Latest Subtitles :
Recent Movies

The Dark Tower (2017) සිංහල උපසිරැසි සමඟ

2017 වසරේ තිරගත වූ මෙම The Dark Tower චිත්‍රපටය සඳහා පාදක වී තිබෙන්නෙ Stephen King ගේ කෘතියක්.එයා ගැන කට්ටිය දන්නවා ඇතිනේ.සුප්‍රකට It කෘතියත් එයාගෙම තමයි. මේ අවුරුද්දේ ඒක පාදක වෙලා අලුත්ම චිත්‍රපටයකුත් තිරගත වුණානේ.ඒවගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Nikolaj Arcel විසින්.මෙහි Idris Elba,Matthew McConaughey හා Tom Taylor යන අය රංගනයෙන් එකතුවෙලා තිබෙනවා.Fantasy/Science fiction යටතේ වර්ගීකරණය වී ලොව පුරා තිරගත වීමෙන් The Dark Tower චිත්‍රපටය ඩොලර් මිලියන 111ක මුදලක් උපයාගත්තා.

කතාව :
ජේක් කියන්නෙ වයස අවුරුදු 11ක පිරිමි ළමයෙක්.මෙයාට අමුතු අමුතු හීන පේන්න ගනවා.ඒ හීන වල වෙනත් ලෝකයක කළු හැදගත් මනුස්සයෙක් වගේම ඔහුට විරුද්ධව ඉන්න තුවක්කු කරුවෙක් ජීවත් වෙනවා.එතකොට අර කළු හැදගත් මනුස්සයා උත්සහ කරන්නේ ලෝකය, අන්ධකාරයෙන් ආරක්ෂා කරන අඳුරු කුළුන බිඳ වට්ටලා ලෝකය අන්ධකාරයෙන් පුරවන්න.ඒ කියන්නේ නිකං ලෝක විනාසයක් වගේ දෙයක් තමයි.මේ හැම දෙයක්ම ජේක් චිත්‍රවල සිතුවම් කරලා තියාගන්නවා.මේ දේවල් අම්මටයි,සුළු පියාටයි කිව්වහම එයාලා හිතන්නේ මෙයාට මානසික රෝගයක් තියෙනවා කියලයි.ජේක්ගේ පියාගේ මරණය නිසා ඇති වූ මානසික කම්පනය හින්දා මේ වගේ හීන පේනවා ඇති කියලා ඔවුන් ඔහුට වෛද්‍ය ආධාර දෙන්න හදනවා.ඔහුව එතනට එක්ක යන්න එන දෙන්නව දැකලා ඔවුන් ගැන සැක හිතිලා ජේක් ගෙදරින් පැනලා යනවා එයාගේ හීනවල ඉන්න තුවක්කු කරුවව හොයාගෙන.ජේක් හට පස්සේ දැනගන්න ලැබෙනවා මේ දේවල් හීනයක් නෙවෙයි ඇත්තක් වගේම ඔහුටත් යම් බලයක් තියෙනවා කියලා.ජේක් හට තුවක්කු කරුවව හම්බවෙයිද? කළු හැදගත් මනුස්සයගෙන් ලෝකය බේරගන්න ජේක්ටයි,තුවක්කු කරුවටයි පුලුවන් වෙයිද? කියලා අරගෙනම බලන්න.

Wish Upon (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න අදත් තව චිත්‍රපටයක් අරන් ආවා,මේක කලින් දෙන්න හිතන් හිටියත් දමිළ චිත්‍රපටයක් කරන්න වුණ නිසා ටිකක් විතර ප්‍රමාද වුණා.එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ.

Fantasy, Horror, Thriller යටතේ වර්ගීකරණය වෙලා තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ සුප්‍රකට හොරර් චිත්‍රපට අධ්‍යක්ෂක  James Wan ගේ සමගාමිකයෙක් වන  John R. Leonetti විසින්.ඒ වගේම කතාව ලියලා තියෙන්නෙ Barbara Marshall විසින්.මෙහි එන නලු නිලි පිරිස ගත්තොත්  Ramona and Beezus (2010),Oz the Great and Powerful (2013) හා The Conjuring (2013) වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුණු සුරූපි නිළි Joey King හා The Maze Runner (2014) චිත්‍රපටයේ මින්හෝ ගේ චරිතය නිරූපණය කල Ki Hong Lee සමඟින් පසුගිය දිනවල Shooter රූපවාහිනි කතාමාලාවෙන් බොබ් ලී ස්වැගර් ලෙස ඔබ හමුවට ආ Ryan Phillippe දැකගන්න පුලුවන්.

කතාව :
ක්ලෙයාර් ෂැනොන් කියන්නෙ වයස අවුරුදු 17ක් විතර ඇති ගැහැණු ළමයෙක්.මෙයාගෙ අම්මා එයා පොඩි කාලෙ සියදිවි නසාගෙන මැරිලා තියෙනවා. ඇයගේ තාත්තා ජොනතන්,ඔහු කලින් සංගීතඥයෙක් වුවත් ඔහු  විනෝදයක් විදිහට දැන් කසළ ගොඩේ තියෙන පාවිච්චියට ගන්න පුලුවන් දේවල් එකතු කරන්නෙක් විදිහට වැඩ කරන කෙනෙක්.කුණු ගොඩක තිබිලා මෙයාට දවසක් චීන සංගීත පෙට්ටියක් හම්බවෙනවා.මේක වටින එකක් කියලා හිතලා මෙයා තමන්ගේ දුව වන ක්ලෙයාර්ට උපන්දින තෑග්ගක් විදිහට තෑගි කරනවා.මේ පෙට්ටිය ගැන වැඩි සැලකිල්ලක් ක්ලෙයාර් නොදැක්වුවත් පාසලේ ඇයට සිද්ද වෙන යම් යම් අකරතැබ්බ නිසා පෙට්ටිය මත කොටා ඇති "ප්‍රාර්ථනා හතක් ඉල්ලීම් කල හැක" යන වැකිය දකින නිසාත් ඇය යම් යම් ප්‍රාර්ථනා කරනවා තමන්ගේ වාසියට.ඒත් එක්කම ඇය වටේ ඉන්න අය අනතුරු වලින් ජීවිතය හැරදා යන්නටත් සිද්ද වෙන්න පටන් ගන්නව.පස්සේ ඇයට දැනගන්න ලැබෙනවා මේ පෙට්ටිය ප්‍රාර්ථනා ඉටු කරාට,ඒ ප්‍රාර්ථනා ඉටු වෙන්නෙත් යම් වන්දියක් අරගෙන කියලා..මේ ප්‍රාර්ථනා ඉටු කරන චීන සංගීත පෙට්ටියේ අබිරහස මොකක්ද? ක්ලෙයාර් හට මොනවා වෙයිද? ක්ලෙයාර්ගේ අම්මා සියදිවි නසාගැනීමට හේතුව මොකක්ද? ක්ලෙයාර් හට වැරැදුනු තැන නැවත හරිගස්සන්න පුලුවන් වෙයිද? මේ ඔක්කෝටම උත්තර චිත්‍රපටය බලලම දැනගන්න.

 *මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු Blu-Ray පිටපත් සදහා ගැලපේ.





Vivegam (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න මාස තුනකට වගේ කාලයකට පස්සේ ආයේ උපසිරැසියක් අරගෙන ආවා.මේ පාර අරගෙන ආවේ කොලිවුඩ් සිනමාවේ "වසරේ ක්‍රියාදාම චිත්‍රපටය" ලෙස නම් කරන්න පුලුවන් චිත්‍රපටක්.ඒ තරමටම චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය තෙක්ම ක්‍රියාදාම ජවනිකා වලින් අනූනයි.දමිළ සිනමාවේ සුපිරි තරුවක් වන අජිත් කුමාර් රඟන විවේගම් චිත්‍රපටය, වෙන මේ වසරේ බොහෝ දෙනා තිරගත වෙනකම් මඟ බලන් හිටිය චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.මොකද කියනවනම් සිනාමාශාලා වල ප්‍රවේශ පත් ඉතාමත් ඉක්මනින් අවසන් කරන්න සමත් වෙච්ච චිත්‍රපටයක්.

මෙම වසරේ අගෝස්තු 24 වැනි දින තිරගත වූ මෙහි, අධ්‍යයක්ෂණය,කතාව,ත ිර රචනය මේ හැම දෙයක්ම සිදුකර තිබෙන්නෙ සිවා විසින්.කොලිවුඩ් සිනාමාව ගත්තොත් සිවා යි,අජිත් කුමාර් කියන්නේ සාර්ථක සංකලනයක්.මුලින් ඔවුන් 2014 වසරේ කරපු Veeram (2014) චිත්‍රපටය මෙගා හිට් එකක් වූ අතර,ඔවුන්ගේ සාර්ථකත්වය නැවතත් 2015 වසරේ තිරගත වූ Vedalam (2015) චිත්‍රපටයෙන් විදහා පෑවා.ඉතින් මෙවරත් Vivegam (2017) චිත්‍රපටය,ඔවුන්ගේ මීට පෙර චිත්‍රපටයට වඩා බොහෝ සෙයින් බොක්ස් ඔෆීස් වාර්ථා හමුවේ සාර්ථක වෙන්න එහෙමත් නැත්නම් මෙගා හිට් එකක් වෙන්න පුලුවන් කම ලැබුණා.Sathya Jyothi Films යටතේ Senthil Thyagarajan හා Arjun Thyagarajan මෙහි නිෂ්පාදන කටයුතු කර තිබෙනවා.එමෙන්ම කවුරුත් හඳුනන Anirudh Ravichander අතින් සංගීතවත් වී ඇති අතර ඔහු, සිවා හා අජිත් කුමාර් සමඟ සම්බන්ද වුණ දෙවනි අවස්ථාවත් මෙය වෙනවා.

රංගනය පැත්තට හැරුණොත්,අජිත් කුමාර් විසින් ඔහුගේ චරිතයට සාධාරණයක් කර ඇති බව දැකගත හැකි අතර,ඔහුගේ මෙම රංගනය,විශේෂයෙන් ක්‍රියාදාම ජවනිකා ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබාගැනීමට සමත්කම් දැක්වුවා.ඔහුට අමතරව මෙවර අජිත් කුමාර් සමඟින් ප්‍රධාන චරිත ලෙස සුරූපි නිළි වන කාජල් අගර්වාල්,විවේක් ඔබරෝයි හා අක්ෂරා හසන් එක් වී තිබෙනවා.කාජල් අගර්වාල් ගේ රංගනයත්,මෙහි අනික් චිත්‍රපටවලට සාපේක්ෂව සුදුසු ලෙස යොදාගෙන තිබීම විශේෂත්වයක්.

කුතුහලයෙන් යුතුව බලන්න පුලුවන් චිත්‍රපටයක් නිසා කතාව ගැන මුකුත් නොකියා ඉන්නම්.ක්‍රියාදාම ජවනිකාවලින් සපිරුණු අජිත් කුමාර් ගේ සුපිරි චිත්‍රපටයක් බලන්න කැමති අය එහෙනම් අරන් බලන්න.ඔබට ජය!

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HD පිටපත් සදහා ගැලපේ.


 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google