වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ තුන්වෙනි දිගහැරුම අරගෙන එන්නේ දැඩි ප්‍රමාදවීම් ගණනාවකටම පසුවයි,හදිසියේ ඇති වූ අතේ ආබාධ තත්වයක් හා කාර්යබහුලත්වය මීට හේතු ලෙස දක්වන්න පුලුවන්,කමක් නෑ.කතාව ගැන කියනවනම් දෙවන කොටස බැලුවනම් ඒක ඉවර වුනේ මාරාන්තික කැස්සකින් පසුවී කේරන් හා ඩේවිඩ් යන දෙදෙනා මරා දමා ගිනි තබා පුළුස්සා ඇති අයුරු ටයිරීස් විසින් දුටු පසුවයි.අද කතාවේ වෙන්නේ මේ සිදුවීම පිලිබදව රික් හා ටයිරීස් අතර වාදයක් ඇතිවී රණ්ඩුව දුරදිග යනවා.පස්සේ කොහොමින් හෝ සමාදාන වෙනවා.කලින් සදහන් කල රෝගය සිරකුටියේ ගොඩක් දෙනා අතර පැතිර ගිහිනුයි දැන් තියෙන්නේ.ඉන් බේරි සිටින්නේ ස්වල්ප ප්‍රමාණයක් විතරයි.මේ රෝගය සදහා ප්‍රතිකාර සොයා ඩැරල් හා පිරිසක් සැතපුම් 5ක් දුර ස්තානයක් වෙත ගමන් ගන්න අතර ඔවුන්ටත් සිදුවන්නේ නොසිතූ විරූ අත්දැකීමකට මූන දෙන්නයි.ඒ වගේම කේරන්වයි ඩේවිඩ්වයි ඇත්තටම මරා දැම්මේ කවුද? හර්ෂල් විසින් වනයේ මෙම රෝගයට බෙහෙත් සොයා ගමන් ගන්නවා,ඔහුට බෙහෙතක් සොයා ගත හැකිවේවිද? දැනට රෝගි වූ අයගෙන් නිරෝගී අයව රෝගය වැලදීමෙන් ආරක්ෂා කර ගැනීමට කුමන විදිහෙ උපක්‍රමයක් මොවුන් අනුගමනය කරාවිද? යන්න දැනගන්න IMDB ශ්‍රේණිගත කිරීම්හි 8.7 වැනි ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගත් ත්‍රාසය,භීතිය පිරි වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ අද කොටස නරඹන්න.සිව්වන කොටසින් ඉදිරි දින කිහිපය තුල හමුවෙමු.එතෙක් සුභ දවසක්.
+ comments + 2 comments
ස්තූති සහෝ....thnxxxxxxxx godaaaaaak
@pradeep
අදහසට ස්තූතියි සහෝ...
Post a Comment