Latest Subtitles :
Recent Movies

The Call (2013) සිංහල උපසි‍රැසි සමග

මේ චිත්‍රපටියේ සම්පුර්ණ විනාඩි 90ක කාලය පුරාම ඔබව කුතුහලයෙන් තියන්න අනිවාර්යෙන් සමත්වේවි.කතාව ගැන පොඩි දෙයක් කිව්වොත් මේ කතාව ගෙතිලා තියෙන්නේ 911 හදිසි ඇමතුම් එකක වටා. ජොර්ඩන් කියන්නේ එතන වැඩ කරන කෙනෙක්.එයාට දිනක් හදිසි ඇමතුමක් එනවා එකේ ගැණු ළමයෙක් කතා කරන්නේ එයාව පැහැරගන්න නිවසට කෙනෙක් ඇවිල්ලා කියලා මේ 911 අංකයට කතා කරනවා.මේ ඇමතුම ලැබෙන්නේ ජොර්ඩන්ට.ජොර්ඩන්ග� ��න් සිදුවු පොඩි අත්වැරදිමක් නිසා මේ ළමයාව අර පැහැරගන්න ආව පුද්ගලයා පැහැරගෙන යනවා.පස්සේ ආරංචිවෙනවා ඒම ගැණු ළමයාව මරලා දාලා කියලා.මේ නිසා ජොර්ඩන් මානසිකව වියවුල් තාවයකට පත්වෙනවා.තමන්ගේ රැකියාව උන 911 ඇමතුම් වලට උත්තර ලබා දිමෙන් ඇය සමුගෙන ආයතනයේ වෙනත් රැකියවක් කරගෙන ඉන්නවා.එත් මේ සිදුවිම වෙලා හරියටම මාස 6කට පස්සේ නැවතත් ඒ අකාරයේම සිදුවිමක් වෙන්නයි හදන්නේ..මේ ඇමතුමත් අහම්බෙන් වගේ ජොර්ඩන්ට ගන්න වෙනවා.එයාගේ අතින් පලවෙනි වතාවේ උන වරද මේ පාරත්වෙලා පැහැරගන්න ළමයාට ජිවිතෙන් වන්දිගෙවන්න වෙයිද? නැත්නම් ජොර්ඩන් බේරාගනිවිද? තත්පරයෙන් තත්පරය කුතුහලයෙන් ඔබව තබන මේ චිත්‍රපටිය අනිවාර්යෙන් අරන් බලන්න.ආපහු හොද චිත්‍රපටියකින් හමුවෙමු.


The Call (2013) on IMDb

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google