Latest Subtitles :
Recent Movies

Hours (2013) සිංහල උපසි‍රැසි සමග

සත්‍ය කතාවක් පාදක වූ සුප්‍රකට නළු පෝල් වෝල්කර් රංගනයෙන් දායක වන "හවර්ස්" චිත්‍රපටය තමයි අද අරගෙන ආවෙ.මම නෝලන් හේයස්.අද හිරු පායලත් නෑ,මම මගේ ගර්භනී බිරිදව නිව් ඔර්ලීන්ස් රෝහල වෙත ඉක්මනින්ම අරගෙන ගියා.එහෙත් සිද්ද වුනේ මම හීනෙකින්වත් නොහිතපු දෙයක්, දරුණු කතරිනා සුළි කුණා‍ටුව රෝහල ආක්‍රමණය කලා.එමෙන්ම මගේ බිරිද සිගිති දියණියක්ව ප්‍රසූත කරලා.ගත වූයේ නිමේෂයයි.විදුලිය බිද වැටී ගිහින්,හැම තැනම ගං වතුරින්ම පිරී ගොස්.මට කොහොමින් හෝ සිගිති දියණියගේ ජීවිතය ගලවා ගත යුතුයි.ජීවිතටත් මරණයත් අතර තීරණයක්....තත්පර යෙන් තත්පරය ගෙවී ගොස් සිතාගත නොහැකි හෝරා බවට පත් වෙයි.මේ මගේ කතාවයි.තවත් චිත්‍රපටයක් සමගින් ඉක්මනින්ම හමුවෙමු! "Every Second Counts"


Hours (2013) on IMDb


The Walking Dead (2013) S04E03 සිංහල උපසි‍රැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ තුන්වෙනි දිගහැරුම අරගෙන එන්නේ දැඩි ප්‍රමාදවීම් ගණනාවකටම පසුවයි,හදිසියේ ඇති වූ අතේ ආබාධ තත්වයක් හා කාර්යබහුලත්වය මීට හේතු ලෙස දක්වන්න පුලුවන්,කමක් නෑ.කතාව ගැන කියනවනම් දෙවන කොටස බැලුවනම් ඒක ඉවර වුනේ මාරාන්තික කැස්සකින් පසුවී කේරන් හා ඩේවිඩ් යන දෙදෙනා මරා දමා ගිනි තබා පුළුස්සා ඇති අයුරු ටයිරීස් විසින් දු‍ටු පසුවයි.අද කතාවේ වෙන්නේ මේ සිදුවීම පිලිබදව රික් හා ටයිරීස් අතර වාදයක් ඇතිවී රණ්ඩුව දුරදිග යනවා.පස්සේ කොහොමින් හෝ සමාදාන වෙනවා.කලින් සදහන් කල රෝගය සිරකුටියේ ගොඩක් දෙනා අතර පැතිර ගිහිනුයි දැන් තියෙන්නේ.ඉන් බේරි සිටින්නේ ස්වල්ප ප්‍රමාණයක් විතරයි.මේ රෝගය සදහා ප්‍රතිකාර සොයා ඩැරල් හා පිරිසක් සැතපුම් 5ක් දුර ස්තානයක් වෙත ගමන් ගන්න අතර ඔවුන්ටත් සිදුවන්නේ නොසිතූ විරූ අත්දැකීමකට මූන දෙන්නයි.ඒ වගේම කේරන්වයි ඩේවිඩ්වයි ඇත්තටම මරා දැම්මේ කවුද? හර්ෂල් විසින් වනයේ මෙම රෝගයට බෙහෙත් සොයා ගමන් ගන්නවා,ඔහුට බෙහෙතක් සොයා ගත හැකිවේවිද? දැනට රෝගි වූ අයගෙන් නිරෝගී අයව රෝගය වැලදීමෙන් ආරක්ෂා කර ගැනීමට කුමන විදිහෙ උපක්‍රමයක් මොවුන් අනුගමනය කරාවිද? යන්න දැනගන්න IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.7 වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් ත්‍රාසය,භීතිය පිරි වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ අද කොටස නරඹන්න.සිව්වන කොටසින් ඉදිරි දින කිහිපය තුල හමුවෙමු.එතෙක් සුභ දවසක්.

Despicable Me 2 (2013) සිංහල උපසි‍රැසි සමග

මේ වසරේ බොක්ස් ඔෆිස් වාර්තාතබමින් පළමු චිත්‍රපටිය මෙන්ම දෙවැනි චිත්‍රපටියද වැඩි ජනතා ආකර්ෂනයක් ලබමින් තිරගත වුන සුපිරි ගණයේ චිත්‍රපටියක් තමයි අද අරන් ආවේ.පළමු චිත්‍රපටිය ඔබ නැරබුවා නම් දකින්න ඇති ගෘ කියන්නේ නපුරු දරුණූ හොරෙක් නේ.එත් මාගෝ,ඇඩ්නස් ඊත් කියන ළමයි තුන්දෙනා ගෘ ගේ නපුරු ගතිවලින් ගලවගන්නවා නේ.දැන් ගෘ නපුරු වැඩ අතහැරලා එයාගේ මහාචාර්ය වරයායි එතකොට අර ගෘගේ කහාපාට යාළුවෝ සෙට් එකත් එක්ක පොඩි ජැම් ව්‍යාපාරයක් කරගෙන යනවා.මේ අතර වාරයේදි නගරයට තවත් කලින් ගෘ වගේම දක්ෂ හොරෙක් එනවා.දුෂ්ටයන්ව අල්ලන සංගමයක් විසින් නැවත ගෘව හොයාගෙන ඇවිත් මේ හොරාව අල්ලන්න උදව් ඉල්ලනවා.මොකද කලින් ගෘ හොරවැඩ කරලා තියන නිසා හොරුන්ගේ දුර්වල කම් දන්න නිසා.එත් ගෘ මේකට කැමැති වෙන්නේ නම් නැහැ.මොකද ගෘ දැන් කොහොමත් ක්‍රියාදාම වැඩවලින් ඇත්වෙලා ඉන්න නිසා.කොහොම හරි මේ අපරාධකාරයත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයි මොහු හදන්නේ මුළු ලෝකයම අල්ලන්න පුලුවන් වෙන හමුදාවක් හදලා ලෝකය යටත් කරගන්න.ඉතින් අන්තිම මොහොතේ ගෘ කැමැති වෙනවා වැඩේට.මෙතැනින් පස්සේ මොනා වෙයිද කියලා ඔයාලා චිත්‍රපටිය අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.පවුලේ හැමෝටම එකතුවෙලා ඉදන් අපේ අර කහාපාට පොඩි යාළුවන්ගේ විකාර වැඩත් එක්ක හිනාවේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් නිසා.ලොකු පොඩි හැමෝම අරන් බලන්න.එහෙනම් තවත් චිත්‍රපටියක් එක්ක හම්බවෙනකම් සමුගන්නවා.

The Walking Dead (2013) S04E02 සිංහල උපසි‍රැසි සමග

හඹා එන මරණයේ අද කොටස ගැන කියනවනම් රික් හා කණ්ඩායම් සිටින සිරගෙදරට නොසිතූ විරූ සොම්බි ආක්‍රමණයක් එල්ලවෙන අතර මාරාන්තික උණ රෝගයක්ද පැතිර යනවා.එසේම සිරභූමියේ වැට සොම්බි මිනිසුන් විසින් බිම හෙලා දැමීමට සැරසෙනවා,රික් ඇතුලු පිරිස මේ උවදුරු වලින් කෙසේ ජීවිතය ගලවා ගනීවිද? මිෂෝන් හට දිවි ගලවා ගත හැකිවේවිද? යන්න දැනගන්න නම් ත්‍රාසය,භීතිය,පිරි දෙවනි කොටස නරඹන්න.එහෙනම් තෙවනි කොටසින් ලබන සතියේ හමුවෙමු!

Man of Steel (2013) සිංහල උපසි‍රැසි සමග

සුපර් මෑන් නම් ලොව ප්‍රසිද්දම කොමික් චරිතය බිහිවුනේ 1933 දී Jerry Siegel විසිනුයි. මේ Man of Steel චිත්‍රපටිය 2013 ජූනි මාසේ එළිදැක්වුවේ සුපර්මෑන් චරිතය නිර්මාණය කරලා අවුරුදු 75 ක් සැමරීම වෙනුවෙනුයි.

මේ චිත්‍රපටියේ සුපර් මෑන් ගේ චරිතයට පණපොවන Henry Cavill තමයි මුල්ම ඇමරිකානු නොවන නළුවා වෙන්නේ සුපර් මෑන් චරිතයට දායකවෙන. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඒ වගේම මේ චිත්‍රපටයේ ඔයාලට දැකගන්න පුළුවන් සුපර් මෑන් ගේ අලුත්ම ඇඳුම (costume ). මේ අලුත්ම ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ 2011 වසරේදී DC කොමික්ස් විසින් ප්‍රති නිර්මාණය කරපු "The New 52" කොමික්ස් පොත් පෙලෙහි සුපර් මෑන් ගේ ඇඳුමයි. ඒ වගේම චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ චරිත සඳහා Natalie Portman, Anne Hathaway, Kristen Stewart වගේ අයෙග් නම් නිර්දේශි වුනා. ඒ අතරින් Amanda Seyfried කුසලතා පරීක්ෂණකටත් ඉදිරිපත් වෙලා එහිදී අසමත් වීම නිසා තමයි Amy Adams හට ප්‍රධාන නිළියගේ චරිතය හිමිවෙලා තියෙන්නේ. ඒ වගේම Batman චරිතයේ ප්‍රතිනිර්මාන කරපු ක්‍රිස්ටෝපර් නෝලන් ගේ ජනප්‍රියත්වය සහ දක්ෂතාවය නිසා තමයි මේ චිත්‍රපටයේ අවසාන නිෂ්පාදන කටයුතු සනදහා ඔහුව සම්බන්ද කරගෙන තියෙන්නේ.

මෙහි අධ්‍යක්ෂක වන සැක් ස්නයිඩර් විසින්ම වරෙක සුණු විසුණු කර දැමූ සුපිරි වීරයාගේ ප්‍රතිරූපයට යළි ජීවය පිඹීමට උත්සහ දරන සිය නවතන සිනමා සිත්තම වන "මෑන් ඔෆ් ස්ටීල්" පිලිබදව ස්නයිඩර් කියා සිටිනුයේ,එහි ඇති අපූර්වත්වය නම් ව්‍යාජෝක්තියෙන් තොරව තමා විසින් නිර්මාණය කල එකම චිත්‍රපටය මෙය බවයි.කෙසේ වුවද සිනමා ලෝලීන්ට කිසිසේත් ආගන්තුක චරිතයක් නොවන 'සුපර් මෑන්' නොහොත් සුපිරි වීරයා කරළියට ගෙනෙන ලද පළමු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා 'සැක් ස්නයිඩර්' නම් නොවන බව ඉදුරාම කිව යුතු වේ.2006 වසරේ බ්‍රයන් සිංගර් විසින් තිරයට ගෙනා,Superman Returns චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්ථාවල යම් තාක් දුරකට සිය නම ‍රැන්දවීමට සමත්වුවද ඊට සමානකම් ඇති තවත් චිත්‍රපටයක් බිහි වීමට තරම් ප්‍රමාණවත් ප්‍රේක්ශක ප්‍රතිචාරයක් නොවීය.සිනමාව ඔස්සේ පමණක් නොව පසුගිය දශකයට ආසන්න කාලයක් රූපවාහිනියේ ඔස්සේද විකාශය වූ 'Smallville'මීට දෙවසරකට කලින් එහි අවසන් කතාමාලාවේ අවසන් කතාංගයද විකාශය වී එය නිමාවට පත්විය.කතා මාලාව ඔස්සේද ප්‍රේක්ෂකයන් හමුවට නිබදව පැමිණි සුපර්මෑන් නම් සුපිරි වීරයා යළිත් වරක් කඩිමුඩියේ කරළියට ගෙන ඒමට තරම් ස්නයිඩර් පෙළඹ වූ හේතුව කවරක්ද කියා විමසා බැලීම වටී,මන්ද සුපිරි වීරවරුන්ගේ හිගයක් මෑත භාගයේදී නොපැවති නිසාය.

පසුබිම් විස්තර බොහෝ සෙයින් මීට පෙර බිහි වූ 'සුපර් මෑන්' නිර්මාණයන්ට සමානුරූපි වුවද මෑන් ඔෆ් ස්ටීල් හරහා ස්නයිඩර් හට අවශ්‍ය වන ලද්දේ මෙතෙක් මෙම සුපිරි වීරයා පිලිබද නොකියවුනු කතාවක් කීමටය.සුපර් මෑන් චරිතය සම්බන්දයෙන් කියැවුනු දෑවලට වඩා නොකියවුණු දෑ බහුල බවට විශ්වාස කල ස්නයිඩර් "මෑන් ඔෆ් ස්ටීල්' හරහා පෙර අප හදුනාගෙන සිටි සියළුම සුපර්මෑන් චරිත මතක ගබඩාවෙන් සහමුලින්ම ඉවත්කරනුයේ කොතරම් නව්‍යතාවයකින් යුතුවද යත් මෙලෙස තමා හමුවට එන්නේ තමන් බොහෝ කාලයක සිට දැන් හදුනාගෙන සිටි වීරයෙකු බව පිලිගැනීමට ප්‍රේක්ෂකයා මැලි වන්නේය.

මීට පෙර සුපර්මෑන් කේන්ද්‍ර කොටගත් කිසිදු නිර්මාණයක් බිහි නොවූ ගණනට සිය චිත්‍රපටයේ නිර්මාණ කටයුතුවලට අත ගැසූ ස්නයිඩර් හට අවශ්‍ය වූයේ 'සුපර් මෑන්' නමැති ශීර්ෂ පාඨයෙන් මෙම සුපිරි වීරයාව පිටතට ගැනීමයි.සුපර්මෑන් පාදක කොටගත් මිත්‍යා කතාව අර්ථකථනයකින් යුතුව ඉදිරිපත් කීඊම සදහා චිත්‍රපටයේ ආරම්භක මිනිත්තු විස්ස කැප කලද,සංක්ෂිප්තයෙන් ඉදිරිපත් කෙරෙන 'ක්‍රිප්ටන්' ග්‍රහලොව පිලිබද හැදින්වීමත්,සුවිශ� ��ෂී හැකියාවෙන් උරුම කරගත් ළදරු සුපර් මෑන් පෘථිවියට එවනු ලබන අන්දමත්,සුපර්මෑන් ගේ පියාගේ පරම සතුරා වන ජෙනරල් සොඩ් (මයිකල් ෂැනෝන්) අසාධාරණ අන්දමින්,කිසිසේත් ම ප්‍රේක්ෂකයා බලාපොරොත්තු නොවූ ඉදිරිපත් කිරීමක් නොවන බව කිව යුතු වේ.

ක්‍රිස්ටෝෆර් ඊවි විසින් පණ පෙවූ සුපර්මෑන් චරිතය අද කැවිල් විසින් නිරූපණය කරන්නේ සමාජය විසින් තමාව අනේක වරදවා වටහා ගනු ලැබීම තුල ජීවත් වෙමින් වුවද යම් දිනයක මනුෂ්‍යත්වය විසින් තමාව පිලිගනු ඇතැයි යන බලාපොරොත්තුව පෙරදැරිවය.ඇත්තෙන් ම එය මෙතෙක් අප දැන සිටි 'අයන් මෑන්'(සිය හැකියාව යහපත වෙනුවෙන් යෙදවීමට ඉගෙන ගන්න ධනවතා) බැට්මෑන්(තමා පෙළනු ලබන පළිගැනීමේ චේතනාව යහපත වෙනුවෙන් යෙදවීමට ඉගෙන ගන්නා පීඩනයට පත් අනාථ තරුණයා)වැන්නවුන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නකි.ඇමරිකාවේ ගම්බද පරිසරයක යහපත් පවුල් පසුබිමක් තුල හදා වඩා ගැනීමට ලක්වීම හෙයින් ස්වභාවයෙන්ම යහපත් චරිතයකින් යුතු සුපර් මෑන් හරහා ප්‍රේක්ෂකයාට ඉදිරිපත්කෙරෙනුයේ සමාජය යහපත උගැන්මට දරන උත්සහයත්,යහපතේ පරමාදර්ශයක් බදු වූ එකී සුපර්මෑන් චරිතයයි.එනම් ජානමය වශයෙන් දක්වන්නා වූ අසාමාන්‍ය බල පරාක්‍රමයෙන් යුතු මෙකී පිටසක්වල ජීවී චරිතය සමාජය විසින් පිලිගැනීමට උත්සහ දරන ආකාරයත් බව පැවසීම 'මෑන් ඔෆ් ස්ටීල්' චිත්‍රපටයට සැක් ස්නයිඩර් විසින් දීමට උත්සහ දරා ඇති අර්ථකථනයයි.

චිත්‍රපටිය නරඹන විට බලන්න පුංචි දේවල් ටිකක් කියන්නම්,

ඔබ හොඳ අවදානයෙන් චිත්‍රපටය බලනවානම් ඔබට පෙනෙයි චිත්‍රපටයේ General Zod සහ සුපර් මෑන් අතර පවතින අවසාන සටනේදී ඔවුන් දෙදෙනා අභ්‍යවිකාශ දේ සටන් කරන මොහොතේදී දෙදෙනාම එකතරා චන්ද්‍රිකාවක ගැටෙනවා. ඒ චන්ද්‍රිකාව හොඳින් බැලුවොත් පෙනෙයි එහි තියෙන්නේ බැට් මෑන් ගේ වේන් ඉන්ඩස්ට්‍රි ( Wayne Enterprise) යට අයත් නිල ලාංජනයක්. මේ තුලින් ඉදිරියේදී නිපන්දවන්න යන Batman vs. Superman (2015) චිත්‍රපටය ගැන පුංචි හෝඩුවාවක් දීලා තියෙනවා.

ඒ වගේම චිත්‍රපටියේ 43 වෙනි මිනිත්තුවේදී ලොයිස් සහ පෙරී වයිට් එක්ක Daily Planet පත්තර කන්තෝරුවේදී ඇතිවෙන දෙබසේදී කාර්යාලයේ ඉහලින් නලාවක් තියෙනවා දැකගන්න පුළුවන්. ඒ මාර්වල් කොමික්ස් ලාගේ (සුපයිඩර් මෑන් රැකියාව කරන) Daily Bugle පත්තර කන්තොරුවත් එක්ක වෙන් කරලා හඳුනා ගැනීමට. ඒ වගේම සුපර් මෑන් චරිතයට පණපොවන Henry Cavill ඔහුගේ පපුව ප්‍රදේශයේ ඇති දැඩි රෝමකූප සහිතව තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් නියතු වෙලා තියෙන්නේ. ඒ DC කොමිස් ලාගේ "The Death Of Superman" කොමික් පොතේ චරිතය චිත්‍රපටයට ආරෝපණය කිරීම සඳහායි. ඒ වගේම ඔබ Smallville රසිකයෙක් නම්, ඔබට දකින්න ඇති අඩුම තරමේ Smallville කතාවේදී අපිට දකින්න ලැබුණු නළුවන් පස් දෙනෙක් පමණ මෙම චිත්‍රපටියෙන් දැකගන්න පුළුවන්.

මෙම චිත්‍රපටයේ උපසි‍රැසි දෙන්න නම් ටිකක් විතර ප්‍රමාද වුනා මම හිතන්නේ,ඒ වගේම අපේ චම්පික ලක්රුවන් සහෝටත් ස්තූති වෙනවා මේකට ඉක්මනින් උදව් කරලා ඔයාලට දෙන්න ලැබීම ගැන.ඒ වගේම ලිපියට ඇතැම් කරුණු සපයා දුන් දිනුෂ්ක උදාර (රොකියා) සහෝටත් ස්තූති වන්ත වෙනවා.



The Walking Dead (2013) S04E01 සිංහල උපසි‍රැසි සමග

අද අරගෙන එන්නේ IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.7 වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් වෝල්කින් ඩෙඩ් (හඹා එන මරණය) කතාමාලාවේ සිව්වන කතා සමයත් අරගෙනයි,කට්ටියට මතක ඇති මෙහි තුන්වන කතා සමයත් සූම් අඩවිය තුලින් අපි ලබාදුන්නා.කතාවේ සාරාංශය ගැන කියනවනම් රික් ඇතුළු පිරිස හඹා එන මරණයෙන් ගැලවීමට දරන උත්සහය තමයි මේ කතාව පුරාවටම ඉදිරිපත් කරන්නේ.තව දෙයක් කියන්න තියෙනවා මේ කතා සමයෙදී ඉදිරියේදී ඔබට අලුත් සොම්බි විශේෂයකුත් දැකගන්නට ලැබේවී.

අද කතාව ගැන කියනවනම් රික් ඇතුලු පිරිස සිරගෙදර තුල මාසයක් පමණ ‍රැදී සිටින අතර ඔවුන්ට අවශ්‍ය භාන්ඩ සොයා ඩැරල් ඇතුලු පිරිස පිටත්ව යනව.ඔවුන් හට කුමක් සිදුවේවිද? තව නම් කියන්න යන්න නෑ,එහෙනම් කුතුහලයෙන් සපිරුණු සොම්බි රසිකයින්ගේ ප්‍රියතම කතාමාලාව නරඹන්න.හඹා එන මරණයේ මීලග කොටසත් අරගෙන ලබන සදුදා රාත්‍රියේ මුණගැහෙමු.සුභ දවසක්.

The Call (2013) සිංහල උපසි‍රැසි සමග

මේ චිත්‍රපටියේ සම්පුර්ණ විනාඩි 90ක කාලය පුරාම ඔබව කුතුහලයෙන් තියන්න අනිවාර්යෙන් සමත්වේවි.කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් මේ කතාව ගෙතිලා තියෙන්නේ 911 හදිසි ඇමතුම් එකක වටා. ජොර්ඩන් කියන්නේ එතන වැඩ කරන කෙනෙක්.එයාට දිනක් හදිසි ඇමතුමක් එනවා එකේ ගැණු ළමයෙක් කතා කරන්නේ එයාව පැහැරගන්න නිවසට කෙනෙක් ඇවිල්ලා කියලා මේ 911 අංකයට කතා කරනවා.මේ ඇමතුම ලැබෙන්නේ ජොර්ඩන්ට.ජොර්ඩන්ග� ��න් සිදුවු පොඩි අත්වැරදිමක් නිසා මේ ළමයාව අර පැහැරගන්න ආව පුද්ගලයා පැහැරගෙන යනවා.පස්සේ ආරංචිවෙනවා ඒම ගැණු ළමයාව මරලා දාලා කියලා.මේ නිසා ජොර්ඩන් මානසිකව වියවුල් තාවයකට පත්වෙනවා.තමන්ගේ රැකියාව උන 911 ඇමතුම් වලට උත්තර ලබා දිමෙන් ඇය සමුගෙන ආයතනයේ වෙනත් රැකියවක් කරගෙන ඉන්නවා.එත් මේ සිදුවිම වෙලා හරියටම මාස 6කට පස්සේ නැවතත් ඒ අකාරයේම සිදුවිමක් වෙන්නයි හදන්නේ..මේ ඇමතුමත් අහම්බෙන් වගේ ජොර්ඩන්ට ගන්න වෙනවා.එයාගේ අතින් පලවෙනි වතාවේ උන වරද මේ පාරත්වෙලා පැහැරගන්න ළමයාට ජිවිතෙන් වන්දිගෙවන්න වෙයිද? නැත්නම් ජොර්ඩන් බේරාගනිවිද? තත්පරයෙන් තත්පරය කුතුහලයෙන් ඔබව තබන මේ චිත්‍රපටිය අනිවාර්යෙන් අරන් බලන්න.ආපහු හොද චිත්‍රපටියකින් හමුවෙමු.


The Call (2013) on IMDb

Warm Bodies (2013) සිංහල උපසි‍රැසි සමග

මගේ නම R‍,මම සොම්බි කෙනෙක්.මොනවද මම මේ කරන්නේ? මට ඕන මිනිස්සු සමග සම්බන්ද වෙන්නයි.මම ජීවත් වෙන්නේ ගුවන් තො‍ටුපලක.සොම්බි මිනිසුන් ඇරුනම මේ ලෝකයේ ඉතුරු වෙලා ඉන්නේ මිනිසුන් කිහිප දෙනෙක් පමණයි.එක දිනක සොම්බි මිනිසුන් කිහිප දෙනෙක් මනුෂ්‍ය පිරිසකට පහර දෙන්න යන විට R ට ජූලි කියල තරුණියක්ව මුනගැහුණා.R ඇයව ඔවුන්ගෙන් බේරගත්තා.පසුව ඔවුන් දෙදෙනා ආදරෙන් බැදෙනවා.අවසානයේ මොවුන්ගේ ආදරයට කුමක් වේවිද? "ඔහු තවමත් මල සිරුරකි,නමුත් ඔහු උණුසුම් වේ." IMDB ශ්‍රේණිගත කිරීම් හි 7.0 වැනි ඉහල අගයක් ලබා ගත් මෙය ඔබත් නරඹන්න,එහෙනම් දැනට සමුගන්නවා.තවත් චිත්‍රපටයක් සමගින් ඉක්මනින්ම හමුවෙමු.

Warm Bodies (2013) on IMDb

Ek Thi Daayan (2013) සිංහල උපසි‍රැසි සමග

අද මම අරගෙන එන්නේ මගේ 80 වැනි උපසි‍රැසි නිර්මාණය,මේ ‍ෆිල්ම් එක ගැන අද දවල් තමයි හෙඩ්ස් කිව්වේ.මේ ‍ෆිල්ම් එකේ හොද පිටපතක් අන්තර්ජාලෙට නිකුත් වුනෙත් අද තමයි.චිත්‍රපටය ගැන කියනවනම් මෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ ඉම්රීන් හෂීම්.මේ චිත්‍රපටයට බොක්ස් ඔෆීස් වාර්ථා හමුවේ සාර්ථක වෙන්නත් හැකියාව ලැබුනා.මේ චිත්‍රපටය ත්‍රාසජනක,හොල්මන්, ප්‍රේම වෘන්තාත්ත යටතේ වර්ගකරන්න පුලුවන්.එහෙනම් කතාව ගැන මම මුකුත් කියන්න යන්නේ නෑ,චිත්‍රපටය අරගෙන බලලා,උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.එහෙනම් තවත් චිත්‍රපටයක් සමග මුණගැසීමේ බලාපොරොත්තුවෙන් දැනට සමුගන්නවා.

Ek Thi Daayan (2013) on IMDb

Commando (2013) සිංහල උපසි‍රැසි සමග

ඔයා කවදහරි අඩි 20,500ක් උඩ ඉදන් පැනලා තියෙනවද....කිලෝ 65ක් අරගෙන?පැරා කොමන්ඩෝ භටයෙකුට ඒ වගේ පැනිලි 5ක්
පමණ කරන්න තියෙනවා ඔහුගේ පුහුණු වීම් කාලය තුල.එක පාරක් ඔවුන් එක අදුරු රෑක තමයි පැනීම සිදු කරන්නේ.කෙනෙක්,සියළුම යුධ ආම්පන්න සන්නන්ද වෙනවා.කිලෝ 50ක බරක් අරගෙන කිලෝමීටර් 60ක් පයින් යනවා,ඒ බරම අරගෙන කිලෝමීටර් 20ක් පමණ නගිනව.අවි වර්ග 22ක් පමණ හසුරුවනවා,මුහුදේ පතුලටම කිමිදෙනවා,මේක තමයි කොමාන්ඩෝ භටයෙකුගේ දවසක දින චරියාව.අවි ගත්ත මිනිසුන් එක්ක අවි නැතුව සටන් කරනවා,සතුරු සීමා වලට ඇතුලු වෙලා ඔවුන්ව වනසලා දානවා.ඒක කොමන්ඩෝ භටයෙක්ගේ දවසක වැඩක්ද?ඉර එලියටවත් ලගා වෙන්න බැරි තැන් වලට කොමාන්ඩෝ
භටයෙක්ට ලගා වෙන්න පුලුවන්.මිනිස් මරණවලට  වගකියන්න ඕන විෂකුරු සර්පයන් තමයි ඔහුගේ
ආහරයේ කොටසක් වෙන්නේ...ඔයා ආරක්ෂාව තර කරලා යන්නෙවත් නැති ප්‍රදේශ වලට ගිහින්
ඔහු ඒ ප්‍රදේශ නැවත රටටම ලබාදෙනවා.කොමාන්ඩෝ භටයෙක් මිනිස්සු දහසකට නෙවෙයි,
දස දහසකට සමානයි.......අයදුම් කරුවන් දස දහසකින් එක් කෙනෙක්
විතරයි කොමාන්ඩෝ භටයෙක් විදිහට සුදුසු කම් ලබන්නේ.ආත්මාර්ථකාමීත්වය හමුවේ ඔහු කෙසේ සටන් කරාවිද? මේ ඔහුගේ කතාවයි.

Commando (2013) on IMDb

Arrow (2013) S01 E22 සිංහල උපසි‍රැසි සමග


අද කොටසින් ඔබට ඇරෝ කතා මාලාවේ රසවත්ම රහස් කිහිපයක් දැනගන්න පුලුවන් වෙනවා.රොබර්ට් ක්වීන් හා මැල්කම් මර්ලින් අතර ඇති වූ ගනුදෙනුව කුමක්ද? වෝල්ටර් මෝරා ක්වීන් හට සමාවක් දේවිද? කවුද මේ හිස් වැසුම් කරුව අනුගමනය කරන අනිත් හිස් වැසුම් කරු? මර්ලින් තම රහස් මකා දැමීමට කුමන පියවරක් අනුගමනය කරාවිද? තම මවගෙන් රහස එලිකරගැනීමට ඔලිවර් හා ඩිගල් කුමක් කරාවිද? ඔලිවර් හා ලෝරෙල් නැවතත් පෙමින් බැදේවිද? මේ හුඩ් කවුද කියලා අද කෙනෙක් දැනගන්නවා,ඒක තමයි අද කොටසේ හොදම හරිය ඒ වගේම ඔලිවර් දූපතේ ඉද්දී සිදුවුන සිදුවීම් කිහිපයකුත් ඔබට බලාගන්න පුලුවන්.එහෙනම් ඇරෝ කතාමාලාවේ අවසන් කොටසින් හැකි විගසම හමුවෙමු.


3G - A Killer Connection (2013) සිංහල උපසි‍රැසි සමග

ඔන්න අද තවත් අළුතින්ම නිකුත් වුනු හින්දි චිතුපටයකට සැංහල උපසිරැසි අරන් ආවා ... මේක ගොඩක්ම Table 21 චිත්‍රපටයට සමානයි.... ඒ වගේම එහි වගේම වර්තමාන සමාජයට පිළිලයක් වෙලා තියෙන මාතෘකාවක් ගැන තමා මේ චිත්‍රපටයේ කියවෙන්නේ... ඒ වගේම මෙම චිත්‍රපටයේ දර්ෂණ දෙක තුනක් නිසා මම මේක වැඩිහිටියන්ට පමණක් සීමාවෙනවා... නමුත් මේය හැමෝටම නරබන්න පුළුවන් වුනානම් වටිනවා කියලා මම භය නැතුව කියනවා.... ඒ වගේම රේටින්ග්ස් චෙක් කරලා චිත්‍රපට නරඹන අයට මෙහි රේටින්ග්ස් අඩු වුනාට තාක්ෂණය හා ගුණාත්මක බව Table 21 තරම්ම වගේ තියෙනවා...
චිත්‍රපටය පටන් ගන්නේ ආදර හමුවකින් මේම හමුව ඉවර වෙනනත් කලින් පෙම්වතා පෙම්වතියට අහැට අනිනවා.... පුදුමයි නේද.. ඒ වගේම ඊට පස්සේ තමා මෙහි ප්‍රධාන චරිතය සෑම් පාවිච්චි කරන ලද ජංගම දුරකථයක් ගන්නේ! ඕන්න හොල්මන් කරන්න පටන් ගන්නේ මේ භුත ආත්මේ ඔන්න ඔය මොබයිල් එකෙන් පටන්! මම ඔය කිව්වේ පොඩි කොටසක් චිත්‍රපටය මැදට පමණ යන විට මුළුමනින්ම වගේ කතාව වෙනස් වෙනවා....
නැවතත් මට කියන්න තියෙන්නේ ඉතාමත් හොද නීර්මාණයක් කියාය ! අනිවාර්යෙන් අරන් බලන්න මේ උපසිරැසි යෙදීමේදි මෙ‍හි එන සියලුම ගීත වලට උපසි‍රැසිද අන්තර්ගතයි.

එහෙනන් මේම චිත්‍රපටයේ අවසාන කරන අදහස් වගයක් දක්වමින් .....මම සමුගන්නවා තවත් සුපිරි චිත්‍රපටයකින් හමුවෙමු ජයවේවා!!!

""" 13000 කට අධික අසභ්‍ය විඩියෝ පට මිනිත්තුවක් ඇතුලට ලෝකය පුරාම බාගත කීරිම් වෙනවා
ජංගම දුරකථන ජාල හරහා """""

"""""එකේ ප්‍රතිථලයක් විදියට මුළු ලෝකෙන්ම 27% ගේ පෞද්ගලික සම්බන්ධතා බිදවැටෙනවා"""""



The Last Stand (2013) සිංහල උපසි‍රැසි සමග

චිත්‍රපටය දෙසට හැරෙමු සරල කතාවක් ලොකු පොඩි හැමට එකට ඉදගෙනකිසිම ගැටළුවක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක්! ලාස් වේගාස් වලින් මරණ දණ්ඩණයට නියම වු සිරකරුවෙක් පැනලා යනවා ... මොහු ඉතාමත් භයානක වගේම උපක්‍රමශිලි කෙනෙක් මොහුගේ සැලසුම් නිසා පොලිසිය වගේම FBI එකත් හොල්මන් වෙනවා... අන්තිමට මොහු දේශසීමාව පහුකරන්න යන කතාව තමා චිත්‍රපටය පුරාවට තියෙන්නේ ... මම ඔය කතාව සදහන් කරේ හතුරු චරිතයේ පැත්තෙනුයි.. ඔයාලා හැමෝම මේක නරබයි කියලා හිතනවා............

Hannibal (2013) S01 E03 සිංහල උපසි‍රැසි සමග


FBI නියෝජිත විල් ග්‍රැහැම් හට මිනිමැරුම් සිදුවීමෙන් අනතුරුව ඇති විස්තර අනුව එම අපරාදය නැවත සිතින් නිර්මාණය කිරීමේ හැකියාවක් ඔහු සතුව තිබෙනව.FBI එකේ නියෝජිත ජැක් ක්‍රෝෆෝඩ් ඔහුගේ මේ හැකියාව ගැන වැඩි උනන්දුවක් දක්වනවා.විදුහලක ගැහැණු ළමුන් අතුරුදන්වීම සම්බන්දව ජැක් හා විල් පරීක්ෂන අරඹනවා.එලෙසම විල් හට මනෝ චිකිත්සකයෙකු වී ඩොක්ටර් හනිබල් ලෙක්ටර්ගෙද උදව් ලැබෙනවා.ගෝනෙකුගේ ඔළුවක උල තබා පෙනහැලි ඉවත් කර මිනිමැරිමක් ඔවුන්ට දක්නට ලැබෙනවා.පසුව පෙන්වනු ලබනවා ලෙක්ටර් පෙනහැලි ආකරයක දෙයක් පිසිනවා.ග්‍රැහැම් හිතන විස්තර වලට අනුව කෙනෙකු සොයා ඔවුන් ජල නල කාර්මික ස්ථානයකට ගමන් ගන්නවා.පසුව තමන් සැක කල පුදගලයා තමයි මිනිමරුවා බව විල් දැනගන්නවා,සැනෙකින� �� ක්‍රියාත්මක වන ලෙක්ටර් එම සැකකරු හට දුරකතන ඇමතුමක් දී FBI එකෙන් ඔහුව සොයා පැමිණෙන බව පවසනවා.විල් හා ලෙක්ටර් එහි ගමන් ගන්න විට සැකකරුගේ බිරිදව සැකකරු විසින් මරා දමන අතර ඔහුගේ දියණියගේ උගුර කපා දමනු ලබනවා.පසුව විල් වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරු වන ගැරත් ජේකොබ් හොබ්ස් මියයනවා.පසුව උගුර කපා දැමූ ඇබිගේල් හොබ්ස්ව රෝහල් ගත කරනවා.ඔය මම කිව්වේ පලමු කොටසේ කතාව.

දෙවනුව විල් හට සිදුවන්නේ පොලවේ මිනිසුන් පනපිටින් වලදා හතු බවට පත් කරන මිනිමරුවෙක් අල්ලාගැනීමටයි.පසු� �� අවසානයේදී මිනිමරුවා රෝහල් ගත කර සිටින ඇබිගේල් ව වලදැමීමට රෝහලට පැමිණෙනවා,එවිට රෝහලේ සිටින විල් විසින් ඔහුව වෙඩි තබා මරනයට පත් කරනවා.ඔය මම පසුගිය සතිවල විකාශය වූ කොටස්වල සාරාංශය තමයි කිව්වෙ.

අද කොටසේ කතාව,කෝමා තත්වයේ පසුවූ ඇබිගේල් හෝබ්ස් සිහිනයක් දැකීමෙන් අනතුරුව අවදිවෙනවා.ග්‍රැහැ� ��් සැක හිතනවා ගැහැණු ලමුන් අට දෙනාව මරා දමනු ලැබුවේ ගැරත් ජේකොබ් හෝබ්ස් බවත් නව වෙන ගැහැණු ළමයාව මරා දමනු ලැබුවේ හොබ්ස් ව අනුගමනය කරනු ලබන කොපි කැට් බවත්.ඉතුරු ටික කියන්න යන්නේ නෑ අරගෙනම එහෙනම් බලන්න.තාමත් මේ කතාමාලාව නැරඹුවේ නැති කෙනෙක් ඉන්නවනම් දැන්ම නරඹන්න.



Kill 'Em All (2013) සිංහල උපසි‍රැසි සමග

කතාව ගැන කියනවනම්,විවිධ රටවලට අයත් දක්ෂ කුළියට මිනීමරන්නන් අට දෙනෙක්ව එක්තරා කණ්ඩායමක් පැහැර ගන්නවා. මේ කණ්ඩායම විශාල සාමාජිකයන් සංඛ්‍යාවකගෙන් යුතු කණ්ඩායමක් වෙනවා. මෙලෙස මේ කණ්ඩායම ලෝකයේ ඉහළ ගණයේ කුළී මිනීමරන්නන් අට දෙනෙක්ව පැහැරගෙන ඇවිල්ලා එක කුටියකට දානවා. මේ කුළී මිනීමරන්නන් අතරින් දෙදෙනා බැගින් තෝරාගෙන ඔවුන්ට සටන් කරන්න දෙනවා. ඒ තෝරගන්නෙත් අපූරු ක්‍රමයකටයි. හැබැයි මේ සටන ප්‍රතික්ෂේප කළොත් ඔවුන්ටත් මරණය හිමිවෙනවා. ඉතින් මේක ජීවිතය වෙනුවෙන් කරන සටනක් ලෙස හැදින්වුවොත් නිවැරදියි කියලා මම හිතනවා. අර කණ්ඩායමේ නායකයා මොවුන්ගෙන් අන්තිමට බේරෙන කෙනාව නිදහස් කිරීමට පොරොන්දු වෙනවා. ඉතින් මෙලෙස අන්තිමට තුන් දෙනෙක් ඉතිරි වෙනවා. ඒ අතර සොම් ලෙස හදුන්වන ගෑණු කෙනෙකුත් ඉන්නවා. ඉතින් මේ තුන්දෙනා මේ මරන කුටියෙන් ගැළවෙයිද? මේ අපූරු කණ්ඩායම මොකක්ද? මේ චිත්‍රපටියේ සැගවුණු කතාව කුමක්ද?





                                       
                                                    

Hannibal (2013) S01 E02 සිංහල උපසි‍රැසි සමග


ත්‍රාසජනක සිදුවීම් මාලාවකින් සමන්විත හනිබල් කතාමාලාව NBC නාලිකාවේ තමයි විකාශය වෙන්නේ.මෙම කතාමාලාව සදහා පාදක වෙලා තිබෙන්නේ ‍තෝමස් හැරිස්ගේ "රෙඩ් ඩ්‍රැගන්"නම් නව කතාවයි.මෙහි කතාව ගෙතී ඇත්තේ කතා නායකයින් වන FBI විශේෂ පරීක්ෂකවරයෙක් වන විල් ග්‍රැහැම් හා මනෝ චිකිත්සකයෙක් වන ඩොක්ටර් හනිබල් ලෙක්ටර් යටතේය.කොටස් දහතුනකින් යුත් මෙම කතාමාලාව නිර්මාණය කර ඇත්තේ බ්‍රයන් ෆූලර් විසින්ය.

කතාවේ සාරාංශය ගැන කියනවනම් රහස් පරීක්ෂක විල් ග්‍රැහැම් දරුණු මිනීමරුවන් දඩයම් කරන්නෙක්.මිනිමැරු� ��් විශ්ලේෂණය කිරීම සදහා ඔහු යොදාගන්නේ ඔහුට ආවේණික වු ඔහුගේ සීතිමේ හැකියාවයි.සංකිර්ණ අබිරහස් විසදිය හැකි වන්නේ මොහුට පමණක් වීම ඔහුගේ ඇති විශේෂත්වයක්.පසුව මේ දරුණු මිනිමැරුම් විසදීමට මනෝ චිකිත්සකයෙක් වූ ඩොක්ටර් හනිබල් ඔහුට සහය වෙනවා.ඒත් ඩොක්ටර් හනිබල්ගේ අනන්‍යතාවය විල් නොදනියි.ඇත්තටම මේ ඩොක්ටර් හනිබල් යනු කවරෙක්ද?ඔවුන් දෙදෙනා එකතුවීමෙන් විසදන මිනිමැරුම් පිලිබදව තමයි මුළු කතාමාලව පුරාම ගලා යන්නේ.මේ එහි දෙවන කොටසයි.

දැනට IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.4 ලබාගත් මෙම කතාමාලාව ත්‍රාසය,කුතුහලය,රහ ස් පරීක්ෂක යන කාණ්ඩ යටතේ වර්ග කරන්න පුලුවන්,එහෙනම් උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Arrow (2013) S01 E19 සිංහල උපසි‍රැසි සමග

වර්ටිගෝ මත් ද්‍රව්‍ය කට්ටියට මතක ඇතිනේ,ඒ වගේම වර්ටිගෝ බෙදාහරින කවුන්ට්වත්,ස්ටාර්ලින් නගරයට ආ මේ මාරක මත්ද්‍රව්‍ය බෙදාහැරීම හා සැපයීම ඔලිවර් නතරකල බව ඔයාලා දන්නවනේ.අද කොටසෙදී වර්ටිගෝවල අලුත් පෙති වගයක් ගන්න තරුණියක් පාරෙදී කාර් එකක හැපී මිය යනවා.එතකොට වරක් නැති කල වර්ටිගෝ මත්ද්‍රව්‍ය නැවත ස්ටාලින් නගරෙට ආවේ කොහොමද? මොකක්ද මේ වර්ටිගෝ වල අලුත් ප්‍රභවය? එය දියුණු කර නිපදවන්නේ කවුද? ඒ වගේම ඔලිවර් හුඩ් වෙන්න පුහුණුව ලැබුනේ කොහොමද කියලත්,ඔහුට දුනු ශිල්පය පුහුණු කරන්නේ කවුද කියලත් අද කොටසින් බලන්න පුලුවන්.එහෙනම් උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා.මෙහි මීලග කොටසින් ඉක්මනටම හමුවෙමු!





The Walking Dead (2013) S03 E16 සිංහල උපසි‍රැසි සමග *Season Finale*


සති 16 පුරාවට නොකඩවා ඔබ වෙතා ගෙනා IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.8 ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත් වෝල්කින් ඩෙඩ් තුන් වෙනි කතා මාලාවේ අවසන් කොටස තමයි අද අරගෙන ආවේ.අද කතාව ගැන මුකුත් කියන්න යන්නේ නෑ,අරගෙනම බලන්න,එහෙනම් උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.naveen@zoom.lk

150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

Arrow (2013) S01 E18 සිංහල උපසි‍රැසි සමග

ස්ටාර්ලින් නගරය ගලවාගැනීමට මතුවන "ද සේවියර්" නමැත්තෙකු ඔලිවර්ගේ නම් ලැයිස්තුවේ තිබූ කෙනෙක්ව පැහැරගනු ලබනවා.සේවියර් නමැත්තා ඔහුව පැහැරගෙන ගොස් පවසන්නේ ඔහු කල වැරදි පාපොච්චාරණය කල යුතු බවයි.අන්තිමෙදි එය නිමා වන්නේ අන්තර්ජාල හරහා පෙන්වන සජීවී වැඩසටහනක් තුලින් ඔහුට වෙඩි තබා මරනයට පත් කරමින්.පසුව ඔහු පැහැරගනු ලබන්නේ නීතීඥයෙකුවයි. ෆෙලිසිටි සොයා දෙන්නා වූ සංඥා පසු පසු සේවියර් සොයා ඔලිවර් ගමන් ගන්නවා,ඔලිවර් හට මේ ස්ටාර්ලින් නගරය ගලවා ගැනීමට ආ සුරදූතයාව සොයාගන්න පහසු වේවිද? සේවියර් ගේ ඊලග දඩයම කවුරු වේවිද? සේවියර් පැහැරගනු ලබන්නෙත් ස්ටාර්ලින් නගරයට වින කරන අය පමණයි,එය නිමා විය යුත්තේ යුක්තියෙන්ද නැත්නම් මරණයෙන්ද කියලා අද ඔලිවර් තීරණය කරාවි,අපි ඔහුට ඉඩ දෙමු..

Arrow (2013) S01 E17 සිංහල උපසි‍රැසි සමග

හැමෝම ඇගිලි ගනිමින් බලාගෙන හිටිය ඇරෝ කතාමාලාවේ 17 වැනි කොටස අද මම අරගෙන ආවේ.උදාර වැඩ රාජකාරි බහුල නිසා මේ දින වල උපසිරැසි ගැන්විමෙන් පොඩ්ඩක් ඉවත්වෙලා ඉන්නේ.කොහොම හරි පොඩි පමාවක් උනත් ඔයාලා වෙනුවෙන් කොහොම හරි කතාව අරගෙන ආවා.
කතාව කලින් කොටස් 18කින් අවසන් කරන්න තිබ්බාත් කොටස් 24ක් දක්වා දිර්ඝ වෙලා තියනවා.කතාව ගැන එහෙනම් වැඩි විස්තරයක් කියන්නේ නැහැ අරගෙනම බලන්න.ඉලග කොටස ඉක්මනටම ඔයාලාට ආව ගමන්ම දෙන්නම්.

The Walking Dead (2013) S03 E14 සිංහල උපසි‍රැසි සමග

ගවනර් රික් සමග සමාදාන වීමට කිසි කැමැත්තක් නොදක්වන බවත් ගවනර්ගේ යටි අරමුණත් මිල්ටන් විසින් ඇන්ඩ්‍රියා හට පවසනවා,ඒත් ඇන්ඩ්‍රියා විසින් ගවනර් හට වෙඩි තබන්නට උත්සහ කරන අවස්ථාවක්දී මිල්ටන් විසින් එය වළක්වනු ලබන අතර මේ බව රික් ඇතුළු කණ්ඩායමට පැවසීමට ඇන්ඩ්‍රියා වුඩ්බරිවලින් පලා යනවා.ඇන්ඩ්‍රියා පැන ගිය බව දැනගන්නා ගවනර් ඇය සොයා ඔහු තනියම මෙහෙයුමක් අරඹනවා.ගවනර් විසින් ආයුධ ලෙස තබාගෙන තිබූ හපා කන්නන් සමූහයක් යම් පුද්ගලයෙකු විසින් ගිනි තබා විනාශ කර දමනවා,මීට වැ‍රැදි කරු ලෙස ගවනර් සැක කරන්නේ කවුරුද? ඇන්ඩ්‍රියා හට රික් සිටින හිර ගේ වෙත යා හැකි වේවිද? කියලා දැනගන්න IMDB 8.7ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ දහහතරවෙනි කොටස නරඹන්න.

150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

The Midnight Meat Train (2008) සිංහල උපසි‍රැසි සමග

The Midnight Meat Train චිත්‍රපටය නිර්මාණය වෙන්න පාදක වුනේ ක්ලයිව් බාකර් අතින් 1984 දී රචනා වූ කෙටි කතාවක්.කතාව ගැන කියනවනම් ලියෝන් කියන්නේ ඡායාරූප ශිල්පියෙක්.ඔහු වෙනස් විදිහට හිතන කෙනෙක්,ඒක නිසා ඔහු උමං දුම්රිය මාර්ගයට ඡායාරූප වගයක් ගැනීමට යනවා.කතාව ගැන කියන්නේ නම් ඔච්චරයි,ඉතුරු ටික කිව්වොත් කතාවේ රසය නැති වෙලා යන්න පුලුවන්,මෙම චිත්‍රපටයේ Bradley Cooper හා Vinnie Jones වැනි සුපිරි ගණයේ නළු නිළු පිරිසක් රංගනයෙන් දායකත්වය සපයනවා,සම්මාන 4ක් දිනාගනිමින් IMDB ශ්‍රේණිගත කිරීම් හි 6.2 වැනි ඉහල අගයක් ලබාගත් මෙය අවසන් තත්පර කිහිපය තෙක් දෑස් ඉවතට නොගෙන බලාසිටීමේ හැකියාව තිබෙනවා.ඒ වගේම උපසි‍රැසි ගැන්වීම ගැන අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.

උමං දුම්රිය මාර්ගයේ මැදියම් ‍රැයේ අභිරහස් අතුරුදන්වීම් ගණනාවක්....එක් ඡායාරූප ශිල්පියෙක් හා මස් මරන්නෙක්... අතුරුදන්වීම් වලට හේතුව කුමක්ද? ඔහුටත් එහි පංගුකාරයෙක් වීමට සිදුවේද?
ජීවිත කිහිපයක් අනතුරක......උත්තර දැනගන්න නම්,ත්‍රාසය හා කුතුහලය පිරුණු "මැදියම් ‍රැයේ එන මාරක දුම්රියට නොවරදවාම ඔබත් ගොඩවෙන්න" ඔබට නිසැකවම උත්තර ලැබෙනු ඇත.

The Walking Dead (2013) S03 E13 සිංහල උපසි‍රැසි සමග

රික් හා ගවනර් බඩු ගබඩාවක් තුලදී සාකච්ඡාවක් සදහා හමුවෙනවා.ගවනර් සාකච්ඡා මාර්ගයෙන් විසදීමට හදන මෙම යුද්ධයේදී ගවනර් රික් හට ලබා දෙන්නේ බැරෑරුම් ප්‍රශ්නයක්,ඒ ප්‍රශ්නේ මොකක්ද කියලා මම කියන්න යන්නේ නෑ.ගවනර්ගේ ඉල්ලීම රික් ඉ‍ටු නොකලොත් ඇරඹෙන්නේ යුද්දයක් බව ගවනර්ගේ මතයයි.ගවනර් විසින් එම ප්‍රශ්නෙට පිලිතුර සැපයීම සදහා රික් හට ලබා දෙන්නේ දින දෙකක් පමණයි.රික් ඊට කෙසේ පිලිතුරු සපයාවිද? නැත්නම් යුද්දයකට සැරසේවිද? කියලා දැනගන්න 8.7ක් වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ දහතුන්වෙනි කොටස නරඹන්න.මෙම කතාමාලාව නිමා වීමක් ඇත්තේ තව කොටස් තුනක් පමණකි.


150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

Crawlspace (2012) සිංහල උපසි‍රැසි සමග

කතාව ගැන කියනවා නම්හමුදා සෙබළුන් කණ්ඩායමක්ව පොලව යට අඩි 100ක් පහල පිහිටි කුටියක් වෙත යවනවා,එහි සිටින භයානක සිරකරුවන්ම මරා දමා එහි ජීවත් ව සිටිනවයි කියා සිතන විද්‍යාඥයන්ව බේරගැනීමට්.මෙම සෙබලුන් කන්ඩායමට එම කුටියේ සිට ඒව් නමැත්තියක්ව මුණගැහෙනවා,ඇයත් එහි සිරකරුවෙක්.එම සෙබල කණ්ඩායමේ නායකයා විසින් ඒව් නමැත්තියව ඔහුගේ මියගිය පෙම්වතියගේ හැඩහුරුකම් වලට සමාන බව හදුනාගන්නව.මැරුන කෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද?මේ පොලව යට පිහිටි අඩි 100ක් පහල අදුරු කුටියේ සැගවී ගිය ගුප්ත දේ මොනවාද?එතකොට කවුද මේ ඒව් නමැත්තිය? මෙම කණ්ඩායමට මෙම පොලව යට පිහිටි වලෙන් නැවත පැමිණිය හැකිවේවිද? කෙනෙකුගේ සිතුවිල්ලක් වෙනස් කරන්න පුලුවන් නම් කොහොම වෙයිද? කුතුහලය,ත්‍රාසය පිරි මෙම ඕස්ට්‍රේලියන් සිනමා සිත්තම නරඹන්න ඔබට ආරාධනා කරන ගමන් තවත් මෙවැනිම චිත්‍රපටයක් සමග ඉක්මනින්ම හමුවෙමු.


The Walking Dead (2013) S03 E12 සිංහල උපසි‍රැසි සමග

රික්,කාල් හා මිකෝනි ගවනර්ගේ සටනට ආයුද සොයා කින්ග් කන්ට්‍රි වෙත ගමන් ගන්නවා,මේ යන අතරමග මිනිසෙක් උදව් ඉල්ලා කතා කලත් ඔවුන් වාහනය නොනවතා ඉදිරියටම ගමන් ගන්නවා.ඔවුන් කින්ග් කන්ට්‍රි වෙත පැමිණි පසු වෙස් මුහුණක් පැලැදි මිනිහෙක් විසින් ඔවුන් හට වෙඩි තියනවා.කාල් විසින් එම මිනිසාට වෙඩි තැබීමෙන් අනතුරුව රික් හදුනාගන්නවා ඒ රික්ව කලින් අවස්තාවක බේරාගත් මෝගන් නමැත්තා බව.අද කතාව ගැන ඔය ටික විතරයි කියන්නේ ඉතුරු ටික අද කොටස බලලම දැනගන්න.රික්,කාල් හා මිකෝනි හට ආයුද ලැබේවිද? ඔය අතර වාරයේ කාල්ගේ නංගී හට තොටිල්ලක් සොයා මිකෝනි හා කාල් ගමන් ගන්නවා,ඔවුන් දෙදෙනාට කිනම් අනතුරු වලට මුහුණ දීමට සිදුවේද? කාල් මිකෝනි ව ඔවුන්ගේ කන්ඩායමේ තියාගැනීමට වැඩි කැමැත්තක් නැති බව ඔයාලා දන්නවා ඇතිනේ,ඒ අකමැත්ත අද කැමත්තක් බවට හැරවේවිද?

150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.



The Walking Dead (2013) S03 E11 සිංහල උපසි‍රැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගතකිරීම්හි 8.7 ඉහල අගයක් ලබාගත්තකි.වුඩ්බරිවල ගවනර් නමැත්තා රික් ඇතුළු පිරිස සමග සටනකට සූදානම් වෙනවා.ගවනර් ඊට කණ්ඩායම හදා ගන්නේ ඔවුන්ගේ නගරේ සිටින තුවක්කුවක් හැසිරිවිය හැකි අය හා කුඩා ළමුන් යොදා ගනිමින් ඊට ඔවුන් හට පුහුණුවද ලබා දෙනව.මේ අතර ඇන්ඩ්‍රියා වුඩ්බරි වලින් රික් හා පිරිස සිටින සිර ගේ වෙත පැමිණෙනවා.රික් විසින් නෙරපා දැමූ  ටයිරීස්ගේ කණ්ඩායම මිල්ටන් හට හමුවීමෙන් ඔවුන්වත් වුඩ්බරි වෙත ගෙනයනවා.ගවනර් ගේ අදහස ටයරීස්ගේ අයවද මේ සටන සදහා තම කණ්ඩායම වෙත එකතුකරගැනීමයි,නැවත සිර ගේ වෙත පැමිණි ඇන්ඩ්‍රියා නැවත වුඩ්බරි වෙත යන්නේ කැරොල් දුන් උපදෙසක්ද ඇතුවයි,ඒ උපදෙස මොකක්ද? ඇන්ඩ්‍රියා ඒ උපදෙස ක්‍රියාත්ම කරයිද කියලා දැනගන්න අද කොටස නරඹන්න.


150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

Life of Pi (2012) සිංහල උපසි‍රැසි සමග

Yann Martel නම් රචකයා 2001 වසරේ රචනා කරන ලද Life of Pi නම්  නව කතාව තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ.මෙය  Suraj Sharma, Irrfan Khan,
Gérard Depardieu, Tabu, හා Adil Hussain යන නළු නිළි පිරිසගේ රංගනයෙන්ද Ang Lee,Gil Netter හා David Womark යන ත්‍රිත්වයේ නිෂ්පාදනයෙන්ද Ang Lee
ගේ අධ්‍යක්ෂණයෙන්ද හැඩවූවකි.මෙය IMDB ළකුණු 8.2 වැනි ඉහළ අගයක් ලබාගෙන ඇති අතර ඔස්කාර් සම්මාන 11කට නිර්දේශ වී තවත් සම්මාන 24ක් දිනා ගනිමින් තවත් සම්මාන 57ක් සදහා නිර්දේශ වී තිබෙනවා.

මෙහි කථාව ගෙතී ඇත්තේ වයස අවුරුදු 16 පමණ වූ පිසින් මොලිටර් පටෙල් නම්වූ පිරිමි ළමයෙකු වටාය.එයාගේ නම පිසින් වුනාට කවුරුත් එයාට "පායි" කියලා තමයි කතා කලේ.මෙයාගේ තාත්තට තියෙනවා පොඩි සත්තු වත්තක්.සත්තු ටිකත් අරගෙන කැනඩාවට යන්න මෙයාලගේ තාත්තා තීරණය කරනවා.එයාලා කැනඩාව බලා යන්නේ ජපන් සමාගමකට අයිති නැවකින්.මෙහෙම පවුලේ කට්ටියත් එක්ක කැනඩාව බලා යන අතරතුර මෙයාලව කුණා‍ටුවකට අහුවෙලා නැව මුහුදුබත් වෙනවා.කොහොමින් හෝ නැවේ සිටින සියලු දෙන මැරෙන අතර පායි ජීවිතාරක්ෂක බෝට්‍ටුවකට නැගලා යාන්තමින් ජීවිතේ බේරගන්නවා,දැන් ඉතුරුවෙලා ඉන්නේ පායි එක්ක සත්තු හතර දෙනෙක් විතරයි.ඒ සත්තු හතර දෙනා තමයි සීබ්‍රා කෙනෙක්,ඔරං ඔටං කෙනෙක්,බලු දිවියෙක් හා රිචඩ් පාකර් කියලා අති බිහිසුණු බෙන්ගාලි ව්‍යාඝ්‍රයෙක්.අවසානයේ මේ සත්තු හතරදෙනා අතරින් ඉතුරුවෙන්නේ එක සතෙක් පමණයි,ඒ තමයි රිචඩ් පාකර් නම් බිහිසුණු ව්‍යාඝ්‍රයා.දැන් පායිට ඉන්න වෙන්නේ දරුණු බෙන්ගාලි ව්‍යාඝ්‍රයෙක් එක්කයි.කුණා‍ටුවෙන් ගැලවුණු පායි මේ දරුණු ව්‍යාඝ්‍රයාගෙන් තම ජිවිතේ කොහොම ආරක්ෂා කරගනියිද?භීතිය,ත්‍රාසය,කුතුහලය,ස්ථානෝචිත ප්‍රඥාව,ධෛර්යය,නිර්භීතකම,ඉවසීම,දුක,වේදනාව,ආදරය,බලාපොරොත්තුව,මිතුදමක අසිරිය ද එක්වුණු මෙය අපූර්ව ගණයේ සිනමා සිත්තමක් වනු නොවනුමානයි.


Battlestar Galactica: Blood & Chrome (2012) සිංහල උපසි‍රැසි සමග

2012 වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ රුපවාහිනා නාලිකාවක් වන Sci-Fi Channel හි විකාශය වුන කෙට් රුපවාහිනි කතාමාලවම එකතු කරතැනු සම්පුර්ණ චිත්‍රපටියක් තමයි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ.මේට කලින් Sci-Fi Channel හි විකාශය වුන The Lost Room [2006] රුපවාහිනි කතාමාලාවද අප ඔබට තිළින කලා මතක ඇති.

හරි දැන් මේ චිත්‍රපටිය ගැන කියන්නම් 

දක්ෂ ලෙස තම ඉගෙනීම නිමා කල විලියම් ඇඩමා අළුතින්ම නිපදවන ලද ගැලැක්ටිකා යානාවේ සේවයට බඳවා ගැනීමත් සමඟයි කතාව ආරම්භ වන්නේ.නමුත් ඔහුට තමා ප්‍රිය කරන රාජකාරියක් නම් නොවෙයි පැවරෙන්නේ.මේ යානාව විශේෂිත වූ යානාවක්.මේ චිත්‍රපටය පුරා දිවයන්නේ ඔහුගේ ප්‍රථම සයික්ලෝන යුද්ධයේදී ඔහුට මුහුණ දීමට සිදුවන අත්දැකීම් සම්භාරයයි.



The Walking Dead (2013) S03 E10 සිංහල උපසි‍රැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගත කිරීම්හීදී 8.7 ඉහල ප්‍රේක්ෂක මනාප ලබා ගත්තකි,මේ එහි 10වන කොටසයි. රික් ඇතුළු පිරිස ග්ලෙන් හා මැගී සොයා මිකෝනිගේ මග පෙන්වීම යටතේ වුඩ්බරි වෙත පැමිණි අතර ඔවුන් දෙදෙනාවත් බේරගෙන,ඩැරල්වයි මර්ල්වයි බේරගෙන ඔවුන් වුඩ්බරි වෙතින් පැන යනවා.මර්ල් ව යම් හේතුවක් නිසා නැවත හිර ගේ වෙත ‍රැගෙන නොයන්න ග්ලෙන් තීරණය කරනවා,එම නිසා ඔහුව එහෙට ගෙන නොයන අතර ඩැරලුත් ඔවුත් සමග යන අතර රික් ඇතුළු පිරිස නැවත හිර ගේ බලා ගමන් ගන්නවා.ඔහොම ඉන්න කොට ගවනර් ඇතුළු පිරිස හිර ගේ සොයා එනවා රික් ගෙන් පළි ගැනිමට.මේ අතර මීනී කන මිනිසුන් හිර ගේ පි‍ටුපස සිට ආක්‍රමණයක් එල්ල කරනවා,සෝ තැවුලෙන් පසුවන රික් මේ සොම්බි මිනිසුන්ගේ ආක්‍රමණයට අසුවෙනවා,බලන්නකෝ එහෙනම් රික්ව මේ සොම්බි මිනිසුන්ගේ ආක්‍රමණයෙන් බේරගන්නේ කවුද කියලා.....

150MB Direct Links

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

Sinister (2012) සිංහල උපසි‍රැසි සමග

කාලයක් ඉදන් අපේ කට්ටිය ඉල්ලපු ෆිල්ම් එකක් අරන් ආවා.මේ ෆිල්ම් එක දෙන්න පමාවුන එක ගැන සමාවෙන්න.කොහොම හරි ඔන්න අද දවසේ චිත්‍රපටිය ඔයාලට හම්බවෙනවා.මේ චිත්‍රපටය IMDbහි 6.7ක අගයක් ලබාගෙන තියනවා.මේ චිත්‍රපටියේ Ethan Hawke හා Juliet Rylanceක්ද රංගනයෙන් දායකත්වය දක්වනවා. චිත්‍රපටියේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්..

Ellison Oswalt කියන්නේ නවකතා රචකයෙක්.මෙයා ලියන්නේ එසේ මෙසේ නවකතා නෙමෙයි මෙයා ලියන්නේ ලෝකයේ සිදුවු සත්‍ය සිදුවිම් මිනිමැරුම් ගැන කියවෙන දෙවල් ගැන ගවේෂනය කරලා කතා ලියනවා.අතැම් වෙලාවට පොලිසියටවත් හෙලිනොවු රහස් පවා මෙයාට හොයාගන්න පුලුවන් වෙලා තියනවා.මොකද සැම සිදුවිමක්ම ගැඹුරින් අධ්‍යනය කරන නිසා.කොහොම හරි මෙයා තව පොතක් ලියන්න කියලා මිනිමැරුමක් උන ගෙදරකට යනවා.මේ ගෙදර 4දෙනෙක් ගෙලවැලලාගෙන මියගිහින් තියනවා.චිත්‍රපටිය පටන් ගන්න කලින් ඒ දර්ශන පෙල ඔයාටත් දකින්න පුලුවන්.
මෙයා මේ ගෙදරට මුළු පවුලේ හැමෝම එක්ක පදිංචියට යනවා.මෙයා මේ කාරණාව ගැන තමන්ගේ බිරිදටවත් කියන්නේ නැ එයාලා අපරාදයක් සිදුවුන
ගෙදරකට නවතින්න යන්නේ කියලා.කොහොම හරි මේ ගෙදර තියලා එලිසන්ට විඩියෝ පට වගයක් පවා හම්බවෙනවා.මේ විඩියෝ පට දැක්කාම එලිසන්ට තේරනවා මේවා එසේමෙසේ අපරාධ නොවන වග.මේවාට යම් කිසි අද්භුත බලවේගයක් එකතු වෙලා තියනවා කියලා.කොහොම හරි එලිසන් මේ අභිරහස එලිකරගන්න හදනවා...නමුත් ඔහු දැනගෙන හිටියේ නැ මේ හෙලි කරගන්න හදන අභිරහස කොයි තරම් දරුණූ විදියට තමන්ගේ ජිවිතයට පවුලට බලපායිද කියලා..ඒ ගැන දැනගන්න චිත්‍රපටිය අනිවාර්යෙන් අරන් බලන්න.හොල්මන් ෆිල්ම් බය වෙන්න බලන්න කැමති අයට මේක හොද අත්දැකිමක් වේවි.

The Walking Dead (2013) S03 E09 සිංහල උපසි‍රැසි සමග

වෝල්කින් ඩෙඩ් කතාමාලාව IMDB ශ්‍රේණිගත කිරීම්හීදී 8.7 ඉහල ප්‍රේක්ෂක මනාප ලබා ගත්තකි,මේ එහි 9වන කොටසයි.ඔන්න අද මාස 2කින් පසුව තමයි වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ මීලග කොටස ‍රැගෙන ආවේ. කතාව ගැන කියනවා නම් රික් ඇතුළු පිරිස ග්ලෙන් හා මැගී සොයා මිකෝනිගේ මග පෙන්වීම යටතේ වුඩබරි වෙත පැමිණියා ඔබට මතක ඇති.පසුගිය කොටසේ කතා බැලුව නම් වුඩ්බරිවල ගවනර් යටතේ සේවය කල මර්ල් එනම් ඩැරල් ගේ අයියට හිතාගත නොහැකි ආකාරයේ අකරතැබ්බයක් වෙනවා කියලා මම කිව්වා,ඒ අකරතැබ්බෙට මර්ල්ගේ මල්ලීවන ඩැරල්ටත් හවුල් වෙන්න සිදුවෙනවා.රික් ඇතුළු පිරිසට වුඩ්බරි වලින් පැන ගත හැකිවේවිද? ගවනර් මේ සදහා කුමන ක්‍රියාමාර්ගයක් ගනීවිද? ඒ ටික දැනගන්න අද කොටස නරඹලා ඉන්න.
120MB Torrent File

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

1920 - Evil Returns සිංහල උපසි‍රැසි සමග

1920: Evil Returns චිත්‍රපටයේ කතාව ලියලා තියෙන්නේ වික්‍රම් භාත් වන අතර අධ්‍යක්ෂණය භූෂන් පටෙල් විසින්.මේක 2008 වසරේ තිරගතවූ 1920 චිත්‍රපටයේ දෙවන කොටසයි.මෙහි Aftab Shivdasani, Tia Bajpai හා sagar Saikia නළු නිළියන් විසින් ප්‍රධාන පෙළේ චරිත නිරූපණය කරනවා.කතාව ගැන කියනවනම් ජයදේව් වර්මා කියන්නේ ප්‍රසිද්ධ කාව්‍ය රචකයෙක්.ඔහු ආදරය කළ ස්මිතිව මුණගැසීමට නොහැකි වූ නිසා ඔහු පාළුවෙන් ජීවිතය ගත කරයි.ඒත් ඔහු හෝ කවදාකවමත් ඇය ආදරය කළ ස්මිතිව මුනගැහිලා නෑ.ලියුම් වලින් තමා ආදරය ප්‍රකාශ කරනවා සේම කතා කරන්නෙත්.එක දිනකදී ජයදේව් වර්මාට තමා ආදරය කල ස්මිති අනතුරකින් මිය ගිය බව දැනගන්න ලැබෙනවා.මේකෙන් පසුව ඔහු දකිනවා ගං ඉවුර ලග සිහිනැතුව වැටිලා ඉන්න තරුණියක්.ඔහු ඇයව ගෙදරට අරගෙන යනවා.ඒත් ඇයට සිහිය ලැබුණත් ඇය කවුද කියලවත්,ඇය කොහෙන් ආව තියා කිසි දෙයක් ඇයට මතක නෑ,පුදුම වැඩේ කියන්නේ ඇයට ජයදේව්ගේ කවි නම් හොදට මතකයි.ජයදේව් ඇයව තම ගෙදර නතර කරගන්න තීරණය කරනවා.ඒත් එතැන් පටන් වෙන සිදුවීම් නම් අද්භූතජනකයි.මේ නන්නාදුනන්නිය ඔහුහේ ඒ කවියට තනුවක් දාපු නිසා ජයදේව් විසින් ඇයට සංගීතා ලෙස නම් තබනවා.ඔවුන්ගේ ගමේ සොහොන් පල්ලා විසින් ජයදේව් හට අනතුරු අගවනවා ඇයට යක්ෂාත්මයක් ආවේශ වී ඇති බව.මැය කවුද? කොහේ ඉදන්ද ඇවිත් තියෙන්නේ? ඇය කොහොමද ජයදේව්ගේ කවි දන්නේ? ඇයට ආවේශ වෙලා ඉන්නේ යක්ෂ ආත්මයක්ද? සොහොන් පල්ලා කියන දේ සත්‍යයක්ද?කතාවේ නම් හොදටම ත්‍රාසය හා කුතුහලය පිරිලා තියෙනවා.මෙහි එන සියළුම ගීතවල සිංහල උපසි‍රැසිද අන්තර්ගතයි.එහෙනම් කතාවේ ඉතුරු ටික අරගෙනම බලන්න.මටත් අහම්බෙන් තමයි ‍ෆිල්ම් එක බලන්න ලැබුනේ,හොද කතාවක් තියෙනවා.


 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google