Latest Subtitles :
Recent Movies

Love Mocktail (2020) සිංහල උපසිරැසි සමඟ

 
 IMDB - 9.3/10
Google Users - 99%

#Blockbuster_Hit
#Hilarious_firstHalf
#Emotional_secondHalf
#Recommended_Movie

මේ අවුරුද්දෙ එනකම් ඉවසිල්ලෙන් බලන් ඉන්න ඉංග්‍රීසි නොවන ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් ගොඩ දෙනෙක්ගේ උත්තරේ තමයි KGF Chapter 2.හැබැයි ඒක කන්නඩා ෆිල්ම් එකක්.අද මම අරගෙන ආවෙත් 2020 වසරේ සාර්ථක අන්දමින් තිරගත වෙන Blockbuster Hit වෙච්ච කන්නඩා භාෂාවේ සුපිරිම සුපිරි Romance ෆිල්ම් එකක්. Pyaar Prema Kaadhal (2018) චිත්‍රපටෙයෙන් පස්සෙ තමයි මෙහෙම ආදර කතාවකට උපසිරැසි කලේ.මම වැඩිපුර Romance ටයිප් එකේ ෆිල්ම් නොබැලුවත් මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක බලනකොටම ආස හිතුනා,ඒ තරමටම හිතට වැදුනා.ගොඩක් ආසාවෙන් කරපු උපසිරැසි වලින් එකක් තමයි මේකත්.ඒකයි චිත්‍රපටයේ ඩිජිටල් කොපිය නිකුත් වෙලා දින කිහිපයක් යන්නත් කලින්ම මේක මෙහෙම ගෙනාවේ.ලයින් නම් 2700+ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි තිබුනේ.කන්නඩා වලින් දැන් හොද හොද නිර්මාණ බිහිවෙනව.මේ චිත්‍රපටය ත් මේ අවුරුද්දේ බලපු හොදම ආදර කතා වලින් එකක් කියලා බය නැතිව කියන්න පුලුවන්.ඒ වගේම මේකෙ Music වුනත් ලස්සනයි.ලස්සන ගීත කිහිපයක්ම තියෙනවා. මේක හොදට හිනාවෙන්න වගේම ඇසට කදුලක් එන ෆිල්ම් එකක්. වෙනින් ෆිල්ම් වල වගේ ගොන් පාට් නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා.එහෙම ඒවා නම් මේකෙ නෑ.මේ චිත්‍රපටයේ එන ඔක්කොම දේවල් ප්‍රයෝගික ලෝකේ වෙන දේවල් විතරයි.

මෙහි ප්‍රධාන චරිතය කරන Krishna Nagappa විසින් තමයි කතාව රචනය හා අධ්‍යක්ෂණය කරලා තියන්නේ නිෂ්පාදනය සදහා ඔහුත් එක්ක Milana Nagaraj එකතු වෙලා තියෙනවා. Krishna Nagappa කුළුදුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි Love Mocktail කියන්නෙ.රංගනයෙන් දායක වෙල තියෙන්නෙ Milana Nagaraj,Krishna Nagappa,Amrutha Iyengar යන අයයි. වැඩිය හුරුපුරුදු මූණවල් නම් නෙවෙයි. (හූරුපුරුදු වෙන්න මොකද මම ඉතින් කන්නඩා ෆිල්ම් කලින් බලපු එකක් යැ) වැඩිය විස්තර කරන්න ඕන නෑ.නලු නිලියන් දැක්කහම දැනටමත් බලන්න එපා වෙලා නම් තියෙන්නෙ, ෆිල්ම් එක බලපු අය කියපු දේවල් ටිකක් දාලා ඉන්නම්.

නලු නිලියන් දැක්කහම අපෝ මේ මොන ජරා ෆිල්ම් එකක්ද කියලා හිතුනා නම් :
"what do i tell about this movie. first of all i was hesitant to watch the movie because i had no idea about the actor and the actress. Me and my girlfriend wanted to go out and suddenly decided to go for this movie, we actually saw one of our friends posting stories of this movie. And there it was a Wonderful narration, chemistry of Adi and nidhi will take you away, humor was on point."

තවත් කිහිපයක් :
"The movie that everyone should watch, practical movie, not only for lovers, even family can watch the movie, songs hits ulti direction in a very gud way cinematography super. As above all I loved the movie in love with Nidhi and adi's character..."

"100% 5*s “Love Mocktail Rocks”
Most amazing movie of 2020. One among the few Kannada Movies of today that needs a BIG BIG applaud… I loved every bit of the movie, especially the first half is hilarious."


"Wow....really killing movie for the loved ones...😍
if still love exists in this world means may be by this kind of relation....really heartwarming....♥️ "


මේ ඇතිනේ,ඕන නම් තව දාන්න පුලුවන්. චිත්‍රපටයක් ගත්තහම Positive Reviews වලට වඩා Negative Reviews තමයි චිත්‍රපටය බලපු කට්ටියගෙන් අහන්න වෙන්නෙ,ඒත් මේ චිත්‍රපටය ගැන නම් එහෙම ප්‍රතිශතයක් විදිහට ගත්තොත් Negative Reviews හොයාගන්නත් නැති තරම්. මම කියනවට බලන්න එපා ඕන තරම් බලපු උදවිය කියපුවා බලලා ඉන්නකෝ.ට්‍රේලර් එකත් බලන්න. බලන්න ආස හිතෙන විදිහට ලොකු ලිපි ලියන්න තේරෙන්නෙ නම් නෑ,උඩ ටික කිව්වෙත් මේ චිත්‍රපටය බලන එක මිස් කර ගනියි කියල හිතලයි.එහෙනම් හොද Emotional Love Story එකක් බලන්න කැමති උදවිය බලන්නකෝ. කන්නඩ කියලා අතෑරලා දාන අයට ඉතින් කරන්න දෙයක් නෑ.මං ගියා එහෙනම්!


*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB-DL පිටපත් සදහා ගැලපේ.

 




Foxtrot Six (2019) සිංහල උපසිරැසි සමඟ

අද අරගෙන ආවේ කම්මැලි නැතුව බලන්න පුලුවන් හොඳ Sci-fi,Action ගණයට වැටෙන ඉන්දුනීසියානු චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Randy Korompis විසින්. නිෂ්පාදනය Terminator 2: Judgment Day ගෙනා Mario Kassar විසිනුයි. එමෙන්ම සටන් ජවනිකා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Raid චිත්‍රපට ද්විත්වයේ සටන් අධ්‍යක්ෂණය කළ වගේම රංඟනයෙන් දායක වූ සුප්‍රකට ඉන්දුනීසියනු සටන් ශිල්පී Iko Uwais ප්‍රමුඛ කණ්ඩායමයි. ක්‍රියාදාම ජවනිකා ගැන ඒකෙන් හිතාගන්නකෝ.රංගනයෙ� ��් Oka Antara, Julie Estelle, Verdi Solaiman, Arifin Putra යන අය දායක වෙනවා. ලැබෙන ආරංචි වලට අනුව CGI තාක්ෂණය භාවිතා කරමින් නිර්මාණය කල පලමු ඉන්දුනීසියානු ක්‍රියාදාම චිත්‍රපටයත් මේක වෙනවා. මේ චිත්‍රපටය ඉන්දුනීසියානු චිත්‍රපටයක් වුවත් The Night Comes for Us (2018) ඉන්දුනීසියානු චිත්‍රපටය වගේම දෙබස් ඉංග්‍රීසි භාෂාවෙන් තමයි තියෙන්නෙ. මෙය Action චිත්‍රපටයක් නිසාම චිත්‍රපටය තුල වැඩිපුරම ක්‍රියාදාම ජවනික වලට ප්‍රමුකතාවය දීලා කියලා තමයි පෙනෙන්න තියෙන්නේ.

කතාව :
නුදුරු අනාගතයේදී ගෝලිය දේශගුණික වෙනස් වීම් හේතුවෙන් ලෝක ආර්ථිකය අවුල් සහගත තත්වයට පත්වෙනවා. මෙයා ලෝකයේ සෑම රටකටම බලපානු ලබන අතර ඇමරිකානු යුරෝපීය රටවල් ඇතුලුව මෙය ඉන්දුනීසියාවටත් දරුණුව බලපානවා.මෙම ආර්ථික අර්බුදය නිසා ආහාර ලබාගැනීමේ දුෂ්කර තාවයත් මිල ගණන් අහස් උසට යෑමත් හින්දා මිල අධිකම වෙලද ද්‍රව්‍ය බවට ආහාර නිතැතින්ම පත්වෙනවා.මෙහි අතුරු ප්‍රතිඵල විදිහට කැරලි කෝලහාල,සාගිනි,දරිද ්‍රතාවය එරට රජ කරනවා.. මේ ආර්ථික තත්වය නිසාම එරට වැසියන් පීඩාවට පත්වෙනවා.මේ අතරතුර යම් කණ්ඩායමක් එරට ජනපති ඇතුලු රජයට එරෙහිව කැරලි ගැහෙනවා. සුලුපටු දෙයක් නෙවෙයි ඕං වත්මන් රජයට එරෙහිව කැරැල්ලක් හැදෙනවා කියන්නේ. ආයේ පණ බේරන් ඉන්න කියලැයි. අහුවුනොත් මරණය තමයි. අංගා කියන්නෙ එරට දේශපාලන පක්ෂකයේ හොද නිලයක් දරන සාමාජිකයෙක්.මේ කැරැල්ලට අංගා මැදිවෙන්නෙ කොහොමද? මෙලෙසෙ කැරැල්ලක් ඇතිවෙන්න හේතුව මොකක්ද? මේවට උත්තර දැනගන්න නම් පැය 2කට ආසන්න කාලයක් පුරාවට ක්‍රියාදාම ජවනිකා නොඅඩුව ඇති මෙය නරඹන්න.

*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම Web පිටපත් සදහා ගැලපේ.

















 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google