Latest Subtitles :
Recent Movies

The Possession (2012) සිංහල උපසි‍රැසි සමග

සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ත්‍රාසය භීතිය කැටිකරගත් චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ.චිත්‍රපටයේ ආරම්භයේ නම් කැටයම් වලින් අලංකාරවත් වූ ලී පෙට්ටියකින් අමුතු සද්දයක් එනවා.මේ ලී පෙට්ටිය තියෙන්නේ වයසක කාන්තවක් ඉන්න ගෙයක.මේ ගෑනු කෙනාට මේ සද්දය ඇහිලා ලී පෙට්ටිය කඩන්න හදනවා.එක්වරම නොපෙනෙන බලවේගයකින් ඇය විසිවී ගොස් බිම වැටී මිය යනවා.

ඊලගට ක්ලයිඩ් හා ස්ටෙෆනි කියන්නේ දික්කසාද වූ ජෝඩුවක්.ඔවුන්ට එමලි හා හැනා කියලා ළමයි දෙදෙනෙක් ඉන්නවා.මේ ළමයි දෙන්නා හා ක්ලයිඩ් අළුතින් ගත් නිවසට සති අන්තය ගත කිරීම සදහා යනවා.පසු දිනක ළමයි දෙන්නා හා ක්ලයිඩ් ඇවිදින්න යනවා,එහිදී අර කලින් සදහන් කළ කාන්තාවක්ගේ පුතා ඒ ගෙදර බඩු වගයක් විකුණන්න දාලයි තියෙන්නේ.මෙහෙම යනකොට ක්ලයිඩ් හා දියණියන් දෙදෙනා මේ යාර්ඩ් සේල් එකට යනවා.එතනින් එමලි මේ කැටයම්වලින් අලංකාරවත් වූ අර පෙට්ටියට හිත යනවා.එම්ගේ ඇවටිල්ල මත ක්ලයිඩ් එය මිලට ගෙන ගෙදර අරගෙන යනවා.ගෙදර ඇවිත් පෙට්ටිය ඇරලා බලන්න හැදුවට ඒක අරිනැ එක ලේසි වැඩක් නෙවෙයි.පෙට්ටිය හොලවලා බලනකොට ඇතුලේ යමක් තියෙන බව දැනෙනවා.මේ පෙට්ටිය මිලදී ගත් දවසේ ඉදලා එමලි වෙනස් කෙනෙක් බවට පත්වෙනවා.පසුව ඔවුන්ට දැනගන්න ලැබෙනවා එමලිගේ ශරීරය තුලට නරක භූතාත්මයක් අරක් ගෙන ඇති බව.ක්ලයිඩ් හා බිරිදට ඔවුන්ගේ දුවව ඉන් ගලවාගත හැකිවේවිද? මේ පෙට්ටියේ තිබුනේ මොකක්ද? කියලා දැනගන්න හැමෝම අරගෙන බලන්න.


Arthur Christmas (2011) සිංහල උපසි‍රැසි සමග

නත්තල් රාත්‍රියේ නත්තල් සීයා ඇවිත් කොට්ට යටින් තෑගි තබා යන බව පොඩි හිටියන්ගේ විශ්වාසයයි.ඒත් මෙසේ නත්තල් සීයා ඇවිත් කොට්ටය යටින් තෑගි කොහොම තිබ්බද කියලා කවුරුවත් දන්නේ නෑ.නත්තල් සීයා මුළු ලෝකෙටම තෑගි බෙදන අතරතුර සිදුවන අතපසු වීමකින් එක ළමයෙකුට තෑග්ගක් දෙන්න බැරිවෙනව,ආතර් කියන්නේ නත්තල් සීයාගේ බාල පුතා.නත්තල් සීයා ආතර් එක්ක මේ ළමයගේ තෑග්ග දෙන්න යන අරුම පුදුම ගමන ඔබත් අරගෙන බලන්න.ඔබ සැමට සුභ නත්තලක් වේවා!


The Nativity Story (2006) සිංහල උපසි‍රැසි සමග


එදා අද වැනි දිනක,
ජෙරුසෙලම් හි බෙත්ලෙහෙම් නුවර,
ගව සැලක ඉපිද,
සාමයේ තතු මේ යැයි,
ලොවට පෙන්වා වදාළ,
නාසරෙත් හි ජේසුස් නම්,
දිව්‍ය පුත්‍රයාණෝ,

මිනිසා විසින් ම,
ලොවට බිහි කළ පාපයට,
මිනිසා විසින්ම,
වන්දි ගෙවිය යුතුය යන,
දේව අභිමතිය ඉ‍ටුකරන්නට
මිනිස් වෙස් ගෙන,
සුරලොවෙන් නරලොවට බැස ආ
අසිරිමත් දිනයයි නත්තල.


 තම මරණයට වගකිව යුතු සතුරන්ට පවා ආදරය පෙන්වූ හා කමාව දැක්වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් විය.ලෝකය පුරා දශ ලක්ෂ ගණකට හා සහෝදරත්වයේ පණිවිඩය දුන් ජේසුස් වහන්සේ ආදරයේ හා කැපවීමේ මූර්තියකි.

ජේසුස් වහන්සේ නිහතමානි චාම් ජීවිතයක් ගත කලේය.ඔහු වයසින් මුහුකුරායත්ම දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන දේශනා කිරීමට පටන් ගත්තේය.ඔහුට ඉක්මනින් විශාල අනුගාමිකයන් පිරිසක් ඇතිවිය.

මළවුන්ට පණදීම හා රෝගීන් සුවපත් කිරීම වැනි ප්‍රාතිහාර්ය ඔහු දැක්විය.ඔහුගේ ප්‍රකාශයන් හා උපමා කතා වශයෙන් ඇති ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් බයිබලයේ නව ගිවිසුමේ ‍රැස්කර ඇත.

ඓතිහාසික අනුපිළිවෙල අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කළ දේ ඔහුගේ ජීවිතයේ සිදුවීම්ද නව ගිවිසුමේ අඩංගු වේ.

ක්‍රිස්තු පුර්ව 4දී ජෙරුසලමෙට නුදුරු බෙත්ලෙහෙමේ ක්‍රිස්තුස් වහන්සේ උපන්නේය.ඔහුගේ පියා වූ ජෝශප් හා මව වූ මරියා ඉතා දිළිදු වූහ.ළමයෙකු වශයෙන් ක්‍රිස්තුස් වහන්සේ ආගමික සාකච්ඡා පිලිබද මහත් උනන්දුවක් දැක්වීය.ජේසුස් වහන්සේ හී ධර්මයද ඉගෙන ගත්තේය.ඔහුගේ වයස අවුරුදු 30 වන විට ඔහු ඔහුගේ පාරම්පරික වෘත්තිය වූ වඩු කර්මාන්තය අතහැර ඔහුගේ අදහස් දේශනා කිරීම සදහා පිටත් විය.ඔහු දේශනා කල නව ආගම මනුෂ්‍යත්වය සහ විශ්ව සහෝදරත්වය මුල් කොට ගත්තක් වූ අතර,සම්ප්‍රදායික හිබෲ ධර්මයට අනුකූල නොවීය.එවකට සිටි රෝමානු ආණ්ඩුකාරවරයා වූ පිලාත් ගේ අනුමැතිය ඇතිව ක්‍රිස්තුස් වහන්සේ ජෙරුසලෙම් කල්වාරි කන්දේදී කුරුසිය මත තබා ඇණ ගසන ලදි.ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියට තබා ඇණ ගැසීම කිතුණුවන් විසින් මහ සිකුරාදා දින සමරනු ලබති.ජේසුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසූ විට එතුමා විසින් මේ වචන ප්‍රකාශ කරන ලදි.
අහෝ! පියාණනි,ඔවුන් නොදැන කරන වරදට ඔවුන්ට සමාව දුන මැනව.

ක්‍රිස්තුස් වහන්සේ ගේ හදවත එතුමාගේ පරම සතුරන්ට පවා ආදරයෙන් පිරි තිබුන බව මෙයින් පැහැදිලි වේ.කුරුසියේ ඇණ ගැසීමෙන් දින තුනකට පසු ක්‍රිස්තුස් වහන්සේ මරණයනෙ උත්ථාන විය.

ජේසු සමිදුන් හදුන්වා දෙනු ලබන්නේ සාමයේ කුමරා ලෙසිනි. "එතුමාණෝ බොහෝ ජාතීන් විනිශ්චය කර බොහෝ දුර සිටින බලවත් ජාතීන් අතර නඩුහබ විසදන සේක.ඔවුහු තමන්ගේ කඩු වලින් නගුල් තලද හෙල්ල වලින් දෑකැති ද තලා ගත්තෝය.ජාතියක් ජාතියකට විරුද්ධව කඩු ගන්නේ නැත.කිසි කලක ඔවුන් යුද්ධයට පමුණු වන්නේ නැත.ඔවුන්ට කිසිවකුගේ බියක් නැත.එකිනෙකා තම තමාගේ මිදි වැල යට ද  අත්තික්කා ගහ යටද යෙහෙන් වාසය කරනු ඇත".ක්‍රිපූ 6-7 අතර සියවස්වල විසූ මීකා නමැති දිවැසිවරයා කිතු සමිදුන්ගේ ලොව පහලවීමත් සමග සැබෑවක් බවට පත්විය.

උන්වහන්සේ ලොව පහල වූ පළමු නත්තල් දින සුරදූතයන් ගායනා කළේද සාම ගීතිකාවයි. "අති උස් තැන්හි දෙවිදුනට  මහිමය ද දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේවා".
ලූක් 2-14

අන්තිම රාත්‍රි භෝජනය දින සිය ශ්‍රාවකයන් වදාළේද "ඔබට සාමය වේවා මගේ සාමය ඔබට දෙමි" යනුවෙනි.එසේම මරණයෙන් උත්ථානය ලබා සිය ශ්‍රාවකයන්ට දර්ශනය වූ පළමු අවස්ථාවේම එතුමා පැතුවේද සාමයයි.උන්වහන්සේගේ දේශනා අතර සාමය මූලික වේ."සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය.ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ යැයි කියනු ලබන්නෝය".(මතෙව් 5-9) "ඔබට ශාන්තිය වේවා". (ජොහාන් 20-29) ශාන්තිය ඔබ වෙත ප්‍රදානය කර යමි.මගේ ශාන්තිය ඔබට දෙමි.මා එය ඔබට දෙන්නේ ලෝකයා දෙන්නාක් මෙන් නොවේ.
(ජොහාන් 14-24)

එහෙත් එසේ වදාළ සමිදුන්ම මෙසේ ද වදාරා තිබේ. "පොළොවෙහි සාමය දෙනු පිණිස මම ආවෙමි යි ඔබ සිතන්නහු ද?,එසේ නොවේ .මම ආවේ භේද ඇති කරනු පිණිස යැයි මම ඔබට කියමි". (ලූක් 12-51) මේ පරස්පරය කුමක්ද?

තමන්ගේ සාමය ලෝකයාගේ සාමය මෙන් නොවේ යැයි එතුමෝ පවසති.එසේනම් එතුමාගේ සාමය මතුපිට සාමයක් නොවේ.තමා රජෙක් දැයි විමසූ පිලාත් ආණ්ඩුකාරයාට එතුමා පවසන්නේ තම රාජ්‍ය මිහිමත රාජ්‍යයක් නොවන බවයි.බලවතුන්ගේ සාමය,ධනය,බලය,කීර්තිය,යසස මත ‍රැදී ඇත.එතුමාගේ සාමය මානව ප්‍රේමය,සාධාරණත්වය,සමානාත්මතාව ,සහෝදරත්වය හා සමානකම් මත ‍රැදුනකි.එතුමන්ගේ සාමය බලවතුන්ගේ සාමය අතර ඇති භේදය එයයි.භේද ඇති කරන පිණිස ආවෙමි යැයි උන්වහන්සේ පවසන්නේ එබැවිනි.

බලවතුන්ගේ සාමය පාලිතයන් මත බර පටවා තම පාලනය ස්ථාවරව තබා ගැනීමයි.එහෙත් එතුමන්ගේ සාමය කිසි වෙකුට වහල් නොවී ජනතාවට සහෝදරත්වය,සමානාත්මතාව හා සාධාරණය වෙනුවෙන් සේවය කිරීමයි.ව්‍යාජ සාමයේ බොරුව හෙලි කරන සමිදාණෝ සත්‍යයට සාක්ෂි දැරූහ.තමා අත් අඩංගුවට ගන්නට පැමිණි අවස්ථාවේ හේවායකුගේ කණ කපා දැමූ පේදුරුට එතුමා පැවසුවේද  "ඔබේ කඩුව කොපුවේ දමාගන්න.අවි ගත්තෝ අවියෙන්ම නසින්නෝය" යනුවෙනි.

සාමය පිලිබදව බෙහෙවින් සංවාදයට බදුන්වන මෙම යුගයේ කිතු සමිදුන්ගේ සාම පණිවුඩයේ සර්වකාලින වටිනාකම හදුනාගෙන ඒ අනුව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවයකි.

ක්‍රිස්තු ධර්මය ආරම්භ කළ දෙවියන් වහන්සේගේ පුත්‍රයා  හෙවත් ලොවට සාමය උදා කළ සාමයේ කුමාරයාණන්ගේ උත්පත්තියේ  මහා මංගල සුපුවතයි මේ...............The Nativity Story චිත්‍රපටය ආගම් භේදයකින් තොරව පවුලේ සැමට එකට රසවිදිය හැක.

ඔබ සැමට සාමය, සතුට හා සෞභාග්‍ය පිරි සුභම සුභ නත්තලක් වේවා!





Frozen (2010) සිංහල උපසි‍රැසි සමග

ඩෑන් වොල්කර් හා ජෝ ලින්ච් කියන්නේ ළමා කාලයේ ඉදන් හොදම යාළුවෝ දෙන්නෙක්.දවසක මේ දෙන්නයි ඩෑන්ගේ පෙම්වතිය වන පාකරුයි මවුන්ට් හෝලිස්ටන් වල තියෙන හිම පදින තැනකට යනවා.ඒත් ඇයට හිම පදින්න බැරි බව පවසන අතර කොහොමහරි එයාලා ගෙදර යන්න කලින් අන්තිම හිම පැදිල්ලකට යනවා.කොහොමින් හෝ හැන්දෑවේ කුණා‍ටුවක් එන නිසා හිම නවාතැන් පොල වේලාසනින්ම වසා දමන්න තීරණය කරනවා.දැන් ඉතින් මොකෝ කරන්නේ මෙයාලා කේබල් හරහා උඩ පු‍ටුවල තමයි ගමන් කරන්නේ.කොහොමින් හෝ මෙය පාලනය කරන කෙනාට බොස්ගේ ඔෆීස් එකට කතා කරලා තියෙනවා කියලා වෙන කෙනෙක් පනිවිඩයක් ‍රැගෙන එනවා.ඉතින් මෙයාට ගිහින් එනකම් අනිත් කෙනාට මෙය බලාගන්න කියනවා,ඒ විතරක්ම නෙවෙයි පහලට තුන්දෙනෙක් හිම පදින්න ගිය බවත් කියනව.පසුව හිම පදිමින් සිටි වෙන තුන්දෙනෙක් මෙතනට එනවා.මෙයා හිතන්නේ මේ අරය කිව්ව තුන්දෙනා කියලා හිතලා මැෂින් එක නවත්ත දානවා.නවත්ත දැම්ම ගමන් යාලුවෝ තුන්දෙනා යමින් සිටි පු‍ටුව නතරවෙනවා.දැන් මොකෝ කරන්නේ,කුනා‍ටුවක් එනවයි කිව්ව නිසා මෙහි බලධාරින් ගෙදර ගිහින් ආයිමත් මෙය විවෘත වෙන්න ඉතින් ලබන සිකුරාදට තමයි.ඉතින් මෙයාලට මේ හිම කුනා‍ටුවේ දවස් පහක් පු‍ටුවකට වෙලා ඉන්න පුලුවන් වෙයිද? කියලා දැනගන්න මෙය අරගෙනම බලන්න,මෙහි රංගන ශිල්පීන් වන Emma Bell,Shawn Ashmore,Kevin Zegers යන අය සුපිරි රංගනයක් නිරතවන අතර මෙහි ප්‍රධාන නිළිය වන Emma Bell හදුන්වා දුන්නෙත් මෙම චිත්‍රපටයෙන් තමයි,සුප්‍රකට වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ ඇමිගේ චරිතයට පනපෙව්වෙත් ඇය විසින් තමයි.ඔබට ඇස් ඉවතට නොගෙන එක දිගට මෙය බලන් ඉන්න පුලුවන් වර්ගයේ චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.





ලබාදී ඇති උපසි‍රැසි ෆයිලය DVDRIP හා BRRIP යන දෙවර්ගයටම ගැලපේ.


Taken 2 (2012) සිංහල උපසි‍රැසි සමග

මේ චිත්‍රපට ද්විත්වයම ප්‍රංශ අධ්‍යක්ෂකවරුන් අතින් හැඩවුණු හොලිවුඩ් චිත්‍රපට වීම මෙහි ඇති විශේෂත්වයක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Olivier Megaton විසින්.සුපුරුදු විදිහටම මෙවරත් Liam Neeson,Maggie Grace,Famke Janssen නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.මෙය 2008 වසරේ තිරගතවූ Taken චිත්‍රපටයේ දෙවනි කොටස තමයි මේක.මේ චිත්‍රපටය ඔක්තෝම්බර් 3 වැනි දින තිරගතවූ අතර කලින් චිත්‍රපටය මෙන් මෙවරත් මෙය බොක්ස් වාර්ථා හමුවේ සාර්ථක වීමට හැකිවුනා.මම මෙහි පළමු චිත්‍රපටයත් කලින් දුන්නා ඔබට මතක ඇති.දෙවනි එක බලන්න කලින් පලවෙනි එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් පලවෙනි එක බලලා ඉන්න,එතකොට ඔබට කතාවේ නියම රසයක් ලබා ගත හැකිවේවි.මම ආයිමත් කතාව මතක් කරන්නම්.බ්‍රයන් මිල්ස් කියන්නේ විශ්‍රාම ගිය පොලිස් නිලදාරියෙක්.ඔහුගේ දුවව ප්‍රංශයේ ගණිකා වෘත්තියේ යෙදවීම සදහා පැහැරගත් අතර ඔහු තම දියණියව සොයා තනිව මෙහෙයුමක් අරඹනවා.ඔහුට තම දියණියව සොයාගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදු වන අතර ඔහු කෙසේ හෝ අවසනායේ සිය දියණියව සොයාගන්නවා.තම දියණියව පැහැරගත් සියළු දෙනාවම ඔහු අතින් මරණයට පත්වෙනවා.ඔය මම පලවෙනි කොටස කතාව කෙටියෙන් තමයි කිව්වේ.

දෙවනි චිත්‍රපටයේ තියෙන්නේ බ්‍රයන් මිල්ස් ‍රැකියාව සදහා ඉස්තාන්බුල් වෙත යනවා.එහිදී ඔහු තම බිරිදවයි,ඔහුගේ දියණියවයි එහෙට ගෙන්න ගන්නවා.ඔබට මතකද දන්නේ නෑ,බ්‍රයන් අතින් කරන්ට් වද්දා මිය ගිය මාර්කෝව,ඔහු තමයි කිම්ව පැහැරගත්ත කෙනා.ඇල්බේනියාවේ ට්‍රොපෝජාවල බ්‍රයන් අතින් මියගිය අයව මිහිදන් කරන අවමංගල්‍ය උත්සවයක් පවත්වනවා.කරන්ට් වද්දා මැරුව මාර්කෝගේ පියා වන මුරාඩ් ඔහුගේ මිනිස්සු හට එක පොරොන්දුවක් වෙනවා.එය තමයි අපේ මිනිස්සුන්ව,අපේ පුත්තුන්ව,අපේ සහෝදරයන්ව,අපි ආදරය කරපු අයව මැරුව මිනිහගෙන් පලිගන්නවා බව.මොවුන් බ්‍රයන්ගෙන් පලිගැනීම සදහා ඉස්තාන්බුල් වෙත මොහු සොයා පැමිණෙනවා.මෙවර ඔහුට ගැලවීමක් තියේවිද? පලවෙනි චිත්‍රපටය මෙන් ත්‍රාසය, ක්‍රියාදාම ජවනිකා නො අඩුව ඇති මේ චිත්‍රපටය ඔබ හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටියක්. එහෙනම් චිත්‍රපටය බලලා අදහසක් දක්වල යන්නත් අමතක කරන්න එපා.

BRRIP සදහා යාවත්කාලීන කර ඇත.


The Lost Room (2006) E06 සිංහල උපසි‍රැසි සමග

IMDB ශ්‍රේණිගත කිරීමෙහි 8.3 වැනි වැඩි අගයක් ලබාගත් 2006 වසරේ විකාශය වූ ලොස්ට් රූම් කතා මාලාවේ අවසාන කොටස තමයි අද ගෙන එන්නේ.මෙතෙක් මෙම කතාමාලාව බාගතකරපු හා අදහස් දැක්වූ හා නොදැක්වූ හැමෝටම ස්තුතියි කියන ගමන් අද මෙහි අවසන් කොටසත් නරඹලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.


The Lost Room (2006) E05 සිංහල උපසි‍රැසි සමග

අද අරගෙන එන්නේ ලොස්ට් රූම් කතාමාලාවේ පස්වන කොටසයි,මෙය අවසාන වීමට ඇත්තේ තව එක කොටසක් පමණයි.බලපු අය කතාව ගැන දන්නවා ඇති.පරීක්ෂක ජෝ මිලර් ගේ දුව අබිරහස් කාමරය ඇතුලට යාමෙන් අතුරුදන් වෙනවා,ජෝ විසින් ඇගේ දියණිය සෙවීමට ගන්න උත්සහය තමයි මුළු කතාව පුරාම දිව යන්නේ.මොහුට වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නම් නෑ.දුවව සොයාගැනීමට ඔහුට පුදගලයින් කිහිප දෙනෙකුගේ උදව් අවශ්‍ය වෙනවා.හැබැයි මෙම පුද්ගලයන් කිහිප දෙනෙක් වෙනත් අරමුණු ඇතුව තමයි ජෝ හට උදව් වෙන්නේ.ජෝට ඇත්තටම උදව් කරන්නේ කවුද? සමහර අය කියනවා ජොගේ දුවව ගෙන්වා ගැනීමට මූලික උපකරණයක් වැනි දෙයක් වුවමනා වන බව.ජෝ මූලික උපකරණය සොයා අතහැර දැමූ සිර ගෙයක් වෙත යනවා.මූලික උපකරණය කුමක්ද?ජෝට ඇගේ දියණියව නැවත ගෙන්වා ගත හැකිවෙයිද? කියලා දැනගන්න නම් මේ කතාව නරඹන්නම වෙනවා.ත්‍රාසය,කුතුහලය පිරුණු මෙය එක දිගට රස විදීමෙ හැකියාව තියෙනව.තාමත් මෙය අරගෙන බැලුවෙ නැත්නම් අදම අරගෙන බලන්න,බැලුව කියලා පාඩුවක් නම් වෙන එකක් නෑ.මෙහි අවසන් කොටසත් සමග ඉක්මනටම හමුවෙමු!






Silent Night (2012) සිංහල උපසි‍රැසි සමග

නත්තල හේතුවෙන් හැම වීදියක් ගානෙම නත්තල් සීයලා රොත්ත පිටින් ඉන්නවා.මේ නත්තල් සීයලා රොත්ත අතරේ එක නත්තල් සීයෙක් හැංගිලා ඉන්නවා,ඔහු මිනිස්සුන්ට ලබා දෙන්නේ සතුට,ප්‍රීතිය නොව මරණයේ වේදනාවයි.මොවු මරණයට පත් කරන්නේ වැරදි කරපු අයවයි.ඔහු ඒ සදහා පාවිච්චි කරන්නේ ඔහු විසින් නිමැවූ වැරදි කරුවන්ගේ නම් ලැයිස්තුවයි. පොලීසියට මේ මිනීමරන නත්තල් සීයව හොයාගන්න පුලුවන් වෙයිද,නත්තල් සීයා මිනිසුන් මරන්න හේතුව මොකක්ද?මේ රටේ මේ නත්තල් සීයා ගැන පුරාවෘත්තයක්ද පවතිනවා,ඒ පුරාවෘත්තය මොකක්ද?අන්තිමට මේක කියන්න තියෙන්නේ මේක පොඩ්ඩන්ට නෙමෙයි ලොක්කන්ට හදපු ෆිල්ම් එකක්.එක නිසා ලොකු අය විතරක් බලන්න.





Burning Bright (2010) සිංහල උපසි‍රැසි සමග

කෙලීගේ මව ගොස් සිටින අතර කෙලී ඇගේ මල්ලී වන ටොම්ව විශේෂිත වූ මානසික ආයතනයකට ‍රැගෙන යනවා.ඒත් බැංකුව පවසා සිටින්නේ ආධාර කිරීම සදහා ඇගේ බැංකු ගිණුමේ ප්‍රමාණවත් තරම් මුදල් නැති බවත් ඇගේ සුළු පියා වන ජොනී ගැවනෝ එම මුදල් සේරම ලබාගත් බවත්ය.කෙලී ගෙදර ගොස් සල්ලි වලට වුන දේ ඇගේ සුළු පියාගෙන් දැනගන්නවා.ඔහු එම සල්ලිවලින් සත්ව ප්‍රදර්ශනයක් සදහා කොටියෙක් මිලදී ගෙන තියෙනවා.එම කොටියව කූඩුවක දාලා තමයි තියෙන්නෙ .එදා රෑ සුළි කුණා‍ටුවකුත් හමා යනවා.කෙලී රාත්‍රියේ හදිසියේ දකින හීනෙකින් අවදි වෙනව.බැලින්නම් කොටියා ගේ ඇතුලේ.කෙලීවයි ඇගේ මල්ලි වන ටොම්වයි ගේ ඇතුලේ හිරවෙනවා.නිකනුත් නෙවෙයි සති ගණනක් බඩගින්නේ හිටිය කොටියත් එක්කම.කතාව පුරා යන්නේ මේ දෙන්නා කොටියගෙන් බේරෙන්න දරන උත්සහයයි.ඒ වගේම මෙහි ලස්සන කතාවකුත් අඩංගු වෙනව. ඇත්තටම කෙලීගේ මව මියගියාද නැත්නම් මරණයට පත් කලාද? මේ දෙන්නට කොටියගෙන් ගැලවීමක් තියෙවීද? ගතවෙන සෑම තත්පරයක් පසා ත්‍රාසය,භීතිය,කුතුහලය ඔබව මුසපත් කීරීමට මෙය සමත් වෙලා තියෙනවා.එහෙනම් චිත්‍රපටය හැමෝම අරගෙන බලන්න.



The Lost Room (2006) E04 සිංහල උපසි‍රැසි සමග

අද ගෙන එන්නේ සිව්වන කොටසයි.මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක් ඇය මේ කාමරයේ සිරවී නොපෙනී යනවා.ඔහු තම දියණියව සොයාගැනීමට විවිධ අයගේ උදව් ඇතිව ගන්න උත්සහය තමයි මේ මුළු කතාව පුරාම දිව යන්නේ.ඇත්තටම මේ උපකරණ මොනවද? ඔහුට තම දියනියව සොයාගත හැකිවේවිද?ත්‍රාසය, කුතුහලය,රහස් පරීක්ෂක කතාවලට ප්‍රියකරන අයට මෙය මැනවින් ගැලපේවි.තාමත් ඔබ මෙම කතා මාලාව ලබාගෙන නැතිනම් ඉක්මනටම අරගෙන බලන්න,ඔබ බැලුවා කියලා පාඩුවක් නම් වෙන එකක් නෑ.මේක පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය දක්වා එක දිගට බලන් ඉන්න පුලුවන් හැකියාව තියෙනවා.

The Walking Dead (2012) S03 E08 සිංහල උපසි‍රැසි සමග

අද ගෙන එන්නේ වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ අටවන කොටසයි.මර්ල් විසින් පැහැරගත් ග්ලෙන් හා මැගී සොයා රික් ඇතුළු කණ්ඩායම මිකෝනි ගේ මග පෙන්වීමෙන් වුඩ්බරි වෙත පැමිණෙනවා.ඒ අතර සිර මැදිරියේ සිටින කාර්ල් ඇතුළු පිරිසට තවත් අලුත් කණ්ඩායමක් මුණ ගැසෙනවා.අන්තිමේදී වුඩ්බරි පාලනය කරන ගවනර් නමැත්තාගේ එක ඇසකුත් නැති වෙනවා.ගවනර් ලග සේවය කරපු මර්ල් හට හිතා ගත නොහැකි ආකාරයේ අකරතැබ්බයකට තමයි මෙදා පාර මුහුණ දෙන්න වෙන්නේ,වැඩිය කිව්වේ නෑ මෙය විනාඩි 45ක කතාවක් නිසා.එහෙනම් අරගෙන බලලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.

සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න


සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

The Lost Room (2006) E03 සිංහල උපසි‍රැසි සමග

අද ගෙන එන්නේ තුන්වන කොටසයි.මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක් ඇය මේ කාමරයේ සිරවී නොපෙනී යනවා.ඔහු තම දියණියව සොයාගැනීමට විවිධ අයගේ උදව් ඇතිව ගන්න උත්සහය තමයි මේ මුළු කතාව පුරාම දිව යන්නේ.ඇත්තටම මේ උපකරණ මොනවද? ඔහුට තම දියනියව සොයාගත හැකිවේවිද?ත්‍රාසය, කුතුහලය,රහස් පරීක්ෂක කතාවලට ප්‍රියකරන අයට මෙය මැනවින් ගැලපේවි.තාමත් ඔබ මෙම කතා මාලාව ලබාගෙන නැතිනම් ඉක්මනටම අරගෙන බලන්න,ඔබ බැලුවා කියලා පාඩුවක් නම් වෙන එකක් නෑ.මේක පටන් ගත්ත වෙලේ ඉදන් අවසානය දක්වා එක දිගට බලන් ඉන්න පුලුවන් හැකියාව තියෙනවා.එහෙනම් මෙහි සිව්වන කොටසින් ලබන බදාදා හමුවෙමු.


The Lost Room (2006) E02 සිංහල උපසි‍රැසි සමග

මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.ඒ කොටස් 6ම සති දෙක තුනක් ඇතුලත ඔබ වෙතට ගෙන එමට අනිවාර්යෙන් අපි කටයුතු කරනවා.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක් ඇය මේ කාමරයේ සිරවී නොපෙනී යනවා.ඔහු තම දියණියව සොයාගැනීමට විවිධ අයගේ උදව් ඇතිව ගන්න උත්සහය තමයි මේ මුළු කතාව පුරාම දිව යන්නේ.ඇත්තටම මේ උපකරණ මොනවද? ඔහුට තම දියනියව සොයාගත හැකිවේවිද?ත්‍රාසය, කුතුහලය,රහස් පරීක්ෂක කතාවලට ප්‍රියකරන අයට මෙය මැනවින් ගැලපේවි.

The Odd Life of Timothy Green (2012) සිංහල උපසි‍රැසි සමග

අද මම අරගෙන එන්නේ ටිකක් වෙනස් නිර්මාණයක්,මම මේ වගේ ‍ෆිල්ම් එකක් දෙන පලවෙනි වතාවත් මේක තමයි,මම මේ ‍ෆිල්ම් එක බාරගෙන ටික දවසක් වෙනවා,ඒත් මට මේකේ වැඩ ඉවර කරගන්න වෙලාවක් තිබ්බේ නෑ,ඒ දවස්වල තිබ්බ කාර්යබහුලත්වය නිසා.ඉතින් පොඩි ප්‍රමාදයක් වුනා.මේ චිත්‍රපටිය අධ්‍යකෂණය කරලා තියෙන්නේ Peter Hedges  විසින්.කතාව ගැන කියනවනම් සින්ඩි හා ජිම් කියන්නේ සතුටෙන් ජීවිතය ගත කරපු යුවලක්,ඒත් මොවුන්ට දෙමව්පියෙක් වීමේ වාසනාවක් උදා වී තිබුනේ නෑ.ඉතින් ඔවුන්ට ලබන්න කැමති මොන වගේ දරුවෙක්ද කියලා හිතපු දේවල් වගයක් ලියලා ඔවුන්ගේ වත්තේ වල දානවා.එදා රාත්‍රියේ ගෙරවිලි වර්ෂාව මැද හදිසියේ අවදිවන මොවුන් හට ඔවුන්ගේ ගෙදර සිට තිමෝති කියලා පිරිමි ළමයෙක් මුණගැසෙනව.මේ තිමෝති කියන ලමයගේ වළලු කර හරියේ කොල වගයක් වර්ධනය වෙලා තිබීම පුදුමයට කරුණක්.ඉතින් මේ තිමෝති කියන ලමයා මොවුන් හට අම්මේ තාත්තේ කියලා කතා කරනවා.දරු සම්පත් නැතුව සිටි මේ දෙදෙනාගේ ජීවිතයට මෙය කෙසේ බලපාවිද? කවුද මේ තිමෝති කියන්නේ?.මේවට උත්තර හොයාගන්න මේ ‍ෆිල්ම් එක අරගෙනම බලන්න.මේ අවුරුද්දේ බලපු තවත් ලස්සන කතාවක් අඩංගු චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්.

The Walking Dead (2012) S03 E07 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ හත්වන කොටස තමයි අද ගෙන එන්නේ,පසුගිය සතිවල කතාව ගැන කියනවනම් මිකෝනි හා ඇන්ඩ්‍රියා වුඩ්බරි වල තියෙන ගවනර් නමැත්තෙක් විසින් පාලනය කරන නගරයකට ගෙන යනවා,මිකෝනි හට මෙහි පාලනය කරන ගවනර් නමැත්තා පිලිබද අමුත්තක් දැනෙනවා,මේ පිලිබදව මිකෝනි ඇන්ඩ්‍රියට පැවසුවත් ඇය මේ ගැන සැලකිල්ලක් දක්වන්නේ නෑ.මේ නගරයෙන් පිටව යන්න මිකෝනි ඇන්ඩ්‍රියට තමා සමග එක්වන ලෙස පැවසුවත් ඇන්ඩ්‍රියා ඊට එක්වන්නේ නෑ.පසුව මිකෝනි තනිවම ගමන යනවා,මර්ල් ඇතුලු පිරිසක් එදින මුර සංචාරේ යන අතරතුර මිකෝනි විසින් සැගවී සිට ඔවුන්ව මරා දමනවා,මර්ල් ඔහු අත තිබු තුවක්කුවෙන් මිකෝනි හට වෙඩි තබනවා.මිකෝනි එම වෙඩිල්ලත් කාගෙන පලා යනවා.ඔය අතර තුර රික් ඇතුලේ පිරිසේ ග්ලෙනුයි මැගියි රික්ගේ අලුත් උපන් බිලිදා හට ෆෝමියුලා හා වෙනත් ද්‍රව්‍ය ගැනීමට නගරෙට පැමිනෙනවා.ඔවුන්ව මර්ල්ට අසුවන අතර මර්ල් ඔවුන්ව වුඩ්බරි වෙත බලෙන් ‍රැගෙන යනවා.මෙය දකින මිකෝනි සැගවී බලාසිට ෆෝමියුලා ‍රැගෙන රික් සිටින සිර කදවුර වෙත ගමන් ගන්නවා.මිකෝනිව රික් ඇතුළු කණ්ඩායමට මුණගැසෙනවා.ඔය මම පසුගිය සතිවල කතාව කෙටියෙන් තමයි කිව්වේ.අද එතැන් සිට.......


සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

The Lost Room (2006) E01 සිංහල උපසි‍රැසි සමග

මේක 2006 වසරේ ඇමරිකාවේ Science fiction නාලිකාවේ විකාශය වුන රූපවාහිනි කතාමාලාවක්.මෙහි කොටස් 6ක් පමණයි විකාශය වුයේ.ඒ කොටස් 6ම සති දෙක තුනක් ඇතුලත ඔබ වෙතට ගෙන එමට අනිවාර්යෙන් අපි කටයුතු කරනවා.මේ කතාමාලාව IMDB හි ලකුණු 8.3 වැනි අගයක් ලබාගෙන තියෙනවා.මම කතාව ගැන කෙටියෙන් කියන්නම්,මේ කතාවට පාදක වෙන්නේ යම් කිසි යතුරක්,මේ යතුරෙන් ඕනම දොරක් අරින්න පුලුවන්,ඒ අරින ඕනම දොරකින් යන්නේ එකම එක කාමරේකට.ඒ කාමරේ ඇතුලේ උපකරණ කිහිපයක් තියෙනවා,ඒ උපකරණ පෙනුමෙන් නම් සාමාන්‍යයි,ඒත් ඒවලින් පිටතදී භයංකර දේවල් කරගන්න පුලුවන් හැකියාව තියෙනවා.මෙහි කතා නායකයා වෙන්නේ ජෝ මිලර් කියලා පොලිස් පරීක්ෂකයෙක්.ඔහුට ඉන්නව පොඩි දුවක් ඇය මේ කාමරයේ සිරවී නොපෙනී යනවා.ඔහු තම දියණියව සොයාගැනීමට විවිධ අයගේ උදව් ඇතිව ගන්න උත්සහය තමයි මේ මුළු කතාව පුරාම දිව යන්නේ.ඇත්තටම මේ උපකරණ මොනවද? ඔහුට තම දියනියව සොයාගත හැකිවේවිද?ත්‍රාසය, කුතුහලය,රහස් පරීක්ෂක කතාවලට ප්‍රියකරන අයට මෙය මැනවින් ගැලපේවි.මෙහි ඉතුරු කොටස ලබන බදාදා දිනයේදී බලාපොරෙත්තු වන්න.


The Walking Dead (2012) S03 E06 සිංහල උපසි‍රැසි සමග

වොකින් ඩේඩ් කතා මාලාවේ 6වැනි කොටස තමයි මේ ඔබට ලැබෙන්නේ.පොඩි ප්‍රමාදයක් උනා මේ කොටස ලබා දෙන්න එකට කමක් නෑ කොහොම හරි 6වැනි කොටසත් සිංහල උපසිරැසි එක්ක අරගෙනම ආවා.විනාඩි 40ක රුපවාහිනි කතාමාලාවක් නිසා මම මේක විස්තර කරන්න යන්නේ නැහැ.කුතුහලයෙන් යුතුව ඔබට මේ කොටස නරඔන්න ඉඩ හදලා දෙනවා.

සිංහල උපසි‍රැසි මෙතනින් ගන්න

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

The Day (2011) සිංහල උපසි‍රැසි සමග

අද මම අරගෙන ආවේ ක්‍රියාදාම, ත්‍රාසය පිරුණු චිත්‍රපටයක්.WWE Studios එකෙන් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ.මේක හැබැයි WWE එකෙන් කලාට මේකේ රගපාන්නේ නම් රෙස්ලින් නළුවෝ නෙවෙයි.කතාව ගැන මම කෙටියෙන් කියන්නම්.යුද්ධය නිසා සියලු දේවල් විනාශ වී ගිහින් ඇති අතර මින් දිවි ගලවාගැනීමට උත්සහ දරන පස් දෙනෙකු වටා තමයි කතාව දිවයන්නේ...මොවුන් අත ආයුධ තිබුනත් බඩගින්නේ,නවාතැන් ගැනීමට තැනක් හොයමින් ගමන් ගන්නවා.මේ අතර ඔවුන්ට ගෙයක් හමුවෙනවා.මේ ගෙදර තිබි ටින් කල ආහාර වගයකුත් ලැබෙනවා.ඇත්තටම මේ ටින් වල තියෙන්නේ ආහාර නෙවෙයි,ඒක සතුරන් විසින් අටවන ලද උගුලක්.මොවුන් දැන් මොනා කරයිද? හෙම්බත් වි සිටින මොවුන් සතුරාට මුහුණ දෙන්නේ කෙසේද? ඔවුන් තම ජිවීත ගලවා ගන්න මොනා කරාවිද?....ඔවුන්ට ගැලවෙන්න හැකිවේද? ඒක දැනගන්න විනාඩි 86ක් පුරා දිවෙන මේ චිත්‍රපටිය නරඔන්න කියලා ආරාධනා කරනවා

The Dark Knight Rises (2012) සිංහල උපසි‍රැසි සමග

DC කොමික්ස් සතුව ඇති ප්‍රබලතම චරිතයක් තමයි බැට් මෑන් කියන්නේ. මේ චරිතය අලලා චිත්‍රපටි සහ කාටුන් විශාල ප්‍රමාණයක් අතීතයේ ඉඳලම නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ඒ හැම චිත්‍රපටයක්ම වගේ එකහා ජනප්‍රිය වෙලා ඒවාට ඉහලම වටිනා කමින් යුත් සම්මාන පවා ලැබිල තියෙනවා. නමුත් තරමක් දුරට නවීකරණය වුනු සාර්ථක නිර්මාණයක් විදියට බැට් මෑන් චිත්‍රපටයක් පැමිණියේ 1989 වසරේදී ඒ වසරේදී එම චිත්‍රපටයට ඔස්කාර් සම්මාන පවා ලැබී තියෙනවා. ඒ නිර්මාණය සිනමා ත්‍රිත්වයක් වුනා. පසු කාලීනව DC කොමික්ස් ආයතනය 2005 වසරේදී ඔවුන්ගේ නවතම සිනමා නිර්මාණය Christopher Nolan ගේ අධ්‍යක්ෂණය යටතේ එලි දැක්වුවා. එහි සාර්ථකත්වය නිසාම ලොව හොඳම චිත්‍රපටි අතර 104 වැනි තැන ගන්න පුළුවන් වුනා. ඉන් පසුව එහි දෙවෙනි කොටස ලෙස The Dark Knight (2008) එලි දැක්වුණු අතර එයත් ලොව හොඳම චිත්‍රපටි අතර 8 වෙනි ස්ථානය ලබා ගැනීමට හැකි වුනා. එම කතා මාලාවේම තුන් වෙනි සහ අවසාන කොටස ලෙස තමයි මේ අපි ඔබට ගෙන එන කොටස ඔවුන් ප්‍රදර්ශනය කෙරුවේ.

මේ චිත්‍රපටය ගැන කියනවනම් අපි පෙර නැරඹු නිර්මාණ සියලුම ඒවා අබිබව මේ නිර්මාණය උසස් තැනකට පැමිණිලා තියෙනවා. කතාව නම් මුල සිට අවසානය දක්වා අපිට මොනවා වෙයිද කියල නිගමනය කරන්න බැහැ. ඒ වගේම මෙම චිත්‍රපටය ඔබ නරඹන විට තප්පරයකටවත් ඔබේ ඇස වෙන තැනකට ගන්න එපා. ඒවගේම අපේ උපසිරැසි වල වචනයක් පාසා කියවන්න. එවිට මේ කතාව නියම ආකාරයෙන් නරඹන්න පුලුවන්න. මේ කතාවේ බැට් මෑන් ගේ සතුරා විදියට අරගෙන තියෙන්නේ DC කොමික්ස් ලාගේ බැට් මෑන් ගේ නරකම සතුරා වන "බෙන්" කියන චරිතයයි. ඒ වගේම මේ කොටසට ඔවුන් DC කොමික්ස්ලගේ ජනප්‍රිය චරිත වන Cat women සහ Robin චරිත එකතු කරලා තියෙනවා. කාටුන් එහෙම බලල තියෙනවනම් ඔබ දන්නවා ඇති Robin තමයි බැට් මෑන් ගේ යාළුවා. මම හිතන්නේ ඒ චරිතයටත් මේ චිත්‍රපටයේ අවසානයේ ආරම්භයක් ලබා දෙනවා.

The Walking Dead (2012) S03 E05 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වොල්කින් ඩෙඩ් කතා මාලාවේ පස්වන කොටස තමයි අද ගෙන ආවේ.දැනට ලබාදී ඇති වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ කොටස් හතරම 1000කට අධික පිරිසක් බාගත කර ඇති බව දක්නට ලැබීම සතු‍ටු විය හැකි කරුණක්.ගිය සතියේ වුන දේ මම කියන්න යන්නේ නෑ,ඔබ නරඹන්න ඇති කියලා හිතනවා.පසුගිය කොටසේදී ලොරී ග්‍රිම්ස් මිය ගියා.අද එතැන් සිට.....




සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.






Savages (2012) සිංහල උපසි‍රැසි සමග

වැඩරාජකාරි ගොඩක් මැද තමයි මේක උපසිරැසි ගන්වලා ගෙනාවේ වොකින් ඩේඩ් එක දෙන්න උනු නිසා පොඩි පමාවක් උනා.කමක් නෑ කොහොම හරි පොඩි වෙලාවක් ගිහින් හරි උපසිරැසි එක්ක මේ චිත්‍රපටිය අරන් ආවා.වැඩි කතාවක් නැතුව චිත්‍රපටිය ගැන කියන්නම් බෙන් හා වොන් කියන්නේ මිතුරන් දෙන්නෙක් මොවුන් මුදල් හොයන විදිය නම් එතරම් හොද විදියක් නොවෙයි.තව දෙයක් තමයි මේ දෙන්නටම ඉන්නේ එකම පෙම්වතියක්.කොහොම හරි මොවුන් තුන්දෙනා තමන් ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට නගරයට අලුත් අපරාධ කණ්ඩායමක් නැත්නම් මැර පිරිසක් එනවා.බෙන් හා වොන් කියන්නේ ඒ වගේ දෙවල් වලට දක්ෂයින් නිසා නගරයට ආපු මැර කණ්ඩායමට ඕන වෙනවා බෙන් හා වොන්වත් ඔවුන්ගේ කල්ලියට එකතු කරගන්න.නමුත් එයට ඔවුන් දෙදෙනා අකමැති වෙනවා වගේම ඒ දෙවල් නිසා අපරාධ කණ්ඩායම බෙන් සමග හා වොන් සමග හතුරු වෙනවා.හිතන්න ජිවිතය ගැන තැකිමක් කරන්නේ නැති මුදල් පසු පසා හබා යන තිරිසනුන් මෙන් මිනිසුන් පිලි බෙදිලා ගැටුම් ඇතිකරගත්තොත් එය කුමන ආකාරයෙන් සිදුවිමක් වෙන්න පුලුවන්ද? දාමරික කණ්ඩායම බෙන් හා වොන් ගෙන් පලිගන්න ඔවුන්ගේ පෙම්වතියව පැහැරගන්නවා..මෙතින න් පස්සේ මොන මොන දේවල් සිද්ද වෙයිද කතාව අරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.මේ චිත්‍රපටිය වැඩිහිටයන්ට පමණක් නිපදවපු එකක්.ඒක නිසා ඒ අය විතරක් අරන් බලන්න කියලත් මතක් කරන්න ඕන.


The Walking Dead (2012) S03 E04 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වෝල්කින් ඩෙඩ් කතාමාලාවේ සිව්වන කොටස තමයි අද අරගෙන ආවේ,පසුගිය කොටසේ කතාව ගැන කියනවනම් සිදුවූ හෙලිකොප්ටර් අනතුරක් ගැන විපරමින් සිටින විට ඇන්ඩ්‍රියාටයි මිකෝනිවයි වුඩ්බරි වල ජීවත් වෙන අලුත් කණ්ඩායමක් මුණ ගැසෙනවා.එම කණ්ඩායමේ මර්ල් ඩික්සනුත් සාමාජිකයෙක්.හෙලිකොප්ටර් අනතුරින් පණ ගලාවගත් කෙනෙකු කණ්ඩායමේ නායකයා සේ පිලිගැනෙන ගවනර් නමැත්තාට තම කණ්ඩායම ගැන පවසනවා.ගවනර් එම කණ්ඩායම සොයා ගොස් මරා දමා ඔවුන්ගේ ආයුධ,ට්‍රක් රථ,ආහාර ලබාගන්නවා. අද එතැන් සිට....


සිංහල උපසි‍රැසි

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

Brave (2012) සිංහල උපසි‍රැසි සමග

The Hunger Games, Snow White and the Huntsman හා Disney ගේBrave යන චිත්‍රපට ත්‍රිත්වයේත් කරළියට බසින ශක්තිමත් පෞරුෂයක් හෙබි කාන්තා වීරවරියන් Batman,Spiderman,Men in Black යන සුපිරි ක්‍රියාදාම චිත්‍රපට සමග කරට කර නැගී සිටින්නේ එතෙක් ක්‍රියාදාම චිත්‍රපටවල තනි භුක්තිය උරුම කොටගෙන සිටි පුරුෂ පක්ෂයට අභියෝගයක් වෙමිනි.බැලූ බැල්මට එතරම් අසාමාන්‍ය දෙයක් සේ නොපෙනුණද පසුගිය වසරවලදී 20th century නිෂ්පාදනාගාරය විසින් එළි දැක්වුණු සෙසු චිත්‍රපට අතරින්හොදම චිත්‍රපට 10 අතරට ඒමට වරම් ලැබුණේ කාන්තා චරිත පෙරමුණ කරගත් චිත්‍රපට 2ක් පමණි.ඒ 2002 වසරේදී තිරගතවූ My Big Fat Greek Wedding හා 2008 වසරේ නිකුත් වූ Mamma Mia! යන චිත්‍රපට ද්විත්වයයි.කෙසේ වුවද අගෝස්තු 13 දා තිරගත වීම ඇරඹුනු ත්‍රිමාණ සජීවීකරණ චිත්‍රපටයක් වන Brave හි මෙරිඩා කුමරියගේ චරිතයට නම් වාසනාව උදා වූයේ,කාන්තා වීරවරියකට වීම විශේෂත්වයකි.

Brave චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ Toy Story, A Bug's Life, Monsters, Inc., Finding Nemo, The Incredibles, Cars, Ratatouille, WALL-E වැනි සුප්‍රසිද්ධ ත්‍රිමාණ සජිවීකරණ චිත්‍රපට බොහෝමයක් නිෂ්පාදනය කල Pixar Animation Studios (Pixar) විසින්.මෙම චිත්‍රපටය Imdb Ratings වල 7.5/10 වැනි අගයක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

කතාව ගැන කියනවනම් මෙහෙමයි.ෆර්ගස් කියලා ස්කොට්ලන්තේ රජ කෙනෙක් ඉන්නවා,ඔහු සහ ඔහුගේ ‍රැජිණ ඔවුන්ගේ එකම දියණියගේ උපන්දිනේට දුන්නක් තැගි කරනවා.ඔවුන්ගේ දූ කුමරියගේ නම් මෙරිඩා,ඔන්න ඉතින් මේ පුංචි මෙරිඩා දුන්නෙන් විදින හැටි ඉගෙන ගනිමින් සිටින අතරතුර අත්භූත නිල් පාට එලි වගයක් දකිනවා,ඔය අතරේ මෝර්ඩු කියලා විශාල වලහෙක් මොවුන්ගේ පවුලට පහර දෙනවා,මෙරිඩා තම මව් ‍රැජිණ සමග පලා ගොස් තම පියා මෝර්ඩුත් සමග සටන් කරන හැටි බලන් ඉන්නවා,ඒ ඇතිවන සටනින් ෆර්ගස් රජුගේ කකුලක් අහිමි වෙනවා.

අවුරුදු කිහිපයකට පසු......
මෙරිඩා කුමරිය දැන් තරුණ වයසේ පසුවන අතර දුණු ශිල්පයටත් දක්ෂ කෙනෙක්.ඒ වගේම ඇයට මල්ලිලා තුන්දෙනෙකුත් ඉන්නවා.ඔන්න දැන් මෙරිඩා කුමරියව විවාහ කර දෙන කාලයත් පැමිනිලා.කුමරියව විවාහ කර දීම සදහා සියළුම වංශවතුන්ව ‍රැස්කර තරගයක් පවත්වනවා.ඒත් මෙරිඩා කුමරිය දැන්ම විවාහ විය නොහැකි බව පවසනවා,ඊටපස්සේ අම්මගේ හිත වෙනස් කරන්න මායාකාරියක් මෙරිඩා කුමරියට හූනියමක් දෙනවා,හුනියමෙන් අම්මගේ හිත වෙනස් වෙයිද? 
ඔන්න මම කතාවේ රසය නැති වෙන විදිහට මුල් විනාඩි කිහිපය තමයි කිව්වේ, දැන් තමයි කතාවේ හොදම හරිය පටන් ගන්නේ,චිත්‍රපටය නරඹලා අදහසක් දක්වලා යන්නත් අමතක කරන්න එපා.


BRRIP සඳහා යාවත්කාලීන කර ඇත.


600MB BRRIP Torrent file 
600MB BRRIP Direct Links

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



Arrow (2012) S01 E04 සිංහල උපසි‍රැසි සමග

සතිපතා පලවෙනි Arrow කතාමාලාවේ සිව්වැනි කොටස තමයි ඔබට අද ලැබෙන්නේ.මේ කතාමාලාව කලින් ඉගි කල පරිදිම කොයි කා අතරත් ඉමහත් ජනප්‍රියතාවයට පත්වෙලා තියනවා කියලා කියන්න පුලුවන්.කොහොමත් මේ කතාව සිංහල උපසිරැසි සමගින් අපි දෙන්න මුලින්ම තිරණය කෙරුවෙත් අරන්න ඒ හේතුව නිසාම තමයි.විනාඩි 40ක කොටසක් නිසා කතාව ගැන වැඩි පැහැදිලි කිරිමක් නොකර ඉන්නම්.ඔබට කතාවේ රසය උපරිමයෙන්ම විදගන්න ඉඩහැරලා.



The Walking Dead (2012) S03 E03 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වෝල්කින් ඩෙඩ් කතා මාලාවේ තුන්වෙනි කොටස තමයි අද අරන් ආවේ.ගිය සතියේ කතාව ගැන කෙටියෙන් කියනවනම් හර්ෂල්ව සොම්බි මිනිසෙක් හපා කෑ අතර කට්ටිය එකතුවෙලා ඔහුව හිර කුටියට ‍රැගෙන යනවා.ඒ වගේම මොවුන් සිර කදවුරට පැමිනෙන විට තවත් පිරිසක් එම සිර මැදිරිවල සැගව සිටියා.ඔවුන් සාමාන්‍ය මිනිසුන් නොව දරුණු අපරාධ කරුවන්ය.රික් ගේ කණ්ඩායම අපරාධ කරුවන්ගේ කණ්ඩායම සමග ආහාර බෙදා ගැනීමක් සිදු කරනවා.ඒ වගේම රික්ගේ කණ්ඩායමට මොවුන්ද එකතු වී සොම්බි මිනිසුන් කිහිප දෙනෙකුවත් මරනවා.රික්ගේ අදහස වී තිබුණේ අපරාධ කරුවන් සියළු දෙනාවම අවසානයේ මරා දැමීමයි.කෙසේ හෝ රික් අපරාධ කරුවන්ව මරා දමනවා,ඔවුන් නැවත සොම්බි මිනිසෙකු සපා කෑ හර්ෂල් වෙත යනවා.ඒ වන විටත් හර්ෂල් අවදියෙන් සිටිනවා.අද එතැන් සිට....


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

Fire with Fire (2012) සිංහල උපසි‍රැසි සමග

Josh Duhamel,Rosario Dawson,Bruce Willis වැනි සුපිරි තරු රගන ක්‍රියාදාම චිත්‍රපටයක් තමයි මෙදාපාර අරගෙන ආවේ.ජෙරමි කෝල්මන් කියන්නේ ගිනි නිවන භටයෙක් විදිහට ‍රැකියාව කරන කෙනෙක්,දවසක් ඔහු වැඩ මුරය නිමා වී වෙලද සැලකට යන අතර ඔහු වෙලදසැල තුල සිදුවන මිනීමැරුමක් දකිනවා.එහිදී මිනීමරුවන් ඔහුවද මැරීමට තැත් කරන අතර ඔහු කෙසේ හෝ ඉන් ජීවිතය බේරාගන්නවා.හේගන් නම් අපරාධ කරුවෙකු හදුනාගැනීමේ අවස්ථාවකදී මේ අපරාධය සිදු කලේ හේගන් බව ජෙරමි හදුනා ගන්නවා.තමන්ම හදුනාගත්තේ ජෙරමි බව දැනගත් හේගන් ඔහුට මරණ තර්ජන දිගින් දිගටම් එල්ල කරනවා.පොලීසිය විසින් ජෙරමිව ආරක්ෂා කිරීම සදහ ඔහුට වෙනම ආරක්ෂාවක් සහ නව අනන්‍යතාවයක්ද ලබා දෙනවා.ඒත් හේගන් ජෙරමී පසු පසු එන එකනම් නවත්තන්නේ නෑ.හිරෙන් ඇප ගෙන නිදහස් වී එන හේගන් ගෙන් ජෙරමීට බේරෙන්න හැකිවේද කියලා දැනගන්න මේ චිත්‍රපටය අරගෙන බලන්න.


The Walking Dead (2012) S03 E02 සිංහල උපසි‍රැසි සමග

සතිපතා ගෙන එන වොකින් ඩේඩ් කතා මාලාවේ 2වැනි කොටසත් එක්ක තමයි අද ආවේ.මේතෙක් ආ කතාමාලාව ගැන කෙටි සටහනක් මම පහුගිය සතියේ ඔබට කිව්වනේ.පසු ගිය කොටසින් රික් ඇතුළු පිරිස තමන්ට නවතින්න තැනක් සොයමින් යනවිට ඔවුන්ට තැනක් හම්බවෙනවා.එක එසේ මෙසේ තැනක් නෙමෙයි හිරගෙදරක්.මොවුන් එතන නවතින්න තිරණය කරනවා.නමුත් නොසිතු විරු ලෙස සොමිබි මිනිසුන්ගේ පහර දිමකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා.මෙහිදි හර්ෂල් ව සොම්බි මිනිසෙක් හපාකනවා.අද කොටසින් ඔබට හර්ෂල්ට සිදුවුයේ කුමක්ද? ඒ වගේම මොවුන් පැමිණෙන විට එම සිර මැදිරි වල සැගවි සිටිය අනිත් පුද්ගලයන් කවුරුන්ද? ඔවුන් දරුණු අපරාධ කාරයින් නම් ඔවුන් මොවුන්ට මොනා කරයිද?මේ සියල්ලම දැනගන්න අද කොටස නරඔන්න කියලා ආරාධනා කරනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.

One Missed Call (2008) සිංහල උපසි‍රැසි සමග

මේකත් ජපන් ‍ෆිල්ම් එකක් වන Chakushin ari ‍ෆිල්ම් එකේ Remake එකක්.ලියන් කෝල් ගේ මිතුරියක් වන ෂෙලී මිය යාමෙන් පසුව ලියන්ගේ දුරකථනය නාද වෙනවා.එය වොයිස් මේල් වෙත මාරුකරන අතර එහි දක්වා ඇත්තේ ඇය මැරෙන දවස හා වෙලාවයි.ඇය මැරෙන දවස ලං වෙනවිට ඇගේ යාළුවා වන බෙත් නමැත්තියක් හමුවීමට යනවා.නමුත් එකවරම ඇය වැටී මිය යනවා.ඇයත් සමග සිටි බෙත් මැරුණු ලියන්ගේ පෙම්වතා එක්ක කතා කරන විට ඔහුත් කියනවා ඔහුටත් ඊට සමාන වොයිස් මේල් එකක් පැමිණි බව.ඒ සමගම ඔහුත් ඇද වැටී මිය යනවා.ඒ මිය යන සෑම අවස්ථාවකම මිය ගිය අයගේ කටෙන් ටොෆි එකක් එලියට එනවා.ඇය මේ ගැන පැවසීමට පොලිසිය වෙත ගිය නමුත් කවුරුවත් ඇයව විශ්වාස කිරීමට පෙලඹෙන්නේ නෑ.නමුත් පොලිස් පරීක්ෂක ජැක් ද පවසන්නේ ඒ ආකාරයටම ඔහුගේ සොහොයුරියත් මිය ගිය බවයි.ඉන්පසු මේ භයංකර පණිවිඩ සොයා ජැක් හා බෙත් පරීක්ෂන අරඹනවා.ඔවුන්ට මෙම පනිවිඩ විසදීමට හැකිවේද? අවසානයේ කුමක් සිදුවේද? ඊලගට මොකද වෙන්නේ කියලා අරගෙනම බලන්නකෝ. 


Revolution (2012) S01 E05 සිංහල උපසි‍රැසි සමග

සතිපතා පලවන රෙවලුෂන් කතා මාලාවේ පස්වැනි කොටස සමගින් තමයි අද මුණ ගැසෙන්නේ චාර්ලි හා මයිල්ස් එකතු වි ඔහුගේ චාලිගේ සහොදරයව හොයාගෙන යන බව පසු ගිය කොටස් නරඹපු ඔබ දන්නවා ඇති.මොවුන් අවසානයේ තමන්ගේ ගමනාන්තයට ලගා වෙනවා ඒ කියන්නේ හමුදාව චාලිගේ සහෝදරයා හිරකරගෙන සිටි තැනට පැමිණෙනවා.නමුත් මොවුනට එතනට පැමිණියාට පසු දකින්න ලැබෙනවා හාමුදාව විසින් වාශ්ප එන්ජිමක් සහිත කෝචිචියක් නැවත පණගන්වාගෙන නගරයට යන්න හදනවා.චාලිට තමන්ගේ සහෝදරයව බේරාගැනිමට ලැබෙන අවසන් අවස්ථාව මේක වෙන්න පුලුවන් ඇයට ඔහුගේ මල්ලිව බේරාගැනිමට හැකිවෙයිද නැත්නම් ඔවුනුත් හමුදාවේ සිරකරුවන් වේවිද?


The Walking Dead (2012) S03 E01 සිංහල උපසි‍රැසි සමග

2010-2012 අවුරුදු වල අතිශය ජනප්‍රිය වූ කථාමාලාවක ඊයේ දිනයේ සිට විකාශනය වෙමින් පවතින තුන්වෙනි කථා මාලාව තමයි අප අද සිට ඔබ වෙත ලබා දෙන්න හදන්නේ.මෙහි පලමු කතාමාලාවේ සිට උපසිරැසි දෙන්න අප සිතා සිටියත් විශාල පිරිසක් දැනටමත් පලවෙනි හා දෙවැනි කතා මාලා නරඹා ඇති නිසා අප කෙලින්ම මෙහි තුන්වැනි කතාමාලාවේ සිට උපසිරැසි ලබා දිමට සිතුවා.කලින් කතාමාලාවේ සිදුවි සියල්ල මම කෙටියෙන් පැහැදිලි කරන්නම් ඔබට මතක් වෙන්නත් එක්ක රික් පොලිස් පරක්ෂකයෙක් එක් වැටලිමට ගොස් එහිදි ඔහුට වෙඩි වැදි රොහල්ගත වෙනවා රික්ට නැවත සිහිය එනවිට රොහලේ කවුරුත් නැහැ.ඔහු එළියට පැමිණ බලනවිට තැන තැන මිනිස්සුමැරිලා මුලු නගරයම පාළු වෙලා.ඔහු කොහොමෙන් හෝ ජිවත්ව සිටින දෙදෙනෙකු සොයාගන්නවා ඔවුන්ගෙන් ඔහුට විස්තර දැනගන්න ලැබෙනවා නගරයට වු සිදුවිම පිළිබදව. මොහුගේ අරමුණ වන්නේ කෙසේ හෝ තමන්ගේ බිරිද හා දරුවා සොයාගැනිමයි.ඔවුන් පණපිටින් ඇතිබවට රික් විශ්වාස කරනවා.සැබැවින්ම ඔවුන්ට කරදරයක් වි නොමැත.රික් ගේ යාළුවා ෂෙන් හා ඔහුගේ බිරිද හා ළමයා තවත් පිරිසක් සමග දිවි බේරාගෙන කදුකර ප්‍රදේශයක වාසය කරනවා.රික් මිය ගියා යැයි සිතන රික්ගේ බිරිද ලොරි ෂෙන් සමග සම්බන්ධතාවයක් පවත්වනවා.නමුත් දින කිහිපයකින් රික් ඔවුන් සොයාගෙන එනවා.එහිදි වැඩිපුරම පුදුම වෙන්නේ ෂෙන් හා ලොරියි.කෙසේ හෝ මොවුන් වාසය කරන තැනටත් සොම්බින් විසින් පැමිණ ප්‍රහාරයක් එල්ල කිරිම නිසා ඔවුන් එතනින්ද මිදි පලායනවා.එහිදි ඔවුන්ගේ කණ්ඩායමේ කිපදෙනෙක්ද ඔවුන්ට අහිමිවෙනවා.මේ යන ගමනේදි ඔවුන් නැවති සිටින අවස්ථාවක නැවත්ත සොම්බි ප්‍රහාරකයක් එල්ලවෙනවා මෙයින් දිවිබේරාගැනිමට කැළයට දුවන ගැහැණු ළමයෙක් වනයේ අතරමන් වෙනවා.කෙසේ හෝ ෂෙන් හා ඔහුගේ පුතාද කැළයේ අතරමන් වු ළමයාව හොයන්න යාමේදි ෂෙන් ගේ පුතා කාල්ට අත්වැරදිමකින් සතෙකුට තිබ්බ වෙඩිල්ලක් වදිනවා ඔහුව ඒ වෙඩි තිබු පුද්ගලයාගේ නිවසට රැගෙන යන අතර පසුව රික්ගේ සම්පුර්ණ කණ්ඩායමද එම නිවසට පැමිණෙනවා.නිවසේ අයිතිකරු හේෂල් මොවුන්ගේ පැමිණිම ගැන වැඩි කැමැත්තක් නොදැක්කුවත් ඔවුන්ට අකමැත්තෙන් හෝ නවාතැන් ගැනිමට දෙනවා.මේ අතර වාරයේ රික්ට තම බිරිද ලොරි හා ෂෙන් අතර තිබු සම්බන්ධයද ආරංචි වන අතර එම නිසා ඔහු මහත් කලකිරිමට පත්වෙනවා.ෂෙන්ද ලොරි හා තිබු සම්බන්ධය බිදිම හේතුවෙන් හිත්තැවුලෙන් ඔහු දරුණුපුද්ගලයෙකු වන අතර අවසානයේ රික් හා ෂෙන්ගේ හැලහැප්පිම් දුර දිග යාම හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර ඇතිවු ගැටුමකින් ෂෙන් මිය යනවා.එමසිදුවිම වන දවසේම මොවුන් නැවති සිටින නිවසට සොම්බි මිනිසුන් විසින් ප්‍රහාරයක් එල්ලකරනවා ඔවුන් ගෙන් මිදිමට අවසානයේ ඔවුන් එතනින්ද පලා යනවා.අද එතැන් සිට......

කතාවේ ප්‍රධාන චරිත අලලා විතරයි කතාව පොඩි පැහැදිලි කිරිමක් කලේ.හැමෝම ගැන කියන්න ගියානම් රචනාවක් ලියන්න වෙනවනේ  එහෙනම් තුන්වැනි කතාමාලවේ පලවැනි කොටස නරඹන්න.ලබන සතියේ මම මිලග කොටස සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

සැ.යු - ලබා දී ඇති උපසි‍රැසි ගොනුවේ සියළුම කොටස් සදහා සිංහල උපසි‍රැසි අඩංගු වේ.


Chernobyl Diaries (2012) සිංහල උපසි‍රැසි සමග


ඔබ චෙර්නෝබල් න්‍යෂ්ටික පිපිරිම ගැන විස්තර දන්නවද? නැත්නම් මේ ලිපිය කියවන්න කලින් මෙන්න මේ ලින්ක් එකින් පිවිසිලා ඒ ලිපිය කියවලා ඉන්න.

Chernobyl disaster චර්නොබීල් ඛෙදවාචකය

හරි ලිපිය කියවපු නිසා ඔයා චෙර්නෝබල් න්‍යෂ්ටික ප්‍රති-ක්‍රියාකාරකය පිපිරීම ගැන විස්තර ටිකක් දැනගන්න ඇති.මේ පිපිරිම නිසා ප්‍රිප්යාට් නගරය විශාල ව්‍යසනයකට මුහුණ පෑවා.ඒ නගරයේ තිබූ හැම දෙයක්ම සුනු විසුනු වී ගිය අතර ඒ ප්‍රදේශය අවුරුදු ගානක් ඉදන් අතහැරලා දාපු නගරයක්.කෙල්ලෝ කොල්ලෝ කට්ටියක් මේ නගරෙට යූරී කියලා හමුදාවේ වැඩ කෙනෙක්ගේ උදව් ඇතිව මේ නගරේ සවාරියක් යනවා.එයාලා ගිය නමුත් නගරේ අලුත් වැඩියා කටයුතු සිදු කරනවා කියලා ප්‍රධාන දොර‍ටුවෙන් මෙයාලට යන්න දෙන්නේ නෑ.ඉතින් මේ කට්ටිය හොර පාරකින් නගරෙට පනිනවා.කිසිදු ජීවයක් නොමැති තරම් වූ මේ නගරය ඔවුන්ට සියැසින්ම දැකගත හැකිවෙනවා.මොවුන්ට මේ පාළුවට ගිය නගරෙදි ගැටළු ‍රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.මොවුන්ට නැවත මේ නගරෙන් පිටවෙන්න හැකිවෙයිද? කියලා දැනගන්න නම් ත්‍රාසය,කුතුහලය,භී තිය එකට මුසුවුණු මේ චිත්‍රපටය අරගෙන බලන්නම වෙනවා.



Eden Lake (2008) සිංහල උපසි‍රැසි සමග

2008 වසරේ තිරගතවුනු මෙය Horror චිත්‍රපට යටතේ විශේෂ තැනක් ගනී.IMDb චිත්‍රපට දර්ශකයේ 6.9 වැනි අගයක් ලබා ගත් මෙය සම්මාන 4 දිනා ඇති අතර සම්මාන 5 සදහා නිර්දේශ වී තිබෙනවා.චිත්‍රපටය මනා තාත්වික අන්දමින් නිර්මාණය කර තිබීම තවත් සුවිශේෂි අංගයකි.මෙහි Kelly Reilly,Michael Fassbender වැනි තරු රංගනයෙන් දායකත්වය දක්වනවා.

කතාව ගැන කියනවනම් ස්ටීව්,ජෙනි යුවල තම සති අන්ත නිවාඩුව ගත කිරීමට ඈත පිහිටි ප්‍රදේශයකට යනවා.ඒ පෙම් සුව විදිමින් ඔවුන්ගේම ලොවක හුදෙකලා වන්නටය.ඔවුන්ගේ එම සතුට වැඩි වෙලා විදින්න ලැබෙන්නේ නැත.මක්නිසාද යත් ඔවුන් හට මුහුන දීමට සිදුවූයේ ඔවුන් කවරදාකවත් නොසිතූ සිදුවීම් පෙලකටය.අනුකම්පාවක ගැවිවත් නැති නොමැත බාල වයස්කාරයන් කිහිපදෙනෙකුගේ අත ඔවුන්ගේ ඉරණම ‍රැදී තිබුනේ ඔවුන්ටවත් කිසිවක් සිතා ගන්නටවත් නොහැකි ලෙසය.සතුට,ආදරය සුන්දරත්වය සොයා ගිය මේ දෙපලට අවසානයේ ඇදි ආවේ ඔවුන් ජිවිතේටවත් බලාපොරොත්තු නොවු
අවාසනාවකි.තිරිසන් සතෙක් වෙනුවෙන් මිනිස් ජිවිතයක් වන්දි ගෙවිය යුතුද? ආරම්භයේ සිට අවසානය දක්වා ත්‍රාසය භිතිය කැටිකරගත් මේ සිනමා නිර්මාණය ඔබගේ හිත හයියනම් නැරඹිය හැකිය. 




Superman Returns (2006) සිංහල උපසි‍රැසි සමග

Superman කියන චරිතය ලොවට දායාද කලේ DC කොමික්ස් කියන ලොව සුපතල කොමික්ස් ආයතනයයි. මේ චරිතය මුල් වරට හඳුන්වා දුන්නේ 1932 දී Jerry Siegel සහ Joe Shuster කියන නිර්මාණ ශිල්පින් දෙදෙනා විසිනුයි. ඒ එකල Detective Comics, Inc ලෙස හැඳින්වූ සහ අද DC කොමික්ස් කියන ආයතනයේ කොමික්ස් පොතකටයි. සුපර් මෑන් කියන්නේ පෘතුවියේ මනුෂයෙක් නෙමෙයි. කොමික් පොත් වල සඳහන් වන අයුරින් ඔහු පැවතෙන්නේ Krypton කියන ග්‍රහ ලෝකයෙන්. ඔහුගේ පියා විද්‍යාඥයෙක්. නමුත් ඔවුන්ගේ ග්‍රහ ලොවේ සිදුවෙන විනාශ වීමක් නිසා ඔහුව ඔහුගේ පියා කුඩා කාලයේදීම රොකට්ටුවකින් පෘතුවියට එවනු ලබනවා. පසුව පෘතුවියේ Smallville කියන කුඩා ගමේ ගොවිපල යුවලක් විසින් මේ ළමයට Clark Kent කියා නම තබා ඔහුව හදා වඩා ගන්නවා. නමුත් ටික කාලයක් යන විට ඔහුගේ විශේෂී හැකියාවන් පෙන්නුම් කරන්න පටන් ගන්නවා. පසුව ඔහු Daily Planet නම් වූ පුවත්පත් ආයතනයේ වැඩ කරනවා. 

මුල් වරට සුපර් මෑන් චරිතය මෝෂන් චිත්‍රපටියක් ලෙස නිකුත්වෙලා තියෙන්නේ. වර්ෂ 1978 දීයි. එතැන් පටන් Superman I, II, III, IV ලෙස කොටස් හතරක් 1987 වර්ෂය දක්වා තිරගත කරලා තියෙනවා. එහිදී ක්ලාර්ක් කෙන්ට් ගේ චරිතයට පණ දුන්නේ සුප්‍රසිද්ද නළු Christopher Reeve විසිනුයි. ඒ වගේම ක්ලාර්ක් කෙන්ට් ගේ Krypton කියන ග්‍රහ ලෝකයෙ පියා ලෙස රංගනය යෙදුනේ ලොව මහ සිනමා නළු Marlon Brando විසිනුයි. පසු කාලීනව ක්ලාර්ක් කෙන්ට් ගේ තරුණ අවදිය අලලා රුපවාහිනී කතා මාලවකුත් නිපන්දවනු ලැබුවා Smallville නමින්. කෙසේ නමුත් මේ චිත්‍රපටි මාලාවෙන් කලකට පස්සේ තමයි Superman Returns නම් වූ චිත්‍රපටය DC කොමික්ස් ආයතනය Warner Bros. Pictures සමඟ එකතු වී 2006 දී එලි දක්වන්නේ. මෙම චිත්‍රපටය නරඹනවානම් ඔබ අඩුම තරමින් Smallville කතා මාලාව වත් නරඹා නැතිනම්, මම කලින් කර තිබෙන විග්‍රහය ඔබට හුඟක්ම වැදගත් වෙනවා. මොකද මෙහිදී ක්ලාර්ක් කෙන්ට් සුපර් මෑන් වෙන්නේ කොහොමද කියල පෙන්වන්නේ නැහැ. චිත්‍රපටය පටන් ගන්නේ සුපර් මෑන් අවුරුදු පහක අතුරුදහන් වීමක් සමගින්. ඒ කාලය තුල අර මම කලින් සඳහන් කල Krypton ග්‍රහලොව ගැන විද්‍යාඥයන් සොයා ගන්නවා. පෘතුවිය තුළදීත් සුපර් මෑන් තමාගේ පියා සහ කතා බැහැ සහ තමාට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට භාවිතා කරන්නේ ක්‍රිස්ටල් (පළිඟු) සහිත භූමියක්. මෙම චිත්‍රපටයේ තවත් විශේෂී දෙයක් තියෙනවා, ඒ තමයි සිනමාවේ මහා සිනමා නළු වන 2004 වසරේදී මියගිය Marlon Brando ගේ රුපරමුවක් සහ ඔහුගේ දෙබසක් චිත්‍රපටයේ ආරම්භයේදී පෙන්වනු ලබනවා. එයත් හොඳින් බලන්න.



Revolution (2012) S01E01 සිංහල උපසි‍රැසි සමග

දවසක මේ මුළු පෘතුවියේම විදුලිබලය ඇනහිටියොත් මොකද වෙන්නේ ? හිතාගන්න පුළුවන්නේ නේද ? මෙම කතා මාලාවේ තේමාව වෙන්නේ අන්න ඒ කාරණාවයි. කතාව ගැන හැඳින්වීමක් කෙරුවොත්, මෙය විද්‍යා ප්‍රබන්ධ වර්ගීකරනයටයි අයිති වෙන්නේ. එක් දිනක් රාත්‍රියක මුළු ලෝකයේම විදුලිය බිඳවැටීමක් සිදුවෙනවා. විදුලිය ආධාරයෙන් ක්‍රියා කරන සියලුම යන්ත්‍ර සුත්‍ර ක්‍රියාවිරහිත වෙනවා. අඩුම තරමේ බැටරියක් වත් ක්‍රියාත්මක කරගන්න බැරි වෙනවා. නමුත් මේ සිදුවීම සිදුවෙන මොහොතේ රාත්‍රියේ එකතරා පුද්ගලයෙක් යම්කිසි වැඩසටහනක් USB මෙමරියකට බාගත කිරීමක් කරනු ලබනවා. එම මොහොතේම ඔහු විසින් මෙම සිදුවීම තම සහෝදරයාට දුරකතනයෙන් කියන අවස්ථාවේදී විදුලිය බිඳ වැටීම සිදුවෙනවා. සියලුම වාහන ක්‍රියා විරහිත වෙනවා. ගුවන් යානා කඩා වැටෙනවා. මේ සියලු සිදුවීම් මැද, මෙම කතාව අවුරුදු 15ක් ඉදිරියට දිවයනවා. මුළු ලෝකයම පැරණි ක්‍රමයට ඉටිපන්දම් එළියෙන් රැය ගතකරන්න පුරුදු වෙනවා. වගා කරමින් තම ජීවිතය සරල කරගනිමින් ජිවත් වෙනවා. මේ අතරතුර අර කලින් කියූ පුද්ගලයාව සොයා යම්කිසි කණ්ඩායමක් පැමිණෙනවා. මීට එහා කතාව කියන්න යන්නේ නැහැ. මෙය ඇත්තටම තවමත් රුපවාහිනිය තුල විකාශනය වෙලා නැහැ. මෙය nbc නාලිකාවේ විකාශය වීමට නියමිතව තියෙන්නේ මේ මස 17 වෙනිදටයි. නමුත් මුල් කොටස ඔවුන් විසින් අන්තර්ජාලයට ඔවුන්ගේ වෙබ් අඩවිය සහ iTunes ඔස්සේ ලබාදී තිබුනා. මෙය නිර්මාණය කරලා තියෙන්නේ Eric Kripke විසිනි. ඔහු තමයි ලොව පුරා ඉමහත් අයුරින් ජනප්‍රියවුනු Supernatural රූපවාහිනී කතා මාලාවේත් නිර්මාපකයා. ඒ වගේම මෙහි විධායක නිෂ්පාදක වෙන්නේ Super 8, Mission: Impossible - Ghost Protocol, Alcatraz, Fringe, Lost, නිර්මාණ රැසක් දායාද කල J.J. Abrams.


6 Bullets (2012) සිංහල උපසි‍රැසි සමග

ඔන්න අලුත්ම අලුත් චිත්‍රපටියක් ගෙනාවා ඒ වගේම කාලෙකින් වෑන් ඩෑම්ගේ වැඩ කිඩ බලාගන්න හොද චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. IMDB Ratings වල 6.5 වැනි අගයක් ලබාගෙන තියෙනවා.කතාව ගැන කියනවනම්,ඇන්ඩෲ ෆේඩන් (Joe Flanigan) කියන්නේ සටන් ශිල්පියෙක් ඔහු සටන් තරගයකය සහභාගිවීම සදහා තම පවුලේ අය සමග මෝල්ඩාවට ගමන් ගන්නවා,ඔවුන් මෝල්ඩාව පිවිස පැය කිහිපයකින් අනතුරුව ඔහුගේ දුව අතුරුදහන් වෙනවා.ඔවුන් හිතන්නේ තම දුවව කවුරුන්හෝ පැහැරගෙන ඇති බවයි.ඔවුන් තම දුවව බේරාගැනීමට පොලීසියේ සහය පතනවා.නමුත් පොලීසියට පැහැරගැනීම සම්බන්ධයෙන් කිසි තොරතුරක් දැනගැනීමට ලැබෙන්නේ නෑ.ඇන්ඩෲ ෆේඩනුයි ඇගේ බිරිදයි දුව දුවව හොයාගැනීමට සැම්සන් ගෝල් (Jean-Claude Van Damme) නමැත්තෙකුගෙන් සහය පතනවා.සැම්සන් ගෝල් කියන්නේ විශ්‍රාම ලත් යුධ සෙබලෙකි,ඔහු දැන් කුලියට මිරීමරන කෙනෙක් වන අතර විවිධ කොන්ත්‍රාත් ද බාර ගන්නා අයෙකි.සැම්සන් ගෝල් ඇන්ඩෲ ෆේඩන් විසින් කරන ඉල්ලීම පිලිගනියිද? සැම්සන් ගෝල් යම් කිසි දෙයක් නිසා සිත් තැවුලෙන් පසු වෙයි,ඔහුගේ සිත් තැවුලට හේතුව කුමක්ද?ඇන්ඩෲ ෆේඩන්ගේ දියණිය පැහැරගෙන ගියේ කවුරුන්ද? ඒ කුමක් සදහාද? මොවුන් හට තම දුවව හොයාගන්න ලේසි වෙයිද? පැහැරගෙන ගිය පිරිස එසේ මෙසේ කට්ටියක් නම් නොවේ.



සිංහල උපසිරැසි අවශ්‍ය පිටපතට ලබාගන්න  
    DVDRIP
 BRRIP

Poseidon (2006) සිංහල උපසි‍රැසි සමග

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණපොවන්නේ සුප්‍රකට නළු Josh Lucas විසින්.ඒ වගේම Kurt Russell, Jacinda Barrett, Richard Dreyfuss යන අය විසින් සෙසු චරිත නිරූපණය කරනවා.කථාව ගැන කියනවනම් සැප පහසු ලෙස නිර්මාණය කරපු නැවක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ.අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් මෙම නැවේ විශාල පිරිසක් විනෝදකාමි ලෙසින් ගමන් ගන්නවා.මෙම නැව හෝටලයක් වගේ විශාල එකක්.මෙලෙස කතාව ගලාගෙන යන අතරතුර විශාල මුහුදු ‍රැල්ලකින් නැව අනතුරට පත්වෙනවා, එසේ ඔවුන් කවරදාවකවත් නොසිතූ දෙයකට ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා.එසේ අනතුරට පත් නැවේ මුහුදෙන් යට තියෙන කොටස උඩට ඇවිත් අනෙක් උඩ කොටස මුහදට යට වෙනවා.ඒ කියන්නේ නැව උඩු යටිකුරු වෙනවා.මෙම නැව ලේසියෙන් ගිලෙන්නේ නැති විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.මෙම අනතුරු හේතුවෙන් විශාල පිරිසක් මිය යන අතර සුළු ප්‍රමාණයක් ඉතුරුවෙනවා.ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නේ.සේරම උඩු යටිකුරු වී ඇති නිසා මොවුන්ට යන්න වෙන්නේ ලේසි පහසු ගමනක් නම් නොවේ.වෙනදා ගමන් කර හුරුපුරුදු වූ ලිෆ්ට්,පඩිපෙලවල් දැන් සේරම තියෙන්නේ අනිත් පැත්තටයි.ගතවන සෑම තත්පරයක් පාසාම ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවීමට මොවුන්ට් හට සිදුවෙනවා.ආපදා තත්වයකදී මිනිසුන්ට මුහුණ දීමට සිදුවන තත්වය,ඔබට මෙම චිත්‍රපටය නැරඹීමෙන් අත්විදගත හැකිය.

බිය,අවදානම,ක�� �තුහලය,ත්‍රාසය,සැක�� � එකට මුසුවූ ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ "පොසිඩන්" චිත්‍රපටය ඔබ සැම අනිවාර්යෙන්ම නැරඹිය යුත්තක් ලෙස මම නිර්දේශ කරනවා.



 
Copyright © 2012-14. නවීන්ගේ සිංහල උපසි‍රැසි - All Rights Reserved
Proudly Powered by Google