Latest Subtitles :
Recent Movies

Mersal (2017) සිංහල උපසිරැසි සමඟ



 විජේ සමඟින් සමන්තා රුත් ප්‍රභූ,නිත්‍යා මෙනන්,කාජල් අගර්වාල් ඇතුලුව සත්‍යරාජ් හා ස්පයිඩර් චිත්‍රපටයේ නලුවාට වඩා දුෂ්ට චරිතයෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත් වසඟ කරගත් එස්.ජේ සූර්‍යා එහෙමත් නැත්නම් මෑතකදී බිහිවූ සුපිරි ගණයේ දුෂ්ට චරිතය රංගනයෙන් දායක වන Mersal (2017) චිත්‍රපටය Raja Rani (2013) හා Theri (2016) වැනි ජනප්‍රිය ඔබ වෙත ගෙනා Atlee Kumar අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටයයි.ආදායම් වාර්ථා බිඳ දැමූ Baahubali 2: The Conclusion (2017) චිත්‍රපටයේ රචකයා වන K. V. Vijayendra Prasad අතින් තමයි මේ කතාවත් රචනා වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටයේ සංගීතය ඔස්කාර් සම්මානලාභි සංගීත අධ්‍යක්ෂක A.R. Rahman අතින් හැඩවී තිබෙනවා.ඔහුගේ සංගීතය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉන්දියානු මුදලින් කෝටි 120 ක පිරිවැයක් ලබා නිපදවූ මෙහි ඇස්තමේන්තුගත ආදායම කෝටි 240 පමණ වෙනවා. මේ වන විට මෙම චිත්‍රපටය සඳහා IMDb හි 8.8/10 ක්,Times of India හි 3.5/5 ක සමඟින් ගූගල් මනාප ප්‍රතිශතය 90% ක් පමණ වෙනවා. 

ඩොක්ටර් මාරන් (විජේ),රෝගීන් වෙනුවෙන් අඩු මුදලට තම වඟකීම් අකුරට ඉටු කරන අවංක වෛද්‍යවරයෙක්.ඒ වගේ ඔහු ගොඩක් ජනප්‍රියයි වගේම සම්මානලාභි පුද්ගලයෙක්.ඔහුගේ අභිප්‍රාය තමයි ආර්ථිකමය වශයෙන් පොහොසත් නැති රෝගීන් හට නොමිලේ වෛද්‍ය ආධාර ලබා දෙන එක.කොහොමහරි ප්‍රංශයේදී තවත් සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්ට අවසන් ගමන් යන්නත්,ඉන්දියාවේදී තවත් පුද්ගලයන් හතර දෙනෙක්ට අතුරුදහන් වන්නටත් සිදු වෙනවා.මේ සම්බන්දව පරීක්ෂණ පවත්වන්නේ රත්නවේල් (සත්‍යරාජ්) කියලා පොලිස් නිලදාරියෙක්.අවසානයේ ඔහු මේවට වඟකිව යුත්තේ මාරන් යැයි සිතා ඔහුව අත් අඩංගුවට ගන්නවා.ප්‍රශ්න කිරීම් වලදී ඔප්පු වෙනවා මේ මිනිමැරුම් කර තිබෙන්නෙ වෙනත් අයෙක් විසින් බවත් එම තැනැත්තා ඩොක්ටර් මාරන්ගේ අනන්‍යතාවත් සොරාගෙන ඇති බවට.එතකොට මේ අපරාධ කරේ වෙනත් කෙනෙක්ද? මේ ඩොක්ටර් මාරන් කියන්නේ ඇත්තටම කවුද,දොස්තර කෙනෙක්ද නැත්නම් විජ්ජාකරුවෙක්ද? ඔහු ඉලක්ක කරලා මිනිස්සු මරන්න හේතුව මොකක්ද? මේ පුද්ගලයින් දෙදෙනෙක් නම් ඔවුන්ට තියෙන සම්බන්දය මොකක් වෙන්න පුලුවන්ද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න.

 *මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HD පිටපත් සදහා ගැලපේ.

Blade of the Immortal (2017) සිංහල උපසිරැසි සමඟ

ඔන්න ටික කාලෙකට පස්සේ ආයේ මේ පැත්තේ ඇවිත් යන්න හිතුවා.Blade of the Immortal නම් මෙම ජපන් චිත්‍රපටය සඳහා පාදක වෙලා තිබෙන්නෙ ජපාන මන්ගා කතාවක්. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Takashi Miike විසින් වන අතර ඔහුගේ 100 වෙනි චිත්‍රපටය මෙය වීම විශේෂත්වයක්. ඔහු තමා සම්මාන 14ක් දිනාගනිමින් තවත් සම්මාන 27ක් සඳහා නිර්දේශ වූ අතිශය ජනප්‍රිය වූ 13 Assassins (2010) චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. ඔහුගේ චිත්‍රපට ගැන ඒකෙන්ම හිතාගත්තැකිනේ. මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය මේ වසරේ Cannes Film Festival හි පෙන්වූ අතර සිනමාශාලා ප්‍රදර්ශනය සඳහා Warner Bros සමාගම විසින් අප්‍රේල් 29 වැනිදා නිකුත් කරනු ලැබුවා.Blade of the Immortal චිත්‍රපටයට හොද ප්‍රේක්ෂක ප්‍රතිචාර සමඟින් ගූගල් පරිශිලකයන්ගේ 92% ක මනාප ප්‍රතිශතයකුත්, කුණු තක්කාලි හි 81% ක ප්‍රතිශතයක් හා IMDB හි 7.1 ක ඉහළ මනාපයක් ලබාගැනීමට හැකිවෙලා තිබෙනවා.දැන් කතාව පැත්තට හැරෙමු.

සිරුරේ හටගන්නා කැපුම් පහරවල්,තුවාල ඉබේ සුවවෙන අමරණීයත්වය හෙබි සමුරායි වරයෙක් තමයි මන්ජි කියන්නේ.ඔහුට මේ අමරණීයත්වය ලැබෙන්නෙ තම ජීවිතය අවසන් කිරීමට තරම් සමත් සටනක අවසානයේ යෞබිකනි නම් පුරාතණ කාන්තාවක් මගින්.ඒ සටන මොකක්ද කියලා බලලම දැනගන්න.අවුරුදු 50ක කාලයක ඇවෑමෙන් පසු මන්ජි වෙත රින් නම් කුඩා ගැහැණු දැරිවියක් ඇවිත් එක ඉල්ලීමක් කරනවා.ඒ තමයි තමන්ගේ පියාව ඝාතනය කරපු වගේම තම මවට දරුණු ඉරණමක් අත්කර දුන් අනටොසු කගහෙසාගේ නායකත්වයෙන් යුතු කඩු සටන් වල මනා නිපුණත්වය හෙබි කණ්ඩායමකින් ඇයට පලිගන්න ඕන කියලා.මුලදී මන්ජි ඇයගේ ඉල්ලීම පිලිගන්නේ නෑ ඒත් පස්සේ ඔහු ඇයට උදව් කරන්න පෙලඹෙනවා.ඔහුට පස්සේ දැනගන්න ලැබෙනවා මේ අනටොසු කගහෙසා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නොවන බව වගේම ඔහුගේ හැකියාව ඉතා තියුණු බව.මන්ජි හට මුහුණ පාන්න වුණු කුරිරු අතීතයත් කුඩා දැරිවියට උදව් කරන්න බොහෝ සේ බලපානවා.මාලුවා නහින්නේ කට හින්දා කියලා කියමනක් තියෙනවා වගේම මේ දැරිවිය නිසා මන්ජිට නොහිතන විදිහේ කරදරවලට මුහුණ පාන්න වෙනවා.අනටොසු කගහෙසා,රින්ගේ දෙමාපියන්ව ඝාතනය කරන්න ඇත්තම හේතුව මොකක්ද? රින් ගේ පලිය මන්ජිගේ උදව්වෙන් සම්පූර්ණ කරන්න පුලුවන් වෙයිද? අනටොසු ඇතුළු ඔහුගේ කණ්ඩායමේ ප්‍රධාන අරමුණ මොකක්ද,ඔවුන්ට එය ඉටු කරගන්න ලැබේවිද? මන්ජි ඇත්තටම අමරණීයද? රින් නිසා මන්ජි හට මුහුණ පාන්න වෙන කරදර කෙබඳුද? උත්තර දැනගන්න නම් බොහෝ සෙයින් ක්‍රියාදාම ජවනිකා අඩංගු මෙය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා.ඔබට සුභ දවසක්!

 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google