Latest Subtitles :

Man of Steel (2013) සිංහල උපසි‍රැසි සමග

සුපර් මෑන් නම් ලොව ප්‍රසිද්දම කොමික් චරිතය බිහිවුනේ 1933 දී Jerry Siegel විසිනුයි. මේ Man of Steel චිත්‍රපටිය 2013 ජූනි මාසේ එළිදැක්වුවේ සුපර්මෑන් චරිතය නිර්මාණය කරලා අවුරුදු 75 ක් සැමරීම වෙනුවෙනුයි.

මේ චිත්‍රපටියේ සුපර් මෑන් ගේ චරිතයට පණපොවන Henry Cavill තමයි මුල්ම ඇමරිකානු නොවන නළුවා වෙන්නේ සුපර් මෑන් චරිතයට දායකවෙන. ඔහු බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඒ වගේම මේ චිත්‍රපටයේ ඔයාලට දැකගන්න පුළුවන් සුපර් මෑන් ගේ අලුත්ම ඇඳුම (costume ). මේ අලුත්ම ඇඳුම නිර්මාණය කරලා තියෙන්නේ 2011 වසරේදී DC කොමික්ස් විසින් ප්‍රති නිර්මාණය කරපු "The New 52" කොමික්ස් පොත් පෙලෙහි සුපර් මෑන් ගේ ඇඳුමයි. ඒ වගේම චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ චරිත සඳහා Natalie Portman, Anne Hathaway, Kristen Stewart වගේ අයෙග් නම් නිර්දේශි වුනා. ඒ අතරින් Amanda Seyfried කුසලතා පරීක්ෂණකටත් ඉදිරිපත් වෙලා එහිදී අසමත් වීම නිසා තමයි Amy Adams හට ප්‍රධාන නිළියගේ චරිතය හිමිවෙලා තියෙන්නේ. ඒ වගේම Batman චරිතයේ ප්‍රතිනිර්මාන කරපු ක්‍රිස්ටෝපර් නෝලන් ගේ ජනප්‍රියත්වය සහ දක්ෂතාවය නිසා තමයි මේ චිත්‍රපටයේ අවසාන නිෂ්පාදන කටයුතු සනදහා ඔහුව සම්බන්ද කරගෙන තියෙන්නේ.

මෙහි අධ්‍යක්ෂක වන සැක් ස්නයිඩර් විසින්ම වරෙක සුණු විසුණු කර දැමූ සුපිරි වීරයාගේ ප්‍රතිරූපයට යළි ජීවය පිඹීමට උත්සහ දරන සිය නවතන සිනමා සිත්තම වන "මෑන් ඔෆ් ස්ටීල්" පිලිබදව ස්නයිඩර් කියා සිටිනුයේ,එහි ඇති අපූර්වත්වය නම් ව්‍යාජෝක්තියෙන් තොරව තමා විසින් නිර්මාණය කල එකම චිත්‍රපටය මෙය බවයි.කෙසේ වුවද සිනමා ලෝලීන්ට කිසිසේත් ආගන්තුක චරිතයක් නොවන 'සුපර් මෑන්' නොහොත් සුපිරි වීරයා කරළියට ගෙනෙන ලද පළමු චිත්‍රපට අධ්‍යක්ෂකවරයා 'සැක් ස්නයිඩර්' නම් නොවන බව ඉදුරාම කිව යුතු වේ.2006 වසරේ බ්‍රයන් සිංගර් විසින් තිරයට ගෙනා,Superman Returns චිත්‍රපටය බොක්ස් ඔෆීස් වාර්ථාවල යම් තාක් දුරකට සිය නම ‍රැන්දවීමට සමත්වුවද ඊට සමානකම් ඇති තවත් චිත්‍රපටයක් බිහි වීමට තරම් ප්‍රමාණවත් ප්‍රේක්ශක ප්‍රතිචාරයක් නොවීය.සිනමාව ඔස්සේ පමණක් නොව පසුගිය දශකයට ආසන්න කාලයක් රූපවාහිනියේ ඔස්සේද විකාශය වූ 'Smallville'මීට දෙවසරකට කලින් එහි අවසන් කතාමාලාවේ අවසන් කතාංගයද විකාශය වී එය නිමාවට පත්විය.කතා මාලාව ඔස්සේද ප්‍රේක්ෂකයන් හමුවට නිබදව පැමිණි සුපර්මෑන් නම් සුපිරි වීරයා යළිත් වරක් කඩිමුඩියේ කරළියට ගෙන ඒමට තරම් ස්නයිඩර් පෙළඹ වූ හේතුව කවරක්ද කියා විමසා බැලීම වටී,මන්ද සුපිරි වීරවරුන්ගේ හිගයක් මෑත භාගයේදී නොපැවති නිසාය.

පසුබිම් විස්තර බොහෝ සෙයින් මීට පෙර බිහි වූ 'සුපර් මෑන්' නිර්මාණයන්ට සමානුරූපි වුවද මෑන් ඔෆ් ස්ටීල් හරහා ස්නයිඩර් හට අවශ්‍ය වන ලද්දේ මෙතෙක් මෙම සුපිරි වීරයා පිලිබද නොකියවුනු කතාවක් කීමටය.සුපර් මෑන් චරිතය සම්බන්දයෙන් කියැවුනු දෑවලට වඩා නොකියවුණු දෑ බහුල බවට විශ්වාස කල ස්නයිඩර් "මෑන් ඔෆ් ස්ටීල්' හරහා පෙර අප හදුනාගෙන සිටි සියළුම සුපර්මෑන් චරිත මතක ගබඩාවෙන් සහමුලින්ම ඉවත්කරනුයේ කොතරම් නව්‍යතාවයකින් යුතුවද යත් මෙලෙස තමා හමුවට එන්නේ තමන් බොහෝ කාලයක සිට දැන් හදුනාගෙන සිටි වීරයෙකු බව පිලිගැනීමට ප්‍රේක්ෂකයා මැලි වන්නේය.

මීට පෙර සුපර්මෑන් කේන්ද්‍ර කොටගත් කිසිදු නිර්මාණයක් බිහි නොවූ ගණනට සිය චිත්‍රපටයේ නිර්මාණ කටයුතුවලට අත ගැසූ ස්නයිඩර් හට අවශ්‍ය වූයේ 'සුපර් මෑන්' නමැති ශීර්ෂ පාඨයෙන් මෙම සුපිරි වීරයාව පිටතට ගැනීමයි.සුපර්මෑන් පාදක කොටගත් මිත්‍යා කතාව අර්ථකථනයකින් යුතුව ඉදිරිපත් කීඊම සදහා චිත්‍රපටයේ ආරම්භක මිනිත්තු විස්ස කැප කලද,සංක්ෂිප්තයෙන් ඉදිරිපත් කෙරෙන 'ක්‍රිප්ටන්' ග්‍රහලොව පිලිබද හැදින්වීමත්,සුවිශ� ��ෂී හැකියාවෙන් උරුම කරගත් ළදරු සුපර් මෑන් පෘථිවියට එවනු ලබන අන්දමත්,සුපර්මෑන් ගේ පියාගේ පරම සතුරා වන ජෙනරල් සොඩ් (මයිකල් ෂැනෝන්) අසාධාරණ අන්දමින්,කිසිසේත් ම ප්‍රේක්ෂකයා බලාපොරොත්තු නොවූ ඉදිරිපත් කිරීමක් නොවන බව කිව යුතු වේ.

ක්‍රිස්ටෝෆර් ඊවි විසින් පණ පෙවූ සුපර්මෑන් චරිතය අද කැවිල් විසින් නිරූපණය කරන්නේ සමාජය විසින් තමාව අනේක වරදවා වටහා ගනු ලැබීම තුල ජීවත් වෙමින් වුවද යම් දිනයක මනුෂ්‍යත්වය විසින් තමාව පිලිගනු ඇතැයි යන බලාපොරොත්තුව පෙරදැරිවය.ඇත්තෙන් ම එය මෙතෙක් අප දැන සිටි 'අයන් මෑන්'(සිය හැකියාව යහපත වෙනුවෙන් යෙදවීමට ඉගෙන ගන්න ධනවතා) බැට්මෑන්(තමා පෙළනු ලබන පළිගැනීමේ චේතනාව යහපත වෙනුවෙන් යෙදවීමට ඉගෙන ගන්නා පීඩනයට පත් අනාථ තරුණයා)වැන්නවුන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නකි.ඇමරිකාවේ ගම්බද පරිසරයක යහපත් පවුල් පසුබිමක් තුල හදා වඩා ගැනීමට ලක්වීම හෙයින් ස්වභාවයෙන්ම යහපත් චරිතයකින් යුතු සුපර් මෑන් හරහා ප්‍රේක්ෂකයාට ඉදිරිපත්කෙරෙනුයේ සමාජය යහපත උගැන්මට දරන උත්සහයත්,යහපතේ පරමාදර්ශයක් බදු වූ එකී සුපර්මෑන් චරිතයයි.එනම් ජානමය වශයෙන් දක්වන්නා වූ අසාමාන්‍ය බල පරාක්‍රමයෙන් යුතු මෙකී පිටසක්වල ජීවී චරිතය සමාජය විසින් පිලිගැනීමට උත්සහ දරන ආකාරයත් බව පැවසීම 'මෑන් ඔෆ් ස්ටීල්' චිත්‍රපටයට සැක් ස්නයිඩර් විසින් දීමට උත්සහ දරා ඇති අර්ථකථනයයි.

චිත්‍රපටිය නරඹන විට බලන්න පුංචි දේවල් ටිකක් කියන්නම්,

ඔබ හොඳ අවදානයෙන් චිත්‍රපටය බලනවානම් ඔබට පෙනෙයි චිත්‍රපටයේ General Zod සහ සුපර් මෑන් අතර පවතින අවසාන සටනේදී ඔවුන් දෙදෙනා අභ්‍යවිකාශ දේ සටන් කරන මොහොතේදී දෙදෙනාම එකතරා චන්ද්‍රිකාවක ගැටෙනවා. ඒ චන්ද්‍රිකාව හොඳින් බැලුවොත් පෙනෙයි එහි තියෙන්නේ බැට් මෑන් ගේ වේන් ඉන්ඩස්ට්‍රි ( Wayne Enterprise) යට අයත් නිල ලාංජනයක්. මේ තුලින් ඉදිරියේදී නිපන්දවන්න යන Batman vs. Superman (2015) චිත්‍රපටය ගැන පුංචි හෝඩුවාවක් දීලා තියෙනවා.

ඒ වගේම චිත්‍රපටියේ 43 වෙනි මිනිත්තුවේදී ලොයිස් සහ පෙරී වයිට් එක්ක Daily Planet පත්තර කන්තෝරුවේදී ඇතිවෙන දෙබසේදී කාර්යාලයේ ඉහලින් නලාවක් තියෙනවා දැකගන්න පුළුවන්. ඒ මාර්වල් කොමික්ස් ලාගේ (සුපයිඩර් මෑන් රැකියාව කරන) Daily Bugle පත්තර කන්තොරුවත් එක්ක වෙන් කරලා හඳුනා ගැනීමට. ඒ වගේම සුපර් මෑන් චරිතයට පණපොවන Henry Cavill ඔහුගේ පපුව ප්‍රදේශයේ ඇති දැඩි රෝමකූප සහිතව තමයි මේ චිත්‍රපටයට රංගනයෙන් නියතු වෙලා තියෙන්නේ. ඒ DC කොමිස් ලාගේ "The Death Of Superman" කොමික් පොතේ චරිතය චිත්‍රපටයට ආරෝපණය කිරීම සඳහායි. ඒ වගේම ඔබ Smallville රසිකයෙක් නම්, ඔබට දකින්න ඇති අඩුම තරමේ Smallville කතාවේදී අපිට දකින්න ලැබුණු නළුවන් පස් දෙනෙක් පමණ මෙම චිත්‍රපටියෙන් දැකගන්න පුළුවන්.

මෙම චිත්‍රපටයේ උපසි‍රැසි දෙන්න නම් ටිකක් විතර ප්‍රමාද වුනා මම හිතන්නේ,ඒ වගේම අපේ චම්පික ලක්රුවන් සහෝටත් ස්තූති වෙනවා මේකට ඉක්මනින් උදව් කරලා ඔයාලට දෙන්න ලැබීම ගැන.ඒ වගේම ලිපියට ඇතැම් කරුණු සපයා දුන් දිනුෂ්ක උදාර (රොකියා) සහෝටත් ස්තූති වන්ත වෙනවා.



Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google