මුල් වරට සුපර් මෑන් චරිතය මෝෂන් චිත්‍රපටියක් ලෙස නිකුත්වෙලා තියෙන්නේ. වර්ෂ 1978 දීයි. එතැන් පටන් Superman I, II, III, IV ලෙස කොටස් හතරක් 1987 වර්ෂය දක්වා තිරගත කරලා තියෙනවා. එහිදී ක්ලාර්ක් කෙන්ට් ගේ චරිතයට පණ දුන්නේ සුප්‍රසිද්ද නළු Christopher Reeve විසිනුයි. ඒ වගේම ක්ලාර්ක් කෙන්ට් ගේ Krypton කියන ග්‍රහ ලෝකයෙ පියා ලෙස රංගනය යෙදුනේ ලොව මහ සිනමා නළු Marlon Brando විසිනුයි. පසු කාලීනව ක්ලාර්ක් කෙන්ට් ගේ තරුණ අවදිය අලලා රුපවාහිනී කතා මාලවකුත් නිපන්දවනු ලැබුවා Smallville නමින්. කෙසේ නමුත් මේ චිත්‍රපටි මාලාවෙන් කලකට පස්සේ තමයි Superman Returns නම් වූ චිත්‍රපටය DC කොමික්ස් ආයතනය Warner Bros. Pictures සමඟ එකතු වී 2006 දී එලි දක්වන්නේ. මෙම චිත්‍රපටය නරඹනවානම් ඔබ අඩුම තරමින් Smallville කතා මාලාව වත් නරඹා නැතිනම්, මම කලින් කර තිබෙන විග්‍රහය ඔබට හුඟක්ම වැදගත් වෙනවා. මොකද මෙහිදී ක්ලාර්ක් කෙන්ට් සුපර් මෑන් වෙන්නේ කොහොමද කියල පෙන්වන්නේ නැහැ. චිත්‍රපටය පටන් ගන්නේ සුපර් මෑන් අවුරුදු පහක අතුරුදහන් වීමක් සමගින්. ඒ කාලය තුල අර මම කලින් සඳහන් කල Krypton ග්‍රහලොව ගැන විද්‍යාඥයන් සොයා ගන්නවා. පෘතුවිය තුළදීත් සුපර් මෑන් තමාගේ පියා සහ කතා බැහැ සහ තමාට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට භාවිතා කරන්නේ ක්‍රිස්ටල් (පළිඟු) සහිත භූමියක්. මෙම චිත්‍රපටයේ තවත් විශේෂී දෙයක් තියෙනවා, ඒ තමයි සිනමාවේ මහා සිනමා නළු වන 2004 වසරේදී මියගිය Marlon Brando ගේ රුපරමුවක් සහ ඔහුගේ දෙබසක් චිත්‍රපටයේ ආරම්භයේදී පෙන්වනු ලබනවා. එයත් හොඳින් බලන්න.
Superman Returns (2006) සිංහල උපසිරැසි සමග

Related movie you might like to see :
Labels:
ක්‍රියාදාම,
ත්‍රාසජනක,
පවුලේ සැමට
Post a Comment