
ඔන්න අලුත්ම අලුත් චිත්‍රපටියක් ගෙනාවා ඒ වගේම කාලෙකින් වෑන් ඩෑම්ගේ වැඩ කිඩ බලාගන්න හොද චිත්‍රපටයක් තමයි අරගෙන ආවේ. IMDB Ratings වල 6.5 වැනි අගයක් ලබාගෙන තියෙනවා.කතාව ගැන කියනවනම්,ඇන්ඩෲ ෆේඩන් (Joe Flanigan) කියන්නේ සටන් ශිල්පියෙක් ඔහු සටන් තරගයකය සහභාගිවීම සදහා තම පවුලේ අය සමග මෝල්ඩාවට ගමන් ගන්නවා,ඔවුන් මෝල්ඩාව පිවිස පැය කිහිපයකින් අනතුරුව ඔහුගේ දුව අතුරුදහන් වෙනවා.ඔවුන් හිතන්නේ තම දුවව කවුරුන්හෝ පැහැරගෙන ඇති බවයි.ඔවුන් තම දුවව බේරාගැනීමට පොලීසියේ සහය පතනවා.නමුත් පොලීසියට පැහැරගැනීම සම්බන්ධයෙන් කිසි තොරතුරක් දැනගැනීමට ලැබෙන්නේ නෑ.ඇන්ඩෲ ෆේඩනුයි ඇගේ බිරිදයි දුව දුවව හොයාගැනීමට සැම්සන් ගෝල් (Jean-Claude Van Damme) නමැත්තෙකුගෙන් සහය පතනවා.සැම්සන් ගෝල් කියන්නේ විශ්‍රාම ලත් යුධ සෙබලෙකි,ඔහු දැන් කුලියට මිරීමරන කෙනෙක් වන අතර විවිධ කොන්ත්‍රාත් ද බාර ගන්නා අයෙකි.සැම්සන් ගෝල් ඇන්ඩෲ ෆේඩන් විසින් කරන ඉල්ලීම පිලිගනියිද? සැම්සන් ගෝල් යම් කිසි දෙයක් නිසා සිත් තැවුලෙන් පසු වෙයි,ඔහුගේ සිත් තැවුලට හේතුව කුමක්ද?ඇන්ඩෲ ෆේඩන්ගේ දියණිය පැහැරගෙන ගියේ කවුරුන්ද? ඒ කුමක් සදහාද? මොවුන් හට තම දුවව හොයාගන්න ලේසි වෙයිද? පැහැරගෙන ගිය පිරිස එසේ මෙසේ කට්ටියක් නම් නොවේ.
සිංහල උපසිරැසි අවශ්‍ය පිටපතට ලබාගන්න
BRRIP
+ comments + 2 comments
Thanks
pattayi.
Post a Comment