්ට තේරුම් ගන්නට වැඩි වෙලාවක් යන්නෙ නෑ මොකද එරට බලධාරින් දැනුවත් කිරීමෙන් සුලු මොහොතකට පසු ඒ වෙලේම අපරාධකාර කණ්ඩායමක් ඔවුන් සොයා එතනට පැමිණෙනවා.ජිම් හා ඔවුන් අතර සිදුවන වෙඩි හුවමාරුවකින් එක් අපරාධකරුවෙක් මිය යන අතර අතර මවටද වෙඩිල්ලක් වදිනවා.ඔවුන් කෙසෙ හෝ අපරාධකරුවන්ගෙන් මිදී එතනින් පලා යන අතර වෙඩි වැදී මරණාසන්නව සිටින මව ජිම් ගෙන් ඉල්ලීමක් කරනවා තමන්ගේ දරුවව අර අපරාධකාර කණ්ඩායමෙන් බේරාගෙන ජීකාගෝ වල තමන්ගේ නෑනා වෙත ඔහුව බාරදෙන ලෙසට.කලින් සදහන් කර වෙඩි තැබීමෙන් මිය ගොස් සිටින්නෙ එම මෙක්සිකානු අපරාධ කණ්ඩායමේ මුලසුන හොබවන මොරිකෝ නම් තැනැත්තෙකුගේ සහෝදරයෙක් බව ජිම් දැනගන්නා විට වෙන්න ඕන දේවල් වෙලා හමාර බව ජිම් ට තේරෙනවා.මෙම දරුණු මෙක්සිකානු කණ්ඩායම හමුවේ ජිම් හැන්සන් ට කුඩා පිරිමි ළමයව බේරගෙන චිකාගෝ වෙත ගෙනියන්න පුලුවන් වෙයිද? මොරිකෝ තමන්ගේ සහෝදරයව මරපු කෙනාව නිකං ම අතෑරලා දායිද? කියලා දැනගන්න ඕන නම් ක්‍රියාදාම හා ත්‍රාසජනක ජවනිකා පිරුණු මෙය  අරගෙනම බලන්න.

 *මේ ලබා දි ඇති උපසිරැසිය HD පිටපත් සමඟ පමණක් ගැලපේ .

 සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න

 

Insight (2021) සිංහල උපසිරැසි සමඟ

 

අද අරගෙන ආවේ ක්‍රියාදාම ගණයට අයිති වෙන ලොකු කතා තේමාවක් නැති සරල චිත්‍රපටයක්.මෙහි අධ්‍යක්ෂණය වගේම රචනා කරලා තියෙන්නෙ Ken Zheng, Livi Zheng කියන නවකයන් විසින්.රංගනයෙන් Tony Todd, Keith David, Madeline Zima යන අය එකතු වෙනවා.

කතාව පැත්තට හැරුනොත් බාවො හා ජියාන් කියන්නෙ මොකක්හරි දෙයක් ඇල්ලුවහම නැත්නම් යම් දෙයක් ලගට ගියහම එතන තියෙන දේවල් ගැන දිවැසින් කියන්න පුලුවන් හැකියාව තියෙන අයියා මලෝ දෙන්නෙක්.මේ දෙන්නම යම් සංවිධානෙකට සම්බන්ද වෙලා අපරාධකාරයන් කොටු කරගන්න වගේ වැඩ වලට ඒ සංවිධානෙට උදව් කරනවා.කොහොමහරි ඔය සංවිධානයෙන් බාවෝ එනම් ජියාන්ගෙ අයියා දවසක් අතුරුදහන් වෙනවා.කාලෙකට පස්සේ ජියාන් ට ආරංචි වෙනවා බාවො ලොස් ඇන්ජලිස් වල අපාට්මන්ට් එකක සියදිවි නසාගෙන කියලා. තමන්ගේ අයියා එහෙම සියදිවි නසාගන්න කෙනෙක් නොවන බව දන්න ජියාන්, අයියට මොකද වුනෙ කියලා හොයාගෙන ලොස් ඇන්ජලිස් වලට යන කතාව ක්‍රියාදාම හා ත්‍රාසජනික ජවනිකා වලින් පිරුණු මෙය නරඹන්න ආරාධනා කරනවා.

*මේ ලබා දි ඇති උපසිරැසිය HD පිටපත් සමඟ පමණක් ගැලපේ .

 සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න


Son (2021) සිංහල උපසිරැසි සමඟ

 

හොල්මන්,අද්භූත,ත්‍රාසජනක ගණයට අයත් අයර්ලන්ත චිත්‍රපටයක් වන Son (2021) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Ivan Kavanagh විසින්.ඔහු සම්මාන කිහිපයක්ම දිනූ අයර්ලන්ත ජාතික රචකයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්.ඔහු නිර්මාණය කල චිත්‍රපට ගණනාවක්ම අයර්ලන්තයේ සම්මාන උළෙල්වල් වලදී හොදම චිත්‍රපටය හා හොදම නලුවා සම්මානයන් දිනාගන්න හැකියාව ලැබිල තියෙනවා.නලු නිලි පිරිස ගැන බැලුවොත් ප්‍රධාන චරිත ඔස්සේ Into the Wild (2007),The Autopsy of Jane Doe (2016),Lone Survivor (2013), Once Upon a Time in Hollywood (2019) වැනි චිත්‍රපට 30කට අධික ප්‍රමාණයකට මෙන්ම රූපවාහිනි කතාමාලවලද දක්නට ලැබූ චරිතයක් වන Emile Hirsch සමගින් Halloween (2018) චිත්‍රපටයේ සිටි Andi Matichak එක් වී සිටිනවා.

කතාව මෙහෙමයි. ලෝරා එයාගෙ පුතා වන ඩේවිඩ් එක්ක තනියම තමයි ජීවත් වෙන්නෙ.ලෝරා උදේට පුතාව ඉස්කෝලේ එක්කන් ගිහින් ඇරවලා ඇයත් ඇගේ ගුරු වෘත්තිය සදහා පිටව යන එක තමයි එයාලගෙ සුපුරුදු දින චරියාව වෙලා තියෙන්නෙ.සමහර දවස්වලට හවස් වරුවේ ලෝරා ට තියෙන පන්ති හින්දා පුතාව ගන්න ඉස්කෝලෙට එන්න පරක්කු වුනොත් ලෝරගේ අසල්වැසියෙක් වෙන සූසන් ව ලෝරා දැනුවත් කරලයි තියෙන්නෙ පුතාව ගන්නයි කියලා. ඔහොම දවසක ලෝරා හවස්වෙලා ගෙදර ගිහින් පුතාව සූසන් ලගෙ ගෙදරින් අරගෙන තමන්ගේ ගෙදරට යනවා.ඩේවිඩ් බය හිතෙන වීඩියෝ ගේම් එකක් සෙල්ලම් කරපු හින්දා එදා රෑ එයා නින්දට යන්නෙ හිතේ බයෙන්.ඩේවිඩ්ගේ කාමරේ ලයිට් නිවලා ලෝරා එයාගෙ කාමරේට ගියාට පස්සෙ ඩේවිඩ්ගේ කාමරෙන් පොඩි සද්දයක් එනවා.කලින් ඩේවිඩ් ටිකක් බය වෙලා හිටපු හින්දා ලෝරා එයාගේ කාමරේ ඉදන් ඩේවිඩ් ට එයාගෙ කාමරේට නිදාගන්න අඩගහනවා.කිසි සද්ද බද්දයක් නැති හින්දා ලෝරා ඩේවිඩ්ගේ කාමරේට ගිහින් දොර ඇරලා බැලුවහම ඩේව්ඩිගේ කාමරේ කවුදෝ කට්ටියක් ඉන්නවා දකිනවා.එ වෙලේම ඉබේ ඩේව්ඩ් ගේ කාමරේ දොරත් වැහෙනව. ලෝරා කොච්චර උත්සහ කරත් දොර ඇරගන්න වෙන්නෙ නෑ.පස්සෙ ලෝරා බය වෙලා සූසන්ලගේ ගෙදර දොරට තඩි බාලා පොලීසියෙන් උදව් ඉල්ලන්න කියලා සූසන්ට කියනවා.මොනවා වුනත් පුතා කට්ටියක් එක්ක තනියම කාමරේ ඉන්න නිසා එයා ආපහු තමන්ගෙ ගෙදරට ගිහින් පිහියක් අරගෙන දොර අරිද්දි දොර නිකන්ම ඇරෙනවා.හැබැයි අර කලින් ඩේවිඩ්ගේ කාමරේ හිටපු කට්ටිය පේන්න ඇත්තෙවත් නෑ.හැබැයි නිදගනිද්දි ඇදුමකින් සැරසිලා හිටිය ඩේවිඩ්ගේ ඇදුම් ඔක්කොම උනා දාලා තමයි තියෙන්නෙ.ඔය අතරවාරයේ පරීක්ෂක පෝල් ටේට් ඇතුලු පොලීසියේ අය ඇවිත් මේ ගැන විපරම් කරලා බැලුවත් මේ ආපු මිනිස්සු කට්ටිය ගැනවත්,බලෙන් ඇතුලු වීමක් ගැනවත් කිසිම දෙයක් හොයාගන්න වෙන්නෙ නෑ.බැලින්නම් දාඩිය දාන නිසා ඇදුම් ගලවගෙන තියෙන්නෙත් ඩේව්ඩි ම තමයි.ඔහොම හැමදේම සන්සුන් වෙනවා.හැමදේම හොද අතට හැරුන කියලා හිතුවට පස්සෙ දවසක ඩේවිඩ් ගෙදරදී ලේ වමනේ කරගෙන ඇදගෙන වැටෙනවා.ලෝරා ඩේවිඩ් ව රෝහලට අරගෙන ගියත් දොස්තර ලට තියෙන පරීක්ෂණ ඔක්කොම කලත් ඩේවිඩ් ගේ ලෙඩේ මොකක්ද කියලා හොයාගන්න බැරිවෙනවා.හිටි ගමන් ඩේවිඩ්ට හැදුණ ලෙඩේ මොකක්ද? ඩේවිඩ් ගේ කාමරේ හිටපු අද්භූත මිනිස්සු කට්ටිය කවුද? ඇත්තටම එහෙම මිනිස්සු කට්ටියක් හිටියද? ඩේවිඩ් ගේ ලෙඩේට හේතුව ඔවුන් ද? ලෝරා තමන්ගේ දරුවා බේරගන්න මොනවා කරාවිද? ඇත්තටම මේ ලෝරා කියන්නෙ කවුද? කියල දැනගන්න ඕන නම් ත්‍රාසය,කුතුහලය පිරුණු මෙම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.ඒ වගේම ලේ වැගිරිම් තියන සංවේදි දර්ශන කිහිපයක් තියෙනවා කියලත් මතක් කරන්න ඕන.එහෙනම් අදට නවතින්නම්.ඔබට සුභ දවසක්!

*මේ ලබා දි ඇති උපසිරැසිය HD පිටපත් සමඟ පමණක් ගැලපේ .

 සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න

 


 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google