Latest Subtitles :
Recent Movies

Insight (2021) සිංහල උපසිරැසි සමඟ

 

අද අරගෙන ආවේ ක්‍රියාදාම ගණයට අයිති වෙන ලොකු කතා තේමාවක් නැති සරල චිත්‍රපටයක්.මෙහි අධ්‍යක්ෂණය වගේම රචනා කරලා තියෙන්නෙ Ken Zheng, Livi Zheng කියන නවකයන් විසින්.රංගනයෙන් Tony Todd, Keith David, Madeline Zima යන අය එකතු වෙනවා.

කතාව පැත්තට හැරුනොත් බාවො හා ජියාන් කියන්නෙ මොකක්හරි දෙයක් ඇල්ලුවහම නැත්නම් යම් දෙයක් ලගට ගියහම එතන තියෙන දේවල් ගැන දිවැසින් කියන්න පුලුවන් හැකියාව තියෙන අයියා මලෝ දෙන්නෙක්.මේ දෙන්නම යම් සංවිධානෙකට සම්බන්ද වෙලා අපරාධකාරයන් කොටු කරගන්න වගේ වැඩ වලට ඒ සංවිධානෙට උදව් කරනවා.කොහොමහරි ඔය සංවිධානයෙන් බාවෝ එනම් ජියාන්ගෙ අයියා දවසක් අතුරුදහන් වෙනවා.කාලෙකට පස්සේ ජියාන් ට ආරංචි වෙනවා බාවො ලොස් ඇන්ජලිස් වල අපාට්මන්ට් එකක සියදිවි නසාගෙන කියලා. තමන්ගේ අයියා එහෙම සියදිවි නසාගන්න කෙනෙක් නොවන බව දන්න ජියාන්, අයියට මොකද වුනෙ කියලා හොයාගෙන ලොස් ඇන්ජලිස් වලට යන කතාව ක්‍රියාදාම හා ත්‍රාසජනික ජවනිකා වලින් පිරුණු මෙය නරඹන්න ආරාධනා කරනවා.

*මේ ලබා දි ඇති උපසිරැසිය HD පිටපත් සමඟ පමණක් ගැලපේ .

 සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න


Son (2021) සිංහල උපසිරැසි සමඟ

 

හොල්මන්,අද්භූත,ත්‍රාසජනක ගණයට අයත් අයර්ලන්ත චිත්‍රපටයක් වන Son (2021) චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Ivan Kavanagh විසින්.ඔහු සම්මාන කිහිපයක්ම දිනූ අයර්ලන්ත ජාතික රචකයෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්.ඔහු නිර්මාණය කල චිත්‍රපට ගණනාවක්ම අයර්ලන්තයේ සම්මාන උළෙල්වල් වලදී හොදම චිත්‍රපටය හා හොදම නලුවා සම්මානයන් දිනාගන්න හැකියාව ලැබිල තියෙනවා.නලු නිලි පිරිස ගැන බැලුවොත් ප්‍රධාන චරිත ඔස්සේ Into the Wild (2007),The Autopsy of Jane Doe (2016),Lone Survivor (2013), Once Upon a Time in Hollywood (2019) වැනි චිත්‍රපට 30කට අධික ප්‍රමාණයකට මෙන්ම රූපවාහිනි කතාමාලවලද දක්නට ලැබූ චරිතයක් වන Emile Hirsch සමගින් Halloween (2018) චිත්‍රපටයේ සිටි Andi Matichak එක් වී සිටිනවා.

කතාව මෙහෙමයි. ලෝරා එයාගෙ පුතා වන ඩේවිඩ් එක්ක තනියම තමයි ජීවත් වෙන්නෙ.ලෝරා උදේට පුතාව ඉස්කෝලේ එක්කන් ගිහින් ඇරවලා ඇයත් ඇගේ ගුරු වෘත්තිය සදහා පිටව යන එක තමයි එයාලගෙ සුපුරුදු දින චරියාව වෙලා තියෙන්නෙ.සමහර දවස්වලට හවස් වරුවේ ලෝරා ට තියෙන පන්ති හින්දා පුතාව ගන්න ඉස්කෝලෙට එන්න පරක්කු වුනොත් ලෝරගේ අසල්වැසියෙක් වෙන සූසන් ව ලෝරා දැනුවත් කරලයි තියෙන්නෙ පුතාව ගන්නයි කියලා. ඔහොම දවසක ලෝරා හවස්වෙලා ගෙදර ගිහින් පුතාව සූසන් ලගෙ ගෙදරින් අරගෙන තමන්ගේ ගෙදරට යනවා.ඩේවිඩ් බය හිතෙන වීඩියෝ ගේම් එකක් සෙල්ලම් කරපු හින්දා එදා රෑ එයා නින්දට යන්නෙ හිතේ බයෙන්.ඩේවිඩ්ගේ කාමරේ ලයිට් නිවලා ලෝරා එයාගෙ කාමරේට ගියාට පස්සෙ ඩේවිඩ්ගේ කාමරෙන් පොඩි සද්දයක් එනවා.කලින් ඩේවිඩ් ටිකක් බය වෙලා හිටපු හින්දා ලෝරා එයාගේ කාමරේ ඉදන් ඩේවිඩ් ට එයාගෙ කාමරේට නිදාගන්න අඩගහනවා.කිසි සද්ද බද්දයක් නැති හින්දා ලෝරා ඩේවිඩ්ගේ කාමරේට ගිහින් දොර ඇරලා බැලුවහම ඩේව්ඩිගේ කාමරේ කවුදෝ කට්ටියක් ඉන්නවා දකිනවා.එ වෙලේම ඉබේ ඩේව්ඩ් ගේ කාමරේ දොරත් වැහෙනව. ලෝරා කොච්චර උත්සහ කරත් දොර ඇරගන්න වෙන්නෙ නෑ.පස්සෙ ලෝරා බය වෙලා සූසන්ලගේ ගෙදර දොරට තඩි බාලා පොලීසියෙන් උදව් ඉල්ලන්න කියලා සූසන්ට කියනවා.මොනවා වුනත් පුතා කට්ටියක් එක්ක තනියම කාමරේ ඉන්න නිසා එයා ආපහු තමන්ගෙ ගෙදරට ගිහින් පිහියක් අරගෙන දොර අරිද්දි දොර නිකන්ම ඇරෙනවා.හැබැයි අර කලින් ඩේවිඩ්ගේ කාමරේ හිටපු කට්ටිය පේන්න ඇත්තෙවත් නෑ.හැබැයි නිදගනිද්දි ඇදුමකින් සැරසිලා හිටිය ඩේවිඩ්ගේ ඇදුම් ඔක්කොම උනා දාලා තමයි තියෙන්නෙ.ඔය අතරවාරයේ පරීක්ෂක පෝල් ටේට් ඇතුලු පොලීසියේ අය ඇවිත් මේ ගැන විපරම් කරලා බැලුවත් මේ ආපු මිනිස්සු කට්ටිය ගැනවත්,බලෙන් ඇතුලු වීමක් ගැනවත් කිසිම දෙයක් හොයාගන්න වෙන්නෙ නෑ.බැලින්නම් දාඩිය දාන නිසා ඇදුම් ගලවගෙන තියෙන්නෙත් ඩේව්ඩි ම තමයි.ඔහොම හැමදේම සන්සුන් වෙනවා.හැමදේම හොද අතට හැරුන කියලා හිතුවට පස්සෙ දවසක ඩේවිඩ් ගෙදරදී ලේ වමනේ කරගෙන ඇදගෙන වැටෙනවා.ලෝරා ඩේවිඩ් ව රෝහලට අරගෙන ගියත් දොස්තර ලට තියෙන පරීක්ෂණ ඔක්කොම කලත් ඩේවිඩ් ගේ ලෙඩේ මොකක්ද කියලා හොයාගන්න බැරිවෙනවා.හිටි ගමන් ඩේවිඩ්ට හැදුණ ලෙඩේ මොකක්ද? ඩේවිඩ් ගේ කාමරේ හිටපු අද්භූත මිනිස්සු කට්ටිය කවුද? ඇත්තටම එහෙම මිනිස්සු කට්ටියක් හිටියද? ඩේවිඩ් ගේ ලෙඩේට හේතුව ඔවුන් ද? ලෝරා තමන්ගේ දරුවා බේරගන්න මොනවා කරාවිද? ඇත්තටම මේ ලෝරා කියන්නෙ කවුද? කියල දැනගන්න ඕන නම් ත්‍රාසය,කුතුහලය පිරුණු මෙම චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා.ඒ වගේම ලේ වැගිරිම් තියන සංවේදි දර්ශන කිහිපයක් තියෙනවා කියලත් මතක් කරන්න ඕන.එහෙනම් අදට නවතින්නම්.ඔබට සුභ දවසක්!

*මේ ලබා දි ඇති උපසිරැසිය HD පිටපත් සමඟ පමණක් ගැලපේ .

 සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න

 


 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google