Latest Subtitles :
Recent Movies

Gunpowder Milkshake (2021) සිංහල උපසිරැසි සමඟ

 අදත් ඔන්න Action Thriller චිත්‍රපටයක් අරගෙන ආවා. මේක හැබැයි පටන් ගත්ත වෙලේ ඉඳන් ගහ මරාගැනිලි තියෙන John Wick,Nobody ටයිප් එකේ Full Entertaining ෆිල්ම් එකක්. Netflix ඔස්සේ ඊයේ (2021 ජූලි 14) දින තමයි මේක නිකුත් වුණේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ  Navot Papushado විසින්. රංගනයෙන් නම් ඔයාලට හුරුපුරුදු කිහිප දෙනෙක්ම එකතු වෙලා තියෙනවා. පිලිවෙලින් ගත්තොත් Avengers: Endgame,Jumanji චිත්‍රපටවල හිටපු Karen Gillan ද,Terminator: The Sarah Connor Chronicles හා Game of Thrones රූපවාහිනි කතා මාලාවල හිටපු Lena Headey ද, Spy Kids චිත්‍රපට ත්‍රිත්වයේ මෙන්ම  Night At The Museum චිත්‍රපටයේ හිටපු Carla Gugino ද, 1990 ගණන්වල ක්‍රියාදාම චිත්‍රපට සඳහා කීර්තියක් අත් කරගනිමින් Crouching Tiger, Hidden Dragon චිත්‍රපටයේ සිටි Michelle Yeoh ද, ඔස්කාර් හි හොඳම නිලිය සම්මානයට නිර්දේශ වුණු සම්මාන ළාභි නිලියක් වන් Angela Bassett ද, Vikings රූපවාහිනි කතාමාලාවේ සිටි Ivan Kaye සමඟින් My Spy චිත්‍රපටයේ සිටි ළමා නිළි Chloe Coleman ව බලාගන්න පුළුවන්.

කතාව පැත්තට හැරුණොත් මිනිමරන එක රස්සාව කරගත්තු ස්කාලට් ඇගේ කුඩා දියණිය වන සෑම්ව අතෑරලා යන්න යනවා. අවුරුදු කිහිපයකට පස්සේ සෑමුත් අම්මගෙ අඩි පාරේම යන්න තීරණය කරනවා. සෑම් මේ රස්සාව කරන සමාගමෙන් දෙන එක්තරා මෙහෙයුමකදී වැඩ වරද්දගෙන ලොකු අමාරුවක වැටෙනවා. කොහොමහරි ඒකට පොඩි ගැහැණු ළමෙකුත් මැදිවෙනවා. මේ සිදුවීම හින්දා සෑම් පසුපස දරුණු අපරාධ සංවිධානයක් ද හඹා එනවා.  සෑම් මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා පටන් ගත්තු වෙලේ ඉඳන් අවසානය තෙක් වේගවත් ක්‍රියාදාම ජවනිකා වලින් සමන්විත Gunpowder Milkshake අරගෙනම බලන්න. එහෙනම් මං ගියා,ඔබට සුභ දවසක්!

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


Meander (2021) සිංහල උපසිරැසි සමඟ

 අද ඔන්න Survival Type එකේ ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක Horror,Sci-Fi ගණයට වැටෙන ප්‍රංශ චිත්‍රපටයක්. Mathieu Turi විසින් තමයි අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. රංගනයෙන් අතිශය ජනප්‍රිය රූපවාහිනි කතාමාලාවක් වන වයිකින්ස් හි රංගනයෙන් එක් වූ Gaia Weiss හා Peter Franzén යන අය එකතු වෙනවා. මෙහි ධාවන කාලය ආසන්නව විනාඩි 90ක්.

මෙම චිත්‍රපටය සම්මාන උළෙලවල් ගණනාවක දී හොඳම චිත්‍රපටය, හොඳම නිළිය, හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානද ඇතුලත්ව සම්මාන 11 ක් දිනාගනිමින් නිර්දේශ වීම් 50 ක් ලබාගෙන තිබීම විශේෂත්වයක්.

කතාව පැත්තට හැරුණොත් ලීසා නමැත්තියක් මහ පාරේ වැතිරිලා ඉන්නවා නිකං යන එන මං නැතුව අතරමං වෙලා වගේ. ඔතනින් එන වාහනෙකින් ලීසව මගින් බස්සන්න යන්නම් කියලා උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ලීසාත් ඒ උදව්ව පිලි අරන් මඟක් දුර යද්දී යම් සිදුවීමක් හින්දා ලීසට සිහිය නැතිවෙනවා. ලීසා සිහිය එනකොට ඇය ඉන්නෙ කෙලවරක් නොපෙනන ටියුබ් එකක් වගේ තැනක. හැබැයි මේ ටියුබ් එක එසේ මෙසේ එකක් නෙවෙයි අඟලින් අඟල මාරක උගුල් වලින් පිරිලා තියෙන එකක්. ලීසා මෙතනට ආවේ කොහොමද ? ලීසට මේ  මාරක උගුල් වලින් බේරිලා මෙතනින් පැනගන්න පුලුවන් වෙයිද කියලා අරගෙනම බලන්න. එහෙනම් මම ගියා, ඔබට සුභ දවසක්!

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


Black Widow (2021) සිංහල උපසිරැසි සමඟ

 

2019දි ආව Avengers: Endgame එකෙන් කාලේකට පස්සේ එකේ චරිතයක් එක්ක එන Marvel චිත්‍රපටය තමයි Black Widow කියන්නෙ. ඒවගේම MCU Phase 4 එකේ පළමු චිත්‍රපටය. 2020දි නිකුත් වෙන්න තිබ්බත් කොරෝනා හමුවේ පස්සට ගිය චිත්‍රපටවලින් එකක් තමයි මේකත්. ඉතින් අද ඒ කියන්නෙ ජූලි 9 වෙනිදා මේක ලොව පුරා චිත්‍රපට ශාලාවලට වගේම Disney + streaming searvice එකට නිකුත් වෙනවා. මෙහෙම කෙලින්ම ස්ට්‍රීමින් දෙන පලවෙනි මාවල් ෆිල්ම් එකත් මේක.

චිත්‍රපටය ගැන බැලුවොත් හැමෝම දන්නවනෙ බ්ලැක් විඩෝ එහෙමත් නැත්තම් නටාෂා රමනෝෆ් කියන චරිතය.  Scarlett Johansson විසින් තමයි රංගනයෙන් දායක වුනේ. මීට පෙර MCU හි චිත්‍රපට 8කට මට මතක විදියට මේ චරිතය ඉඳලා තියනවා. ඒවගේම endgame එකේදි එයා මැරෙනවා. ඉතිං නටාෂා කියන චරිතය බලාගන්න පුලුවන් අවසන් චිත්‍රපටය මේක මම හිතන්නෙ. කතාව ගලායන්නෙ Captain America Civil War (2016) න් පස්සෙ Avengers: Infinity War එකට කලින් කතාවක්. මෙහි අධ්‍යක්ෂනය Cate Shortland අතිනුයි සිදු වෙන්නෙ. ප්‍රධාන චරිතවලින් Scarlett Johansson (Natasha Romanoff), Florence Pugh (Yelena Belova), David Harbour (Alexei), Rachel Weisz (Melina) යන නළු නිලියන් දායක වෙනවා. මේ වෙද්දි IMDb හි 7.4 ක අගයක් ගන්න මේක සමත්වෙලා තියනවා.

කතාව බැලුවොත් චිත්‍රපටය පටන් ගන්නෙ 1995න්. නටාෂලගෙ පොඩි කාලෙන්. ඉතිං එයා ඉන්නෙ අම්මයි තාත්තයි නංගියි ඉන්නව. දවසක් එයාලා ඉන්න ඔහායොවලින් යන්න වෙනවා. ඊට පස්සෙ දිග කතාවකින් පස්සෙයි මූලික කතාවට වැටෙන්නෙ. Civil War එකේදි Natasha , T-Challa (Black Panther)ට පහර දෙනවනෙ, ඉතින් Captain America වගේම එයාවත් හොයන කෙනෙක් වෙනවා. දැන් කෙනෙක්ට හිතෙන ප්‍රධානම දේ තමයි “කවුද මේ චිත්‍රපටියේ ප්‍රධාන හතුරා?” ඒක කියලා කුතුහලය නැති කරන්න ඕනා නැති නිසා ඒක ඔයාලටම බලන්න ඉතුරු කරලා අදට අපි සමුගන්නම්. ඔබ සැමට සුභ දවසක්!

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


Till Death (2021) සිංහල උපසිරැසි සමඟ

 

අද ඔන්න ඊයේ දින (2021 ජූලි 2 වැනිදා) Screen Media Films මගින් නිකුත් වුණ ත්‍රාසජනක කතාවක් අරගෙන තමයි මේ පැත්තට ආවේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ  S.K. Dale විසින්. රංගනයෙන් කවුරුත් හඳුනන සරාගි නිළි Megan Fox සමඟින්  Callan Mulvey, Eoin Macken, Aml Ameen හා Jack Roth යන අය එකතු වෙනවා. විනාඩි 90ක පමණ ධාවන කාලයකින් යුත් මෙය කුණු තක්කාලි මීටරේ 88% ක මනාප ප්‍රතිශතයක් එක්ක ගූගල් මනාප 85% ක් ලබාගෙන තියෙනවා.

කතාව පැත්තට හැරුනොත් එමාව (Megan Fox) ඇගෙ මහත්තයා විසින් ඒ දෙන්නගෙ විවාහ සංවත්සරේ සමරන්න කියලා ඈත එපිට තියෙන එයාලගෙ වින්ටර් හවුස් එකට එක්ක යනවා. දෙන්නම පදමට මත් වෙලා ආදරණීය ලෙස නින්දට වැටෙනවා. උදේ දැඩි සීතලත් එක්කම එමාගෙ මහත්තයා එමාව නැගිට්ටවනවා. එමා නැගිටිනකොට එමාට තේරෙනවා එමාගෙ අතකටයි මහත්තයගෙ අතකටයි මාංචුවක් දාලා තියෙනව කියලා. ඒ මොහොතෙම එමාගේ මහත්තයා පිස්තෝලයක් අරන් ඔලුවටම වෙඩි තියාගෙන එතනම සියදිවි නසාගන්නවා. සිද්ද වුනේ මොකක්ද කියලා එමාටත් හිතාගන්න බැරිවෙනවා. එමා දැන් එයාගෙ මැරිච්ච මහත්තයගෙ අතකට හා ඇගේ අතට දැමූ මාංචුවට හිරවෙලා තමයි ඉන්නේ. ඒ කියන්නෙ එමාට කොහෙටවත් යාගන්න විදිහක් නෑ,යන දිහාවක මහත්තයගේ මළ මිනියත් ඇදගෙන යන තැනට වැඩ යෙදිලා තියෙනවා.තමන්ගේ මහත්තයගේ සියදිවි නසාගැනීමේ සිද්දයත්  බේරුමක් කරගෙන එමාට මේ මාංචුවත් ගලවගෙන වින්ටර් හවුස් එකෙන් බේරිලා එලියට යාගන්න පුලුවන් වෙයිද කියලා ත්‍රාසජනක කතා බලන්න කැමති කට්ටිය අරගෙනම බලන්න. එහෙනම් මං ගියා. ඔබට සුභ දවසක්!

 *ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ


 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google