Latest Subtitles :

Lion (2016) සිංහල උපසිරැසි සමඟ

Garth Davis අධ්‍යක්ෂණය කළ පලමු චිත්‍රපටය වන Lion,IMDB ශ්‍රේණිගත කිරීම් හි 8.0 ක ඉහළ ලකුණු අගයකුත් Rotten Tomatoes හි 86% ක් වැනි ඉහළ අගයක් ලබාගෙන තියෙනවා.තිර රචනය Luke Davies විසින් වන අතර නිෂ්පාදනය සඳහා Iain Canning,Angie Fielder, Emile Sherman යන ත්‍රිත්වය එකතු වෙලා තියෙනවා.Saroo Brierley හා Larry Buttrose විසින් රචිත "A Long Way Home" නම් සත්‍ය කතාවක් මේ සඳහා පාදක වී තිබෙනවා.

මෙය පලමුවර 2016 වසරේ සැප්තැම්බර් 10 වන දින Toronto International Film Festival හි ලොව පුරා ප්‍රදර්ශනය කිරීම ඇරඹුනා.අවසානයේ ලොව පුරා ප්‍රදර්ශන වලින් පසු චිත්‍රපටය නිපදවීමට වැය වූ මුදල මෙන් හය ගුණයක මුදලක් උපයමින් මේ වසරේ පැවැත්වීමට නියමිත 89 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය,හොඳම සහය නළුවා,හොඳම සහය නිළිය හා හොඳම තිර රචනය ඇතුලු සම්මාන හයකට නිර්දේශ වෙමින් වෙනත් සම්මාන 64කටත් නිර්දේශ වෙමින් තවත් සම්මාන 28ක් දිනාගෙන තිබෙනවා.2008 වසරේ පැවැත්වුනු ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුලු සම්මාන ගණනාවක් දිනාගත් Slumdog Millionaire (2008) හි Dev Patel හා ඔස්කාර් හි හොඳම නිළිය සම්මානයෙන් පිදුම් ලැබූ Nicole Kidman සමඟින් Rooney Mara එක් වී තිබෙනවා.එමෙන්ම ඉන්දීය සුපිරි නළුවෙකු වන Nawazuddin Siddiqui සුළු චරිතෙකින් දැකගන්න පුලුවන්.

කුඩා දරුවෙක් අතරමං වුනොත් ඔහුට වෙන්නේ එක්කෝ අකාලෙ මැරෙන්න එහෙම නැත්නම් සිතක් පපුවක් නැති මිනිසුන්ගේ ග්‍රහණයට නතු වී ඔවුන්ගේ නොයෙක් ආකාරයේ නීති විරෝධි වැඩ සඳහා යෙදෙන්නයි.වාසනාව තියෙන කෙනෙක්ට තමයි තමන්ගෙ නිවෙස් බලා නැවත යෑමට හැකිවෙන්නේ.කාත් කවුරුවත් නොදන්න නොදන්නා පලාතක අතරමං වූ කුඩා දරුවෙකු පත්වෙන තත්වය මනාව පෙන්වීමට නිර්මාපකයන් සමත් වී තිබෙනවා.විටෙක් ඔබේ මුවට සිනහවක් ගෙනාවත් තවත් විටෙක නෙතට කඳුලක් ගෙන ඒමටත් මෙයට හැකි වී තිබෙනවා.ඔබට අහක දමන්න කිසිදු දසුනක් මෙම චිත්‍රපටයේ අන්තර්ගත වෙන්නෙ නෑ.Dev Patel ගේ රංගනයත් ඉතා දැකුම්කලුයි.

කතාව පැත්තට හැරුනොත් සරෝ කියන්නේ අවුරුදු පහක් පමන වයසැති පිරිමි ළමයෙක්.එයාගෙ අම්මා ගල් උස්සලා තමයි එයාවයි එයාගෙ අයියාවයි,පුංචි නංගිවයි ජීවත් කරවන්නේ.එයාගෙ අයියාත් පොඩි රස්සාවක් එහෙම කරනවා.මේ පුංචි පවුල දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්නේ.අයියා මලෝ දවසක් කෝච්චියක ගල් අඟුරු හොරකම් කරලා විකුණලා,ඒ විකුණන සල්ලිවලින් ගෙදරට කිරිපිටි ගේනවා.අම්මා නම් ඔය විත්තියක් දන්නෙ නෑ.සරෝගේ අයියා රෑට රස්සාවක් කරන නිසා පුංචි සරෝට ත් ඕන වෙනවා අයියා එක්ක රස්සාවට යන්න.පොඩි ළමයින්ට බර වැඩ කරන්න බෑ කියලා අයියා සරෝට කිව්වත් පුංචි සරෝගේ දැඩි ඇවටිල්ලට එයාව එක්කන් ගෙදරින් දුර බැහැර වැඩට යන්න කියලා දුම්රිය නැවතුම්පොල වෙත යනවා.කොහොමහරි පුංචි සරෝට අයියව මඟහැරෙනවා.අයියා ව හොයන්න කියලා කෝච්චියට නගින සරෝට කෝච්චියෙම නින්ද යනවා.ඒ කෝච්චිය බඩු ගෙනියන එකක් කියලවත් ඔහුට වැටහීමක් නෑ.ඇහිරිලා බලද්දී සරෝ ඉන්නේ එයාගේ ගෙදරින් සැතපුම් 1500ක් දුරින් තියෙන කල්කටාවේ.තමන්ගේ නම ගම හරියට කියාගන්න බැරි සරෝ දැන් ඉන්නේ කාත් කවුරුවත් නොදන්න පලාතක.එක එක තැන් වල ජීවිතය ගත කරමින් ඉන්න ඔහුව ඕස්ට්‍රේලියානු යුවළක් ඕස්ට්‍රේලියාවට ගෙනියනවා.අවුරුදු කිහිපයකට පසු තරුණ වියට පැමිණෙන සරෝ තමන්ගේ ඇත්ත දෙමව්පියන්,තමන්ගෙ පවුල සොයා එන චාරිකාව තමයි මෙම චිත්‍රපටයෙන් දිග හැරෙන්නේෙ. අනිවාර්යයෙන්ම අරගෙන බලන්න.100%ක් විශ්වාසයෙන් කියන්න පුලුවන් මේ විනාඩි 118 අපතේ යන එකක් නම් නෑ කියලා.පුලුවන් නම් අදහසක් දක්වගෙන යන්න.ඔබට සුභ දවසක්!


Share this article :

Post a Comment

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google