Latest Subtitles :
Recent Movies

The Possession (2012) සිංහල උපසි‍රැසි සමග

සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ත්‍රාසය භීතිය කැටිකරගත් චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ.චිත්‍රපටයේ ආරම්භයේ නම් කැටයම් වලින් අලංකාරවත් වූ ලී පෙට්ටියකින් අමුතු සද්දයක් එනවා.මේ ලී පෙට්ටිය තියෙන්නේ වයසක කාන්තවක් ඉන්න ගෙයක.මේ ගෑනු කෙනාට මේ සද්දය ඇහිලා ලී පෙට්ටිය කඩන්න හදනවා.එක්වරම නොපෙනෙන බලවේගයකින් ඇය විසිවී ගොස් බිම වැටී මිය යනවා.

ඊලගට ක්ලයිඩ් හා ස්ටෙෆනි කියන්නේ දික්කසාද වූ ජෝඩුවක්.ඔවුන්ට එමලි හා හැනා කියලා ළමයි දෙදෙනෙක් ඉන්නවා.මේ ළමයි දෙන්නා හා ක්ලයිඩ් අළුතින් ගත් නිවසට සති අන්තය ගත කිරීම සදහා යනවා.පසු දිනක ළමයි දෙන්නා හා ක්ලයිඩ් ඇවිදින්න යනවා,එහිදී අර කලින් සදහන් කළ කාන්තාවක්ගේ පුතා ඒ ගෙදර බඩු වගයක් විකුණන්න දාලයි තියෙන්නේ.මෙහෙම යනකොට ක්ලයිඩ් හා දියණියන් දෙදෙනා මේ යාර්ඩ් සේල් එකට යනවා.එතනින් එමලි මේ කැටයම්වලින් අලංකාරවත් වූ අර පෙට්ටියට හිත යනවා.එම්ගේ ඇවටිල්ල මත ක්ලයිඩ් එය මිලට ගෙන ගෙදර අරගෙන යනවා.ගෙදර ඇවිත් පෙට්ටිය ඇරලා බලන්න හැදුවට ඒක අරිනැ එක ලේසි වැඩක් නෙවෙයි.පෙට්ටිය හොලවලා බලනකොට ඇතුලේ යමක් තියෙන බව දැනෙනවා.මේ පෙට්ටිය මිලදී ගත් දවසේ ඉදලා එමලි වෙනස් කෙනෙක් බවට පත්වෙනවා.පසුව ඔවුන්ට දැනගන්න ලැබෙනවා එමලිගේ ශරීරය තුලට නරක භූතාත්මයක් අරක් ගෙන ඇති බව.ක්ලයිඩ් හා බිරිදට ඔවුන්ගේ දුවව ඉන් ගලවාගත හැකිවේවිද? මේ පෙට්ටියේ තිබුනේ මොකක්ද? කියලා දැනගන්න හැමෝම අරගෙන බලන්න.


Arthur Christmas (2011) සිංහල උපසි‍රැසි සමග

නත්තල් රාත්‍රියේ නත්තල් සීයා ඇවිත් කොට්ට යටින් තෑගි තබා යන බව පොඩි හිටියන්ගේ විශ්වාසයයි.ඒත් මෙසේ නත්තල් සීයා ඇවිත් කොට්ටය යටින් තෑගි කොහොම තිබ්බද කියලා කවුරුවත් දන්නේ නෑ.නත්තල් සීයා මුළු ලෝකෙටම තෑගි බෙදන අතරතුර සිදුවන අතපසු වීමකින් එක ළමයෙකුට තෑග්ගක් දෙන්න බැරිවෙනව,ආතර් කියන්නේ නත්තල් සීයාගේ බාල පුතා.නත්තල් සීයා ආතර් එක්ක මේ ළමයගේ තෑග්ග දෙන්න යන අරුම පුදුම ගමන ඔබත් අරගෙන බලන්න.ඔබ සැමට සුභ නත්තලක් වේවා!


The Nativity Story (2006) සිංහල උපසි‍රැසි සමග


එදා අද වැනි දිනක,
ජෙරුසෙලම් හි බෙත්ලෙහෙම් නුවර,
ගව සැලක ඉපිද,
සාමයේ තතු මේ යැයි,
ලොවට පෙන්වා වදාළ,
නාසරෙත් හි ජේසුස් නම්,
දිව්‍ය පුත්‍රයාණෝ,

මිනිසා විසින් ම,
ලොවට බිහි කළ පාපයට,
මිනිසා විසින්ම,
වන්දි ගෙවිය යුතුය යන,
දේව අභිමතිය ඉ‍ටුකරන්නට
මිනිස් වෙස් ගෙන,
සුරලොවෙන් නරලොවට බැස ආ
අසිරිමත් දිනයයි නත්තල.


 තම මරණයට වගකිව යුතු සතුරන්ට පවා ආදරය පෙන්වූ හා කමාව දැක්වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් විය.ලෝකය පුරා දශ ලක්ෂ ගණකට හා සහෝදරත්වයේ පණිවිඩය දුන් ජේසුස් වහන්සේ ආදරයේ හා කැපවීමේ මූර්තියකි.

ජේසුස් වහන්සේ නිහතමානි චාම් ජීවිතයක් ගත කලේය.ඔහු වයසින් මුහුකුරායත්ම දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන දේශනා කිරීමට පටන් ගත්තේය.ඔහුට ඉක්මනින් විශාල අනුගාමිකයන් පිරිසක් ඇතිවිය.

මළවුන්ට පණදීම හා රෝගීන් සුවපත් කිරීම වැනි ප්‍රාතිහාර්ය ඔහු දැක්විය.ඔහුගේ ප්‍රකාශයන් හා උපමා කතා වශයෙන් ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් බයිබලයේ නව ගිවිසුමේ ‍රැස්කර ඇත.

ඓතිහාසික අනුපිළිවෙල අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළ දේ ඔහුගේ ජීවිතයේ සිදුවීම්ද නව ගිවිසුමේ අඩංගු වේ.

ක්‍රිස්තු පුර්ව 4දී ජෙරුසලමෙට නුදුරු බෙත්ලෙහෙමේ ක්‍රිස්තුස් වහන්සේ උපන්නේය.ඔහුගේ පියා වූ ජෝශප් හා මව වූ මරියා ඉතා දිළිදු වූහ.ළමයෙකු වශයෙන් ක්‍රිස්තුස් වහන්සේ ආගමික සාකච්ඡා පිලිබද මහත් උනන්දුවක් දැක්වීය.ජේසුස් වහන්සේ හී ධර්මයද ඉගෙන ගත්තේය.ඔහුගේ වයස අවුරුදු 30 වන විට ඔහු ඔහුගේ පාරම්පරික වෘත්තිය වූ වඩු කර්මාන්තය අතහැර ඔහුගේ අදහස් දේශනා කිරීම සදහා පිටත් විය.ඔහු දේශනා කල නව ආගම මනුෂ්‍යත්වය සහ විශ්ව සහෝදරත්වය මුල් කොට ගත්තක් වූ අතර,සම්ප්‍රදායික හිබෲ ධර්මයට අනුකූල නොවීය.එවකට සිටි රෝමානු ආණ්ඩුකාරවරයා වූ පිලාත් ගේ අනුමැතිය ඇතිව ක්‍රිස්තුස් වහන්සේ ජෙරුසලෙම් කල්වාරි කන්දේදී කුරුසිය මත තබා ඇණ ගසන ලදි.ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියට තබා ඇණ ගැසීම කිතුණුවන් විසින් මහ සිකුරාදා දින සමරනු ලබති.ජේසුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසූ විට එතුමා විසින් මේ වචන ප්‍රකාශ කරන ලදි.
අහෝ! පියාණනි,ඔවුන් නොදැන කරන වරදට ඔවුන්ට සමාව දුන මැනව.

ක්‍රිස්තුස් වහන්සේ ගේ හදවත එතුමාගේ පරම සතුරන්ට පවා ආදරයෙන් පිරි තිබුන බව මෙයින් පැහැදිලි වේ.කුරුසියේ ඇණ ගැසීමෙන් දින තුනකට පසු ක්‍රිස්තුස් වහන්සේ මරණයනෙ උත්ථාන විය.

ජේසු සමිදුන් හදුන්වා දෙනු ලබන්නේ සාමයේ කුමරා ලෙසිනි. "එතුමාණෝ බොහෝ ජාතීන් විනිශ්චය කර බොහෝ දුර සිටින බලවත් ජාතීන් අතර නඩුහබ විසදන සේක.ඔවුහු තමන්ගේ කඩු වලින් නගුල් තලද හෙල්ල වලින් දෑකැති ද තලා ගත්තෝය.ජාතියක් ජාතියකට විරුද්ධව කඩු ගන්නේ නැත.කිසි කලක ඔවුන් යුද්ධයට පමුණු වන්නේ නැත.ඔවුන්ට කිසිවකුගේ බියක් නැත.එකිනෙකා තම තමාගේ මිදි වැල යට ද  අත්තික්කා ගහ යටද යෙහෙන් වාසය කරනු ඇත".ක්‍රිපූ 6-7 අතර සියවස්වල විසූ මීකා නමැති දිවැසිවරයා කිතු සමිදුන්ගේ ලොව පහලවීමත් සමග සැබෑවක් බවට පත්විය.

උන්වහන්සේ ලොව පහල වූ පළමු නත්තල් දින සුරදූතයන් ගායනා කළේද සාම ගීතිකාවයි. "අති උස් තැන්හි දෙවිදුනට  මහිමය ද දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේවා".
ලූක් 2-14

අන්තිම රාත්‍රි භෝජනය දින සිය ශ්‍රාවකයන් වදාළේද "ඔබට සාමය වේවා මගේ සාමය ඔබට දෙමි" යනුවෙනි.එසේම මරණයෙන් උත්ථානය ලබා සිය ශ්‍රාවකයන්ට දර්ශනය වූ පළමු අවස්ථාවේම එතුමා පැතුවේද සාමයයි.උන්වහන්සේගේ දේශනා අතර සාමය මූලික වේ."සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය.ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යැයි කියනු ලබන්නෝය".(මතෙව් 5-9) "ඔබට ශාන්තිය වේවා". (ජොහාන් 20-29) ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි.මගේ ශාන්තිය ඔබට දෙමි.මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ.
(ජොහාන් 14-24)

එහෙත් එසේ වදාළ සමිදුන්ම මෙසේ ද වදාරා තිබේ. "පොළොවෙහි සාමය දෙනු පිණිස මම ආවෙමි යි ඔබ සිතන්නහු ද?,එසේ නොවේ .මම ආවේ භේද ඇති කරනු පිණිස යැයි මම ඔබට කියමි". (ලූක් 12-51) මේ පරස්පරය කුමක්ද?

තමන්ගේ සාමය ලෝකයාගේ සාමය මෙන් නොවේ යැයි එතුමෝ පවසති.එසේනම් එතුමාගේ සාමය මතුපිට සාමයක් නොවේ.තමා රජෙක් දැයි විමසූ පිලාත් ආණ්ඩුකාරයාට එතුමා පවසන්නේ තම රාජ්‍ය මිහිමත රාජ්‍යයක් නොවන බවයි.බලවතුන්ගේ සාමය,ධනය,බලය,කීර්තිය,යසස මත ‍රැදී ඇත.එතුමාගේ සාමය මානව ප්‍රේමය,සාධාරණත්වය,සමානාත්මතාව ,සහෝදරත්වය හා සමානකම් මත ‍රැදුනකි.එතුමන්ගේ සාමය බලවතුන්ගේ සාමය අතර ඇති භේදය එයයි.භේද ඇති කරන පිණිස ආවෙමි යැයි උන්වහන්සේ පවසන්නේ එබැවිනි.

බලවතුන්ගේ සාමය පාලිතයන් මත බර පටවා තම පාලනය ස්ථාවරව තබා ගැනීමයි.එහෙත් එතුමන්ගේ සාමය කිසි වෙකුට වහල් නොවී ජනතාවට සහෝදරත්වය,සමානාත්මතාව හා සාධාරණය වෙනුවෙන් සේවය කිරීමයි.ව්‍යාජ සාමයේ බොරුව හෙලි කරන සමිදාණෝ සත්‍යයට සාක්ෂි දැරූහ.තමා අත් අඩංගුවට ගන්නට පැමිණි අවස්ථාවේ හේවායකුගේ කණ කපා දැමූ පේදුරුට එතුමා පැවසුවේද  "ඔබේ කඩුව කොපුවේ දමාගන්න.අවි ගත්තෝ අවියෙන්ම නසින්නෝය" යනුවෙනි.

සාමය පිලිබදව බෙහෙවින් සංවාදයට බදුන්වන මෙම යුගයේ කිතු සමිදුන්ගේ සාම පණිවුඩයේ සර්වකාලින වටිනාකම හදුනාගෙන ඒ අනුව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයකි.

ක්‍රිස්තු ධර්මය ආරම්භ කළ දෙවියන් වහන්සේගේ පුත්‍රයා  හෙවත් ලොවට සාමය උදා කළ සාමයේ කුමාරයාණන්ගේ උත්පත්තියේ  මහා මංගල සුපුවතයි මේ...............The Nativity Story චිත්‍රපටය ආගම් භේදයකින් තොරව පවුලේ සැමට එකට රසවිදිය හැක.

ඔබ සැමට සාමය, සතුට හා සෞභාග්‍ය පිරි සුභම සුභ නත්තලක් වේවා!





Frozen (2010) සිංහල උපසි‍රැසි සමග

ඩෑන් වොල්කර් හා ජෝ ලින්ච් කියන්නේ ළමා කාලයේ ඉදන් හොදම යාළුවෝ දෙන්නෙක්.දවසක මේ දෙන්නයි ඩෑන්ගේ පෙම්වතිය වන පාකරුයි මවුන්ට් හෝලිස්ටන් වල තියෙන හිම පදින තැනකට යනවා.ඒත් ඇයට හිම පදින්න බැරි බව පවසන අතර කොහොමහරි එයාලා ගෙදර යන්න කලින් අන්තිම හිම පැදිල්ලකට යනවා.කොහොමින් හෝ හැන්දෑවේ කුණා‍ටුවක් එන නිසා හිම නවාතැන් පොල වේලාසනින්ම වසා දමන්න තීරණය කරනවා.දැන් ඉතින් මොකෝ කරන්නේ මෙයාලා කේබල් හරහා උඩ පු‍ටුවල තමයි ගමන් කරන්නේ.කොහොමින් හෝ මෙය පාලනය කරන කෙනාට බොස්ගේ ඔෆීස් එකට කතා කරලා තියෙනවා කියලා වෙන කෙනෙක් පනිවිඩයක් ‍රැගෙන එනවා.ඉතින් මෙයාට ගිහින් එනකම් අනිත් කෙනාට මෙය බලාගන්න කියනවා,ඒ විතරක්ම නෙවෙයි පහලට තුන්දෙනෙක් හිම පදින්න ගිය බවත් කියනව.පසුව හිම පදිමින් සිටි වෙන තුන්දෙනෙක් මෙතනට එනවා.මෙයා හිතන්නේ මේ අරය කිව්ව තුන්දෙනා කියලා හිතලා මැෂින් එක නවත්ත දානවා.නවත්ත දැම්ම ගමන් යාලුවෝ තුන්දෙනා යමින් සිටි පු‍ටුව නතරවෙනවා.දැන් මොකෝ කරන්නේ,කුනා‍ටුවක් එනවයි කිව්ව නිසා මෙහි බලධාරින් ගෙදර ගිහින් ආයිමත් මෙය විවෘත වෙන්න ඉතින් ලබන සිකුරාදට තමයි.ඉතින් මෙයාලට මේ හිම කුනා‍ටුවේ දවස් පහක් පු‍ටුවකට වෙලා ඉන්න පුලුවන් වෙයිද? කියලා දැනගන්න මෙය අරගෙනම බලන්න,මෙහි රංගන ශිල්පීන් වන Emma Bell,Shawn Ashmore,Kevin Zegers යන අය සුපිරි රංගනයක් නිරතවන අතර මෙහි ප්‍රධාන නිළිය වන Emma Bell හදුන්වා දුන්නෙත් මෙම චිත්‍රපටයෙන් තමයි,සුප්‍රකට වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ ඇමිගේ චරිතයට පනපෙව්වෙත් ඇය විසින් තමයි.ඔබට ඇස් ඉවතට නොගෙන එක දිගට මෙය බලන් ඉන්න පුලුවන් වර්ගයේ චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.





ලබාදී ඇති උපසි‍රැසි ෆයිලය DVDRIP හා BRRIP යන දෙවර්ගයටම ගැලපේ.


Taken 2 (2012) සිංහල උපසි‍රැසි සමග

මේ චිත්‍රපට ද්විත්වයම ප්‍රංශ අධ්‍යක්ෂකවරුන් අතින් හැඩවුණු හොලිවුඩ් චිත්‍රපට වීම මෙහි ඇති විශේෂත්වයක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Olivier Megaton විසින්.සුපුරුදු විදිහටම මෙවරත් Liam Neeson,Maggie Grace,Famke Janssen නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.මෙය 2008 වසරේ තිරගතවූ Taken චිත්‍රපටයේ දෙවනි කොටස තමයි මේක.මේ චිත්‍රපටය ඔක්තෝම්බර් 3 වැනි දින තිරගතවූ අතර කලින් චිත්‍රපටය මෙන් මෙවරත් මෙය බොක්ස් වාර්ථා හමුවේ සාර්ථක වීමට හැකිවුනා.මම මෙහි පළමු චිත්‍රපටයත් කලින් දුන්නා ඔබට මතක ඇති.දෙවනි එක බලන්න කලින් පලවෙනි එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් පලවෙනි එක බලලා ඉන්න,එතකොට ඔබට කතාවේ නියම රසයක් ලබා ගත හැකිවේවි.මම ආයිමත් කතාව මතක් කරන්නම්.බ්‍රයන් මිල්ස් කියන්නේ විශ්‍රාම ගිය පොලිස් නිලදාරියෙක්.ඔහුගේ දුවව ප්‍රංශයේ ගණිකා වෘත්තියේ යෙදවීම සදහා පැහැරගත් අතර ඔහු තම දියණියව සොයා තනිව මෙහෙයුමක් අරඹනවා.ඔහුට තම දියණියව සොයාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වන අතර ඔහු කෙසේ හෝ අවසනායේ සිය දියණියව සොයාගන්නවා.තම දියණියව පැහැරගත් සියළු දෙනාවම ඔහු අතින් මරණයට පත්වෙනවා.ඔය මම පලවෙනි කොටස කතාව කෙටියෙන් තමයි කිව්වේ.

දෙවනි චිත්‍රපටයේ තියෙන්නේ බ්‍රයන් මිල්ස් ‍රැකියාව සදහා ඉස්තාන්බුල් වෙත යනවා.එහිදී ඔහු තම බිරිදවයි,ඔහුගේ දියණියවයි එහෙට ගෙන්න ගන්නවා.ඔබට මතකද දන්නේ නෑ,බ්‍රයන් අතින් කරන්ට් වද්දා මිය ගිය මාර්කෝව,ඔහු තමයි කිම්ව පැහැරගත්ත කෙනා.ඇල්බේනියාවේ ට්‍රොපෝජාවල බ්‍රයන් අතින් මියගිය අයව මිහිදන් කරන අවමංගල්‍ය උත්සවයක් පවත්වනවා.කරන්ට් වද්දා මැරුව මාර්කෝගේ පියා වන මුරාඩ් ඔහුගේ මිනිස්සු හට එක පොරොන්දුවක් වෙනවා.එය තමයි අපේ මිනිස්සුන්ව,අපේ පුත්තුන්ව,අපේ සහෝදරයන්ව,අපි ආදරය කරපු අයව මැරුව මිනිහගෙන් පලිගන්නවා බව.මොවුන් බ්‍රයන්ගෙන් පලිගැනීම සදහා ඉස්තාන්බුල් වෙත මොහු සොයා පැමිණෙනවා.මෙවර ඔහුට ගැලවීමක් තියේවිද? පලවෙනි චිත්‍රපටය මෙන් ත්‍රාසය, ක්‍රියාදාම ජවනිකා නො අඩුව ඇති මේ චිත්‍රපටය ඔබ හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක්. එහෙනම් චිත්‍රපටය බලලා අදහසක් දක්වල යන්නත් අමතක කරන්න එපා.

BRRIP සදහා යාවත්කාලීන කර ඇත.


The Lost Room (2006) E06 සිංහල උපසි‍රැසි සමග

IMDB ශ්‍රේණිගත කිරීමෙහි 8.3 වැනි වැඩි අගයක් ලබාගත් 2006 වසරේ විකාශය වූ ලොස්ට් රූම් කතා මාලාවේ අවසාන කොටස තමයි අද ගෙන එන්නේ.මෙතෙක් මෙම කතාමාලාව බාගතකරපු හා අදහස් දැක්වූ හා නොදැක්වූ හැමෝටම ස්තුතියි කියන ගමන් අද මෙහි අවසන් කොටසත් නරඹලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.


The Lost Room (2006) E05 සිංහල උපසි‍රැසි සමග

අද අරගෙන එන්නේ ලොස්ට් රූම් කතාමාලාවේ පස්වන කොටසයි,මෙය අවසාන වීමට ඇත්තේ තව එක කොටසක් පමණයි.බලපු අය කතාව ගැන දන්නවා ඇති.පරීක්ෂක ජෝ මිලර් ගේ දුව අබිරහස් කාමරය ඇතුලට යාමෙන් අතුරුදන් වෙනවා,ජෝ විසින් ඇගේ දියණිය සෙවීමට ගන්න උත්සහය තමයි මුළු කතාව පුරාම දිව යන්නේ.මොහුට වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නම් නෑ.දුවව සොයාගැනීමට ඔහුට පුදගලයින් කිහිප දෙනෙකුගේ උදව් අවශ්‍ය වෙනවා.හැබැයි මෙම පුද්ගලයන් කිහිප දෙනෙක් වෙනත් අරමුණු ඇතුව තමයි ජෝ හට උදව් වෙන්නේ.ජෝට ඇත්තටම උදව් කරන්නේ කවුද? සමහර අය කියනවා ජොගේ දුවව ගෙන්වා ගැනීමට මූලික උපකරණයක් වැනි දෙයක් වුවමනා වන බව.ජෝ මූලික උපකරණය සොයා අතහැර දැමූ සිර ගෙයක් වෙත යනවා.මූලික උපකරණය කුමක්ද?ජෝට ඇගේ දියණියව නැවත ගෙන්වා ගත හැකිවෙයිද? කියලා දැනගන්න නම් මේ කතාව නරඹන්නම වෙනවා.ත්‍රාසය,කුතුහලය පිරුණු මෙය එක දිගට රස විදීමෙ හැකියාව තියෙනව.තාමත් මෙය අරගෙන බැලුවෙ නැත්නම් අදම අරගෙන බලන්න,බැලුව කියලා පාඩුවක් නම් වෙන එකක් නෑ.මෙහි අවසන් කොටසත් සමග ඉක්මනටම හමුවෙමු!






Silent Night (2012) සිංහල උපසි‍රැසි සමග

නත්තල හේතුවෙන් හැම වීදියක් ගානෙම නත්තල් සීයලා රොත්ත පිටින් ඉන්නවා.මේ නත්තල් සීයලා රොත්ත අතරේ එක නත්තල් සීයෙක් හැංගිලා ඉන්නවා,ඔහු මිනිස්සුන්ට ලබා දෙන්නේ සතුට,ප්‍රීතිය නොව මරණයේ වේදනාවයි.මොවු මරණයට පත් කරන්නේ වැරදි කරපු අයවයි.ඔහු ඒ සදහා පාවිච්චි කරන්නේ ඔහු විසින් නිමැවූ වැරදි කරුවන්ගේ නම් ලැයිස්තුවයි. පොලීසියට මේ මිනීමරන නත්තල් සීයව හොයාගන්න පුලුවන් වෙයිද,නත්තල් සීයා මිනිසුන් මරන්න හේතුව මොකක්ද?මේ රටේ මේ නත්තල් සීයා ගැන පුරාවෘත්තයක්ද පවතිනවා,ඒ පුරාවෘත්තය මොකක්ද?අන්තිමට මේක කියන්න තියෙන්නේ මේක පොඩ්ඩන්ට නෙමෙයි ලොක්කන්ට හදපු ෆිල්ම් එකක්.එක නිසා ලොකු අය විතරක් බලන්න.





Burning Bright (2010) සිංහල උපසි‍රැසි සමග

කෙලීගේ මව ගොස් සිටින අතර කෙලී ඇගේ මල්ලී වන ටොම්ව විශේෂිත වූ මානසික ආයතනයකට ‍රැගෙන යනවා.ඒත් බැංකුව පවසා සිටින්නේ ආධාර කිරීම සදහා ඇගේ බැංකු ගිණුමේ ප්‍රමාණවත් තරම් මුදල් නැති බවත් ඇගේ සුළු පියා වන ජොනී ගැවනෝ එම මුදල් සේරම ලබාගත් බවත්ය.කෙලී ගෙදර ගොස් සල්ලි වලට වුන දේ ඇගේ සුළු පියාගෙන් දැනගන්නවා.ඔහු එම සල්ලිවලින් සත්ව ප්‍රදර්ශනයක් සදහා කොටියෙක් මිලදී ගෙන තියෙනවා.එම කොටියව කූඩුවක දාලා තමයි තියෙන්නෙ .එදා රෑ සුළි කුණා‍ටුවකුත් හමා යනවා.කෙලී රාත්‍රියේ හදිසියේ දකින හීනෙකින් අවදි වෙනව.බැලින්නම් කොටියා ගේ ඇතුලේ.කෙලීවයි ඇගේ මල්ලි වන ටොම්වයි ගේ ඇතුලේ හිරවෙනවා.නිකනුත් නෙවෙයි සති ගණනක් බඩගින්නේ හිටිය කොටියත් එක්කම.කතාව පුරා යන්නේ මේ දෙන්නා කොටියගෙන් බේරෙන්න දරන උත්සහයයි.ඒ වගේම මෙහි ලස්සන කතාවකුත් අඩංගු වෙනව. ඇත්තටම කෙලීගේ මව මියගියාද නැත්නම් මරණයට පත් කලාද? මේ දෙන්නට කොටියගෙන් ගැලවීමක් තියෙවීද? ගතවෙන සෑම තත්පරයක් පසා ත්‍රාසය,භීතිය,කුතුහලය ඔබව මුසපත් කීරීමට මෙය සමත් වෙලා තියෙනවා.එහෙනම් චිත්‍රපටය හැමෝම අරගෙන බලන්න.



The Lost Room (2006) E04 සිංහල උපසි‍රැසි සමග

අද ගෙන එන්නේ සිව්වන කොටසයි.මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක් ඇය මේ කාමරයේ සිරවී නොපෙනී යනවා.ඔහු තම දියණියව සොයාගැනීමට විවිධ අයගේ උදව් ඇතිව ගන්න උත්සහය තමයි මේ මුළු කතාව පුරාම දිව යන්නේ.ඇත්තටම මේ උපකරණ මොනවද? ඔහුට තම දියනියව සොයාගත හැකිවේවිද?ත්‍රාසය, කුතුහලය,රහස් පරීක්ෂක කතාවලට ප්‍රියකරන අයට මෙය මැනවින් ගැලපේවි.තාමත් ඔබ මෙම කතා මාලාව ලබාගෙන නැතිනම් ඉක්මනටම අරගෙන බලන්න,ඔබ බැලුවා කියලා පාඩුවක් නම් වෙන එකක් නෑ.මේක පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය දක්වා එක දිගට බලන් ඉන්න පුලුවන් හැකියාව තියෙනවා.

The Walking Dead (2012) S03 E08 සිංහල උපසි‍රැසි සමග

අද ගෙන එන්නේ වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ අටවන කොටසයි.මර්ල් විසින් පැහැරගත් ග්ලෙන් හා මැගී සොයා රික් ඇතුළු කණ්ඩායම මිකෝනි ගේ මග පෙන්වීමෙන් වුඩ්බරි වෙත පැමිණෙනවා.ඒ අතර සිර මැදිරියේ සිටින කාර්ල් ඇතුළු පිරිසට තවත් අලුත් කණ්ඩායමක් මුණ ගැසෙනවා.අන්තිමේදී වුඩ්බරි පාලනය කරන ගවනර් නමැත්තාගේ එක ඇසකුත් නැති වෙනවා.ගවනර් ලග සේවය කරපු මර්ල් හට හිතා ගත නොහැකි ආකාරයේ අකරතැබ්බයකට තමයි මෙදා පාර මුහුණ දෙන්න වෙන්නේ,වැඩිය කිව්වේ නෑ මෙය විනාඩි 45ක කතාවක් නිසා.එහෙනම් අරගෙන බලලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.

සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න


සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

The Lost Room (2006) E03 සිංහල උපසි‍රැසි සමග

අද ගෙන එන්නේ තුන්වන කොටසයි.මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක් ඇය මේ කාමරයේ සිරවී නොපෙනී යනවා.ඔහු තම දියණියව සොයාගැනීමට විවිධ අයගේ උදව් ඇතිව ගන්න උත්සහය තමයි මේ මුළු කතාව පුරාම දිව යන්නේ.ඇත්තටම මේ උපකරණ මොනවද? ඔහුට තම දියනියව සොයාගත හැකිවේවිද?ත්‍රාසය, කුතුහලය,රහස් පරීක්ෂක කතාවලට ප්‍රියකරන අයට මෙය මැනවින් ගැලපේවි.තාමත් ඔබ මෙම කතා මාලාව ලබාගෙන නැතිනම් ඉක්මනටම අරගෙන බලන්න,ඔබ බැලුවා කියලා පාඩුවක් නම් වෙන එකක් නෑ.මේක පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය දක්වා එක දිගට බලන් ඉන්න පුලුවන් හැකියාව තියෙනවා.එහෙනම් මෙහි සිව්වන කොටසින් ලබන බදාදා හමුවෙමු.


 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google